isuru chamara somawera ronsudunu suwada s

‘ලිවීම මාව බේරගත්තා’ – ඉසුරු චාමර සෝමවීර ‍(රොන්සුනු සුවඳ 02)

කොන්ස්ටැන්ටයින් පවුස්තවුස්කි ‘රන්රෝස’ කෘතියේ කියන්නේ, රන්කරුවන් ඉවත් කළ කුණු රොඩු අතර ඇති රන්සුනු එකතුකර රමණීය රන්රෝස මලක් තැනූ ෂාමීට්ගේ ​කතන්දරය යි. නිර්මාණකරුවාද සිය ජීවන අත්දැකීම් අතරින් රන්සුනු සොයාගෙන නිර්මාණය නම් රන්රෝස මල තැනිය යුතු බව පවුස්තවුස්කි කියයි. එය කවියක්, සිතුවමක්, කෙටිකතාවක්, නවකතාවක්, සිනමාපටයක් යනාදී ඕනෑම ආකාරයක නිර්මාණයක් වන්නට පුළුවන්. අප මේ වෑයම් කරන්නේ එවන් විවිධාකාර…

Read More
ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං ... අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට... ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ දිලිසෙන ගෑනියෙක් ඉන්නවා මට දෑවැද්දකුත් එක්ක ම අම්මා හොයා දුන්... හදන්නට ගෙය හත් අට පොළකින් ම ගත් ණය ගෙවන්නට ඇතත් මැරෙනකං මහ ලොකුවට නැතත් තියනවා මට මගෙ ම කැතක් නැති ගේ පොඩිත්තක් ඔහේ වැටිලා ඉන්නට රිදෙන්නේ නැතිව ඉදිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන් දන්නවා හොඳහැටි මං ඉතින් මං සතුටින් පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං... තවත් වෙන මොනව ද මිනිහෙකුට මං හුඟක් සතුටින් ඉසුරු චාමර සෝමවීර තාණ්ඩව

ඔයා සතුටින් ද ? | ඉසුරු චාමර සෝමවීර

ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං … අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට… ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ…

Read More

සිහින නිවහන – ඉසුරු චාමර සෝමවී​ර

සිහින නිවහන   එකල අපි එඬේරන් මෙන් වීමු හැදූ වැඩූ ගහකොළ සිප කඳුළින් තෙමා කුලී නිවසින් නිවසට මාරු වී ආවෙමු   දෑතින්ම දොර යතුරු බාර දී “ගිහින් එන්නම්” යැයි කියා අදත් නෙත් තෙත් කරන මතක පමණක් රැගෙන ආවෙමු   මා පසෙක නිදියන, දාස්පෙති ගාලේ සමනලුන් හඹා යන, සුදුම සුදු, නිදිමත බැළලියක් විය අපට   ඊළඟ…

Read More

මළ ගෙදර | ඉසුරු චාමර සෝමවීර

පහසු නැත සීරුවෙන් තේරිය යුතුය යහපත් වචන තවරා ගත යුතුය මඳ ශෝකය හඳුන්වා දිය යුතුය මා යාළුවෙක්… යාළුවෙක් ? ඔව් යාළුවෙක්… හැඬීමට අවසර නැත මට ඔබේ සැමියා ගෙන එන නෙස්කැෆේ තිත්තය ඔබ දෙතො පෙර මෙන් මෘදු නැත කළුය වියළිය මල් වඩම් වගුරන සුවඳ අපුලය යා යුතුය මා ආපසු – ඉසුරු චාමර සෝමවීර

Read More
Back To Top