‘ඔස්කාර් යන්නට වරම් ලැබූ ඉන්දියාවේ අතරමං වුනු ගැහැණු’ – Laapataa Ladies
සමිප්රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර විසින් ගැහැණුන්ට පටවන බර කොචිචරද? කියලා මනින්න නමි මිනුමි දඬුත් මදි වෙිවි. විශේෂයෙන් දකුණු ආසියාතික කලාපයේ වෙළාගෙන තියෙන සමිප්රදාය, ආගම සහ ජාතිය ඉදිරිපිට ගැහැණු ප්‍රජාව ඉන්නේ ඇත්තටම බයෙන්. ඒ බය කොචිචරද? කියනවා විශ්වවිද්‍යාලේ ගිහින් උපාධි තුන හතර කරලා විවාහ වෙන්න ගියාම ඒ උගත්කම අර සමිප්රදායන්, සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉස්සරහ දියවෙලා අනෙකාට නතු වීම සිද්ධ වෙනවා. පෞද්ගලිකවම මට නමි ඇත්තටම ඔය දකුණු ආසියාතික පිස්සුසහගත විවාහ චාරිත්‍ර ගැන තියෙන්නේ නමි දැඩි විරෝධයක්. කාන්තාව කියන්නේ විවාහ ඉදිරියේ විකිණෙන වෙළඳ භාණ්ඩයක් නොවෙි කියන අදහස ස්ත්රිවාදී(feminism) ව්‍යාපාරයත් එක්ක ආපු දෙයක්. මෙි ව්‍යාපාරය ඇතුළේ මතු කරපු කාරණාව තමයි කාන්තාව කියන්නේ පුද්ගලයෙක්(subject) පමණයි, ඉන් එහා විශේෂිත වූ දෙයන් නැත, කියන සරල අදහස.
ආගමි, ජාති, කුලය වගේ දේවල් මිනිස්සුම හදාගත්ත දේවල් මිසක එහි වටිනා කිසිදු දෙයක් නෑ. ඔය සියල්ල නිර්මාණය වෙන්න කලින් මිනිස්සු ජීවත් වුනේ තුන් වෙිල බඩගින්න නිවාගන්න දඩයමි කරමින් ගිනි මැලය වටේ කතන්දර කියපු යුගයක. සංජාන විප්ලවය ආවට පස්සේ මානවයාට, ඒ කියන්නේ හෝමෝ සේපියන්ස්ලට වුවමනා වුනා ප්‍රබන්ධ(fictions). බොහෝ සමාජ සමාජ ධූරාවලීන්වලට තාර්කික බවක් හෝ ජීව විද්‍යාත්මක පදනමක් නැත. ඒවා වනාහි මිථ්‍යාවන්ගේ සහාය ලද අහඹු සිදුවීමි ක්‍රියාවට නැඟීමක් විනා අනෙකක් නොවෙිය කියල දාර්ශනිකයෙක් වෙචිච යුවල් නෝවා හරාරි කියනවා. ඒ ගොඩනඟපු මිලියන ගණනාවක මිථ්‍යාමය ප්‍රබන්ධ ඇතුළේ විවාහය කියන්නේ ගොඩනඟන ලද එක්තරා ප්‍රබන්ධයක්. ඒ විවාහය කියන ප්‍රබන්ධය පෘතුවිය රටවල් විදියට කෑලි කෑලිවලට කැඩුනට පස්සේ විවිධ විදියට නිර්මාණය කර ගත්තා.
මේ විවාහය කියන ප්‍රබන්ධය ලෝකයේ ලොකුම ප්රජාතන්ත්රවාදයට හිමිකමි ඉන්දියාවෙි ස්ථානගත වෙලා තියෙන්නේ හරිම සංකීර්ණ විදියට. ඉන්දියාවෙි කාන්තාවෝ විවාහය ඇතුළේ මුහුණ දෙන අර්බුද මොනවද? ඉන්දියානු භූමිය ඇතුළේ වාසය කරන කාන්තාවගේ අනන්‍යතාවය අහිමි වුනේ කාගේ වරදින්ද? කියන එක ගැන නිරූපණය කරන අපුරු බොලිවුඩි චිත්‍රපටයක් තමයි ‘Laapataa Ladies’ කියන්නේ. චිත්‍රපටයේ කතාව බවට පත්වෙන්නේ අලුත විවාහ වුන ‘ජායා’ සහ ‘පූල් කුමාරි’ කියන මනමාලියෝ දෙදෙනෙක්ට එකම දවසේ සිද්ධ වන අකරතැබ්බයක් ගැන. ‘Laapataa Ladies’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියානු කාන්තාවක් විසින්. කාන්තාවන්ගේ අනන්‍යතා අර්බුදය කතා කරන්නේ කාන්තාවක් විසින්මයි. ඒ තමයි කිරන් රාඔි. කිරන් රාඔි විසින් 2010 වසරේ අධ්‍යක්ෂණය කරපු ‘Dhobi Ghat’ කියන්නේ බොලිවුඩි සිනමාවෙි නිර්මාණය වුනු විශිෂ්ට චිත්‍රපටයක්. එන වසරේදී පැවැත්වෙන 97 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටය (best Forighn Language movie) යන අංශය යටතේ ඉන්දියාව වෙනුවෙන් තරඟ වැදෙන ‘Laapataa Ladies’ චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ පැවති ඉන්දියානු සිනමා සමිමාන උළෙලේදී හොඳම විචාරක සමිමානය දිනා ගැනීමට සමත් වෙනවා.
කිරන් අවුරුදු විසි හතරකට පස්සේ තමයි මෙි අපුරු චිත්‍රපටය නිර්මාණය කරන්නේ. චිත්‍රපටයේ අන්තර්ගතයේ වැදගත්කම නිසාම වසරේ ප්‍රේක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්වෙන්නට ‘Laapataa Ladies’ චිත්‍රපටය සමත් වෙනවා. කිරන් විසින් චිත්‍රපටය හරහා ඉන්දියානු සමාජයට එල්ල කරන ප්‍රධාන චෝදනාව වන්නේ කාන්තාවට බලෙන් මෙන් අන්දවන පර්දාව වැනි ආගමික ඇඳුමි ගැන. කාන්තා හිංසනය ගැන. දෙවන පෙළ පුරවැසියෙක් විදියට සළකන කාන්තාව විවාහය ඇතුළේ දැවැද්ද වෙනුවෙන් විකුණන තත්ත්වයක තියෙන්නේ කියන එක ගැන කිරන් රාඔි චිත්‍රපටය ඇතුළේ සාකච්ඡාවට ගේනවා.
විවධ ආගමිවලින් කාන්තාවන්ට ඇඳිය යුතු යැයි අණ කරන සහ බලෙන් මෙන් අන්දවන පර්දාව හෝ බුර්කාව හෝ වෙනත් ඇඳුමක් මඟින් ගැහැණුන්ට නිදහසක් හෝ ආරක්ෂාවක් හිමි නොවන බව චිත්‍රපටය ඇතුළේ ප්‍රශ්න කරනවා. ගැහැණියට සමාජය ඇතුළේ දෙවන පෙළ පුරවැසියෙක් විදියට සැළකීම අසාධාරණබවත්, ඔවුන්ට ලැබිය යුතු නිසි ගෞරවය ගැනත් චිත්‍රපටය විසින් මතු කරන වැදගත් පණිවිඩ කිහිපයක්. ‘Laapataa Ladies’ කියන්නේ ලංකාවෙි හැමෝම බලන්න ඔින චිත්‍රපටයක්. ඒ තරමට චිත්‍රපටයේ ප්රකාශනය අතිශය වැදගත්.
-මලින්ත විතානගේ-