Cart 0

‘මට කතා කරන්න ඕන….’ – I want to talk
අර්ජුන් සෙන්ට අවුරුදු 32 පහුවෙනකොට එයා දැනගන්නවා එයාට ස්වරාලයේ පිළිකාවක් තියෙන බව. ස්වරාලයේ විතරක් නෙමෙයි ආමාශය දක්වාම පිළිකා සෛල වර්ධනය වෙලා. අර්ජුන් කියන්නේ වැඩියෙන් කතා කරන මනුස්සයෙක්. එයාගේ වෘත්තිය වෙන්නේ අලෙවිකරණ ක්ෂේත්රයේ විධායක නිළධාරියෙක් විදියට. ඒ නිසා ම එයාට කතා කරන අත්යවශ්යයි. හැබැයි මෙි පිළිකාවත් පිහිටලා තියෙන්නේ එයා කථා කරන ස්වර තන්තු පිහිටලා තියෙන ගෙල ආශ්රිත කලාපයේ. අර්ජුන් මෙි නිසා හොඳටම අවුල් යනවා. සැත්කමක් කරලා පිළිකා සෛල ඉවත් කරනවා.
මෙි අතරේ අර්ජුන් බිරිඳගෙන් දික්කසාද වෙන්න ලියකිවිලිත් අත්සන් කරනවා. අර්ජුන්ගේ ජීවිතයේ මෙතෙක් තිබුන සාමය දියවෙලා එහෙමිපිටින්ම ජීවිතයම අවුල්ජාලාවක් වෙන්න යන්නේ ඉතාම කෙටි කාලයයි. අර්ජුන්ගේ දැන් ජීවිතය තියෙන්නේ එයාගේ පුංචි දුව වෙචිච ’රෙයා’ එක්ක විතරයි. ‘I want to talk’ බොලිවුඩි චිත්රපටය නැවත හිතන්න බල කරන්නේ අපේ සාමකාමී ජීවිතය නැත්තට නැති කරන මරණීය පිළිකාව ගැන.
මරණය කියන එක අපිට නවත්තන්න බැරි දෙයක්. හැබැයි මරණය කියන එක පමා කරන්න පුලුවන් තාවකාලිකව. අර්ජුන්ට දවස් 100යි ජීවත් වෙන්න පුලුවන් කියලා වෛද්යවරු නිර්දේශ කරද්දි එයා දවස් 1000ක ජීවිතයක් ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගන්නවා. ලෙඩෙක් විදියට එයා සෑහෙන අත්දැකීම් ටිකක් අලුතින් ලබාගන්නවා. අලුත් යාළුවෝ හමිබවෙනවා. එයාගේ ජීවිතයේ හොඳම අඩවිය වෙන්වෙන්නේ රෝහල්වල ඇඳන් මත වුනත් එයා මානසිකව වැටෙන්නේ නෑ. වැටී වැටී නැඟිටිනවා. මියෙමිවා රැකෙමිවා කියලා එයා තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යන්න කරන අරගලය ගැන ‘I want to talk’ චිත්රපටයේ අන්තර්ගත වෙනවා.

-මලින්ත විතානගේ-