Skip links
පෞරුෂත්වය (personality)

පෞරුෂත්වය (personality)

සාමාන්‍ය ජීවිතයේදී පෞරුෂය යනුවෙන් අපි හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ හැඩරුව , කතාබහ කරන විලාශය , හැසිරෙන අන්දම යනාදී වශයෙනි.එලෙසින්ම පුද්ගලයකුට ඇති තවත් පුද්ගලයකුට නොමැති ලක්ෂණ යනුවෙනුත් මෙය හැදින්වේ . යම් පුද්ගලයකුගේ සමාජශීලි බවත් පෞරුෂත්වයේ ලක්ෂණයක් බැවු නිර්වචන අතර විය.
පළමුව අපි පෞරුෂත්වය යන වචනයේ මුලාරම්භය දෙස බලමු. ඉංග්‍රීසි භාෂාවේ personality පර්සනැලිටි යන වචනයෙන් බිඳී ආවකි. ලතින් භාෂාවේ ඇති persona  යන වචනයෙන් පර්සනැලිටි යන වචනය නිර්මාණය වී තිබේ.
පැරණි රෝම රංගන හා නාට්‍ය කලාවේ වෙස් මුහුණු පැළඳීමේ සිරිතක් තිබී ඇත.චරිතයකින් කවරාකාර චර්යා ආකල්ප බලාපොරොත්තු විය හැකිද ?ප්‍රේක්ෂකයාට එය දැන ගැනීමට වෙස්  මුහුණ සංකේතයක් විය. පර්සෝනා යන වචනය  වෙස් මුහුණට යෙදවුවද ,එය පලදින්නා රඟපාන චරිතය ද පසුව එම පුද්ගලයාවද හඳුන්වා දීමට එම යෙදුම භාවිතා විය. ඉන් බිඳී ආ personality පර්සනැලිටි යන වචනයෙහි එහි අන්තර්ගත වූ පුළුල් අර්ථය ඇතුලත්වී  ඇත. එලෙස ගත විට කෙනෙකුගේ ආකල්ප , සිතුම් පැතුම් ,ජිවිත සංජානන බලාපොරොත්තු සිතනාකාරය ආදී ලක්ෂණ ඇතුළුව කෙනෙකු ප්‍රකාශ කරන ස්ථාවරවුත් නිශ්චිත වූත් චර්යා පද්ධතිය පෞරුෂත්වය නම් වේ. පෞරුෂත්යවය නම් වේ.පෞරුෂත්වය (personality)
මෙහිදී පෞරුෂය ස්වීයත්වය යනුවෙනුත් හැඳින්වේ. මුල්ම අවධියේදී පෞරුෂය ලෙස පුද්ගලයින් කිහිප දෙනෙකු අතරින් වඩාත්ම කැපී පෙනෙන  සිත් ඇදගන්නා සුළු පුද්ගලයාගේ ලක්ෂණ හැඳින්විය.මෙහිදී මෙම පුද්ගලයා කොතරම් සමජශීලිද යන්න මත මෙය නිගමනය විය.නමුත් පසුකාලීනව මනෝ විද්‍යාඥයින් විසින්  පුද්ගලයකුගේ චර්යාවේ හා අනුභුතියේ එනම් අත්දැකීම් වල ලක්ෂණ හෙළිකරන සමස්ත ස්වභාවය ලෙස පෞරුෂය හඳුනාවනු ලැබිය.
එනම් මානව චර්යාව හා අනුභූතිය පිලිබඳ පුද්ගල විවිධත්වයේ සංගත රටාවක් සේ දැක්විය හැක.
එලෙසින්ම කෙනෙක් තුළ සුවිශේෂිව මතුවී පැමිණි චරිත ලක්ෂණ වන අභිරුචින් ,හැඟීම් , චිත්තවේග හැකියාවන් ,හැසිරීම් සහ ආකල්ප වල එකතුව පෞරුෂත්වය සේ ගත හැක.
පෞරුෂය පිළිබඳව මුලින්ම අධ්‍යනය කලේ ඕල්පොට් නම් මනෝ විද්‍යාඥයා වේ.ඔහු පැවසුවේ පුද්ගල පෞරුෂය යනු අසමාන්‍ය බවයි.එසේ නම් පුද්ගලයාගෙන් පුද්ගලයා පිළිබඳව වෙන වෙනම හැදෑරීමක් කල යුතුවේ.එහිදී යම් අංශවලින් පුද්ගලයින් සමාන බවත් යම් අංශවලින් ඔවුන්ගේ අසමානතා දැකීමට ඇති බවත්ය. කෙනෙකුගේ පෞරුෂය හඳුනා ගැනීමට  නම්  ඔහු හෝ  ඇය  නිෂ්ශිත අවස්ථා වලදී ක්‍රියා කරන අන්දම නිරීක්ෂණය කළ යුතුය.
1953 දී G.W ඕල්පොටි වීසින් පෞරුෂය යනු පරිසරය සහ අන්තර් ක්‍රියාකිරිමේදී  සුවිශේෂී වූ  චර්යා තීරණය කරන පුද්ගලයා තුළ අන්තර්ගත වී ඇති මනෝවිද්‍යාත්මක පද්ධතීන්ගේ හැඩගැස්ම ලෙස හඳුන්වා ඇත.
පෞරුෂත්වය (personality)” පුද්ගලයකු තමාටම සුවිශේෂ වූ ආකාරයකට පරිසරයට ගැලපෙන ලෙස සමායෝජනය වන්නේ කෙසේදැයි තීරණය වීමට ඔහුගේ මනෝ භෞතික පද්ධතීන්ගේ ගතික සංවිධානය පෞරුෂයයි .ගතික යන්නෙන් පෞරුෂය තව දුරටත් වර්ධනය වන බව අදහස් කෙරේ. එලෙසම පෞරුෂය කොටස් දෙකකින් යුතු බව පැවසේ.
1. මානසික පෞරුෂ පද්ධතිය.
2. කායික පෞරුෂ පද්ධතිය.
මේවා මිනිස් අභ්‍යන්තරික හා බාහිර පරිසර පද්ධතිය හා ගැටෙයි.සමායෝජනය වන්නේ කෙසේද ? යන්න තීරණය කිරීමට හේතුව යන යෙදුමෙන් පුද්ගලයා ක්‍රියාත්මක කිරීමෙහි ලෑ හේතු වන්නේ ඔහුගේ මනෝ භෞතික පද්ධතීන් බවයි.එලෙසින්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ ආකාරයට පරිසරයට හැඩගැසීම සිදුවේ.මෙම නිර්වචනයේ පෞරුෂය අංග සියල්ලම ඇතුලත්ව  ඇත.
එන් .ෆයර් දක්වන්නේ  පෞරුෂය ප්‍රකාශිත චර්යාවන්ගෙන්  සමන්විත වුවක් බවයි.එම චර්යා රටාවන් නෛසර්ගික වන අතර ඒවා ඒ ඒ පුද්ගලයාට අවේනික ලක්ෂණ වේ. පෞරුෂය සඳහා නිශ්චිත  නිර්වචනයක් නොමැත්තේ විවිධ මනෝ විද්‍යාඥයින්ගේ ස්ථාවරත්වයක් හා පර්යාවලෝකනයක් මත ඒ නිර්වචන නිර්මිත වූ හෙයිනි.
පෞරුෂය පිලිබඳ නිර්වචන කිරීමේ විග්‍රහයන් කිහිපයක්ම අපිට දකින්නට ලැබේ,.එකිනෙකින් වෙනස් වුවද මේ සියල්ලෙන්ම පොදු වූ කරුණු වෙන්කර දැක්විය හැක.
  1. පෞරුෂය පුද්ගලයාට විශේෂයි.
  2. පුද්ගලයින් දෙදෙනෙක් සමාන නොවෙති.
  3. පෞරුෂය යන්න දිනෙන් දින වර්ධනය වන දෙයකි.
  4. පරිසරය හා දිගින් දිගටම පවත්නා සංඝඨනය එහි වර්ධනයට හේතු වේ.
– සැකසුම :නිලක්ෂි බණ්ඩාර

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search