Skip links
අරුන්දතී රෝයි ප්‍රථම වතාවට තමන්ගෙ මතක සටහන් ඇතුළත් කෘතියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන්න නියමිතයි. ලිවීමේදී වගේම කතා කිරීමේදීත් නිර්භීත සහ මතභේදාත්මක චරිතයක් විදියට ඇය ප්‍රසිද්ධයි. ඇයගේ පොත් වලටත් වඩා ඇගේ දේශපාලනික ප්‍රකාශ ජනප්‍රියයි. ඇය තමන්ගේ ලිවීම ගැන කියපු දේවල් ටිකක් මේ. ප්‍රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ - අරුන්දතී රෝයි මම කරන්නේ මට ඕන දේ. ලියන්නෙ මට ඕන දේ, වටින නොවටින ලිවීම් කියලා තක්සේරු කරන්නේ නැතිව දිගටම ලියාගෙන යනවා. වාසනාවට මම බැංකුකරුවෙක් හරි, ගණාකාධිකාරිවරයෙක් හරි නෙමෙයි. දැන් දේශපාලන ප්‍රකාශයක් කරන්න වෙලාව කියලා මට දැනුණම මම ඒක කරනවා. තමන්ගේ ශරීරයේ කොටසකට ලියුමක් ලියනවා වගේ - ඔබට කරන්න බැරි දේවලුත් තියෙනවා. ඔයාගෙ කකුලට හරි කොණ්ඩෙට නැත්නම් හදවතට ලියන්න බැහැ. මිනිස්සු මට කියනවා, ඔහ්, ඔයා ඇත්ත දේවල් ලියන එක හොඳයි, ඒ වගේම ඒක දේශපාලනික දෙයක් වීමත් හොඳයි. මම කියනවා, මගේ තැන ඉඳන් බලන්න, කිසිවක් නොකියා ඉඳිමත් මාර දේශපාලනිකයි. ඔබ දේශපාලනිකව හිතන්න ඕන, එහෙම නැත්නම් ඔබත්, අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියන ජාතියේ මනුස්සයෙක් වෙයි. මගේ දේශපාලනික ක්‍රියාකාරීත්වයට බුකර් ත්‍යාගය බොහෝ පැතිවලින් වගකියන්න ඕන. මම මේ සම්මානෙ දින්නම, අලුතෙන් මතුවෙන ඉන්දියාවේ මධ්‍යම පංතිය අතර සුන්දරිය බවට මම පත්වුණා. ඔවුන්ට කුමාරිකාවක් අවශ්‍ය වුණා. ඒත් එයාලට ලැබුණෙ වැරදි ගෑනි. ඒ වෙලාවේ මේ ආලෝකය මා තුළ දැල්වෙමින් තිබුණා, මගේ රටේ සිද්ධවෙන දේ ගැන යමක් කියන්නට වේදිකාවක් මට ඇති බව මම දැනගෙන හිටියා. එතන ඉඳලා මම කරපු දේවල්වල තියෙන සිත්ගන්නා කරුණ නම් ලිවීම ආයුධයක්, යම් ආකාරයක උණ්ඩ බවට පත්වීමයි. එක නවකතාවක් ලිව්ව නිසා දිගටම නවකතා ලියන්න ඕන කියලා හිතපු කෙනෙක් නෙමෙයි මම. ලියන්න තවත් නවකතාවක් තියෙනවා කියලා දැනුණම තමයි මම තව නවකතාවක් ලියන්නේ. එක විදියකින් ලිවීම කියන්නේ ඔබේ භාෂාව නිෂ්පාදනය කරන, පුද්ගලාර්ථවාදයේ ඇදහිය නොහැකි ක්‍රියාවක් වුණත් ඒක තනි පුද්ගල කාර්යයක් ලෙස නොව සමූහයක හදවත විදියට භාවිතා කිරීම පරස්පර විරෝධී දෙයක්. එහෙත් තවමත් එය තනි පුද්ගලවාදී වීම හෝ අභිලාෂකාමී වීමක් නෙමෙයි. මගේ ලිවීම් සෑම ඉන්දියානු භාෂාවකටම පරිවර්තනය කර පත්‍රිකාවලින්, කුඩා පුද්ගලික වීඩියෝ වලින්, බෙදා හරිනු ලබනවා. ඒවා හැම තැනකම තියෙනවා. ඒ නිසා මධ්‍යම පන්තියට තමන් මුළු ජාතියම යැයි සිතීම සුන්දර විනෝදාංශයක්. කෙනෙක් ජීවත්වන සමාජය සහ ඒ සමාජයේ වැදගත් ප්‍රශ්න ගැන ලියන ලේඛකයෙක් වීම හොඳ දෙයක්. එයා ලේඛකයෙක් නොවෙන්නේ කොහොමද, ඒක හැමදාම පැවතුණේ ඒ විදියට. බොහොම මෑත කාලෙදි තමයි ලේඛකයො මාකට් එකේ විකුණන සෙල්ලම්බඩු වගේ පොත් ලියන තත්වෙට පහත වැටුණෙ. ඉන්දියාවෙදි, ඔබ මොන භාෂාවෙන් ලියුවත්, උත්ප්‍රාසය තේරුම් නොගැනීම සහ පොතම තේරුම් නොගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. ලේඛකයෙක් විදියට මේක හරිම භයානකයි. (මේක නම් ලංකාවෙත් එහෙමමයි අරුන්දතී) මම ලියන දේ වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ වගේම මම ඒක අනුගමනය කරනවා.

ප්‍රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ – අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි ප්රථම වතාවට තමන්ගෙ මතක සටහන් ඇතුළත් කෘතියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ප්රකාශයට පත්කරන්න නියමිතයි. ලිවීමේදී වගේම කතා කිරීමේදීත් නිර්භීත සහ මතභේදාත්මක චරිතයක් විදියට ඇය ප්රසිද්ධයි. ඇයගේ පොත් වලටත් වඩා ඇගේ දේශපාලනික ප්රකාශ ජනප්රියයි. ඇය තමන්ගේ ලිවීම ගැන කියපු දේවල් ටිකක් මේ.


ප්රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ – අරුන්දතී රෝයි


මම කරන්නේ මට ඕන දේ. ලියන්නෙ මට ඕන දේ, වටින නොවටින ලිවීම් කියලා තක්සේරු කරන්නේ නැතිව දිගටම ලියාගෙන යනවා. වාසනාවට මම බැංකුකරුවෙක් හරි, ගණාකාධිකාරිවරයෙක් හරි නෙමෙයි. දැන් දේශපාලන ප්රකාශයක් කරන්න වෙලාව කියලා මට දැනුණම මම ඒක කරනවා.


තමන්ගේ ශරීරයේ කොටසකට ලියුමක් ලියනවා වගේ – ඔබට කරන්න බැරි දේවලුත් තියෙනවා. ඔයාගෙ කකුලට හරි කොණ්ඩෙට නැත්නම් හදවතට ලියන්න බැහැ.


මිනිස්සු මට කියනවා, ඔහ්, ඔයා ඇත්ත දේවල් ලියන එක හොඳයි, ඒ වගේම ඒක දේශපාලනික දෙයක් වීමත් හොඳයි. මම කියනවා, මගේ තැන ඉඳන් බලන්න, කිසිවක් නොකියා ඉඳිමත් මාර දේශපාලනිකයි. ඔබ දේශපාලනිකව හිතන්න ඕන, එහෙම නැත්නම් ඔබත්, අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියන ජාතියේ මනුස්සයෙක් වෙයි.


මගේ දේශපාලනික ක්රියාකාරීත්වයට බුකර් ත්යාගය බොහෝ පැතිවලින් වගකියන්න ඕන. මම මේ සම්මානෙ දින්නම, අලුතෙන් මතුවෙන ඉන්දියාවේ මධ්යම පංතිය අතර සුන්දරිය බවට මම පත්වුණා. ඔවුන්ට කුමාරිකාවක් අවශ්ය වුණා. ඒත් එයාලට ලැබුණෙ වැරදි ගෑනි. ඒ වෙලාවේ මේ ආලෝකය මා තුළ දැල්වෙමින් තිබුණා, මගේ රටේ සිද්ධවෙන දේ ගැන යමක් කියන්නට වේදිකාවක් මට ඇති බව මම දැනගෙන හිටියා. එතන ඉඳලා මම කරපු දේවල්වල තියෙන සිත්ගන්නා කරුණ නම් ලිවීම ආයුධයක්, යම් ආකාරයක උණ්ඩ බවට පත්වීමයි.


එක නවකතාවක් ලිව්ව නිසා දිගටම නවකතා ලියන්න ඕන කියලා හිතපු කෙනෙක් නෙමෙයි මම. ලියන්න තවත් නවකතාවක් තියෙනවා කියලා දැනුණම තමයි මම තව නවකතාවක් ලියන්නේ.


එක විදියකින් ලිවීම කියන්නේ ඔබේ භාෂාව නිෂ්පාදනය කරන, පුද්ගලාර්ථවාදයේ ඇදහිය නොහැකි ක්රියාවක් වුණත් ඒක තනි පුද්ගල කාර්යයක් ලෙස නොව සමූහයක හදවත විදියට භාවිතා කිරීම පරස්පර විරෝධී දෙයක්. එහෙත් තවමත් එය තනි පුද්ගලවාදී වීම හෝ අභිලාෂකාමී වීමක් නෙමෙයි.


මගේ ලිවීම් සෑම ඉන්දියානු භාෂාවකටම පරිවර්තනය කර පත්රිකාවලින්, කුඩා පුද්ගලික වීඩියෝ වලින්, බෙදා හරිනු ලබනවා. ඒවා හැම තැනකම තියෙනවා. ඒ නිසා මධ්යම පන්තියට තමන් මුළු ජාතියම යැයි සිතීම සුන්දර විනෝදාංශයක්.


කෙනෙක් ජීවත්වන සමාජය සහ ඒ සමාජයේ වැදගත් ප්රශ්න ගැන ලියන ලේඛකයෙක් වීම හොඳ දෙයක්. එයා ලේඛකයෙක් නොවෙන්නේ කොහොමද, ඒක හැමදාම පැවතුණේ ඒ විදියට. බොහොම මෑත කාලෙදි තමයි ලේඛකයො මාකට් එකේ විකුණන සෙල්ලම්බඩු වගේ පොත් ලියන තත්වෙට පහත වැටුණෙ.


ඉන්දියාවෙදි, ඔබ මොන භාෂාවෙන් ලියුවත්, උත්ප්රාසය තේරුම් නොගැනීම සහ පොතම තේරුම් නොගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. ලේඛකයෙක් විදියට මේක හරිම භයානකයි. (මේක නම් ලංකාවෙත් එහෙමමයි අරුන්දතී)


මම ලියන දේ වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ වගේම මම ඒක අනුගමනය කරනවා.

-රශ්මික මණ්ඩාවල-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search