Cart 0
තමන්ට ආදරය කරන එක හුඟක් ලස්සන දෙයක්
තමන්ට ආදරය කරනවා කියන්නේ ඔයාගේ ණය ටික පිළිවෙලකට ලියලා, බලෙන්ම මෝනින් රූටින් එකක් පටන් ගන්න එකට. ඔයාට කන්න පෝෂ්‍යදායි ආහාර වේලක් උයා ගන්න එකට. තව දුරටත් ඔයාගේ ප්‍රශ්න වලින් පළා නොගිහින්, තාවකාලිකව හිත සනසන දේවල් විසඳුම් විදියට ගන්නේ නැතිව ඉන්න එකට.
හුඟක් වෙලේට තමන්ටම ආදරය කරනවා කියන්නේ, මහන්සි වෙලා තවත් වර්කවුට් එකක් කරනවා වගේ, නැතිනම් තව දුරටත් එයාලාව අසුරු කරන්න ඕනි නැති බව ටොක්සික් යාළුවන්ට කියනවා වගේ, ඔයාට සේවින්ග්ස් අකවුන්ට් එකක් පටන් ගන්න ඕනි නිසා අමතර ජොබ් එකක් කරනවා වගේ, ඔයා කළ යුතු අප්‍රසන්නම දේ කරන එකට.
හැමදේම කරන්න ගිහින් විඩාවට පත් වෙලා, බාත් ටබ් එකට තෙල් ටිකක් දාන්න, නැතිනම් මේරී ක්ලෙයා මැගසින් එකක් කියවන්න, දවසකට ෆෝන් එක ඕෆ් කරන්න…ඒ වගේ මූලික දේවල් කරන්න හිතාමතාම බ්රේක් එකක් ගන්න තැනට පත් නොවෙන්න, ඔයා ඔයා හැටියට පිළිගන්නවා වගේ, ඔයා කළ යුතු අප්‍රසන්නම දේ කරන එකට.
තමන්ට ආදරේ කරන එක ඒ තරම් ට්‍රෙන්ඩි මාතෘකාවක් වෙන ලෝකයක් කියන්නේ රෝගී ලෝකයක්. තමන්ට ආදරය කිරීම, අපි හොදටම විඩාවට පත්වෙලා ඉන්න වෙලේ, අපේ නොනිමි අභ්‍යන්තර පීඩනයෙන් අපිට තාවකාලික සහනයක් ලබන්න අපි ගන්න උපායක් නොවිය යුතුයි.
ඇත්තටම තමන්ට ආදරේ කරනවා කියන්නේ සෝල්ට් බාත්ස්, චොක්ලට් කේක් වලට නෙමෙයි. ඒ, ඔයාට හැමවෙලේම පැනලා යන්න ඕනි නැතිවෙන ජීවිතයක් ගොඩ නඟා ගන්න නිවැරදි තීරණ ගන්න එකට.
එතැනදි, ඔයාට සිද්ද වෙනවා ඔයාට පේන්න බැරි දේ කරන්න.
ඒකෙන් කියවෙන්නේ ඔයාගේ අසමත්වීම්, කළකිරීම් දිහා කෙලින්ම බලලා ඒවා වෙනුවෙන් අළුත් උපාය මාර්ග ගැනීම. ඔයාගේ හදිසි ආශාවන් සන්තර්පණය නොකර ඒවා අතැර දැමීම.
තමන්ටම ආදරේ කරනවා කියන්නේ ඔයාට සාමාන්‍ය වෙන්න, අවිශේෂ වෙන්න ඉඩ අරින එකට. පෙළක් වෙලේට හැඩි උන මුළුතැන් ගෙයක් තියාගන්න එකට. ඔයාගේ ජීවිතේ අල්ටිමෙට් ගෝල් එක, ඇබ්ස් හදාගන්න එකවත්, ෆේක් යාළුවෝ එක්ක හරි හරියට දුවන එකවත් නෙමෙයි කියලා තීරණය කරන එකට. ඔයාගේ සැඟවුන කුසලතා දියුණු කර නොගැනීම, දෙයක් වෙන්නත් කලින් හිතන්න ඔයා පුහුණු කරලා තිබීම… ඒ දේවල් ඔයාගේ සාංකාවට කොයිතතරම් බලපානවද කියලා තීරණය කරන එක.
ඔයාට සිද්ද වෙනවා නම් නිතරම පරිභෝගිකව ඔයාට ආදරේ කරන්න, ඒ ඔයා ඇත්තටම ඔයාට ආදරේ කරන එකෙන් වෙන් වෙලා ඉන්න නිසා. ඇත්තටම ඔයාට ආදරේ කරන එකට “ඔයාට නොයෙක් දේවල් දීම” අදාළ වෙන්නේ ඉතාම සුළු වශයෙන්. ඒකට ලොකුවටම අදාළ වෙන්නෙ ඔයාව හොඳින් රැකබලා ගැනීමයි, ඔයාගේ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් තෝරාගැනීම් කිරීමයි.
ඒකෙන් කියන්නේ තව දුරටත් බීමෙන්, වැඩ කල්දැමීමෙන් ඔයාටම හානි කරගන්න එක සාදාරණීයකරනය කරගන්න ඔයාගේ වෙහෙසකාරී, අසාදාරන ජීවිතය පාවිච්චි නොකිරීම. ඔයාව “ෆික්ස්” කරන්න හදන එක නවත්තලා ඔයාව බලාගන්න පටන් ගැනීම…එහෙම ආදරෙන් බලා ගන්න එක, ඔයා “ෆික්ස්” කරන්න දඟලපු හුඟක් ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා දැකීම.
තමන්ට ආදරය කරනවා කියන්නේ ඔයාගේ ජීවිතේ ගොදුර නොවී, වීරයා වෙන එකට. ඔයාගේ එදිනෙදා ජිවීතේ තියෙන දේවලට තෙරපි ගන්න ඕනි නැති වෙන තැනට ඔයාට තියෙන දේවල් රීවයර් කරන එකට. තව දුරටත්, “හොඳට දැනෙන” ජීවිතයක් වෙනුවට “හොඳට පෙනෙන” ජීවිතයක් තෝරා නොගන්න එකට. ලෝකේ හැමෝම ඔයාට කැමති නොවුනත්, අවංක වෙන එකට. ඒකෙන් කියන්නේ ඔයා සාංකාවෙන් නොපෙළෙන්න, අනික් මිනිස්සු මත යැපෙන්නේ නැති වෙන්න, ඔයාගේ අවශ්‍යතාවයන් සපුරා ගන්න එකට.
ඒක, ඔයාට වෙන්න ඕනි, ඔයා විය යුතුයි කියලා ඔයා දන්න පුද්ගලයා බවට පත්වීම. සෝල්ට් බාත්ස්, චොක්ලට් කේක්ස් කියන්නේ ජීවිතේ විඳින්න තියෙන දේවල් මිසක් එයින් පැනලා යන්න තියෙන දේවල් නෙමෙයි කියලා දන්න පුද්ගලයෙක් බවට පත්වීම. “
– Brianna Wiest
| පරිවර්තනය – මහේෂි බී විරක්කොඩි