Skip links
ජෝජෝ මෝයිස් මිලියන ගණනින් පිටපත් අලෙවිවන ලේඛිකාවක්. ඇයගේ කෘති සිංහල බසටද පරිවර්තනය වී ඇති නිසා ඇය සිංහල පාඨකයා අතරෙහිද ජනප්‍රියයි. ඇගේ Me before you නම් කෘතිය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ කෘතියක්. මේ ඇය ලිවීම ගැන දැක්වූ අදහස් කිහිපයක්. මේ සටහන් පෙළ තුල විවිධ ලේඛකයන් තමන්ගේ ලිවීම ගැන දැක්ළුූ අදහස් ඉදිරිපත් කරනවා. ඔබ ඒ අය අනුගමනය කළ යුතු නැහැ. ඔබට අවශ්‍ය දේ අරගෙන ඔබේම වූ ක්‍රමයක් සොයාගන්න. ඔබේ අනන්‍යතාවය රැකෙන්නේ එවිටයි. මේ සියල්ල ලිවීම ගැන ඔබට අවබෝධ කරගැනීම සඳහා පමණකි. ලියන්න හොඳම වෙලාව විදියට මම දකින්නෙ උදේ 6, දවසේ කුණු කන්දල් - ෆිෂ් ෆින්ගර්ස්, පාසල් නිළ ඇඳුම්, බල්ලො සහ බිල්පත් - වලට කලින් මගේ ඔළුව පිරෙන්න කලින් අවස්ථාව තියෙනවා. සාමාන්‍යෙයන් මට උදේ හතට කලින් වචන 500 ලියන්න පුළුවන්. ඒත් ඒක අමාරුයි. ඒ වගේම අන්තර්ජාලය, සමාජ මාධ්‍ය කියන්නේ දැඩි ලෙස කාලය කා දමන දේවල්.

දවසට වචන 500ක්වත් ලියන්න උත්සාහ කරන්න. සමහරවිට ඔබ එයින් 499ක්ම පහුවෙනිදාට ඉවත් කරයි.- ජෝජෝ මෝයිස්

ජෝජෝ මෝයිස් මිලියන ගණනින් පිටපත් අලෙවිවන ලේඛිකාවක්. ඇයගේ කෘති සිංහල බසටද පරිවර්තනය වී ඇති නිසා ඇය සිංහල පාඨකයා අතරෙහිද ජනප්‍රියයි. ඇගේ Me before you නම් කෘතිය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ කෘතියක්. මේ ඇය ලිවීම ගැන දැක්වූ අදහස් කිහිපයක්. මේ සටහන් පෙළ තුල විවිධ ලේඛකයන් තමන්ගේ ලිවීම ගැන දැක්ළුූ අදහස් ඉදිරිපත් කරනවා. ඔබ ඒ අය අනුගමනය කළ යුතු නැහැ. ඔබට අවශ්‍ය දේ අරගෙන ඔබේම වූ ක්‍රමයක් සොයාගන්න. ඔබේ අනන්‍යතාවය රැකෙන්නේ එවිටයි. මේ සියල්ල ලිවීම ගැන ඔබට අවබෝධ කරගැනීම සඳහා පමණකි.

ලියන්න හොඳම වෙලාව විදියට මම දකින්නෙ උදේ 6, දවසේ කුණු කන්දල් – ෆිෂ් ෆින්ගර්ස්, පාසල් නිළ ඇඳුම්, බල්ලො සහ බිල්පත් – වලට කලින් මගේ ඔළුව පිරෙන්න කලින් අවස්ථාව තියෙනවා. සාමාන්‍යෙයන් මට උදේ හතට කලින් වචන 500 ලියන්න පුළුවන්. ඒත් ඒක අමාරුයි. ඒ වගේම අන්තර්ජාලය, සමාජ මාධ්‍ය කියන්නේ දැඩි ලෙස කාලය කා දමන දේවල්.

ඔයාගෙ ඔළුව ඉස්සරහා තියෙන පොත ලියන්න. මාකට් එකට ලියන්න උත්සාහ කරන එකේ තේරුමක් නැහැ. ඒක කවදාවත් ඇත්ත එකක් වගේ දැනෙන්නෙ නැහැ.

ප්‍රතික්ෂේප වීම මේ ක්‍රියාවලියෙ කොටසක්. ඒ නිසා ඒකට ඔයාව පොඩි කරලා දාන්න ඉඩදෙන්න එපා. මගේ පළවෙනි නවකතා තුන ම ප්‍රකාශයට පත් වුණේ නැහැ. ඒත් හතරවෙනි එක ‘ෂෙල්ටරිං රේන්‘ භාෂා 11 කට පරිවර්තනය වුණා.
මම හැම ජාතියකම තැන්වල ඉඳලා ලියනවා. ඒක මාධ්‍යෙව්දියෙක් විදියට ගෙවපු කාලෙන් මට ලැබුණ උරුමයක්. ඒත් මම ඉන්න නගරෙ කුලියට ගත්තු කුඩා කාර්යාල කාමරයක් මට තියෙනවා. ඒක තමයි මගේ සුදුසුම ස්ථානය.
නවකතාකරුවන් කාණ්ඩ දෙකකට වැටෙන බවක් පේනවා. නවකතාව සැලසුම් කරන අය සහ නවකතාව තමාව ගෙනියන්නේ කොහෙටද කියලා බලන අය. මම ගොඩක් විට පළවෙනි කාණ්ඩයේ කෙනෙක්.

ප්‍රධාන හැඟීම්බර අවස්ථාවෙදි මට ඇඬු‍ණෙ නැත්නම් ඒක අසමත් බවයි මගේ සහජ හැඟීම.

ලේඛකයො බොහොම සාධාරණ ලෙස පැහැදිලිව තමන්ට ඇහෙන දේ ලියන අය සහ වඩාත් දෘශ්‍යාත්මකව ලියන අය විදියට කොටස් දෙකකට බෙදෙනවා. මම දෙවෙනි ඛාණ්ඩයට අයිති වෙන්නේ, මම මගේ කාර්යාල කාමරයේ වැතිරිලා සිද්ධි දාමය මගේ ඔළුවේ සිනමා පටයක් වගේ ධාවනය කරනවා විවිධ අංග සමඟින් කිහිපවරක්, මොකක්ද හරියට වැඩ කරන්නේ කියලා බලන්න. මම හරියටම දකිනකම් මට ඒ සිද්ධිය ලියන්න බැහැ.

-රශ්මික මණ්ඩාවල-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search