Skip links
‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala review

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato

 වර්තමානයේ පවතින තාක්ෂණික ධනවාදය (Technocapitalism) විසින් ලෝක ජනගහනය වෙත ඇති කර ඇති බලපෑම දරුණු විධියේ ප්‍රතිවිපාක ගෙන දෙමින් තිබෙි. වර්තමානයේ සුහුරු ජංගම දුරකථනයේ (Smart Phone) සිට ටෙස්ලා මෝටර් රථය දක්වා මිනිස් ජීවිතවල සාරය සමිපූර්ණයෙන්ම පාහේ ගිල ගනිමින් සිටිනවා. සරල ජීවිතයක් ගෙන ගිය මිනිසාට සුහුරු ජංගම දුරකථනය අතට පත්වීම විසින් අවශ්‍යතා මොහොතින් මොහොත ඉහළ දමමින් තියෙන්නේ නොසිතූ විරූ විදියට. ජංගම දුරකථනය මානවයාගේ අස්ථියක් බවට පත්ව ඇත. ජංගම දුරකථනය නොමැතිව ජීවිතයක් පවත්වා ගත නොහැකි තරමට අපගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කර ඇත.

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala reviewවර්තමානයේ විරැකියාවට තාවකාලික විසඳුමි පවා දෙන්නේ ජංගම දුරකථනයයි. බොලිවුඩයේ නිළියක සේම අධ්‍යක්ෂිකාවක වන නන්දිතා දාස් විසින් 2023 වසරේදී අධ්‍යක්ෂණය කළ ‘Zwigato'(ස්විගාටෝ) චිත්‍රපටය හරහා ප්‍රකාශිත වන්නේ තාක්ෂණික ධනවාදය හරහා උප්පත්තිය ලද ‘Zwigato’ නමි ඩිලිවරි ඇප් එකක් භාවිතයෙන් ආහාර බෙදා හරින මෝටර් සයිකල් රියදුරකුගේ(Food Delivery Driver) ජීවිතයක පැතිකඩකි. මෝටර් සයිකලයෙන් පාරිභෝගිකයන් ඇණවුමි කරන ආහාර බෙදා හැරීම ජීවිතය කරගත් ‘මානස්’ නමැති මැදි වියේ පුද්ගලයා විවාහකයෙකි. වගකීමි සහිත අයෙකි. ආර්ථික අපහසුතාවයෙන් බැට කන්නෙකි. බිරිඳ, මහළු වී එකතැන් වූ මව, තම දරුවන් දෙදෙනා පෝෂණය කිරීම මනස්ගේ වගකීමයි. ඔහු ඒ වෙනුවෙන් ගෙවන මිල තම වෘත්තියයි. පාරිභෝගිකයාගේ අවලාද, බැණුමි ඉදිරියේ ආත්ම ගෞරවය දිය වෙන, සොච්චම් මුදලක් උපයා ගැනීම මනස්ගේ ජීවිතයේ අරමුණයි.

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala review

මානස්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔහුට වටිනාකමක් ලැබෙන්නේ නැත. ඔහුගේ ශ්‍රමය සුරාකෑමට ලක්වනවා පමණක් නොව ඔහුගේ අයිතිය වෙනුවෙන් කිසිවෙකු ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඔහුගේ වෘත්තිය වෙනුවෙන් මිලියන ගණනින් රැකියා විරහිතයන් එළියේ බලා සිටී. විරැකියාවෙන් මිලියන ගණනින් තරුණයන් පෙළෙති. ඉන්දියාවෙි තත්ත්වය නමි සෑහෙන දරුණු ය. ජනගහනයට සාපේක්ෂව මිලියන ගණනක ජනතාව විරැකියාවෙන් බැට කති. මානස්ගේ රස්සාව අහිමි වෙයි.ඔහුගේ අයිතිවාසිකම්වලට හඬක් නැත. Zwigato ආයතනයෙන් මානස් එළියට විසි කර දමන්නේ කිසිදු සදාචාරාත්මකභාවයකින් තොරව ය. සේවක අයිතීන් නැත. රැකියාවෙි සුරක්ෂිතභාවයක් ද නැත. මා මෙි යුගය තාක්ෂණික ධනවාදය අත්පත් කරගත් කුරිරුසමිපන්න එකක් යැයි කියන්නේ එහෙයිනි.

‘මානස්ගේ’ බිරිඳ ‘ප්‍රතිමා’ ද නගරයේ සාප්පු සංකීර්ණයක කමිකරුවකු ලෙස වැඩට යන්නේ පවුලේ ආර්ථිකයට සමිමාදමි වනු පිණිස ය. ගෘහණියක් ලෙස ද කමිකරුවකු ලෙස ද ජීවිතයේ සමබරතාව රඳවා ගැනීමට ඇය නිරත වන අරගලය වර්තමානයේ

‘නන්දිතා දාස්ගේ සිනමාව සහ තාක්ෂණික ධනවාදය ඉදිරියේ ඇද වැටෙන දිළිඳු ජීවිත’ – Zwigato Sinhala review

කාන්තා ප්‍රජාව මුහුණ දෙන තත්ත්වය පිළිබඳ ප්‍රකාශිත වෙයි. ආර්ථික දුෂ්කරතා විසින් විවාහ ජීවිතය මත යොදන දැඩි පීඩනය ඛෙිදනීය වෙි. ලිංගික ජීවිතය මඟ හැරෙයි. මුහුණේ අව්‍යාජ සිනහවක් නැත. මුහුණු පුරා ප්‍රශ්නවලින් බෙිරෙයි.

මානස්ගේ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට ප්‍රහසන රංගන ශිල්පියෙකු වන කපිල් ශර්මා විසිනි. ඔහු චිත්‍රපටයේ ‘මානස්’ චරිතය වෙනුවෙන් සිදු කරන සංයමයෙන් යුතු රඟපෑම අව්‍යාජ වූ සිත්ගන්නා එකක් බවට පත් වෙයි. ‘Zwigato’ චිත්‍රපටය මුළු ඉන්දියාවෙි වෙසෙන විරැකියාවෙන් පෙළෙන ප්‍රජාවගේ යථාර්ථවාදී වු නිරූපණයකි. එය ලංකාවෙි සමාජයටත් අතිශය සමීප වෙි. ජීවිතය සමඟ පොරබඳන අස්ථායී ජීවනෝපායයන්ට මුහුණ දෙන අසංඛ්‍යාත ඉන්දියානුවන්ගේ කලකිරීම සහ බලාපොරොත්තු සුන්වීම පිළිබිඹු කරන ගැඹුරු වූ කාලෝචිත ප්‍රකාශනයක් ලෙස ‘Zwigato’ යනු වසරේ නැරඹු කදිම චිත්‍රපටයකි.

 

-මලින්ත විතානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search