Skip links

ලේඛකයෙක් වෙන එකෙන් අදහස් කරන්නෙ නැහැ සත්‍යය දේශනා කරන්න ඕන බවක්, ඒකේ අර්ථය තමයි සත්‍යය සොයාගැනීම – මිලාන් කුන්දෙරා

මිලාන් කුන්දේරා 2023 අවුරුද්දෙදි ප්රංශයේදී සිය ජීවිතයෙන් සමුගත්තා. කුන්දේරා පාඨකයන්ට කුන්දෙරා කියන්නේ එක්තරා විදියක ආගමක්. ඔහුගේ ජීවිතය අන්තැනක (Life is elsewhere), දරන්න බැරි සැහැල්ලුව (Unbearable Lightness of being), කොළොප්පම (The Joke) වගේ නවකතා ලංකාව ඇතුළෙ බොහෝ දෙනෙක්ව ලියන්නො බවට පත් කරපු පොත්. කුන්දෙරාගේ පොත් තුළ මේ සැහැල්ලුව නැතිනම් Lightness සංකල්පයක් විදියට මතුවෙනවා. ඔබ තාමත් කුන්දෙරාගේ නවකතාවක් කියවලා නැත්නම් මේ කියපු තුනෙන් එකක් උත්සාහ කරලා බලන්න.
* මම කලිසම් කොටයක් ගහන් හිටපු පොඩි කොල්ලා කාලේ මට නොපෙනී ඉන්න පුළුවන් ආලේපනයක් ගැන හීන දැක්කා. ඊට පස්සෙ මම වැඩිහිටියෙක් වෙලා ලියන්න ගත්තා. මට ඕන වුණා සාර්ථක වෙන්න. දැන් මම සාර්ථකයි, ඒ වගේම මම කැමතියි ඒ නොපෙනී ඉන්න පුළුවන් ආලේපනය දැන් මට ලැබෙනවානම්.
* රටවල් කිහිපයක ජීවත් වෙන්න ලැබීම ලේඛකයෙක්ට මහත් ආශිර්වාදයක්. ඔබට ලෝකය තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ ඒක පැති කිහිපයකින් බැලුවොත් විතරයි.
* මම 1959 දී මගේ පළවෙනි කතාව Laughable Loves ලිව්වට පස්සේ මම මාව හොයාගෙන තියෙන බව මට සහතික වුණා. මම ගද්ය රචකයෙක්, නවකාකරුවෙක් හැර වෙන මොකවත්ම නෙමෙයි. එතන ඉඳලා, මගේ සෞන්දර්යය වෙන කිසිම පරිවර්තනයක් දන්නෙ නැහැ; ඒක ක්රමයෙන් වර්ධනය වුණේ වචන රේඛීයව ලියන්න.
* ලේඛකයෙක් වෙන එකෙන් අදහස් කරන්නෙ නැහැ සත්යය දේශනා කරන්න ඕන බවක්, ඒකේ අර්ථය තමයි සත්යය සොයාගැනීම.
* නවකතාකරුවෙකුගේ අභිලාෂය වන්නේ තමාගේ පූර්වගාමීන්ට වඩා හොඳ දෙයක් කිරීම නොව ඔවුන් නොදුටු දේ දැකීම සහ ඔවුන් නොකියූ දේ කීමය.
* මේ යුගයේදී ලියලා තියෙන හැම දෙයක්ම චිත්රපටි, මාලා නාටක, රූපවාහිනී වැඩසටහන් සහ කාටූන් බවට පරිවර්තනය කිරීමට උදුරා ගන්නවා. නවකතාවක අත්යවශ්ය අංග ප්රකාශ කළ හැක්කේ නවකතාවකින්ම පමණක් බැවින් මේ සෑම අනුවාදනයකම අනවශ්ය දේ හැරෙන්නට වෙන මුකුත්ම නැහැ. මේ කාලයේදී නවකතා ලියන්න කාටහරි පිස්සුවක් තියෙනවා නම් ඒ කෙනාට ඒක අනුවාදනය කරන්න බැරි විදියට, නැත්නම් වෙනත් විදියකට කියනවානම් ඒවා නැවත කියන්නට බැරි විදියකට ලියන්න වෙනවා.
* මිනිස්සුන්ගේ මෝඩකම එන්නේ හැමදේකටම උත්තර හොයන එකෙන්. නවකතාවක ප්රඥාව ඇතිවෙන්නේ සෑමදෙයකටම ප්රශ්නයක් තිබීමෙන්.
පරිවර්තනය – රශ්මික මණ්ඩාවල

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search