Cart 0
‘සත්‍ය පිටපත සැඟවීම හෙවත් හැඳුනුම්පත අහිමි වීමේ අර්බුදය’ – Emilia Pérez
ප්‍රංශය යනු සිනමාවේ ප්රාරමිභයයි. සිනමාවේ උපතයි. ප්‍රංශ සිනමාව ලෝක සිනමාව තුළ ස්ථානගත වන්නේ ප්රවණතා රැසක් බිහි කළ නිශ්චිත වූත් ඓතිහාසිකවූත් සිනමා ව්‍යාපාරයක් වශයෙනි. 2024 තිරගත වූ ‘Emilia Pérez’ ප්‍රංශ චිත්‍රපටය සමිමාන පිට සමිමාන ලැබූ සංගීත – අපරාධ (Musical – Crime) ශානරයේ ප්රශස්ත චිත්‍රපටයකි. චිත්‍රපටය 77 වැනි ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට සමිමාන උළෙලේදී ප්‍රධාන තරඟ අංශයේ ‘Palme d’Or’ සමිමානය සඳහා තේරී පත් වූ අතර එහිදි ජූරි ත්‍යාගය ලබා ගැනීමට හැකි වූයේ තවත් සම්මාන කිහිපයක් වෙත හිමිකමි කියමිනි. ජූරි ත්‍යාගයට අමතරව චිත්‍රපටයේ හොඳම නිළිය සඳහා හිමිවන සමිමානය නිළියන් සිවිදෙනකු යටතේ සමසේ බෙදී යාම විශේෂ සිදුවීමකි. ‘එමිලියා පෙරේස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘Karla Sofía Gascón’, ‘Selena Gomez’, ‘Adriana Paz’ සහ ‘Zoe Saldaña’ යන නිළියන් සිව්දෙනා වසරේ හොඳම නිළියන් බවට පත්වීම කෑන්ම් සිනමා උළෙල ඉතිහාසයේ කෑපි පෙනෙන සිදුවීමකි.
ඇමරිකානු චිත්‍රපට ආයතනය (American Film Institute) විසින් 2024 වසරේ හොඳම චිත්‍රපට දහයේ ලැයිස්තුවට ‘Emilia Pérez’ චිත්‍රපටය ඇතුළත් කළේය. එපමණක් නොවෙි. සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍රපට සඟරාවක් වන ‘සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ හි 2024 වසරේ තිරගත වූ හොඳම චිත්‍රපට 50 ලැයිස්තුවට ‘Emilia Pérez’ චිත්‍රපටය ඇතුළත් කළ අතර සුප්‍රකට TIME සඟරාව විසින් ද 2024 වසරේ තිරගත කළ හොඳම චිත්‍රපට 10 ලැයිස්තුවට ‘එමිලියා පෙරෙස්’ චිත්‍රපටය ඇතුළත් කළේය. 2025 වසරේ පෙබරවාරි මස පැවැත්වෙන 97 වන ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපට අංශය යටතේ ප්‍රංශය නියෝජනය කරන ‘Emilia Pérez’ චිත්‍රපටය එලඹෙන 82 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු නිර්දේශ නාම 10ක් සඳහා යෝජනා වී ඇත.
‘එමිලියා පෙරෙස්’ චිත්‍රපටයේ කතාව මෙයාකාරයෙනි. ‘රීටා මොරා කැස්ත්‍රෝ’ ප්‍රකට නීතිඥවරියකි. ඇය මෙක්සිකෝවේ වෙසෙන්නීය. රීටා විසින් ප්‍රකට මාධ්‍යවේදියෙකුගේ බිරිඳක් මියයෑම සම්බන්ධ මිනීමැරුම් නඩුවක් වෙනුවෙන් පෙනී සිටියි. නඩුවෙන් ඇය ජය ලබයි. රීටාට නඩුව ජයලබා උසාවියෙන් එළියට පැමිණි අතරවාරයේ නිර්නාමික පුද්ගලයකු හරහා දුරකථන ඇමතුමක් ලැබෙයි. දුරකථන ඇමතුම ගත් තැනැත්තා රීටා වෙත පවසන්නේ ඇය හමුවීමට අවශ්‍ය බවයි. රීටා ඊට එකඟ වන අතර ඇය නගරයේ ඇවිදින අතරතුර හදිස්සියේම වෑන් රථයකින් පැමිණ කල්ලියක් විසින් ඇගේ මුහුණ වසා පැහැර ගනියි. ඇය පැහැරගෙන ඇත්තේ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය කාටෙල් එක පාලනය කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මැනිටාස් බව හෙළිවන්නේ ඇයට මුහුණට මුහුණලා සිටියදි ප්‍රශ්න කරමින් සිටින විටදීය.
මැනිටාස් විසින් රීටා වෙත අපුරු යෝජනාවක් කරයි. ඒ ඇමරිකානු ඩොලර් ලක්ෂ 20ක් ගෙවන බවට කරන පොරොන්දුව මතයි. රීටාට ඩොලර් ලක්ෂ 20ක් ගෙවීම පිළිබඳ දැඩි ප්රශ්නයකි. රීටා ඔහුගෙන් අසන්නේ ඩොලර් ලක්ෂ 20ක් වෙනුවෙන් තමන් සිදු කළ යුතු දේ කුමක්ද? කියායි. එහිදි මැනිටාස් පවසන්නේ තමන්ට ගැහැණියක් වීමට අවශ්‍ය බවයි. රීටා විමතියට පත්වෙයි. තමන්ගේ ඉදිරියේ සිටින්නේ මුළු මෙක්සිකෝවම පාලනය කරන පුද්ගලයාය. මුදල් වෙනුවෙන් ඔීනෑම ඝාතනයක් සිදු කළ හැකි මිනීමරුවෙකි. නමුත් මැනිටාස් දැන් රීටා වෙත පවසන්නේ තමන්ට ලිංගිකමය වශයෙක් කාන්තාවක් ලෙස වෙනස්වීමට අවශයය බවයි. රීටා වෛද්‍යවරියක ද නොවෙි. ඇය නීතිඥවරියකි. මෙි බව රීටා විසින් මැනිටාස්ට පවසයි. මැනිටාස්ගේ කාර්යය වෙනුවෙන් රීටා පැහැර ගත්තේ ඇයි? ද ප්‍රේක්ෂකයාට දැනවෙන කුතුහලයයි.
මැනිස්ටා පිරිමියෙකුව සිට ගැහැණියක් වෙත තම අනන්‍යතාව වෙනස් කරගන්නේ ඇයිද? යන්න මෙි යුගයේ හැඳුනුම්පත අහිමිවීම(loss of identity) පවතින ප්‍රධාන ගැටලුවකි. බොහෝ කාන්තාවන් තම සමේ වර්ණය වෙනස් කරගන්නට මහත් ප්රයත්නයක් දරති. විශේෂයෙන් දකුණු ආසියාතික රටවල ස්ත්‍රීන් උපතින්ම පිහිටි මෙි කළු පැහැති වර්ණය සුදු පැහැ කර ගැනීමට මිලාධික විවිධ වර්ගයේ ඖෂධ ගනිති. සමේ වර්ණය වෙනස් කර ගැනීමට ගොස් අසාර්ථක වූ තැන අවසානයේ ලෙඩ වී මිය යති. චිත්‍රපටය විසින් නිෂ්පාදනය කරන අදහස තුළ අනන්‍යතාව අහිමි කර ගැනීම නිසා තම ආත්මය ලැබිය යුතු වටිනාකමත්, පෞරුෂයේ බිඳ වැටීම පිළිබඳ වැදගත් මාන කිහිපයක් වෙත ප්‍රේක්ෂකයාට මග විවර කර දෙයි. මැනිටාස්ගේ අනන්‍යතාව වෙනස් කර ගැනීම පිළිබඳ වෙනස්කමි කිහිපයක් නිරික්ෂණය වෙයි. පිරිමියෙකු ලෙස මැනිටාස් සිදු කළ ඝාතන, මත්කුඩු ව්‍යාපාර ආදී අයහපත් දෑ සියල්ල අවසන් වන්නේ ඔහු ගැහැණියක ලෙස ශරීරය වෙනස් කර ගැනීමෙන් පසුවයි. ‘මැනිටාස්’ නමි රෞද්‍ර පිරිමියා ‘එමිලියා පෙරෙස්’ නම් ව්‍යාපාරික කාන්තාව දක්වා පරිවර්තනය වෙයි. මැනිටාස් නමි මත්කුඩු ව්‍යාපාරිකයා ලෙස තවදුරටත් ඔහු සමාජය වෙනුවෙන් පෙනී නොසිටි. ඔහු ඇය බවට පත්ව දැන් සිදු කරන්නේ සමාජ සේවා වැඩසටහන්ය. චැරිටි ප්රෝගැමිස්ය. මෙක්සිකෝවේ වසරකට පමණක් මිනිසුන් විසිදහසක් පමණ අතුරුදහන් වෙි. මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ආදී සමාජ ප්‍රශ්න නිසා පුද්ගලයන් දිනකට පස්දෙනකු පමණ අතුරුදහන්වූවන්ගේ ලැයිස්තුවට වැටෙි. මෙය මෙක්සිකෝව තුළ සැබෑවට පවතින ප්‍රධාන ප්රශ්නයකි. එමිලියා කරන්නේ මෙම අතුරුදහන්වූවන් සොයා සමාජ කරතව්යයක නිරත වීමයි. ඇය මෙක්සිකෝවේ කැපී පෙනෙන කාන්තාවක් බවට පත්වෙයි. ඇය සංක්රාන්තිකි ලිංගික කාන්තාවක් වුවත් ඇය මියගිය පසු මෙක්සිකෝව තුළ දේවත්වයෙන් සළකන කාන්තාවක් ලෙස පත්වන්නේ ඇය සිදු කළ මෙහෙය නිසා ය.
‘එමිලියා පෙරෙස්’ සිනමාපටය අධ්යක්ෂවරයා වන්නේ ප්‍රංශ ජාතික සිනමාකරුවකු වන ‘Jacques Audiard’ විසිනි. ඔහු ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට සමීප සිනමාකරුවෙකි. මන්ද ඔහු 2015 දී අධ්‍යක්ෂණය කළ ‘Dheepan’ චිත්‍රපටයේ කතාව බවට පත්වූයේ තිස් වසරක් පැවති ලාංකීය සිවිල් යුද්ධය නිසාවෙන් අනාථ වූ දමිළ පවුලක් වටායි. එම දමිළ පවුල සරණ පතා ප්‍රංශය වෙත සංක්‍රමණය වෙයි. 2015 වසරේ දී ලොව අග්‍රගණ්‍යම සිනමා උළෙලක් වන ‘කෑන්ස්’ සමිමාන උළෙලේ දී ‘Dheepan’ චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි ‘පාල්ම් ඩී ඔිර්’ සමිමානය හිමි කර ගත්තේය.
‘එමිලියා පෙරෙස්’ ස්ත්රීවාදීමය ප්‍රවේශයක් සහිත චිත්‍රපටයක් නිසාම ස්ත්‍රීකාරක ශක්තිය පිළිබඳ අවකාශය පිළිබඳ සිතන්නට ප්‍රේක්ෂකයා පොළඹවයි. ස්ත්‍රීකාරක ශක්තිය යනු ස්ත්රීන්ගේ ආරම්භක ශක්තිය, තීරක ශක්තිය, පෙරලා ප්‍රශ්න කිරීමෙි ශක්තිය, ප්‍රශ්නවලට පිළිතුරුදීම පමණක් නොව තමනුත් ප්‍රශ්න ඇසීමෙි ආරමිභක ශක්තියයි. චිත්‍රපටය තුළ අනන්‍යතා අර්බුදය පිළිබඳ සංකල්පමය වශයෙන් සාකච්ඡාවට ලක් කරනවා පමණක් නොව මෙක්සිකෝවේ වර්තමානයේ පවතින දේශපාලනය පිළිබඳව ද ප්‍රශ්න කරති. මත්ද්‍රව්‍ය ජාවාරමිකරුවන්, මිනීමරුවන් සමඟ සෘජුව සමිබන්කමි පවත්වන මැති ඇමතිවරුන් ස්වභාවය ද සිනමාපටය විසින් මතු කරන අදහසකි. චිත්‍රපටයේ ශානරය සංගීතමය ස්වරූපයක් ගන්නා නිසාම දෙබස් සහ සිදුවීමි ගොඩ නැංවී තිබෙන්නේ ගීතයෙනි. මෙම ගැයෙන ගීතවල අදහස යථා ලෝකය තුළ අප අත්දකින සහ අත්විඳින දුප්පත්කම, විරැකියාව, මනුෂ්‍ය ඝාතන, අල්ලස් දූෂණ පිළිබඳ කියැවෙයි. ‘එමිලියා පෙරෙස්’ යනු කථිකාමය ස්තරයකින් සුසැදි සිනමා වියමනකි. එය ආමන්ත්‍රණය කරන්නේ පවතින ලෝක මටිටමින් දේශපාලනික-සාමාජීය වශයෙන් සවිඥානික ප්‍රේක්ෂකාගාරයට ය.
-මලින්ත විතානගේ-