Skip links

රෝමාන්තිකවාදය

18 සියවසේ අගභාගයේ සහ 19 සියවසේ මුල යුරෝපය පුරා සාහිත්ය, කලාව, සංගීතය සහ දර්ශණය තුළට චිත්තවේගීය ප්රකාශණයන්, ස්වාර්ථවාදය (Individualism), සොභාසෞන්ධර්ය සහ නිර්මාණශීලී පරිකල්පනය ඇතුලත්කිරීමේ විශාල වැඩකොටස ආරම්භවූයේ රොමාන්තිකවාදයෙනි…

කාර්මීකරණයේ නතුකිරීම්වලට ලක්වන්නට වුණු කරුණු කීපයකට ප්රතිවිරෝධී ප්රකාශණයක් ලෙස රොමාන්තිකවාදය ආරම්භ විය, ඒ මූලික ලෙස හේතු ධර්මවාදයත් (reason), තර්ක න්යායන් (Logic) සහ, විද්යාව සහ තාක්ශණයත් විය…

රොමාන්තිකවාදයෙන් මේ සංකල්ප පසෙකට කොට චිත්ත ප්රකාශණයන්, සොභාවසෞන්ධර්යත්, පරිකල්පනයත් සහ පුද්ගල ස්වකීයත්වයන් වඩාත් ප්රකාශී ලෙස සමාජයේ ඉදිරියට ගෙන ඒමට ඉඩහසර සැලැස්වීය…

වඩාත් කලාත්මක නිදහසක් යාන්ත්රීකරණයට ලක්වුණු ජීවිත තුළට එබ්බවීය…

————————

💠 ඓතිහාසික සම්බන්ධය

රොමාන්තිකවාදය සැබෑවටම කාර්මීකරණය ඔස්සේ නිර්මාණයවීමට බලපෑ සැබෑ හේතුව වන්නේ 17 සහ 18 සියවස්වල පැවතුණු හේතු ධර්මතාවය (reason), විද්යාව සහ තර්ක ශ්රාස්තය යුරෝපය පුරා සීමා අභිබාව යමින් තිබීමත් මෙන්ම එයින් වැසෙන්නට වුණු මිනිස් චිත්තය අරඹයා තිබූ බොහෝ ප්රකාශණයන්වලට අවශ්ය ඉඩකඩ ඇහිරී යාමත් ය……

මෙම යුගය තාක්ශණයේ සහ බුද්ධියේ එවකට උච්ඡ ඉසව්වලට ලඟාවූ නමුත් ලියන්නන්, කලාකරුවන්, දාර්ශණිකයන් තමන්ගේ හැඟීම් සහ ආධ්යාත්මයෙන් සහ සොභාවසෞන්ධර්යයෙන් ඈත්වන්නට විය…

එවකට ප්රංශ සහ ඇමරිකන් විප්ලවයෙන් පසු සිදුවූ විශාල කාර්මික පෙරළියත් සමග දේශපාලනික සමාජ හැඩගැස්වීම් තුළ නැවත රොමාන්තික කලාකරුවන්ට තම තමන්ගේ තනිපුද්ගලවාදයන්ට (Individualism) එලඹීම සඳහා ඉඩ සකස්විය, ඔවුන් සමාජ සම්මතවලට එරෙහිව ප්රකාශ සිදුකරන්නට විය, කලාවත්, දර්ශණයත් ඔස්සේ යුරෝපා සමාජය තුළ නායකත්ව චරිත බිහිකරන්නට විය…

————————

💠 රොමාන්තිකවාදී කලාව තුළ විශේෂ ලක්ශණ

රොමාන්තිකවාදය අර්ථගැන්වෙන්නේ එහි ඇති ශ්රාස්ත්රීය, සාම්ප්රදායික ගුණයන් බිඳලීමේ අරමුණ සමගය, එයින් වඩාත් ප්රකාශිත, නාට්යමය සහ චිත්තවේගීය මාවතකට රොමාන්තික කලාකරුවා එළඹුණි.. පහතින් දැක්වෙන්නේ එම මූලික ලක්ශණයි.

1. හැඟීම් සහ පරිකල්පනය දැක්වීම : රොමාන්තිකවාදී කලාකරුවන් චිත්තය තේමාවන මාතෘකා තුළින් නිර්මාණය යෙදෙන්නට වූ අතර, ඒවා ආදරය, බිය, ශෝකයත් සහ ආනන්දයත් ප්රකාශ වීම වැනි තේමා ඔස්සේ විය….

2. සොභාවසෞන්ධර්යය : රොමාන්තික කලාව තුළ ප්රධානම අංගය ස්වභාවසෞන්ධර්යය ඉදිරියට ගෙන ඒමයි, එය උත්කෘෂ්ට ලෙස සැලකිමයි, සිද්ධීන් තුළින් ආරණ්ය හෝ කිලිටි නොවූ ගුණයන් වඩාත් ඉස්මතු කිරීමයි….

නමුත් බොහෝ සිතුවම්වල කාර්මීකරණය සහ ස්වභාවසෞන්ධර්ය්ය අතර සිද්ධවන බලපෑම් තුළ නිශ්චය නොවූ (Unpredictability) ස්වභාවයන්ද ඉස්මතු කරදැක්වීමට සමහර කලාකරුවන් කටයුතු කලෝය…

3. උත්කෘෂ්ටත්වය : මේ මගින් හැඟවෙන්නේ සිතුවම් වලින් ඉස්මතු ස්වභාව සෞන්ධර්යය තුළ තිබෙන අලංකාරයයි… එහි තිබෙන චිත්තයට දැනෙන විස්තර කල නොහැකි ගුප්තමය සහ විශ්මය ගෙන දෙන පැතිකඩයි… ඒවා වඩාත් ඉමක් කොණක් නොපෙනී යන භූමිදර්ශණ තුළත්, අහස් කුස සිසාරා ඉහළට නැගී සිටින කඳු පන්ති තුළත්, තවත් විටෙක මිටියාවත් පිරී යන ඝණ මීදුමින්ද කලාකරුවන් සිතුවම්කරන ලදි…

4. ස්වාර්ථවාදය (Individualism) සහ වීරත්වය : රොමාන්තිකවාදය තුළ සුවිශේෂී විප්ලවකාරී වීර චරිත සැමරූහ, එම සිතුවම්වල වීරයන් බොහෝ විට නිරූපණය කරනු ලැබුවේ පුද්ගලික නිදහස සහ චිත්තවේගීය හැකියාවන් සංකේතවත් කරන අතිවිශාල දුක්කම්කටොළුවලට එරෙහිව අරගල කරන හුදකලා රූප ලෙසය….

5. ආගන්තුක සහ අත්භූත සිද්ධීන් : බොහෝ කලාකරුවන් විදේශයන් හී භූමිදර්ශණ පිලිබඳ කුතුහලයක්, විස්මයක් දැක්වූහ, තවත් කලාකරුවන් අවතාර, අමනුශ්ය හෝ ආත්ම ලෙස ගැනිය හැකි චරිත සිතුවම් තුළ ගොඩනගන ලදි… ඒවායින් සිතුවම් වඩාත් නාට්යම ස්වභාවයක් ගත්හ….

6. මනෝවිද්යාත්මක පැතිකඩ : දැඩි නාට්යයමය සහ චිත්තවේගී හැඟීම් වලින් එපිටට ගොස් බොහෝ මාතෘකා වූයේ අධික ශෝකය, ආදරය අහිමිවීම, යට ගිය අතීත සිද්ධීන්ය… ඒවායෙන් මනස පිලිබඳ ගැඹුරින් අධ්යනය කලහැකි කරුණු රාශියක් සිතුවම්වලට එක්වුණි…

————————

💠 රොමාන්තිකවාදය තුළ ජනප්රිය වූ කලාකරුවන්

1. Eugène Delacroix (1798–1863)

Eugène රොමාන්තිකවාදය තුළ ඉතා සුවිශේෂී ප්රංශ කලාකරුවෙකු විය, ඔහු වඩාත් ප්රසිද්ධ වූයේ ඔහුගේ ඉතා දිප්තිමත් වර්ණ භාවිතයෙන් සහ වඩාත් ක්රියාශීලී රූප රාමු දක්වන සිතුවම් තුළිනි, බොහෝමයක් ඔහුගේ නිර්මාණතුල වූයේ අතීත සුවිශේෂී සිද්ධීන් ය.. ඔහුගේ ඉතා ජනප්රිය සිතුවමක් ලෙස ප්රංශ විප්ලවය අරඹයා සිතුවමට නැගි Liberty Leading the People (1830) නම් කල හැකිය..

2. J.M.W. Turner (1775–1851)

Joseph Mallord William Turner ඉංග්රීසි ජාතික රොමාන්තිකවාදී කලාකරුවෙකි, ඔහුගේ බොහෝ සිතුවම්වල වූයේ භුමිදර්ශණයි.. බොහෝවිට තාත්විකවාදයත්(Realism), භාවාත්මකබවත් (Abstraction) අතර මැදක ඔහුගේ සිතුවම් විය..

එම තේමා බොහෝලෙස නැංවුණේ ආලෝකය සහ වර්ණ අතර උද්දීපනය වන හැඟීම් සමුදායන් ඔස්සේය… ඔහුගේ මුහුදු දර්ශණ සිතුවම වන The Slave Ship 1840 (වහලුන්ගේ නෞකාව) සහ Rain, Steam, and Speed (1844) යන තේමා රැගත් සිතුවම් ඔස්සේ සොභාධර්මයේ තිබෙන අසීමාන්තික බලය විදහා දැක්වුණි..

3. Caspar David Friedrich (1774–1840)

ජර්මන් රොමාන්තිකවාදි කලාකරුවෙකු වූ Caspar තම සිතුවම් තුළින් ස්වභාව සෞන්ධර්යයත් සමග කැටිවෙන ශෝකාකූල බව සහ ඉතා දුරකට ගෙනියන චිත්තවේගී ගුණයන් දැක්වීය.. ඔහුගේ Sea of Fog (1818) යන සිතුවම තුළින් හුදකලාවූ එක්තරා චරිතයක කඳු මිටියාවත් වලින් ගහණවූ දර්ශණයක් වෙත නෙත් නොමා සිටින අයුරුයි….

මීට අමතරව විවිධ තේමා ඔස්සේ ඉතා විශිෂ්ට සිතුවම් ගණනක් නිර්මාණය කල Francisco Goya (1746–1828) සහ Théodore Géricault (1791–1824) යන සුවිශේෂී චරිත දෙකද මීට අමුණමි….

————————

19 වෙනි සියවස මැදභාගය වනවිට රොමාන්තික යුගය කෙමෙන් අවසන් වෙමින් තාත්විකවාදයට ඉඩහසර සලස්වන්නට වුණි… නමුත් අදවනවිටත් රොමාන්තිකවාදයෙන් ආභාශ ලද කලා කෘතීන් විවිධ මාධ්ය ඔස්සේ නිර්මාණය වෙයි..

රොමාන්තිකවාදය කැටුව ආ ස්වාර්ථවාදය (Individualism), චිත්තවේගයන් සහ උත්කෘෂ්ට ස්වභාවයන් යුග ගණනක් සිතුවම් ශිල්පීන්ට, සංගීතවේදීන්ට, ලියන්නන්ට ආභාශ ලබාදෙන ලදි… පොදුවේ රොමාන්තිකවාදය තුළ වූයේ පවත්වනා ලද බොහෝ දෘඩ සීමා වලින් ගැලවී, සොභාවසෞන්ධර්යය වෙත එල්බ හැඟීම් ප්රකාශණයන්වලට ඉඩසලස්වා ගැනීමේ අරමුණයි….

එම කර්තව්යයේදී රොමාන්තිකවාදය යනු එක්තරා ව්යාපාරයක් පමණක් නොව, හදවත, මනස සහ සොභාවසෞන්ධර්යය අතර කැටිකරගන්නා ලද අවිහිංසාවාදී සංග්රාමයකි….

– ධනංජය රණවක

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search