Cart 0
ලේඛකයෙක් වෙන්න එපා. ඒ වෙනුවට ලියන්න. – විලියම් ෆෝක්නර්
ඇමරිකානු සාහිත්‍යෙය් විශිෂ්ට ලකුණක් වන විලියම් ෆෝක්නර් 1949 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානය දිනාගන්නවා. අවාසනාවට අපේ පරිවර්තකයන්ට ඔහුව මඟහැරීම නිසා මම දන්නා තරමින් තවමත් ඔහුගේ කෘතියක් සිංහලට පරිවර්තනය වී නැහැ. The Sound and the Fury (1929), As I Lay Dying (1930), Sanctuary (1931), and Absalom, Absalom! (1936). ඔහුගේ ප්රමුඛ නවකතා අතර වෙනවා.
ලේඛකයෙක් වීම ගැන:
ලේඛකයෙක් වෙන්න එපා. ඒ වෙනුවට ලියන්න. ලේඛකයෙක් වෙනවා කියන්නේ එක තැන පල්වීමක්. ලිවීමේ ක්‍රියාවලිය, ක්‍රියාකාරීත්වය, ජීවිතය, ගමන පෙන්වනවා. ගමන නැවැත්වූ විට ඔබ මියයනවා. කෙනෙකු කියවීම පටන්ගත් විගසම ලිවීම ඉක්මන් වන්නේ නැහැ.
ලිවීමට ප්රවේශවන ආකාරය ගැන:
හැමවිටම ආධුනික බව තබාගන්න. ඔබ ලියන්නේ සතුටට මිස මුදලට නොවේය. එය විනෝදයක් විය යුතුය. උද්යෝගයක් ජනිත කළ යුතුය. බොහෝ විට ඒ ඔබ ලියාගෙන යන විට නොවේ, එහෙත් ලියා අවසන් කළ විට ඔබට උද්යෝගයක් ආශාවක් දැනිය යුතුය. එයින් අදහස් කරන්නේ ඔබ ආඩම්බරවීම හෝ ඔබ කළ දෙයින් අසීමාන්තිව සතුටු වීම නොවේ. එයින් අදහස් වන්නේ ඔබ උපරිමය කර ඇති බව ඔබ දන්නා බව.
තාක්ෂණය ගැන:
ලේඛකයාට තාක්ෂණය ගැන උනන්දුවක් ඇත්නම් ඔහුට ශෛල්‍යකර්මයක් කරන්න හරි තාප්පයක් බඳින්න හරි දෙන්න. ලිවීම සඳහා යාන්ත්‍රික ක්‍රම නැත. කෙටි මං නැත. න්‍යායක් අනුගමනය කරන තරුණ ලේඛකයා මෝඩයෙකු වෙනවා. ඔබේ වැරදිවලින්ම ඔබටම අවබෝධ කරවන්න, මිනිසුන් ඉගෙන ගන්නේ වැරදිවලින් පමණයි. දක්ෂ කලාකරුවා විශ්වාස කරන්නේ ඔහුට උපදෙස් දීමට තරම් කිසිවෙකු දක්ෂ නැති බව. ඔහුට උත්තරීතර අහංකාරත්වයක් තියෙනවා. පැරණි ලේඛකයාව ඔහු කෙතරම් අගය කළද ඔහුට ඔහුව පැරදවීමට අවැසියි.
දවසේ ලිවීම අවසන් කළ යුතු ආකාරය ගැන:
මේ ගැන මට තියෙන එකම රීතිය නම් රත්වෙලා තියෙද්දිම අයින් වීම. කවදාවත් තමන්ට එපා වෙනකන් ලියන්න එපා. හොඳට ලියාගෙන යන අතරතුරේදී ලිවීම නවත්වන්න. එතකොට නැවත ලියන්න පටන් ගන්න පහසුයි. අධික වෙහෙසට පත්වුනොත්, කෙනෙක් මාරාන්තික බන්ධනයකට වැටෙන්න පුළුවන්. ඔබට එයින් ගැටළු ඇතිවෙනවා. ඔබ හොඳින් ලියන මොහොතේදී ඒවා පසෙක දමන්න.
චරිතයක් නිර්මාණය කිරීම ගැන:
සැබෑ ඇත්ත එන්නේ මිනිස්සුන්ගේ හදවත්වලින්. පාඨකයාට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ඔබේ චරිත ඔබ දකින ආකාරයට විස්තර කරන්න. ඔබ දන්නා අයෙකුගෙන් යමක් ගන්න, තවත් කෙනෙකුගෙන් යමක් ගන්න. මිනිස්සුන්ට එම චරිත දෙස බලා ඔවුන්ට වැටහෙන දෙයක් දැකිය හැකි තුන්වැනියෙක් නිර්මාණය කරන්න.
අසමත් වීම ගැන:
පරිපූර්ණත්වයේ සිහිනය සමපාත කරන්න අපි හැමෝම අසමත් වුනා. ප්රශස්ත අසමත්වීමේ පදනම මත අපට කළ නොහැකි දේ කළ හැකියි. මගේ මතය නම්, මම ලියපු හැමඑකක්ම නැවත ලියන්න පුළුවන් නම් මම මීට වඩා හොඳට කරයි කියලා මට විශ්වාසයි. එය කලාකරුවෙක්ට තියෙන සෞඛ්‍ය සම්පන්නම තත්වයයි. ඒ නිසා ඔහු නැවත ලියනවා. නැවත උත්සාහ කරනවා. දිගටම වැඩ කරනවා. එළඹෙන වතාවේ තමන් ඒක කරන බව ඔහුට විශ්වාසයි. මෙම තත්වය සෞඛ්‍ය සම්පන්න වන්නේ එනිසයි. වරක් ඔහු එය කළ විට, වරක් ඔහු දුටු සිහිනයට, රූපයට සමපාත වූ විට ඔහුගේ බෙල්ල කපා ගැනීම හැර කිසිවක් ඉතිරි වෙන්නේ නැහැ., එම පරිපූර්ණත්වයේ මුදුනෙන් අනෙක් පැත්තට පැනීම සියදිවි නසාගැනීමකි. මම අසාර්ථක කවියෙක්.
-රශ්මික මණ්ඩාවල-