Skip links
‘හොඳම යාලුවා අම්මා මිසක් වෙන කවුද?’ – Didi Sinhala review

‘හොඳම යාලුවා අම්මා මිසක් වෙන කවුද?’ – Didi

ඔයාට ඉන්න හොඳම යාලුවා කවුද? කියලා මගෙන් කවුරුහරි ප්රශ්නයක් විදියට ඇහුවොත් මට කියන්න තියෙන්නේ අකුරු හයක වචන දෙකක උත්තරයක්. ඒ ‘අම්මා – තාත්තා’ කියන උත්තරය. අනික් අයට කෙසේවෙතත් මට පෞද්ගලිකවම මෙි දෙන්නා තමයි තාමත් හොඳම යාලුවෝ දෙන්නා. මට ඇත්තටම අම්මා තාත්තා හොඳම යාලුවෝ දෙන්නා කියන්න හේතු වුන නිමිත්තක් තියෙනවා. ඒ මෙි අවුරුද්දේ තිරගත වුණ ‘Didi’ කියන හොලිවුඩ් චිත්රපටය. ‘ඩිඩි’ කියන්නේ අවුරුදු 14ක ‘ක්රිස් වැන්ග්’ කියන පිරිමි ළමයගේ ජීවිතයේ මොහොතවල් කීපයක් ගැන හදපු අපුරු විදියේ චිත්රපටයක්. ක්රිස් කියන්නේ හැසිරීමෙන් දඟයෙක්. ෆේස්බුක්, යුටියුබි එකේ යාලුවෝ එක්ක චැටි කරන, වීඩියෝ බලන්න වැඩිපුරා කාලය ගත කරන, නහයට අහන්නේ නැති තමන්ගේ අක්කා එක්ක පවා සෑහෙන වලි දාගන්න දඟයෙක්. ක්රිස් අම්මාට එතරමිම කැමති නෑ.
‘හොඳම යාලුවා අම්මා මිසක් වෙන කවුද?’ – Didi Sinhala review
අම්මා එක්ක ලොකු සමිබන්ධයක් නෑ. ක්රිස්ගේ අම්මා කවදාවත් එයාගේ මෙි දඟවැඩවලට පාරක්වත් ගහලා තියා බැනලාවත් නෑ. හැබැයි ක්රිස්ට අම්මා එක්ක ලොකු සමිබන්ධයක් නෑ. ක්රිස්ගේ අම්මා චිත්ර ශිල්පිනියක්. සංයමයක් තියෙන අමිමා කෙනෙක්. ඒත් අඩුම තරමින් ක්රිස්ට අම්මාගේ හැකියාවන් අගයන්න තරමිවත් උවමනාවක් ඇත්තෙත් නෑ. ක්රිස්ට යාලුවෝ ටිකක් ඉන්නවා. හැබැයි ක්රිස් ඉන්න විදියත් එක්ක එයාගේ විදියත් එක්ක සෙටි වෙන යාලුවෙක්වත් ක්රිස්ට නෑ. ක්රිස්ගේ හැසිරිමත් එක්ක යාලුවෝ ක්රිස්ව කොන් කරනවා. ක්රිස්ට යාලුවෝ එපා වෙනවා. එයා මානසිකව වැටෙනවා. එයාට මෙි ලෝකේ කවුරුත් නෑ කියන බරපතළ විදියේ තනිකමෙි සිතුවිලි එන්න පටන් ගන්නවා. අන්තිමට ක්රිස් මෙි හැමදේටම චෝදනා කරන්නේ අම්මට. හැබැයි අමිමා කලබබල වෙන්නේ නෑ. ක්රිස් කොචිචර බැන්නත් අම්මා තරහා ගන්නෙත් නෑ. එයා නිහඬව ක්රිස්ට සවන් දෙනවා.
අන්තිමට ක්රිස්ට සෑහෙන අවුග් ගිහින් අම්මා ගාවට ආවාම එයා කරන්නේ ක්රිස්ව බදාගන්න එක. ක්රිස්ට ජීවිතය ගැන පැහැදිලි කරලා දෙන එක. ක්රිස් තේරුම් ගන්නවා එයාට මොන යාලුවෝ නැති වුනත් තමන්ගේ හොඳම යාලුවා අම්මා තමයි කියලා. ඒක තමයි ඇත්ත. තමන්ගේ හොඳම යාලුවා වෙන්නේ වෙන කවුරුත් නෙමෙයි අම්මා. අනික පිරිමි ළමයි වැඩිපුරම ආදරය කරන්නේ අම්මට. හැමදේම කියන්නේ අමිමට. කරදරයකදි කදුළු වැටුනම ළගින් ඉන්නේත් අම්මා. සෑහෙන කලකිරෙන, පරාජයන් හදවතට දැනෙන, අසාර්ථක හෝරාවන් උදාවෙන මොහොතකදි ඉන්නේ අමිමා. ‘Didi’ කියන්නේ හැමෝම බලන්න ඔින චිත්රපටයක්. ‘ක්රිස්’ වගේ දඟකාර ළමයෙක්ගේ තත්ත්වයන් තේරුම් ගන්න, කියවන්න පුලුවන් චිත්රපටයක්.
-මලින්ත විතානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search