‘තරුවකට හැමදාම පවතින්න බැහැ’ – The Substance
‘ලිසී ස්පාකල්’ කියන්නේ ටෙලිවිෂන් එකේ අතිශය ජනප්රිය තරුවක්. ලිසී නගරයේ එපාර්තමේන්තුවක වාසය කරන්නේ තනියම. ලිසීට කියලා කාත් කවුරුත් නෑ. අර විදියට ඉන්න, මෙි විදියට ඉන්න කියලා ඇඟිල්ල දික් කරලා බල කරන කාත් කවුරුත් ලිසීට කියලා නෑ. පිරිමින්ව වසඟයට ගන්න පුලුවන් ලස්සන හැඩ ඇඟක් තියෙන ලිසීට තියෙන ප්රේක්ෂක ආකර්ෂණයයි, ඉල්ලුමයි ටිකෙක් ටික අඩුවෙනවා. ලිසී පෙනී ඉන්න ටෙලිවිෂන් එකේ බොස් එයාට කියනවා ඔයා වෙනුවට අපි කෙනෙක්ව ගන්න තීරණය කරලා කියලා. ලිසීට මෙික අහලා අවුල් යනවා සෑහෙන්න.
ලිසීට දැන් අවුරුදු පනහක් විතර වයසයි. එයාගේ වයසත් එක්ක එයාගේ තරු ගුණය ටිකෙන් ටික නිමෙමින් තියෙන්නේ. තරුවකට හැමදාමත් පවතින්න බැහැ. අලුත් තරු බිහිවෙනවා. පරණ තරු නිමිලා දීප්තිය අඩු වෙනවා. ලිසී තමන්ගේ තරු ගුණය දියවෙන එක ගැන හිතලම එක මොහොතකදි එයා ඇක්සිඩන්ට් පවා වෙනවා. අහමිබයෙන් දවසක එයාට නන්නාදුන කෙනෙක්ගෙන් අපුරු පණිවිඩයක් ලැබෙනවා. මෙි පණිවිඩයේ තියෙන්නේ තමන් වගේම අනෙකෙකු නිෂ්පාදනය කරන විදිය ගැන. ඒ කියන්නේ ක්ලෝනකරණය වෙච්ච තමන් වගේම කෙනෙක් නිෂ්පාදනය වෙන අපුරු විද්යාත්මක ක්රමයක් ගැන. ලිසීට වෙන විකල්පයක් නැ. මෙික හරිද වැරදිද කියලා කාගෙන්වත් අහන්න එයාට කවුරුත් නෑ. දෙපාරක් හිතන්නේ නැතිව එයා අවස්ථාව ගන්නවා. මෙි දේ එයා අත්හදා බලනවා. මෙි නිසා ලිසී ස්පාකල් ලොකු අර්බුදයකට යනවා.
‘The Substance’ චිත්රපටයේ කුඩා සාරාංශයක් තමයි මෙි. 2024 ලොව සුප්රකට කාන්ස් සමිමාන උළෙලේදී හොඳම තිර පිටපත හිමි සමිමානය හිමි වුණේ ”The Substance’ චිත්රපටයට. චිත්රපටය ඇත්තටම සෑහෙන දේවල් කතා කරන විදියේ හොඳ ෆිල්ම් එකක්. විශේෂයෙන් යථාර්ථය සහ ෆැන්ටසිය කියන දෙක අදුන ගන්න බැරි තරමටම ජනප්රිය කලාව(popular art) විසින් මනස අත්පත් කරගෙන තියෙන විදිය ගැන සෑහෙන පෙන්වන චිත්රපටයක්. විකෘති වෙචිච සමාජයක මිනිස් සබඳතාවල තියෙන අවුල්සහගත තත්ත්වය ගැන සෑහෙන කතා කරන චිත්රපටයක්. අනෙක් අතට ශරීරය(body) ගැන සහ අනිත්ය සමිබන්ධ කියවීමකට අපිව බල කරන චිත්රපටයක්. තවදුරටත් නූතනයේ සත්ය(truth) කියලා දෙයක් නෑ. මුල් පිටපත (original Copy) මොකක්ද? අනුපිටපත(replica) මොකක්ද කියන එක හොයාගන්න බැරි තරමට යථාර්ථය අතර ෆැන්ටසිය අතර රේඛාව බොඳ වෙලා ගිහින්. ලිසී ස්පාකල්ටත් වෙන්නේ මෙි අර්බුදයේ කොටස්කාරයෙක් වෙන එක.
වර්තමාන ලෝකය තුළ යථාර්ථය මියගිහින්(End of realityl. ඒ වෙනුවට පවතින්නේ යථාර්ථය වගේ නිරූපණය වන සත්ය නොවන යථාර්ථයක්. වර්තමානය වෙනකොට යථාර්ථයේම පිළිබිඹුව අතුරුහන් වෙලා. මෙි තත්ත්වයට ටෙලිවිෂන් එක, චිත්රපටය, අන්තර්ජාලය වගේ නවීන සන්නිවේදන ක්රමවල අනවරත බලපෑමිවල ප්රතිවිපාකත් වගකියන්න ඔින. උදාහරණයක් විදියට ටෙලිවිෂන් එකේ තප්පරයෙන් තප්පරයට මාරු වෙන වෙළඳ දැන්වීමි(Advertisements) යථාර්ථය ස්වරූපය සමිපූර්ණයෙන්ම දිය කරලා දාන බලවෙිගයක් වෙලා.
තවත් උදාහරණයක් ගත්තොත් නත්තල් කාලෙට ස්වභාවික කෑලැවෙි වැවුණ නත්තල් ගහකට වඩා ප්ලාස්ටික් නත්තල් ගහ පාරිභෝගිකන් වෙිගයෙන් වැළඳගන්නවා. ඒ කියන්නේ ප්ලාස්ටික් නත්තල් ගහට මුල් පිටපතක් නැහැ. ප්ලාස්ටික් නත්තල් ගහ කියන්නේ යථාර්ථය අතික්රමණය කරන අධියථාර්ථය ස්පර්ශ කරන අනුකෘතියක් විතරයි. ඩිස්න්ලන්ත වගේ තේමා උද්යාන(theam parks) යථාර්ථය කියන සෑහෙන විදියට හංගන අධියථාර්ථවාදී අවකාශ.ඒ කියන්නේ සත්ය හා ප්රබන්ධ කියලා තවදුරටත් සීමාවක් නෑ. ඒ දෙක අදුන ගන්න බැරි තරමට චිත්රපටයේ පෙන්වන ලිසී ස්පාකල්ට වුණා වගේ සෑහෙන විකෘති වෙලා.
චිත්රපටය පුරාවටම සංස්කරණය සහ කැමරාකරණය කියන අංශ දෙක තමයි චිත්රපටය 80%ක්ම වගේ සාර්ථක වෙන්න හේතු වෙන්නේ. අති සමීප රූප පෙළක සමෝධාන සංස්කරණ රීතියකින් චිත්රපටය ගෙන එන සිනමාත්මක බව චිත්රපටය වඩාත් සාර්ථක කරනවා. චිත්රපටයකට ඇති බලය සමිබන්ධයෙන් කතා කරන්න ගියොත් චිත්රපටයකට කරන්න පුලුවන් එක දෙයක් තමයි ප්රේක්ෂකයාගේ හැඟීමි අවුස්සලා ආතතිය වැඩි කරලා ජීවිතය ගැන වෙනස්ම මානයක් දකින්න සලස්වන එක. ‘The Substance’ ඒක වැඩයෙනුත් කරනවා. මම හිතන්නේ ‘The Substance’ කියන්නේ මෙි අවුරුද්දේ බලපු හොඳම චිත්රපටවලින් එකක්.
-මලින්තන්ත විතානගේ-