
සුභා | ෂර්මිලා බංදුනී දංවත්ත
සාලයේ ඇති බට්ටා පැද්දෙන ඔරලෝසුවේ පාන්දර දෙක වැදුනේ මීට සුළු මොහොතකට පෙරය.බැඳපු අළුත පරණ බඩු කඩ පීරමින් නව නිවසට ගෘහ භාණ්ඩ සොයනා කාලයේ සුභාගේ වුවමනාවට තෝරාගත් ඔරලෝසුව මේ නිවසේ පදිංචියට විත් වසර තිස් පහක් පමණ වේ. දීර්ඝ ග්රීශ්ම සමයක් නිමා කරමින් හවස් වරුවේ ඇරඹි වැස්ස දැන් සිහින් පොද වැස්සක් බවට පත්වී ඇත.වැසි ඇදහැලෙන විට දොර…