Cart 0
කෙල්ලෙක්ගේ කඳුළු කියන්නේ අනිත් අයට අයිස් කැට – Fitting in
අවුරුදු 16ක වයස ලින්ඩ් කියන්නේ මානසික වශයෙන් සෑහෙන කඩාවැටීමකට ලක්වෙලා ඉන්න කෙල්ලෙක්. ඒකට හේතුව තමයි ලින්ඩ්ට තියෙන්නේ MRKH syndrome එක. ඒ කියන්නේ ලින්ඩ් දැනගන්නවා තමන්ට අනාගතයේ දරුවෝ හදන්න අවස්ථාවක් නැති විත්තිය. ඒ කියන්නේ මෙි සින්ඩ්රෝමි තත්ත්වයට අනුව ලින්ඩිට ගර්භාෂයක් නෑ කියලා ඩොක්ටර්ස්ලා කියනවා. අඩුම තරමින් ලින්ඩ්ට සෙක්ස් කරන්නවත් බෑ. ඒ තරමට මෙි සින්ඩ්රෝම් එක ලින්ඩ්ට දරුණු විදියට උරුම වෙලා තියෙනවා. මෙික තමා මෙි සින්ඩ්රෝම් එකේ හැඩය. ලින්ඩ්ට මෙි තත්ත්වය තේරුම් ගන්න පුලුවන් පිරිමි ළමයෙක් තියා යාළුවෙක්වත් නෑ. ලින්ඩිට මෙික අනිත් අයට කියන්නත් බෑ.
එයා හැමදාමත් ඉන්නේ ඇඬු කඳුළින්. ලිංගික ආශාවෙි සංක්රාන්තික මොහොතක ඉන්න ලින්ඩ් වගේ කෙල්ලෙක්ට මෙි වගේ දරැණු තත්ත්වයකට මුහුණ දෙන එක සෑහෙන අවුල් තත්ත්වයක්. ‘Fitting In’ චිත්රපටයේ කතා
කරන්නේ මෙන්න මේ සින්ඩ්රෝම් එක නිසා ලින්ඩි වගේ කෙල්ලන්ට සිද්ධ වෙන අකරතැබ්බයන් ගණනාවක් ගැන. චිත්රපටය සෑහෙන සංවෙිදි. ලින්ඩිගේ ජීවිතය සමිපූර්ණයෙන්ම කණපිට හරවන මෙි සින්ඩ්රෝම් එකට චැලේන්ජ් කරන්නේ කොහොමද? කියන චිත්රපටය පුරාවටම දකින්න පුලුවන්.
චිත්රපටය පටන් ගන්නේ ලෝක ප්රකට ස්ත්රීවාදය ගැන සුප්රකට දාර්ශනිකයෙන් වන ‘සිමොන් දි බෝවා’ කියන උපුටා ගැනීමකුත් එක්ක. සිමොන් දි බොවා කියනවා. මනුෂ්ය ශරීරය කියන්නේ නිකමිම නිකං දෙයක් නෙමෙයි. ඒක පවතින තත්ත්වය කියලා. ශරීරය කියන්නේ පවතින තත්ත්වය අනුව හැඩ ගැහෙන සහ හැඩ ගැහෙමින් පවතින දෙයක්. ව්යායාම, ආහාර පාන, ලෙඩ රෝග මෙන්න මේ දේවල් නිසා ශරීරය සෑහෙන වෙිගයෙන් වෙනස් වෙනවා. සමහර අය ශරීරය වෙනස් කරගන්නවා. ඒක සංස්කෘතිකයි.
ජීවිතය කියන්නේ අඩි රූලක් තියලා ගහපු සරල රේඛාවක යන ගමනක් නෙමෙයි. සරල රේඛාවක් කියලා හිතන් හිටියට කඳු, පල්ලමි, දුර්ග, ප්රපාත හරහා යන අවිනිශ්චිත ගමනක්. මෙි අවිනිශ්චිත ගමන කොචිචර දුෂ්කර වුණත් පාර අයිනේ කටු පඳුරු අස්සේ පුංචි ලස්සන මල් පිපිලා තියෙනවා. ලින්ඩිට මෙි යන යන ගමන ඇතුළේ ඒ වගේ පුංචි බලාපොරොත්තු තියෙනවා. දුක පරයා යන සතුටක් උපදින මොහොතක් එනවා. ‘Fitting In’ කියන්නේ හැමෝම බලන්න ඔින චිත්රපටයක්. විශේෂයෙන් යං ජෙනරේෂන් එකේ කොල්ලා කෙල්ලො මෙි චිත්රපටය ටිකක් සීරියස් විදියට බලනවා නමි සතුටුයි.
-මලින්ත විතානගේ-