කාර්මික විප්ලවයෙන් පසු අපරදිග කලාව
මෙතනින් පටන්ගන්න හේතුව Western Art ගැන කතාකරනකොට ඒකත් එක්ක කතාකරන්න වෙන Romanticism, Realism සහ ඉන්පස්සෙ ආපු Impressionism වගේ Art Movements ගැන කතානොකර බැරි හින්දා, ඒකට ගත්තු ප්‍රවේශය තමයි කාර්මික විප්ලවය….
මින් ඉදිරියට එන ලිපිවල මේ Movements කීපය අඩංගුවෙන හින්දා මුල ඉඳන් හදාරණ කෙනෙක්ට මොනවහරි අයිඩියා එකක් මේකෙන් එයි කියලා හිතනවා පොදුවෙ “Art Movement” එකක් කියන්නෙ මොකක්ද කියලා… මේ වර්ගෙ ලිපි හැමෝම කියවයි කියලා බලාපොරොත්තුවෙන්නෙ නෑ මොකද විශයානුබද්ධ දේවල් නිසා ඒත් දැනුමට අනාගතේට හරි වැදගත් කියලා හිතුණොත් මේ ඇල්බම් එකේම ලිපි ටික තියෙනවා..
————————–
18-19 වගේ සියවස්වල ආරම්භවුණු කාර්මික විප්ලවය බටහිර රටවල වන යුරෝපයේ සහ ඇමරිකාව කේන්ද්‍රකරගෙන සමාජ හැඩගැස්වීම්වල විශාලම කාර්යකොටස කරනවා… කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර වලින් සන්නද්ධ වීමත් එක්ක නගර ඉදිකිරීම් සහ පුලුල්වීම ආරම්භවෙනවා, නව නිපැයුම් ඉදිවෙනවා, උදාහරණ විදිහට වාශ්ප එන්ජිම සහ දුම්රිය.. කලාව මේ සමාජ පෙරලියත් එක්කම වෙනස්කම් වලට අවශ්‍ය ආභාශයන් ලබනවා….
එවකට හිටපු බොහොමයක් කලාකරුවන්ගෙ කාර්මික විප්ලවයට දක්වපු කලාත්මක ප්රතිචාරයන් වඩාත් සංකීර්ණ වුණා, ඒ නිර්මාණවල කාර්මික විප්ලවයෙ සුබවාදීත්වය සහ ඊට එදිරිව ගොඩනැගුණු ප්‍රතිවිපාකවල ප්‍රකාශණයන් දැක්වුණා..
ඒ අලුත් ප්‍රකාශයන් Romanticism, Realism සහ ඉන් අනතුරුව බිහිවුණු Impressionism වලදි වඩාත් පිළිඹිඹු උනා…
————————–
Romanticism: කාර්මීකරණයට චිත්තවේගීය ප්‍රතිචාරය
රොමැන්ටික්වාදය ආරම්භවෙන්නෙ 19 වෙනි සියවසේ මුල කාර්මීකරණයත් එක්ක සිද්දවුණු විශාල වෙනස්කම්වලට දක්වපු සංවේදී ප්‍රකාශණයන් විදිහට, රොමෑන්ටික් ආටිස්ට්ලා පදනම් වුණේ ස්වභාව සෞන්ද්ර්ය වර්ණනාවට, එහි ගැබ්වෙලා තියෙන සුන්දරත්වයත් ඒත් එක්කම තියෙන ඉතාම අසුන්දර ස්වභාවයන්… කාර්මිකකරණයත් එක්ක වෙනස්කම්වලට ලක්වුණු ස්වභාව සෞන්දර්යෙ වෙනස්කම් නිසාම බහුතරයක් රොමැන්ටික් කලාකරුවන් තමන්ගෙ දිවිපෙවත ගෙවාදමන්න රට තුළට වඩාත් සංක්‍රමණය වෙන්න පටන්ගත්තා, ඔවුන් දුශ්කර ජීවිතය තෝරගැනීමට උත්සුක වුණා…
J.M.W. Turner සහ Caspar David Friedrich යන රොමෑන්ටික් කලාකරුවන් අතින් ඉතා තීව්ර භූමි දර්ශණ චිත්‍ර නිමැවුණා, ඒවායෙ වූයේ කාර්මීකකරණයේදී නතුකරගත් ස්වභාව සෞන්දර්යේ සිද්ධි සමුදායන්… Turner වැස්සත්, වාශ්පයත්, වේගයත් සිතුවම් කරා… (Rain, Steam, and Speed 1844) එහිවුණේ යාබද පාලමක් මතින් දුම් රොටු පිටකරමින් වේගයෙන් ඉදිරියට ඇදෙන ගල් අඟුරු දුම්රියක්.. එයින් කාර්මීකරණයේ බලය සංකේතවත් කරන නමුත් මිනිසා විසින් සාදන ලද විශාල දියුණුව විසින් ස්වභාවධර්මයේ සුන්දරබව අණක් ගුණක් නොමැතිවම පරිභෝජනය කරන අයුරු දැක්වුණා…
————————–
Realism: කාර්මික ජීවිතයේ යථාර්ථය
විඥානවාදය (Idealism) සහ රොමෑන්ටික්වාදයටත්, ඔඩුදුවමින් තිබුණු කාර්මික විප්ලවයේ අමිහිරි ඉසව්වලටත් ප්‍රතිචාර දක්වමින් 19 සියවසේ මැද අවදියේදී තාත්වික වාදයේ ආරම්භය සනිටුහන්වෙනවා…. තාත්විකවාදීන් එවකට තිබුණු ලෝකය, යතාර්ථය එලෙසෙම සිතුවම් කරන්නට වුණා, වැඩකරන පංතිය කාර්මීකරණය තුළ පීඩාවට, දරිද්‍රතාවයට ලක්වීම, ඔවුන්ගේ කටුක ජීවිත වඩාත් කැපීපෙනෙන ලෙස හුවාදැක්වුවා…
Gustave Courbet සහ Honoré Daumier තාත්විකවාදී ව්‍යාපාරයේ කැපීපෙනෙම කලාකරුවන් ද්විත්වය උනා… Courbet ගේ ගල් කඩන්නන් (The Stone Breakers 1849) අතිශය දුශ්කර පරිසර තත්වයන් උඩ ශ්‍රමයේ යෙදෙන අයුරු දැක්වුවා… එයින් කාර්මීකරණ තුළ මානුශීය පිරිවැයන්වල දුක්ඛිත ස්වභාවය සංකේතවත් කෙරුණා… එයින් ගම්බිව්ම් අහිමිවූ කර්මාන්තශාලා සේවකයන්, පතල් කම්කරුවන් සහ ග්‍රාමීය ගොවීන්ගේ දුෂ්කර ස්වභාවයන් අලලා සිතුවම් නිමැවුණා….
————————–
Impressionism: නූතන ලෝකය හඹා යෑම
කාර්මික ලෝකය 19 සියවසේ අගබාගයේදී වඩාත් දියුණුවීමත් සමගම පැරිස් සහ ලන්ඩන් වැනි නගර එවකට විදුලියෙන්, දුම්රිය මාර්ග වලින් සහ වඩාත් ඉහළට නැගී සිටින ගොඩනැගිලිවලින් සමන්විත වුණා, නගරය පුරා විදුලි ආලෝකය දැල්වෙන්නට උනා…
උපස්ථිතිවාදීන් (Impressionists) මේ වෙනස්කම් සියල්ල තුළ හැඩගැහෙන්නට උනා…. ඔවුන් වඩාත් නාගරීකරණය වුණු ජීවිතවල සිට ඇසිල්ලකින් ගමන්කරන ආලෝකයන් ඇතුලු චංචල වස්තූන් සියල්ලක්ම පාහේ සිතුවම් තුළ දැක්වුවා…
Claude Monet සහ Edgar Degas මේ යුගවල පුරෝගාමීන් ලෙස සැලකුණා…
Monet ගේ දුම්රිය ස්ථාන අරඹයා නිමැවුණු සිතුවම් මාලාවක් එලිදැක්වුණා… එයින් උදාහරණ ලෙස The Gare Saint-Lazare (1877) නම් සිතුවම දක්වන්න පුලුවන්.. ඒවායේ වූයේ දුම්රිය වලින් පිටවන වාශ්ප සහ දුම නූතන භූමිදර්ශණයන් තුළ එකකට එකක් අභිබවමින් ඉහලට නැංවී සිටින අයුරුයි..
කාර්මික යුගය කලාත්මක ඇසකින් දැක්වීමට සුදුසුකම් ලද්දක් බව මේවායෙන් සංකේතවත් කෙරුණා…
මීලඟ පුරෝගාමියා වුණු Edgar Degas වඩාත් තමන්ගේ සිතුවම් තුළ නැඹුරුතාවය දැක්වූයේ නූතන ජීවිතය පිලිබඳවයි… ඔහුගේ බොහෝ සිතුවම් වල උනේ බාල් නටන්නන්, රෙදි සෝදන්නන් සහ තැබෑරුම් හෝ කැෆේ තුළ කාලය ගෙවා දමන්නන්…..
————————–
බොහෝ කලාකරුවන් කාර්මික විප්ලවයේ විශ්මිත නිමැවුම්, සමාජ පෙරළිය පිළිගත්තා නමුත් එයින් උපත ලැබූ පාරසරික ගැටලු, ගම්බිම් අහිමිවීම, කම්කරුවන් සූරාකෑම සමග ඔඩුදුවමින් තිබූ ගැටලුකාරී යතාර්තයද සිතුවම් ඔස්සේ ප්‍රකාශය කරා….. තවත් විශාල ප්‍රමාණයක් Art Movements මෙන්ම මානව ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් සනිටුහන් කරන මෙම Movements ත්‍රිත්වය හරහාද ප්‍රධාන ලෙස බිහිවුණු ආභාශයන් වර්ථමාන සිතුවම් කලාව වෙත විශාල ලෙස බලපෑවා….
ධනංජය රණවක