Skip links

අස්පර්ශනීයන් වෙත එළඹුණ ස්පර්ශ ඉසවු


17
“භාෂාව නම් කෝවේ අපි දැවේ”
එකොළොස් වැනි වතාවටත්
“පසුව දැනුම් දෙන්නම්”
කුරිරු ආචාරශීලීත්වයක් එය
ඉංග්රීසි උච්චාරණයේ රළු බවට සේවායෝජක සිත් පෑරිලා මගේ හිතේ

මගට බැස නවතිමි
ෂැන්ග්රිලා සිහිනය ලඟ

ගාලුමුව සිඹින
වනචර වෙළඳ හාදුවක්
අතරමං වෙලා වගේයි අද
චීන ටවුමක බණ්ඩාරනායකත්

ඉතිං හිතේ අමාරුව තදකරං
නොතෙමී කොටුවට යන්න
ත්රීරෝද රථයකට ගොඩවෙන මගෙන්
‘ මහත්තයා සිංහල දැ’යි අසයි රියදුරෙක්

කුසල් කුරුවිට කවියගේ ‘අස්පර්ශනීයන් වෙත’ කවි පොත පිටවෙන්නේ 2020 අවුරුද්දේ සන්ථව ප්රකාශනයක් විදියට. වසංගත මැද වුවත් කියවා පමණක් පසෙකට දැමිය නොහැකි ‘ අපමණ’ ගුණයක් මේ කවි රැහේ දැකගන්න , විඳගන්න ලැබුන නිසා ඔබත් සමග බෙදාගන්නත් හිතුණ.

නිරුත්තර උද්ධෘත ලෙස කණ්ඩ නවයකින් කවි 79 ක් බෙදාගන්න මේ කවි එකතුවෙ පළවෙනි කාණ්ඩයම මා බදාගත් පැනයක් උනා

මම කවි ලියමි ද ?
නැත්නම් කවිය විසින් මම ලියැවෙමිද?

බාගවිට එසේ එය දැනෙන්නේ මේ වින්දිත අත්දැකීම් නිසා විය හැකිය’ කියා නේකවිට හිතුන.

නව මසක් නොව නව වසක්
ඇතැම් විට මියනතුරු
මනස් කලලයේ වැඩේ නුඹ
දුෂ්කරම කොදෙව්වක
දුස්සප්නයක් වූ ජීවිතය විදිමින්
සුන්දරම සිහින දකිමි මම නුඹ වෙනුවෙන්”
( 19 වන කවිය )

වඩාත්ම සිත්ගත් කාරණය වෙන්නේ මේක.පැරණි සමාජයේ සංස්කෘතික නෂ්ටාවශේෂ හා නූතන සංකීර්ණ සමාජ වටපිටාව මැද සංක්රාන්තික අවධිය ජීවිත ගත කරන මේ යුගයේ’ මොහොත’ කවි ගත වීම තියුණු හා අසීරු ප්රයත්න මේ කාව්ය සරණියේ ප්රභලව මතුවීම.

25
නිර්භීත ගැහැනියක්

සසර බයින් පැක්වුණ ෆ්ලැට් එකේ පාන්දර පිරිත් හඬින් සිහිනය බිඳෙයි
විසුල කැබලි නිදිමරගාතෙ අහුල’නතර
කුණුහරුපයක් කියැවෙයි
දුස්සප්න යක්ෂප්රේතකුම්භාණ්ඩ
මරණ භයින් පිරිපුන් අතර මරණයට නොබිය ගැහැනියක හඬ ඇසේ
‘ තව හයියෙන් මරන්න’

නව සමාජ ප්රවේශ හා නව සමාජ අත්දැකීම් හා ස්පන්දන ප්රබල ව කිව හැකි කවිය’ අවදිවීමක් හෝ උඩුදිවීමක් මෙහි සංගෘහිත බොහෝ දැකිය හැකිය .

කවියත් එක්ක වන ගණුදෙනුව හෝ එහි අරුත් වටහා ගැනීම කියන්නේ හරියට ,
මීට කලින් ගිහින් ඇති ගෙයක් හොයාගෙන යන , ඒ ගෙදර ලිපිනය විතරක් හෝඩුවාව තුණ්ඩු කෑල්ලක් අතේ තියන් යන ගමනක් වගේ කියල මට හිතන්නෙ.ඒ ගමනේදී ගමනෙදි අතරමැදදි රූපක , උපමා , සංකල්ප රූප වගේ අතරමඟ හම්බවෙන අයගෙනුත් ඒ ගෙදරට යන පාර අහගන්න වෙනවා.විටෙක අතරමං වෙන්නෙත් වෙනව.ඇත්ත ජීවිතයේදී උනානම් ඔය ගේ හොයාගෙන යන්න බැරි වුණාම , අර නිවැසියන්ට බනින්නත් අපි පසුබට වෙන්නෙ නෑ.ඒත් කවිය ඇතුලෙදි අපි කවියට බනින්නෙ නැහැ. ඇත්තම කිව්වොත් කවිය ඇතුලෙ අතරමං ඉන්න අප ආසයි.

මේ තවත් මං ආස කරන කෙටි කවියක්.

‘ හාම්පුතු පරිත්යාගශීලී බවත්
කසල ශෝධක
මංකොල්ලකාරයෙකු බවත්
කුණු බක්කියක් සිතයි’

‘අස්පර්ශනීයන් වෙත’ ද ස්පර්ශ කරන මෙන් ඔබෙන් ඉල්ලා මම නවතින්නම්…කුසල් කුරුවිට කවියාට ජය !

– සුභාෂිත ලක්මිණ

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search