ඊයේ රෑ සිහිනෙන් මියගිය මම භග්නාශා රෙදිකඩින් ඔතාගෙන මළකඳ උසුලා සොහොනට ගෙන ගොස් මගෙම අතින් වළ කැණ වැළලුයෙමි ඉන් පසු වළ මත දෙදණ ඔබාගෙන මමම මගේ මළගමට හැඬූයෙමි මගේ කඳුළුවල පොහොර ලබාගෙන මිනීවළෙන් මල් පැළයක් මතු විය වසර සියයකට පසු මා නැවතත් මගේ මිනිය ඇති සොහොනට ගිය විට ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක් පිපී සුවඳ විහිදුවමින් පැවතිණ එහෙත් මලින් ආ සුවඳ විඳින්නට පිනක් නොමැත දුක සේ මියගිය මට සදාකාලයේ නින්ද විසින් මා ඉඳුරන් හකුළා නිදි කරවා ඇත. ව්‍යංග්‍යා | මහගම සේකර

ව්‍යංග්‍යා | මහගම සේකර

ඊයේ රෑ සිහිනෙන් මියගිය මම භග්නාශා රෙදිකඩින් ඔතාගෙන මළකඳ උසුලා සොහොනට ගෙන ගොස් මගෙම අතින් වළ කැණ වැළලුයෙමි ඉන් පසු වළ මත දෙදණ ඔබාගෙන මමම මගේ මළගමට හැඬූයෙමි මගේ කඳුළුවල පොහොර ලබාගෙන මිනීවළෙන් මල් පැළයක් මතු විය වසර සියයකට පසු මා නැවතත් මගේ මිනිය ඇති සොහොනට ගිය විට ඒ මල් පැළයෙහි සුදු මල් පොකුරක් පිපී…

Read More
පෙන්වා මට ඔබගෙ පිළිරුව නිසල අහසක වලා රැල්ලක ඇසේවා මට ඔබගෙ කටහඬ නිසල වී ලොව හිඳින මොහොතක මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ ගුණ ගැයෙන දවසට මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ වෙත ළඟාවන විට යළිත් ඔබ වෙත සොයා එනවිට දයා පිරි ඔබේ දෑසින් සතුටු කඳුළක් ලැබේවා මට - මහගම සේකර නොපළ ගීත

මහගම සේකර නොපළ ගීත

පෙන්වා මට ඔබගෙ පිළිරුව නිසල අහසක වලා රැල්ලක ඇසේවා මට ඔබගෙ කටහඬ නිසල වී ලොව හිඳින මොහොතක මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ ගුණ ගැයෙන දවසට මගේ මෙහෙවර නිමා කොට මා යළිත් ඔබ වෙත ළඟාවන විට යළිත් ඔබ වෙත සොයා එනවිට දයා පිරි ඔබේ දෑසින් සතුටු කඳුළක් ලැබේවා මට – මහගම සේකර නොපළ ගීත

Read More
මගෙ කවියෙන් ඔබ දකින්න | මහගම සේකර

මගෙ කවියෙන් ඔබ දකින්න | මහගම සේකර

මගෙ කවියෙන් මා නො සොයන්. අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පෑයෙන් පායන පහන් තරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි හැම දෙන යමින් සිටිමු එකම අතට ඒ ගමනේ මට හමු වන ගල් පර්වත හෙල් ප්‍රපාත මට වාගෙම ඔබ හැමටත් යම් දවසක හමු වනු ඇත. දෙපය බැඳෙන මළ පුඬුවෙන් ඔබ යන…

Read More
Back To Top