Cart 0
කතා නොකරන මිතුරෙකු දෙන්න මට | ආරියවංශ රණවීර
කතා නොකරන මිතුරෙකු දෙන්න මට
හිමගිරක් සේ නිස්සද්ද
විඩාපත් සිත රැගෙන ගොස්
ළඟින් හිමිහිට ඉඳගන්ට
ඇසෙන් කියවෙන සියලු දුක්
හදේ පතුළෙහි නිවන්නට
කතාවෙන් කුඩා නොකරන
මහා ගැඹුරෙහි
ගිලෙන්නට.
– ආරියවංශ රණවීර