පවන් අංජනගේ තුන්වන කාව්‍ය සංග්‍රහය ජනවාරි අග නිකුත් වෙයි.
සම්මානනීය තරුණ කවියෙකු වන පවන් අංජනගේ තුන්වන කාව්‍ය සංග්‍රහය ‘සොඳුර එහෙමයි ප්‍රේමය’ නමින් මේ මස අවසානයට පෙර ‘රසකතා ප්රකාශනයක්’ ලෙස මුද්‍රණයෙන් නිකුත් වීමට නියමිතව තිබේ. පවන් මීට පෙර ‘සුළඟ තුරු අගිස්සක (2020)’ හා ‘වලාකුළු නිම්නයට එන්න (2022)’ යන කාව්‍ය සංග්‍රහයන් ද්විත්වය ප්‍රකාශයකට පත් කර ඇත. ඔහුගේ ‘වලාකුළු නිම්නයට එන්න’ කෘතිය එම වසරේ ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී කාව්‍ය සංග්‍රහය සඳහා වන සම්මානය දිනා ගැනීමට සමත් වූ අතර එය එම වසරේ ගොඩගේ හා විද්‍යයෝදය සාහිත්‍ය සාම්මාන අවසන් වටයන් සඳහාද නිර්දේශ විය.
ප්‍රේමය සහ සොබාදහම පිළිබඳව වූ රෝමාන්තික හා දාර්ශනික සංකල්පනා පවන් ගේ කවියේ සුවිශේෂිම ලක්ෂණයයි. සොඳුර එහෙමයි ප්‍රේමය නමින් ප්‍රකාශයට පත් වීමට නියමිත ඔහුගේ මෙම අලුත් කෘතියද එම ලක්ෂණයන්ගෙන් සමන්විත වූවක් මෙන්ම කාව්‍ය රසිකයන්ට අලුත් අත්දැකීමක්ද වනු ඇත.
ගිහින් එන්නම් නොකියමසඳක් බැස ගිය පසුවදමල් පිපේනම් හද තුළසොඳුර එහෙමයි ප්‍රේමය