Skip links
විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක්     බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ  ඇරුනුනු කටින්     බේරුනා     කෙල     බිංදු     බිංදු ඉස්සරහ හිටි ගෑනු ළමයෙක්ගෙ කරට ඉඳගෙන හිටිය වයසක ගෑණු කෙනෙක් කරේ තිබ්බ පරණ කැලලක් වහගත්ත අතින් අනිත් හැමෝටම ගොඩක් වැදගත් දේවල් සිද්ද වුනා       ජනෙල් වලින් එලියේ මෙහා ඉවුරට ගොඩ බැස්ස බස් එකෙන් මං බැස්සා මගේ බස් මතකෙත් මකාගෙන          බස් එක යන්න ගියා බස් නැවතුමේ මිනිහෙකව දඩයම් කරගෙන කකා හිටපු සිංහයෙක් මං දිහා බලල විරිත්තුවා      ලේ හැලෙන දත් වලින් මං ලාවට හිනා වෙලා එතනින් මාරු වුනා (සිංහයා වුනත් අස්‍රය කරන්න ඕනෙ අතේ දුරින්) තව මිනිස්සු රැස් වෙලා හිටියා ඉවුර දිගට ප්ලාස්ටික් පුටු තියාගෙන මගේ යාළුවොත් හිටියා ඒ අතර මං එකතු වුනා ඒ ගොල්ලන්ට ටිකකින් ආපු හෙලිකොප්ටරයකින් අල්ලපු ඉවුරෙ මුඩුක්කු වලට     බෝම්බ දාන හැටි අපි බලන් හිටියා             පොප් කෝන් කකා අපි අත් දික් කරල ඒක අපේ පොඩි වුන්ටත් පෙන්නුවා අහසෙ මතුවෙච්ච කළු වළාකුළු ඇතුලෙන් ඇහුනා     පොඩි ළමයි කෑගහන හඬ ගොරවනවා! අද රෑ වහියි වගේ කවුදෝ කිවුවා

2025.01.30 – තරින්ද්‍ර ගලහේන

විදුලි පහන උඩ වහලා හිටිය

ගිජු ලිහිණියෙක්

    බලාගෙන හිටියා

කළු ගැහුනු කොල්ලො රොත්තක්

සෙල්ලං කරන හැටි

පල්ලෙහා රේල් පාරේ

ඔව්, ඒක බොහොම සාමාන්‍ය

සිකුරාදා හවසක්

එක යායට සට සට ගාන

මුඩුක්කු වහලවල් උඩින්

පාලමේ අපි ගියා බස් එකේ

තෙරපි තෙරපි

තෙරපි තෙරපි

වෘක ඔළුවක් තිබ්බ

උස මිනිහෙක්ගෙ

ඇරුනුනු කටින්

    බේරුනා

    කෙල

    බිංදු

    බිංදු

ඉස්සරහ හිටි

ගෑනු ළමයෙක්ගෙ කරට

ඉඳගෙන හිටිය වයසක ගෑණු කෙනෙක්

කරේ තිබ්බ පරණ කැලලක්

වහගත්ත අතින්

අනිත් හැමෝටම ගොඩක් වැදගත්

දේවල් සිද්ද වුනා

      ජනෙල් වලින් එලියේ

මෙහා ඉවුරට

ගොඩ බැස්ස බස් එකෙන් මං බැස්සා

මගේ බස් මතකෙත් මකාගෙන

         බස් එක යන්න ගියා

බස් නැවතුමේ

මිනිහෙකව දඩයම් කරගෙන

කකා හිටපු සිංහයෙක්

මං දිහා බලල විරිත්තුවා

     ලේ හැලෙන දත් වලින්

මං ලාවට හිනා වෙලා

එතනින් මාරු වුනා

(සිංහයා වුනත් අස්‍රය කරන්න ඕනෙ

අතේ දුරින්)

තව මිනිස්සු රැස් වෙලා හිටියා

ඉවුර දිගට

ප්ලාස්ටික් පුටු තියාගෙන

මගේ යාළුවොත් හිටියා ඒ අතර

මං එකතු වුනා ඒ ගොල්ලන්ට

ටිකකින් ආපු හෙලිකොප්ටරයකින්

අල්ලපු ඉවුරෙ මුඩුක්කු වලට

    බෝම්බ දාන හැටි

අපි බලන් හිටියා

            පොප් කෝන් කකා

අපි අත් දික් කරල ඒක අපේ පොඩි වුන්ටත් පෙන්නුවා

අහසෙ මතුවෙච්ච කළු වළාකුළු

ඇතුලෙන් ඇහුනා

    පොඩි ළමයි කෑගහන හඬ

ගොරවනවා! අද රෑ වහියි වගේ

කවුදෝ කිවුවා

  • තරින්ද්‍ර ගලහේන

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search