Cart 0
උපස්ථිතිවාදය (Impressionism) | ධනංජය රණවක
උපස්ථිතිවාදය (Impressionism) යනු එවකට තිබූ සිතුවම් සම්ප්රදායන් නොසලකා හරිමින් කලා ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ පෙරළිකාර කලා ව්යාපාරයකි…19 වැනි සියවසේ අගභාගයේදී ප්රංශයේ මතු වූ උපස්ථිතිවාදය සාම්ප්රදායික යථාර්ථවාදී ලක්ශණ සහ විස්තර සමග ආලෝකය, වර්ණය සහ චලනය ගැන කලාකරුවාගේ දැක්ම විස්තර කරන්නට විය…
මෙම රැඩිකල් ප්රවේශය ප්රංශ කලා අධිකාරිය විසින් මුලින් ප්රතික්ෂේප කරන ලද නමුත් අවසානයේ එය නූතන කලාවේ නැගීමත් සමග වඩාත්ම බලගතු ව්යාපාරයක් බවට පත් විණි… එවක තරුණයන් වූ Claude Monet, Pierre-Auguste Renoir, සහ Camille Pissarro වැනි ප්රධාන චරිත පැරිසියේ Académie des Beaux-Arts (ලලිත කලා ඇකඩමිය) විසින් පනවන ලද දැඩි ප්රමිතීන් අනුගමනය කරනවාට වඩා මේ මොහොතේ සුන්දරත්වය ග්රහණය කර ගත් ශෛලියක් පෙරළිකාර ලෙස ඉදිරිපත් කරන ලදි…
ඔවුන් එය වෙනුවෙන් නිර්භීතලෙස පෙනී සිටියහ…
—————————
පැරීසියේ ලලිත කලා ඇකඩමිය සහ එහි ආභාෂය
Académie des Beaux-Arts (ලලිත කලා ඇකඩමිය) යනු 19 වැනි සියවසේ ප්රංශයේ කලාව පිළිබඳ ප්රමුඛ බලධාරියා වූ අතර, “පිළිගත හැකි / acceptable” කලාව සඳහා නීති රීති සකස් කලේ ඔවුන්ය… ඇකඩමිය සම්භාව්ය තේමා, ආගමික, මිථ්යා හෝ ඓතිහාසික වැනි ප්රකාශයන් සහිත ඉතා සුමටව දක්වන ලද යථාර්ථවාදී ශෛලීන්ගෙන් පමණක් නිර්මිත සිතුවම්වලට වඩාත් ප්රමුඛතාවයක් ලබාදෙන ලදි…
ඔවුන්ගේ අනුග්රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන සිතුවම් ප්රදර්ශනයද එවකට කිසිවෙකුට ඉදිරිපත්විය හැකි ප්රංශයේ කලාත්මක සාර්ථකත්වයේ උච්චතම ඉසව්ව වූ අතර එහි දැඩි ප්රමිතීන්ට අනුකූල කෘති පමණක් ඔවුන් පිළිගනු ලැබිණි…
මෙම නීති සහ රෙගුලාසි නිසා සාම්ප්රදායික විෂයන් සහ ශිල්පීය ක්රමවලින් බැහැරවී නිර්මාණකරනයේ යෙදුණු කලාකරුවන් අධෛර්යමත් කරමින් එවකට ප්රංශ කලා සම්ප්රදායන් තුළ අත්හදා බැලීම් සඳහා ඉඩක් නොවීය….
පැරීසියේ එවක මෙම කලා අධිකාරිය මහජන සහ මූල්යයෙහි බලය තිබූ බැවින්, බොහෝ මුල් උපස්ථිතිවාදී කලාකරුවන් ප්රදර්ශණ තුළදී නිරන්තර ප්රතික්ෂේප කිරීම්වලට ලක් විය… දෘශ්යමාන බුරුසු පහරවල්, එළිමහන් දර්ශන සහ සාමාන්ය එදිනෙදා සිද්ධීන් මගින් සලකුණු කරන ලද ඔවුන්ගේ සිතුවම් නිම නොකළ, ආධුනික ලෙස ගෙන ඇකඩමියේ ජූරි සභිකයින් සහ ප්රේක්ෂකයින් පවා විමතියට පත් කරන්නට විය… ඒවා ප්රතික්ශේප කරන්නට විය…..
—————————
The Salon des Refusés : හැරවුම් ලක්ෂය
19 වන ශතවර්ෂයේ මැද භාගය වන විට, දක්ෂ කලාකරුවන් අත්හදාබැලීම් කිරීමට ඉදිරිපත් වීම හේතුකොටගෙන එවකට පැරීස් ඇකඩමියේ රළු ක්රියාකලාප මහජන විවේචනයට සහ විරෝධයට තුඩු දෙන්නට විය…
මේ කාරණා නිසා එවක තුන්වෙනි නැපෝලියන් අධිරාජ්යයා 1863 දී Salon des Refusés (ප්රතික්ෂේපිත කලාකරුවන්ගේ කවය) පිහිටුවන ලදී…
මෙම ප්රදර්ශනය එවක පැරිස් කලා ඇකඩමිය විසින් ප්රතික්ෂේප කරන ලද කෘති ප්රදර්ශණට ඉඩහසර ලබාදුන් අතර ඒවායින් බොහොමයක් වර්ණය, ආලෝකය සහ පර්යාදර්ශ්රී නව ප්රවේශයන් ඉදිරිපත් කළේය.. Édouard Manet ගේ ආන්දෝලනාත්මක සිතුවමක් වන Le Déjeuner sur l’herbe කැපී පෙනෙන ඇතුළත් කිරීමක් වූ අතර, එය ඉතා ඉක්මනින් ප්රදර්ශනයේ වඩාත් කතාබහට ලක් වූ කෘතිවලින් එකක් බවට පත් විය,
එය “කලාව කුමක් විය හැකිද?” යන්න පිළිබඳ සාම්ප්රදායික අදහස්වලට අභියෝග කළේය…
තවදුරටත් ප්රතික්ෂේපිත කලාකරුවන්ගේ එකමුතුව කලාකරුවන්ට ඇකඩමියේ අනුමැතියකින් තොරව පරිබාහිර වේදිකාවකට ඉඩ ලබා දෙමින් ඔවුන්ගේ කාර්යය දිරිමත් කරන්නට විය….
මේ නව අත්දැකීම උපස්ථිතිවාදී කලාකරුවන්ව වඩාත් සංවිධානය කරන්නට වූ අතර, ඔවුන්ගේ පළමු ප්රදර්ශනය 1874 දී පැවැත්වීය… එවකට ප්රසිද්ධ ඡායාරූප ශිල්පීයෙකු වූ Nadar ගේ චිත්රාගාරයේදී උපස්ථිතිවාදී කලාවේ හි නිල උපත සනිටුහන් කළේය…
එවක විචාරකයෙක්, Monet ගේ “Impression, Sunrise” සිතුවම සමච්චලයට ලක් කිරීමට උත්සාහ කරමින් එය නිම නොකළ සිතුවමක් පමණක් බව එයට “Impression” නම් යෙදුමක් ගෙන විවේඡනය කලෝය…
Impression යන්නෙන් ඔවුන් මීට යොදාගත් හේතුව එහි තිබෙන සංකල්පීය යැයි හැඟෙන ගුණයන් නිසාය නැතහොත් අඩක් නිමකල හෝ “හැඟීමක් පමණක් / Impression” යැයි පවතින ගතියක් නිසාය..
කෙසේ වෙතත්, කලාකරුවන් මෙම යෙදුම කැමැත්තෙන් වැලඳ ගත් අතර එයින්, “උපස්ථිතිවාදය” නැතිනම් හැඟීම්වාදය (Impressionism) උපත ලැබීය.
—————————
උපස්ථිතිවාදයේ මූලික ලක්ශණ
උපස්ථිතිවාදය යනු සම්භාව්ය කලාවෙන් එය වෙන් කරන අද්විතීය ශිල්පීය ක්රම සහ ප්රවේශයන් කිහිපයකින් අරුත් ගැන්වෙන ශෛලියකි…. මෙම ලක්ෂණ ව්යාපාරයේ අනන්යතාවය හැඩගැස්වීමේදී තීරණාත්මක වූ අතර එතැන් සිට ක්රම ක්රමයෙන් උපස්ථිතිවාද කලාවේ ලක්ෂණ බවට පත්ව ඇත….
ආලෝකය සහ වර්ණය:
ස්වභාවික ආලෝකය මගින් වර්ණය සහ අවට වායුගෝලයේ පරිසරය වෙනස් කරන ආකාරය උපස්ථිතිවාදීන් ගවේෂණය කළහ… ඔවුන් සෙවනැලි සඳහා කළු පැහැය ප්රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට විචිත්රවත් බව ඇති කිරීම සඳහා අනුපූරක වර්ණ (complementary colors) භාවිතා කිරීමට තීරණය කළහ…
දර්ශනයක් නිශ්චිතව නිරීක්ෂණය කර සිතුවම් කරනවාට වඩා එය අත්විඳින ලද සංවේදනයන් මගින් ග්රහණයකොට ගෙන බොහෝ කෘතිවල දීප්තිමත්, මිශ්ර නොකළ වර්ණ ඇතුළත් කලෝය….
ලිහිල් බුරුසු පහරවල්:
ශාස්ත්රීය කලාවේදී මෙන් ප්රවේශමෙන්, සුමටව මිශ්ර කළ තීන්ත පින්සල් පහරවල් වෙනුවට, උපස්ථිතිවාදී කෘති තුළ ඒවායේ කෙටි, දෘශ්යමාන තීන්ත පින්සල් පහරවල් සඳහා ප්රසිද්ධ විය… මෙම ශෛලිය මඟින් වර්ණ වෙන් වෙන් වශයෙන් පැවතීමට ඉඩ සලසන අතර, ස්වයංසිද්දීන් සහ චලනයන් ප්රකාශ කරන දීප්තිමත් සහ ප්රභල බලපෑමක් ඇති කරන්නට සමත් විය…
එදිනෙදා විශයන්:
එදිනෙදා ජීවිතයේ සුන්දරත්වය කෙරෙහි අවධානය යොමු කරමින්, උපස්ථිතිවාදීන් ඓතිහාසික සහ මිථ්යා කතා තේමාවන්ගෙන් ඈත් විය… සමාජ ශාලා, උද්යාන, ගංගා සහ වීදි දර්ශන ඔවුන්ගේ කැන්වස තල පුරවා, කලාව කෙරෙහි මහජනතාවට වඩාත් ප්රවේශ විය හැකි හුරුපුරුදු බවක් ඔවුන්ගේ ජීවිත තුළට ඇතුල් කලෝය…
එළිමහන් දර්ශණ පින්තාරු කිරීම (En Plein Air):
බොහෝ උපස්ථිතිවාදීන් ස්වභාවික ආලෝකය සහ භූ දර්ශන සෘජුවම ග්රහණය කර ගැනීම සඳහා එළිමහනේ පින්තාරු කළහ… අතේ ගෙන යා හැකි Easel ( කැන්වස්ධාරක) සහ කුඩා තෙල් සායම් කුප්පි හෝ භාජන වැනි නවෝත්පාදනයන් හරහා මෙය කළ හැකි වූ අතර දෛනිකව වෙනස්වන පරිසරය නිරීක්ෂණය කිරීමට කලාකරුවන්ට ඉඩ සලසන ලදි…
—————————
ප්රධාන කලාකරුවන් සහ ඔවුන්ගේ දායකත්වය
ව්යාපාරයේ මූලික මූලධර්ම රඳවා ගනිමින් අද්විතීය ප්රවේශයන් වර්ධනය කිරීමට එකිනෙකා අතර සහයෝගීව තම ශිල්පීය ක්රම බෙදාගත් විවිධ කලාකරුවන් පිරිසක් විසින් උපස්ථිතිවාදී ව්යාපාරය මෙහෙයවනු ලැබීය..
Claude Monet:
Impressionism හි කේන්ද්රීය චරිතයක් වන Monet, ක්ෂණික අවස්ථා ග්රහණය කර ගැනීමට උමතුවක් දැක්වූ කලාකරුවෙකි… ඔහුගේ චිත්ර මාලාවක් වන Water Lilies (දිය මානෙල්) සහ Haystacks (පිදුරු ගොඩවල්) ආලෝකයේ සහ වායුගෝලයේ වෙනස්කම් ගවේෂණය කරයි… ඔහුගේ කෘතියක් වන “Impression, Sunrise” මෙම මුළු ව්යාපාරයටම Impressionism යන්නෙන් එහි නම ලබා දුන් අතර එම සිතුවමෙන් දෛනික ජීවිතය තුළ එක් මොහොතක් ග්රහණය කර ගැනීමේ හැඟීම් ප්රකාශණය දැක්වීය….
Pierre-Auguste Renoir:
Renoir උණුසුම්, විචිත්රවත් වර්ණ භාවිතා කරමින් මිනිසුන් සමූහයන් වශයෙන් සහ ළෙන්ගතු දර්ශන දැක්වීය… Dance at Le Moulin de la Galette නම් කෘතිය හරහා දීප්තිමත් වර්ණ සහ වේගවත් රචනාක්රමයකින් නර්තන ශාලාවක ප්රීතිමත් හැඟීම දක්වන ලදි… තවදුරටත් ඒවා වඩාත් දෛනික ජීවිතය සමග ගැටගැසී තිබෙන සිද්දි සමුදායන් විය..
Camille Pissarro:
“උපස්ථිතිවාදයේ පියා” ලෙස හඳුන්වනු ලබන පිසාරෝ උපස්ථිතිවාදී කලාකරුවන් එක්සත් කිරීම සහ නව අදහස් වර්ධනය කිරීමේ දිරිගැන්වීම් සඳහා ප්රධාන කාර්යභාරයක් ඉටු කළේය… ඔහුගේ භූ දර්ශන බොහෝ විට සන්සුන් ග්රාමීය පසුබිම් වලින් සමන්විත වන අතර, එදිනෙදා වටපිටාවේ සුන්දරත්වය ඉස්මතු කරන ලද ආලෝකයට සහ වර්ණයන්ට වඩාත් සංවේදීතාවයන් දක්වන ලද දර්ශණයන් විය…..
Edgar Degas:
Degas සම්පූර්ණයෙන්ම උපස්ථිතිවාදී ක්රමවලට අනුගත නොවූවත්, ඔහු ව්යාපාරය සමඟ සමීපව සම්බන්ධ වුණි… නර්තන ශිල්පීන් සහ අශ්ව රේස් සඳහා ඔහුගේ උනන්දුව සඳහා ප්රසිද්ධියට පත් ඩෙගාස් චලන දැක්වීමට නව දර්ශණ උපක්රම සහ වේගවත් ක්රියාශීලි කෝණ භාවිතා කළේය… ඔහුගේ කාර්යභාර්යය උපස්ථිතිවාදී තේමාවන් අද්විතීය දැක්මක් දක්වා රැගෙන ගියේය….
—————————
වැන් ගොග් සහ පශ්චාත්-උපස්ථිතිවාදී (Post-Impressionism) ව්යාපාරය
Van Gogh තාක්ෂණිකව උපස්ථිතිවාදියෙක් නොවුණත්, ඔහුගේ සිතුවම්වලට ප්රධාන උපස්ථිතිවාදී ශිල්පීය ක්රම ගැඹුරින් බලපෑ අතර ප්රධාන උපස්ථිතිවාදී කලාකරුවන්ගේ ශෛලීය අංග බොහොමයක් ඔහුගේ කෘතිවලට ඇතුළත් කළේය… 1886 දී පැරිසියට සංක්රමණය වීමෙන් පසු, Van Gogh සහ නව-උපස්ථිතිවාදී (Neo-Impressionism) ක්රමවලට වඩාත් නිරාවරණය වූ අතර, ඔවුන්ගේ විචිත්රවත් වර්ණ සහ ලිහිල්, පෙනෙන බුරුසු පහරවල් ඔහුගේ සිතුවම් සඳහා ආභාශ කරගත්තේය…
ආලෝකයේ බලපෑම් සරලව ග්රහණය කර ගැනීමට වඩා සංකේතාත්මක සහ චිත්තවේගීය ගැඹුර කෙරෙහි අවධානය යොමු කරමින් ඔහු මෙම ශිල්පීය ක්රම ඔහුටම ආවේණික ආකාරයෙන් ගවේෂණය කලේය…
වැන්ගෝ ගේ පශ්චාත්-උපස්ථිතිවාදී ශෛලිය ඔහුගේ සිතුවම් චිත්තවේගීය තීව්රතාවයෙන් සහ සංකේතාත්මක අර්ථයෙන් කාවැද්දීම මගින් ආලෝකය සහ වර්ණය කෙරෙහි චිත්තවේගයන් තුළ ඔබ්බට තල්ලු විය…
තරු විසුළ රැය සහ සූරියකාන්ත මල් වැනි ඔහුගේ කෘතීන්, අවට ලෝකය කෙරෙහි ඔහුට දැනුණු අභ්යන්තර කැලඹීම සහ විස්මය ප්රකාශ කිරීමට කැරකෙන බුරුසු පහරවල් සහ තීව්ර වර්ණ භාවිතා කලේය…
මේවා උපස්ථිතිවාදී අදහස්වල පදනම මත ගොඩ නැගීමෙන්, වැන් ගොග්, ප්රකාශනවාදයට සහ නූතන කලාවට මග පෑදෙමින්, ගැඹුරින් පෞද්ගලික වූ සහ මනෝවිද්යාත්මක අවබෝධයෙන් පිරුණු තම ශෛලිය වර්ධනය කරගත්තේය….
—————————
හැඟීම්වාදයේ බලපෑම
මුලදී විවේචන හා උපහාසයට ලක් වූ Impressionism ක්රමයෙන් පිළිගැනීමට ලක් වූ අතර කලා ලෝකය හැඩගැස්වීමේ ප්රධාන කාර්යභාර්යක් ඉටු කලේය.. පැරිස් ඇකඩමියේ ප්රමිතීන්ට අභියෝග කිරීම මගින්, උපස්ථිතිවාදීන් විසින් අනාගත කලාකරුවන්ට නීතීන් සහ රෙගුලාසිවලට අනුගත වීමට වඩා පුද්ගලික ප්රකාශනය සහ අත්හදා බැලීම් වලට ප්රමුඛත්වය දීමට දිරිමත් කරන ලදී…
වින්සන්ට් වැන් ගොග්, පෝල් සෙසාන් සහ හෙන්රි මැටිස් වැනි කලාකරුවන්ට වර්ණය, ස්වරූපය සහ වියුක්තය (abstraction) තවදුරටත් ගවේෂණය කිරීමට ආස්වාදයක් ලබා දෙමින්, පශ්චාත්-හැඟවුම්වාදී සහ අනෙකුත් නූතන කලා ව්යාපාර සඳහා මග පෑදීය….
—————————
අවසාන අශයෙන් උපස්ථිතිවාදය යනු 19 වැනි සියවසේ දැඩි ශාස්ත්රීය ප්රමිතීන්ට එරෙහිව තරුණයින් පිරිසක් ආරම්භකල විප්ලවයකි… අද, උපස්ථිතිවාදය එහි නිර්භීතකම සහ එහි බලපෑම සඳහා ලෝකයේ පිළිගන්නා විශිෂ්ට ශෛලියක් වන අතර, අසංඛ්යාත කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක සහජ බුද්ධිය අනුගමනය කිරීමට සහ ඔවුන් දකින සහ දැනෙන ආකාරයට ලෝකය නිරූපණය කිරීමට පෙළඹවීමට සමත් විය…
සම්ප්රදායෙන් ඔබ්බට තවදුරටත් චිත්ර ඇඳීමට කලාකරුවන්ට ආධ්යාත්මික ශක්තිය ලබාදීම මගින් හැඟීම් ප්රකාශණය ඔස්සේ නවීන කලාවට දොර විවර කළේ උපස්ථිතිවාදය මගිනි….
– ධනංජය රණවක