කුණ්ඩලකේසී | රුවන් බන්දුජීව
කෙස්ස උස්කරන් බැඳගෙන – රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට – තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක – කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන – පියාඹා ගිහින් වැලිකඩ කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී සූදු…