Skip links
නවතම ලිපි
ජනප්‍රියතම ලිපි
Filter by
සිනමාව
Trending Stories

‘කෑන් 2025 සිනමා උළෙලෙහි සම්මාන ලැබූ චිත්‍රපට

ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ ‘කෑන්ස් සම්මාන උළෙල’ (Cannes International Film
කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත "හර්ට් ලැම්ප්" (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා භස්ති ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තකවරිය ලෙස ද ඉතිහාසගත වේ. දකුණු ඉන්දියාවේ පීතෘමූලික සමාජ තුළ ජීවත්වන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ ගැඹුරු විමර්ශනයක් ලෙස "හර්ට් ලැම්ප්" රචනා කර ඇත. මෙම කෙටිකථා සංග්‍රහයේ ප්‍රධාන තේමා වන්නේ කුලවාදය, ස්ත්‍රී පුරුෂ භේදය, ආගම සහ බලය යන සංකල්ප මගින් නිර්මාණය වන සමාජ ව්‍යුහයන් තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ය. කතුවරිය බානු මුශ්තාක්ගේ සූක්‍ෂ්ම හා බලගතු ගද්‍ය ශෛලිය හරහා දකුණු ඉන්දියාවේ ගම්බද සමාජයේ මනුෂ්‍ය අත්දැකීම්වල සංකීර්ණතාවයන් ජීවන්ත ලෙස නිරූපණය වී ඇත. සාම්ප්‍රදායික විශ්වාසයන්, ජාති විභේදන් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාවන් අතර ගැටුම්කාරී සම්බන්ධතාවයන් මෙම කථාවල ප්‍රධාන අන්තර්ගතය වේ. පරිවර්තකවරිය දීපා භස්තිගේ දක්ෂ කර්මාන්තයේ ප්‍රතිඵලයක් ලෙස කන්නඩ භාෂාවේ සංස්කෘතික සහ භාෂික සූක්‍ෂ්මතාවයන් ඉංග්‍රීසි අනුවාදයේ ද සාර්ථක ලෙස ආරක්ෂා වී ඇත. මෙය ඉන්දියානු ප්‍රාදේශීය සාහිත්‍යයේ ගුණාත්මකභාවය ලෝක වේදිකාවට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කරයි. £50,000 ක් වන ත්‍යාග මුදල කතුවරිය සහ පරිවර්තකවරිය අතර සමානව බෙදී ගනු ලැබේ. මෙම සම්මානය හුදු ආර්ථික ප්‍රතිලාභයක් පමණක් නොව, දකුණු ආසියානු සාහිත්‍යයේ ගුණාත්මක මට්ටම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ සුවිශේෂ අවස්ථාවකි. බානු මුශ්තාක්ගේ ජයග්‍රහණය කන්නඩ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත ඉන්දියානු සාහිත්‍යයේ නව පරිච්ෙඡදයක් සනිටුහන් කරයි. ප්‍රාදේශීය භාෂාවන්හි ගුණාත්මක සාහිත්‍ය කෘති ජාත්‍යන්තර වේදිකාවන්හි සාර්ථක අනුවාදයන් හරහා ලබන පිළිගැනීම සාහිත්‍ය සම්ප්‍රදායේ බහුජාතිකත්වය සහ සමාජ විවේචනාත්මක වටිනාකම් අවධාරණය කරයි.

කන්නඩ කතුවරිය බානු මුෂ්තාක්ගේ Heart Lamp, 2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගනී

කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත “හර්ට් ලැම්ප්” (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.  චිත්‍රපටයට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ Film Heritage Foundation සහ Lester James Peries and Sumitra Peries Foundation යන ආයතන එක්ව සිදු කර ඇති අතර ඒ සඳහා French Embassy in India, French Institute in India ස​හ the Ambassade de France à Sri Lanka et aux Maldives යන ආයතන මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.  ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද යන මහත්වරුන් හා, ඉන්දියාවේ ප්‍රංශ ආයතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය, සිනමා සහ ඩිජිටල් අන්තර්ගතය සඳහා වූ ඇටෑච් මැතිව් බෙජොට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපතිනි ගයාත්‍රි මුස්ටාචි සහ ගාමිණී ෆොන්සේකා පදනමේ ප්‍රධානියා වන දමිත් ෆොන්සේකා ඇතුළු කීර්තිමත් දූත පිරිසක් සහභාගී වනු ඇත.  Source: Film Heritage Foundation

සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes
'වාලම්පුරි' නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර 'වාලම්පුරි' නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග විසිනි. එහි කතා පුවත වූයේ කෝවිලකින් සොරා ගත් වාලම්පුරියක් සහ වාලම්පුරිවලට දැඩිව ආශා ඇති හීං බණ්ඩා නම් තරුණයකු වාලම්පුරි සොයා දිය යට කිමිදෙන වික්‍රමාන්විත කතා පුවතකි. කෙසේ නමුත් 1981 දී නිර්මාණය වූ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ කතාව පසුවට තබා ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' කතා කළ යුතුම ය. වාලම්පුරි සිඩිනිලාගේ කතාවයි. හුදෙක්ම වාලම්පුරියක් ගැන නොවෙි. නූගත්කමේත් දිළිඳුබවේත් සමාජ අසාධාරණයේ ප්‍රවාහයට හසු වූ සිඩිනිලාගේ කතාවයි. සිනමාපටයේ දෘශ්‍යමානය ඉක්මවන යටි අරුත් මඟින් ප්‍රකාශ වන්නේ තියුණු සමාජ දේශපාලිනික - ආර්ථික ප්‍රපංචයකි. කැකැරෙන සමාජ විරෝධයකි. සිනමාකරුවාගේ දේශපාලනික-සාමාජීය දෘෂ්ටිවාදය චිත්‍රපටය තුළ දැක්වෙන කතාවේ සියුම්ව ගෙනහැර දක්වති. වාලම්පුරි චිත්‍රපටයේ කතාව කෙසේවෙතත් එහි නළු නිළි කැලගේ රංගනය සහ⁣ දෙබස් පෞද්ගලිකයම වඩාත් සිත්ගත් කාරණා දෙකකි. මෙි දිනවල තිරගත වන නෙළුමි කුලුණ චිත්‍රපටයේ ද මෙම ලක්ෂණය දුටිමි. කුඹියෝ වැනි ගුණාත්මකවූත් නිෂ්පාදන වටිනාකමක් සහිත ටෙලිනාට්‍යයක් නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න සිනමාකරුවකු ලෙස ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ඨ වීම අතිශය සතුටුදායක දෙයකි. ලක්මාල් ලියු තිර පිටපත තුළ අලංකාරයක් ඇත. සීගිරිය වැනි ඓතිහාසික භුමියක ජීවත්වන තුන්වේල සරිකරගන්නට වෙර දරන ජහුටා නාට්‍ය කණ්ඩායමකගේ ජීවිත අනපේක්ෂිත ලෙස උඩුයටිකුරු වන කතා පුවත නම් ක්ලැසික් ය. චමත්කාරජනක කතාවකි. කුඹියෝ තුළ දුටු ලක්මාල්ගේ කැරළිකාරී ස්වරූපය වාලම්පුරි තුළ ද දක්නට ලැබෙි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටය ආරම්භවන දේශපාලනික ඇමතුම් සමිබන්ධ සමෝධානිත (montage) රූප පෙළ ලක්මාල් ධර්මරත්න නමි සිනමාකරුගේ ලාංකේය කුණු දේශපාලනය පිළිබඳ ඇති දැඩි විරෝධය පිළිබිඹු කරන්නකි. සිනමාකරුගේ අරමුණ වනුයේ අවසන් තීරණාත්මක ගැටුම දක්වා ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම මෙන්ම ඔවුන්ට ලාංකේය දේශපාලනික-සාමාජීය සංස්ථාව පිළිබඳ යමක් සිතන්නට ඉඩ ලබා දීමයි. මුළු චිත්‍රපටය පුරා වඩාත් අවධානය නතු කරගන්නා චරිතය වන 'සිඩිනි' නමි චරිතය සඳහා පණ පොවන ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය විසින් චිත්‍රපටයට ලබා දෙන වටිනාකම ඉතා ඉහළය. ප්‍රියන්ත ප්‍රකට කරන ප්‍රතිභාව අගය කළ යුතුම එකකි. අශාන් ඩයස්, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, දිල්හානි ඒකනායක, අංජන ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, කින්ග් රත්නමි, නිරෝෂන් විජේසිංහ, දර්ශන් ධර්මරාජ් වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිස මඟින් අපුරු රංග වින්‍යාසයන් පෙළක් එක දිගට දැකබලා ගන්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණ හාමුදුරුනමකගේ චරිතය නිරූපණය කරන සේවියර් කණිෂ්කගේ රංගනය තරමක් කෘත්‍රීම වෙි. වාලම්පුරි චිත්‍රපටයේ කතා තේමාව සාමාන්‍ය වූ එකකි. එය අපිට එදිනෙදා ජීවිතයේ නිතර දෙවෙිලේ පුවත්පත්වලින්, ටෙලිවිෂන්වලින් හමුවන තේමාවකි. එම කතා තේමාව යළිත් සිනමාවට ප්‍රබන්ධයක් ලෙස ගෙන ඒම කෙතරම් දුරට ප්‍රේක්ෂකයාට නවමුබවක් ඇති කරනවාද? යන්න ඉතාමත් පරෙස්සමෙන් යුතුව කල්පනා කළ යුතුය. සිනමාපටයේ කැමරාකරණය සහ සංස්කරණය යන ප්‍රධාන අංශ දෙක විසින් ගොඩ නඟන කතාවෙි රිද්මයානුකූලබව වැදගත් ය. කලා අධ්‍යක්ෂණය විසින් කතාවට ලැබිය යුතු අවකාශය මැනවින් ඉටු කර දී තිබෙි. ච්න්තක ජයගොඩිගේ පසුබිමි සංගීතය චරිත හා සිදුවීමිවල පසුබිම තීව්‍ර කරන්නකි. චිත්‍රපටයේ සිනාමාත්මකබව ඉහළ නංවන කැමරාකරණය සිදු කර ඇති කාලිංග දේශප්‍රියගේ මනරම් රූප නිමැවුම කදිමයි. රූප ජේදනය කිරීමට වඩා කතාවෙි මුල, මැද, අග කුතුහලය රැකෙන පරිදි ආඛ්‍යානය ගොඩනැඟීමත් එය කුතුහලය දනවන අයුරින් ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අතරංම කරවීමේ කාර්යය තුළ දී එය මැනවින් ඉටු කිරීමට සංස්කරණය සමත්ව තිබෙි. සිනමාපටය ජයගන්නේ එතැනදිය. පැය දෙකයි විනාඩි තිහක දිගු ධාවන කාලයකින් සමන්විත වුව ද ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අවසාන විනාඩිය තෙක් රඳවා ගැනීමට ලක්මාල් ධර්මරත්නගේ තිර පිටපත සහ නළු නිළියන් තේරීමත්, මෙහෙයවීමත් ඔහු චිත්‍රපටය වෙනුවෙන් දක්වා ඇති අවංකභාවයත් අගය කළ යුතු ය. වාලම්පුරි ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හරවත් සමාජ ප්‍රකාශනයකි. 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' යනු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නොවෙි. ලංකාවේ නුතන ප්‍රේක්ෂකාගාරය සිනමාත්මකව සහ දෘෂ්ටිවාදාත්මකව කුල්මත් කළ හැකි සමාජ දේශපාලනික පඨිතයක් ලෙස Thriller - Black - Comedy - Drama ශානරයේ හොඳ චිත්‍රපටයකි.

ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්

‘වාලම්පුරි’ නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර ‘වාලම්පුරි’ නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත්
කවි ‍සාහිත්‍ය
This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search