Skip links
වැසි නගරයක සොනට් කවිය | ලක්ශාන්ත අතුකෝරල

වැසි නගරයක සොනට් කවිය | ලක්ශාන්ත අතුකෝරල

දොඹ සූරන වැසි නම් නොව සෙමෙන් හැලෙන වැසි පිනී
නොබලා ඉන්නත් බැහැ මට බිඳු මැද ඔබේ කඳුළ කී
නිබඳව හද තෙමන අහස ආදර පසුබිම වැනි
ඔබ පවසන හැටියට මෙය සොබාදමෙහි වරදකී
මම තනිව ම තෙමෙමි සොඳුර මගියන් නැති මාවතේ
සැම තැන මට මැවි පෙනෙයි ලිසියැන්තස් මල මගේ
බිම පිසගෙන උඩ ඉගිලෙන සන්සුන් නැති මාරුතේ
සමහර දිනවල බොරුවට කලබල වෙන ඔබ වගේ
මහන්සියෙන් පැමිණෙන විට හැන්දෑවෙන් තෙමි තෙමි
අහසට නැති උණුසුම මට දෙන්නේ ම ඔබේ වදනකි
රහසින් ඔබ සැඟව සිටින දිනවල මම වැළපෙමි
නිහඬ එවන් රැය ළතැවුල් මාසෙකි අවුරුද්දකි
වැසි මැද පිච්චෙන මගෙ හිත සඳමඩලකි නියඟයේ
රිසි නම් එහි රැඳෙනු මැනවි සදා ඔබට ඉඩ තියේ…

  • ලක්ශාන්ත අතුකෝරල

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search