කුරුළු ඇට සැකිල්ලක් දැකල මං නැවතුනා අඹ ගහ පාමුල වෙනද වගේම උදෑසනක අඩ නිදිමතකින් ඉර එලිය මතු වේවි තිබ්බා ලෝකය කැරකුනා වෙනද වේගෙන්ම බළලෙක් කැගැහුව එකපාරටම උදවු ඉල්ලන දරුවෙක්ගේ හඬින් ඒ මතකයක්ද? පාපොච්චාරනයකද? කුරුළු ඇටසැකිල්ල: නිල් පැහැ ඇබින්දක් ඉතිරුවුණු දිරාගිය පිහාටු මේ කුරුළු අට සැකිල්ල ආවේ කොහොමද මෙතනට සිද්දවුනු දේ කවුරුහරි දැක්කද? (කැලේ ගහක් කඩන වැටෙද්දී එක අහන්න කෙනක් හිටියේ නැත්තම් එතන හඬක් නැගුනද?) ඇත්තටම මොකද වුනේ මේ කුරුල්ලට? මේ කුරුල්ලා ජිවත් වුනේ කොයි කාලේද? ඌ කෝච්චර දුර පියෑඹුවද? ඌ හිටියේ සතුටෙන්ද? [මිනිස්සු වචනවලට හැරෙවුවම අපි එකට කියන්නේ ඉතිහාසය] මනඃකල්පිත කුරුල්ලෙක් පියඹාගෙන ගියා මට ඉහලින් උගේ සැහැල්ලු සිරුර හුළං රැලි උඩ පාවුනා පුංචි ඔරුවක් වගේ [ඉතිහාසය අතුලෙ පණ තියන කෙනෙක් නෑ තියෙන්නේ සෙවනැලි රුප විතරයි] ළඟ තාප්පයක් උද හිටි තවත් බල්ලෙක් ඇනුමක් යැවුවා උගේ උල් දත් මොහොතකට මතුවෙලා දිලිසුනා [මිනිස්සුන්ව වචන වලට හරවන්නේ කවුද? ඒ තුවක්කු අතේ තියන අය] මේ කුරුල්ලා මැරෙන්නේ ඇත්තේ යුද්ධයකින් වෙන්න බැරිද? දත් උල් බළල්ලුයි, නිල් කුරුල්ලෝයි අතර සුදුයි කලුයි අතර හොඳයි නරකයි අතර ඈත අතීතේ සිද්ද වෙචච, (හරියට ට්‍රෝජන් යුද්ධෙ වගේ) යුද්ධෙන් නිල කුරුල්ලෝ මැරුණට පස්සේ ලෝකෙටම සාමය උද වුනා වෙන්න පුළුවන් [ඉතිහාසේ මිත්‍යාවට හරවන්නේ කවුද? අපි, ඉතිහාසේ කියවන අපි, ඉතිහාසේ කියවන අපි යුද්ධෙ ගැන ප්‍රවෘතිය බල දුක වෙලා ප්‍රවෘති ඉවර උනාම ටෙලි නාට්‍යය බලන අපි] මං මොනවාද නිල් කුරුල්ලෝ ගැන දන්නේ? තව ටිකකින් කවුරුහරි ඇවිත් මතුවෙච්ච ඇටසැකිල්ල වහල දාවි පස් ටිකකින් ඊට පස්සෙත් ලෝකේ අඩ නිදිමතේ කරකෙවී වෙනද වේගෙන්ම 2025-08-06  

2025-08-06 | තරින්ද්‍ර ගලහේන

කුරුළු ඇට සැකිල්ලක් දැකල මං නැවතුනාඅඹ ගහ පාමුලවෙනද වගේම උදෑසනකඅඩ නිදිමතකින්ඉර එලිය මතු වේවි තිබ්බාලෝකය කැරකුනා වෙනද වේගෙන්මබළලෙක් කැගැහුව එකපාරටමඋදවු ඉල්ලන දරුවෙක්ගේ හඬින්ඒ මතකයක්ද? පාපොච්චාරනයකද?කුරුළු ඇටසැකිල්ල:නිල් පැහැ ඇබින්දක් ඉතිරුවුණු දිරාගිය පිහාටුමේ කුරුළු අට සැකිල්ලආවේ කොහොමද මෙතනටසිද්දවුනු දේ කවුරුහරි දැක්කද?(කැලේ ගහක් කඩන වැටෙද්දීඑක අහන්න කෙනක් හිටියේ නැත්තම්එතන හඬක් නැගුනද?)ඇත්තටම මොකද වුනේ මේ කුරුල්ලට?මේ කුරුල්ලා ජිවත් වුනේ…

Read More
විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක්     බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ  ඇරුනුනු කටින්     බේරුනා     කෙල     බිංදු     බිංදු ඉස්සරහ හිටි ගෑනු ළමයෙක්ගෙ කරට ඉඳගෙන හිටිය වයසක ගෑණු කෙනෙක් කරේ තිබ්බ පරණ කැලලක් වහගත්ත අතින් අනිත් හැමෝටම ගොඩක් වැදගත් දේවල් සිද්ද වුනා       ජනෙල් වලින් එලියේ මෙහා ඉවුරට ගොඩ බැස්ස බස් එකෙන් මං බැස්සා මගේ බස් මතකෙත් මකාගෙන          බස් එක යන්න ගියා බස් නැවතුමේ මිනිහෙකව දඩයම් කරගෙන කකා හිටපු සිංහයෙක් මං දිහා බලල විරිත්තුවා      ලේ හැලෙන දත් වලින් මං ලාවට හිනා වෙලා එතනින් මාරු වුනා (සිංහයා වුනත් අස්‍රය කරන්න ඕනෙ අතේ දුරින්) තව මිනිස්සු රැස් වෙලා හිටියා ඉවුර දිගට ප්ලාස්ටික් පුටු තියාගෙන මගේ යාළුවොත් හිටියා ඒ අතර මං එකතු වුනා ඒ ගොල්ලන්ට ටිකකින් ආපු හෙලිකොප්ටරයකින් අල්ලපු ඉවුරෙ මුඩුක්කු වලට     බෝම්බ දාන හැටි අපි බලන් හිටියා             පොප් කෝන් කකා අපි අත් දික් කරල ඒක අපේ පොඩි වුන්ටත් පෙන්නුවා අහසෙ මතුවෙච්ච කළු වළාකුළු ඇතුලෙන් ඇහුනා     පොඩි ළමයි කෑගහන හඬ ගොරවනවා! අද රෑ වහියි වගේ කවුදෝ කිවුවා

2025.01.30 – තරින්ද්‍ර ගලහේන

විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක්     බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ ඇරුනුනු කටින්     බේරුනා     කෙල     බිංදු     බිංදු ඉස්සරහ හිටි…

Read More

2024.10.27 | තරින්ද්‍ර ගලහේන

ඉරිදා තේ බෑගයක් වගේ හැන්දෑව අහසෙ දිය වුනා අහගෙන හිටපු සින්දුව ඉවර වෙලා කියල මට තේරුනේ සෑහෙන වෙලාවකින්! මම දිග හුස්මක් අරගෙන රාත්‍රිය පිළිගන්න සූදානම් වුනා තාමත් ලපටි රාත්‍රිය තුවාල කරගෙන තනින් තැන විදුලි එලි දැල්වෙන්න පටන් ගත්තා “ඇත්තටම, ආලොකය ගැන මොකද්ද මේ මිනිස්සුන්ට තියන සලබ උමතුව?” මම නිහඬතාවයේ ඉඳල කල්පනා කළා මේ නිහඬතාවය කණනාඩි…

Read More
Back To Top