Skip links

Breakup එකකින් පස්සෙ වරලස කපලා දාන්නෙ ඇයි?.


ඔය මාතෘකාව කතාකරන්න මන් හිතන්නෙ හොඳම සිතුවම ෆ්රීඩා කාලෝගෙ මේ Self-Portrait එක, ෆ්රීඩා කාලෝ තමන්ගෙ 143ක් වූ සිතුවම් ප්රමාණයෙන් Self-Portrait 55ක් විතර කරලා තියෙනවා…

මේක සුවිශේෂී වෙන්නෙ තමන්ගෙ දීර්ඝ කාලීන පෙමවුණු ඩියේගෝ රිවේරා සමග දික්කසාදයෙන් පසු ෆ්රීඩා කරපු සිතුවමක් නිසා…

ෆ්රීඩාගෙ මේ සිතුවම උඩ ලියාදැක්වෙන්නෙ ස්පාඤ්ඤ භාශාවෙන් එන ජනගීයක කොටසක්….

“Look, if I loved you, it was for your hair. Now you’re bald, I don’t love you anymore….”

“අහන්න… මන් ඔයාට ඇත්තටම ආදරය කරානම් ඒ ඔයාගෙ වරලස නිසයි…. දැන් බලන්න ඔයාගෙ හිස මුඩුයි…. ඉතින් මන් තවදුරටත් ඔයාට ආදරේ නෑ…..”

ආදරබර අවසානයකදි වරලස කපාදැමීම Emotional Act එකක්, ඇඟවීමක්.. තමන්ගෙන් ගිලිහී තිබූ යැයි හිතපු ස්වාධිපත්ය, තමන්ගෙ පෞර්ෂ්ය නැවත පිහිටුවා ගැනීමට කරන චිත්තවේගීය ප්රකාශණයක්…

———————

හැම Breakup එකක් අවසානයෙම සනිටුහන් වෙන එක් පරිච්ඡේදයක් අවසානය මීලඟ පරිච්ඡේදයේ ඇරඹුම යුග ගණන් පුරා කාන්තාවකට සලකුණු කරන්න යොදාගත්තු හොඳම මෙවලම උනේ වරලස… එය ඉතිහාසයේ පටන් සංකේතාත්මකව වරලස කැපීම පසුපස හැඟවුණේ තමන්ගේ පෙර ස්වභාවය, චරිතය, පෞර්ෂය මින් පෙර බැඳී තිබුණු සබඳතාවයන් සමග ලිහා හෙලීමයි….

ෆ්රීඩාගෙ මේ සිතුවමේ පිරිමින් විසින් වැඩිපුර අඳින පළඳින කෝට් එකකින් සහ දිග කලිසමකින් සැරසී සිටිනවා, එයින් ඇය තමන්ගේ සාම්ප්රදායික ස්ත්රී කාර්ය සංකේත තුළින් රිවේරා සමග තිබුණු ගැටලුකාරී සම්බන්ධයෙන් ගැලවී යාම නිරූපණය කරන්නට ඇති….

———————–

සම්බන්ධ අවසානයේ විවිධ පුද්ගලයන්ට හැඟෙන මේ අනාරක්ශිත හැඟීම සහ ස්වකීයත්වය පාලනයෙන් තොර වීම, තමන්ගෙ භූමිකාව කුමක්ද යන්න හැඟීම මනෝවිද්යාත්මකව දැනෙන සාමාන්ය සංසිද්ධියක්…

මේ පාලනයෙන් නතුවීම නැවත යතාතත්වයට පත්කරන්න පුලුවන් කියන හැඟීම පුරවන්න ශරීරය සහ මනස දක්වන ප්රතිචාරයක් විදිහට වරලස කැපීම තව විදිහකට දක්වන්න පුලුවන්….

නැතිනම්, තමන්ගෙන් ගිලිහී ගිය පාලනය, බලය නැවත පිහිටුවා ගැනීමට වරලස මගින් සංකේතාත්මකව අවස්ථාවක් අරන් දෙනවා….

අතීතයේදි තමන්ගෙ සහකරුවා විසින් දිගු වරලස ස්පර්ශ කරන එක, එය සිපගැනීම, එය අරඹයා ඔහු දක්වන පැසසීම්, කැමැත්ත, වර්ණනාවන් හදන මේ Weight එක ලිහිල් කිරීම තමන්ගෙ දිගු වරලස උනා දැමීමත් එක්ක සිද්ධවෙනවා…. ඒකෙදි දැනෙන සැනසිලිදායක හැඟීම් සමුදාය තමන්ට ඉදිරියට යෑමට අවශ්යකරන මානසික තත්වයකට (Healing Process) මගක් හදාගන්නවා….

———————–

වරලස ස්ත්රීත්වය තුළ කරන්නෙ විශාල කාර්යබාර්යයක්… කාන්තාවක පැවතියෙ යුත්තෙ කෙසේද, ඇයගේ පෙනුම තිබිය යුත්තේ කෙසේද වග සමාජෙ දක්වන සම්මුතීන්වලදි වරලස උනාදැමීම මේ අදහස් තුළට ප්රතිරෝධයක් දක්වනවා, එය සම්මුතීන් බිඳලනවා.. භාහිර පෙනුමට එදිරිව වඩාත් තමන්ගෙ ස්වකීයත්වයන් තුළ පවතින හැඟීම්, විරෝධය වෙත තමන් එලඹෙනවා…

වරලස උනාදැමීම අරඹයා පවතින ඉවතලිය නොහැකි පවිත්රීකරණ ගුණයක් (Cleansing) තියෙනවා ඒක ඇත්තටම ආධ්යාත්මය එක්කම දැනෙන යම් විදිහක සැනසිලිදායක හැඟීමක් ගේනවා තමන්ගෙ ජීවිතයෙ පරිවර්ථනයක් වෙන අවදියකදි…

ෆ්රීඩාගෙ සිතුවමේදී කපාදමන වරලසෙන් හඟවන්නෙ මේ කතාකරපු සියලුම කාරණා කැටිකරලා තමන් දක්වන නම්යශීලී ගුණය, තමන්ගේ සංකීර්ණ චිත්තවේගීය ගැටුමක් තුළ, විශාල අහිමිවීමක් තුළ දෘශ්යමය ප්රකාශයක්…..

– ධනංජය රණවක

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search