"ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන'' ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු ය. වර්තමානයේ රූපවාහිනියේ විකාශනය වන බහුතර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාගේ ඇඟේ හැප්පෙන තරමට විකෘති වී ඇත. අති සරල දෛනික ජීවිතයේ අප අසන, කියවන පුවත්පත් වාර්තා හෝ ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල සිදුවීමි මෙන් ටෙලිනාට්‍යවල අන්තර්ගත හරසුන් ටෙලිනාට්‍යය දක්නට ලැබෙි. ලාංකේය නූතන ටෙලිවිෂනයේ අටෝරාසියක හරසුන් ටෙලිනාට්‍යය මධ්‍යයේ ටෙලිනාට්‍යයක් යැයි කිවහැකි අපුරු නිර්මාණයක් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ඒ තරංගා දිසානායක රචනා කළ 'කඳුළු කුණාටුව' නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වූ 'ඉරගිනි මද්දහන' ටෙලි වෘතාන්තයයි. නවකතාවකින් ටෙලිනාට්‍යක් සාර්ථකව ටෙලි රූපයට නැඟීම දැඩ් අභියෝගයකි. නවකතාව තුළ අකුරු, වචන, වාක්‍ය සහ ජේදවලින් විස්තර කරන චරිත සහ සිදුවීමි ඇතුළත් සමස්ත ආඛ්‍යානය රූපයට නැඟීම වඩාත් විශ්වාසදායිව, නිර්මාණශීලිව කළ යුතු ක්‍රියාදාමයකි. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යයේ කතාව යථාර්ථවාදී වූ එකකි. කේන්ද්‍රිය චරිතය වන්නේ සමන්තා නම් ස්ත්‍රියකි. කුඩා කාලයේදීම සමන්තාගේ මව මරණයට පත් වෙයි. සමන්තාගේ ළමා කාලය එතරම් සුන්දර වූ එකක් බවට පත් නොවන්නේ මවගේ වියෝව නිසාමත් දැඩි අසරණබවත් නිසාමයි. සමන්තා පවුලේ වැඩිමලා වෙි. ඇයට සහෝදරයකු සහ සහෝදරියක් ද සිටියි. මළගිය මවගේ සොහොන අසලින් වැලපෙන සමන්තා තම මල්ලි ද ඉණෙහි ගසාගෙන, නැගණියගේ අතින් අල්ලාගෙන ගමන් ගන්නා සමන්තාට මෙතැන් සිට ජීවිතය ගෙවිය යුතුවන්නේ ස්ත්‍රීයකට සමාජයෙන් නිරායාසයෙන්ම ලැබෙන අපමණ අභියෝග මධ්‍යයේය. පුරුෂාධිපත්‍යය දරණ සමාජයක සමන්තාගේ ජීවිතය තුළ ද ඇයට කියන්නට කතාවක් තිබේ. පුරුෂයකුගේ සරණක් නොමැතිව සමන්තා අනෙකුත් ගැහැණුන් මෙන් ගමනක් ද නැත. පුරුෂයකුගේ පිහිට සමන්තා බලාපොරොත්තු වෙයි. බණ්ඩාර නම් කඩසම් තරුණයා කෙරෙහි සමන්තාට ප්‍රේමයක් හටගනී. නමුත් බණ්ඩාර වඩාත් ආසක්ත වූයේ සමන්තාගේ ශරීරයටයි. බණ්ඩාර වැනි අවස්ථාවාදී මිනිසෙකු ඉදිරියේ සමන්තාට ජීවිතයක් නොමැති බව අවබෝධ වන්නේ බොහෝ කල් ගොසිනි. බණ්ඩාර අත්හැර මහතුන් සමඟ තම ජීවිතය ගෙනයන්නට තීරණය කරන්නේ ආර්ථිකමය වශයෙන් දියුණු විමේ විශාල බලාපොරොත්තුක් සිතෙහි දරාගෙනයි. මහතුන්, බණ්ඩාර වැනි සාම්ප්‍රදායික අදහස් දරණ පිරිමින් ඉදිරියේ දිරිය ගැහැණියක ලෙස සමන්තාගේ ජීවිතය දෛවය විසින් සැලසුම් කර දෙන්නේ කෙසේද? සමන්තා ලෙස තියුණු රංග ප්‍රතිභාවක් ප්‍රකට කරන නිළි තරින්දි ප්‍රනාන්දු ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනී. ටෙලිනාට්‍යයේ ජීවගුණය රඳා පවතින්නේ තරින්දිගේ රංග පරාක්‍රමය තුළ ය. මහතුන්ගේ චරිතය නිරූපණය කරන නළු චමීර ලියනගේ සහ බණ්ඩාරගේ චරිතය සඳහා පණ පොවන නළු ධනංජය සිරිවර්ධනගේ අපුරු රංගනය විසින් ලාංකේය සාම්ප්‍රදායික පිරිමියාගේ නිරූපණයක තොරතුරු ගෙනහැර දක්වයි. විශේෂයෙන් මහතුන් වැනි කම්මැලිකම වැනි ඔිලාරික ගතිපැවතුම් ඇති පිරිමියෙකු සහ බණ්ඩාර වැනි සල්ලාල පිරිමියෙකු ගති ලක්ෂණ පිළිබඳ ප්‍රේක්ෂකාගාරය යළිත් වරක් සිතන්නට පොළඹවයි. නිදර්ශනයක් ලෙස බණ්ඩාර විසින් සමන්තාගේ ධෛර්යසම්පන්නබව හෑල්ලුවට ලක් කරමින් ඔහුගේ අසමත්බව ප්‍රකට කරන එක සංවාදයකි. "ඔය මේ ඉඳිආප්ප තම්බලා..මාලිගාවල් ගහන්න පුලුවනැයැ....ගිහින් මහතුවගේ ලාච්චුව කඩලා සල්ලි ටිකක් අරන් එනවා...නැත්නම් අර වාහනේ උස්සන් යයි....මමත් මාළිගා ගහන්න තමයි හිටියේ. මට ඒ හැමදේම නැති වුණා. ඒ ඔක්කොම වුණේ තමුසේ හින්දා..." නිදි ඇදේ සිටින බණ්ඩාර විසින් තම අසමත්බව වසාගන්නට බැණ වදින්නේ ඉඳි ආප්ප තම්බමින් ජීවිතය සරි කරගන්නට වෙර දරණ සමන්තා වෙතට ය. ටෙලිනාට්‍යයේ එක් සාධනීය ලක්ෂණයක් වන්නේ සෑම චරිත නිරූපණයක් ම සමබර තලයක පැවතීමයි. ටෙලිනාට්‍යයේ එන චරිත මෙරට සමාජය තුළ ජීවත් විය හැකි විශ්වසනීය ගුණයෙන් යුක්ත ඒවායි. මෙහි සුදන හෝ දුදන හෝ චරිත නොමැත. ඒ සියල්ලම මනුෂ්‍යත්වයේ දුර්වලතා ලෙස ගොඩ නැඟේ. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යය ලලිත් රෝහිත එදිරිසිංහයන් විසින් අධ්‍යක්ෂණය කරයි. ඔහු ටෙලි නාට්‍ය වෙනුවෙන් යොදා ඇති අපමණ වෙහෙස සහ ව්ශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නඟන රූප රිද්මය වැදගත් වේ. රූප නිර්මාණය සහ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි. චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි. සමන්තා, බණ්ඩාර සහ මහතුන් අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. ලාංකේය සමාජය තුළ නූතනයේ දෘෂ්ටිවාදයක් ලෙස ක්‍රියාත්මක වන ගැහැණිය විසින් පිරිමියාගෙන් යැපීම සම්බන්ධ දෘෂ්ටිවාදය වෙතට 'ඉරගිනි මද්දහන' අභියෝග කරයි. එහිදි එම සාම්ප්‍රදායික රාමුව 'සමන්තා' කඩා බිඳ දමයි. සමන්තා ස්ත්‍රීවාදය නියෝජනය කරන චරිතයක්ද නොවේ. නමුත් සමන්තාගේ දෘෂ්ටිය පවතින්නේ පිරිමි සමාජයටම වෛර කරන පුරුෂෝත්තමවාදයට එරෙහිව කැරලි ගසන තැනක නොවේ. සමන්තාගේ අවිය වන්නේ ධෛර්යසම්පන්නබවයි. ස්වාධීනව තම ජීවිතය ගෙනයන්නට ඇය වෙර දරයි. ඇය පිරිමින්ගේ තාඩන පීඩනවලට, නොයෙකුත් ගැරහුම්වලට ලක් වෙයි. පුරුෂයාගේ ලෝකය තුළ ඈ අතරමං වෙයි. නමුත් ඇය අසමත් වන්නේ නැත. අසමත් වූ තැනින් ඇය නැඟී සිටියි. ලාංකේය නූතන ටෙලිනාට්‍ය කලාව තුළ ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඇය දුර්වල, දෙවන පෙළ පුරවැසියෙකු ලෙසත්, මවක ලෙස, ගෘහණියක ලෙස, දියණියක, නැගණියක ලෙස පවුලේ යුතුකම් හා වගකීම් කරපින්නා ගත් කෙනෙකු ලෙස පමණක් නිරූපනය කිරීමත්, ඒ පිළිබඳ දෘෂ්ටිය ඉදිරියට ගෙන යාමත් දැකිය හැකි ය. මෙම සම්ප්‍රදායිකත්වයට අභියෝග කරන 'ඉරගිනි මද්දහන' වැනි යම් යම් කලා නිර්මාණ, රූපවාහිනි වැඩසටහන් කිහිපයක් පමණක් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ය. විධායක ශ්‍රේණිවල කටයුතු කරන, නව නිපැයුම් බිහිකරන, ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් අතර නම රඳවන පිරිස් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඊට එරෙහිවීම ආදිය ඊට නිදසුන් ලෙස සැලකිය හැකිය. එසේ වුවද ඒ ඉතාමත් කලාතුරකින් බැව් නැවත නැවතත් අවධාරණය කළ හැකි ය. 'ඉරගිනි මද්දහන' ලාංකේය නූතන ජීවිතය සහ සමාජය පිළිබඳ පරිණත දැක්මක් සහිත ටෙලි ප්‍රකාශනයකි. ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැනි තේමා අරභයා සිදු කළ කදිම නිර්මාණයකි. 'ඉරගිනි මද්දහන' ගුණාත්මක ටෙලි වෘතාන්තයක් වශයෙන් ප්‍රේක්ෂකාගාරය ප්‍රඥා සම්පන්න කරන අග්‍රකෘතියක් (masterpiece) වන්නේ එහෙයිනි. -මලින්ත විතානගේ- imalkamalintha@gmail.com

“ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන” ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන්…

Read More
'සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.' - Eat, Pray, Love පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ "Eat, Pray, Love'' චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත් අරන් කාලයක් ගිහින් එයාට දික්කසාද වෙන්න සිද්ධ වෙනවා. ආදරය කරලා දික්සසාද වෙන්න වෙනවා කියන්නේ ඊට වැඩිය සංකීර්ණ දෙයක් නම් තවත් නෑ. ඇයි ආදරය කරලා විවාහ වෙලා දෙන්නා අන්තිමට දෙපැත්තට වෙනවා කියන්නෙම සරලව කියවගන්න පුඑවන් දෙයක් නෙමෙයි. එළිසබෙත් දික්කසාදයෙන් පස්සේ ලොකු පීඩාවකට පත් වෙනවා. මේ පීඩාව නැති කරගන්න එයා ඇවිදින්න පටන් ගන්නවා. ආධ්‍යාත්මයක් සොයා ගෙන යනවා. එළිසබෙත් ඉතාලියේ රෝම අගනුවර නටබුන් අස්සේ ඇවිදිමින් අලුත් යහළුවන් එක්ක සතුටින් ගත කරන්න වෙලාව වෙන් කර ගන්නවා. ඒ විතරක් නෙහෙයි එයා ඉන්දියාවට යනවා යෝගා කරන්න. ඉන්දියාවෙන් ඊළඟට යන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට. එළිසබෙත්ට මෙන්න මෙතැනදි තමයි තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ. බාලි දුපත්වල ලස්සන විඳින්න ව⁣ගේම, ඉන්දුනීසියානු දූපත්වලට ආවේණික රඹුටන්, දූරියන් කියන පළතුරුවල රහ විඳින්නත් එයා අමතක කරන්නේ නෑ. එළිසබෙත්ගේ ජීව්තයේ මඟ හැරිලා තිබුනෙම මල්, පළතුරු, ගස්වැල්, ගංගා, ඇළදොළ, මුහුදු වෙරළ එක්ක තිබ්බ සම්බන්ධය. සොබාදහම එක්ක ජීවත් වෙන්න එළිසබෙත් තීරණය කරන්නේ තමන්ගේ මානසික ප්‍රශ්නවලට බෙහෙත් විදියට. එළිසබෙත්ගේ මේ සංචාරක ජීවිතය ඇතුළේ අපිට දකින්න පුඑවන් වෙන දේ තමයි අලුත් මිනිස්සු මුණ ගැහෙන එක. අලුත් මිනිස්සු මුණ ගැහෙනවා කියන්නේ අපේ ආත්මය ටික ටික යාවත්කාලීන කරන දෙයක්. අලුත් අත්දැකීමිවලට වගේම අලුත් රිදවීම්වලට සුදානම් වෙන්න කියලා මේ අලුත් මිනිස්සු හමුවීමත් එක්ක අපිට අණ කරනවා. එළිසබෙත් වගේම අපිටත් අපේ ජීවිත ඇතුළේ විටින් විට මිනිස්සු මුණ ගැහෙනවා. සමහර මිනිස්සු අපි ළග නතර වෙනවා. සමහර මිනිස්සු මඟින් හැරිලා යනවා ආයේ නැවත හමු නොවෙන්නම. සමහර අය කලාතුරකින් හමු වෙනවා මැරෙනතුරාවට අපි එක්ක ඉන්නම. චිත්‍රපටිය පුරා තියෙන්නේ පෙරදිගට ඇවිල්ල සුවපත් වෙන එළිසබෙත් කියන ස්ත්‍රිය ගැන. යුරෝපයේ ආහාර, සොබා සෞන්දර්ය, මිනිස් ඇසුර, භාවනාව එක්ක ජීවිතේ නැවත හොයාගන්න හැටි, පැවැත්මේ තුවාල සුවපත් කරගන්න හැටි ගැනත් තියෙනවා. අත බලලා කියන සාස්තර, දෙවියන්, අධියථාර්තය ඇතුලේ දිගහැරෙන පසුනූතන ජීවිතයක් සමඟ ආදරය නැවත හොයාගන්න හැටි ගැන චිත්‍රපටයේ ඇතුළේ කතා කරනවා. එළිසබෙත්ගේ ජීවිතයත් අපේ වගේම තමයි. ආදරය කරනවා, අලුත් කෑම කනවා, දෙවියන් යදිනවා, ඇවිදිනවා, අලුත් මිතුරන් ඇතිවෙනවා. මෙි දේවල් අපේ ජීවිතය එක්ක බද්ධ වෙච්ච දේවල්. හැබැයි මිනිස් සම්බන්ධතා කොච්චර තිබුණත් සොබාදහම විඳින්න විතරක් අමතක කරන්න එපා කියලා, එළිසබෙත් අපිට දැඩිව අවධාරණය කරලා කියනවා. සොබාදහම විඳිනවා කියන්නේ වත්තේ තියෙන රෝසමලක්, සපත්තු මලක් දිහා ආදරයෙන් බලන් ඉන්නවා වගේම හවසක ගෙදර ඉස්සරහා පොල් ගස් අස්සෙන් එහෙමත් නැත්නම් අඹ ගහ ගාවින් රන්වන් පාටින් ඉර බැහැගෙන යන එක බලන් ඉන්න එකත් එක්තරා විඳිමක්. -මලින්ත විතානගේ-

‘සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.’ – Eat, Pray, Love

පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ “Eat, Pray, Love” චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත්…

Read More
'ද නිවියෝර්ක් ටයිම්ස් 21වැනි සියවසේ හොඳම චිත්‍රපට 100 තෝරයි' ඇමරිකාවෙි සුප්‍රකට පුවත්පතක් වන 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත විසින් 21වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100ය නමි කර ඇත. 2000 වසරේ ජනවාරි 1 වන දින සිට මේ දක්වා නිකුත් වූ හොඳම චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපට සියය තේරීම සඳහා ලොව පුරා සිටින අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, විචාරකයන් 500කට අධික සංඛ්‍යාවක් විසින් ඡන්දයකින් තේරීම සිදු කර ඇත. පසුගිය වසර 25ක කාලයක් පුරා තිරගත වූ සිනමාපට රාශියක් අතුරින්, මෙම සිනමාපට 100 දෙස නිරික්ෂණය කර බැලීමේ දී මේ සඳහා එකදු ඉන්දියානු සිනමාපටයක් හෝ තෝරාගෙන නොතිබීම මෙම ලැයිස්තුවේ තිබෙන ප්‍රධාන දුර්වලතාවයකි. එමෙන්ම එකදු තුර්කි සිනමාපටයක් හෝ රුසියානු චිත්‍රපටයක් මෙම ලැයිස්තුවට ඇතුළත් වි නැහැ. සිනමාපට 100 අතරට ඇමරිකාව නොහොත් හොලිවුඩ්, කොරියාව, ඉරානය, ජපානය, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, මෙක්සිකෝව යන රටවල් නියෝජනය කරන චිත්‍රපට ලැයිස්තුව සඳහා ප්‍රමුඛ වශයෙන් ඇතුළත් වී ඇත. විශේෂයෙන් හොලිවුඩයේ සිනමාකරුවන් වන 1. ස්ටීවන් ස්පීල්බර්ග්(Minority Report) 2.ක්‍රිස්ටෝපර් නෝලන්(The Dark Knight, Inception, Interstellar, Memento, Oppenheimer) 3.මාටින් ස්කොසෙස්(The Wolf Of wall street, The Departed) 4.ඩෙිවිඩ් ලින්ච්(Mullholland Drive) 5.කොඑන් සොයුරන්(A serious Man, No Country For Old Men) 6.වෙස් ඇන්ඩර්සන්(The Grand Budapest Hotel) 7..පෝල් තෝමස් ඇන්ඩර්සන් (There Will be Blood, The Master, phantom thred) 8.ජොර්ජ් මිලර්(Mad Max : Fury Road) 9.ඩෙනිස් වැලනිවු (Arrival) 10.ක්ව්න්ට්න් ටැරැන්ටිනෝ(Inglourious Basterds, Kill Bill: Vol. 1, Once Upon Time In Hollywood) 11. අල්ෆොන්සෝ කූරාන්(Y tu mama tambian, Gravity, Roma, Children Of Men) 12.ඩෙිවිඩ් ෆින්චර්(Zodiac, Gone Girl) 13.බොන්ග් ජොන්ග් හෝ(Memories of Murder, Parasite)වැනි සිනමාකරුවන්ගේ සිනමා නිර්මාණ බොහෝමයක් ඇතුළත් වී තිබීම කැපී පෙනේ. මෙම ලැයිස්තුව සඳහා සුප්‍රකට විශිෂ්ට යැයි ප්‍රේක්ෂකයන් සහ විචාරකයන් නම් කර ඇති 'Dune', 'Joker', 'Bebel', 'Incendies' සිනමාපට තෝරාගෙන නොමැත. එමෙන්ම සුප්‍රකට සිනමාකරුවන් දෙදෙනකු වන ජපන් සිනමාකරු 'හිරේකේසු කොරීඩා' සහ මෙක්සිකෝ ජාතික සිනමාකරුවකු වන 'ඇලහැන්ද්‍රෝ ඉනාරිතු' විසින් 2000 වසරෙන් පසු අධ්‍යක්ෂණය කළ එකදු සිනමාපටයක් ⁣හෝ මෙම විශිෂ්ඨ චිත්‍රපට 100යේ ලැයිස්තුවට ඇතුළත් කර නොමැත. 1.Parasite(2019) 2.Mulholland Drive(2001) 3.There Will Be Blood(2007) 4.In the Mood for Love(2001) 5.Moonlight(2016) 6.No Country for Old Men(2007) 7.Eternal Sunshine of the Spotless Mind(2004) 8.Get Out(2017) 9.Spirited Away(2002) 10.The Social Network(2010) 11.Mad Max: Fury Road(2015) 12.The Zone of Interest(2023) 13.Children of Men(2006) 14.Inglourious Basterds(2009) 15.City of God(2003) 16.Crouching Tiger, Hidden Dragon(2000) 17.Brokeback Mountain(2005) 18.Y tu mamá también(2002) 19.Zodiac(2007) 20.The Wolf of Wall Street(2013) 21.The Royal Tenenbaums(2001) 22.The Grand Budapest Hotel(2014) 23.Boyhood(2014) 24.Her(2013) 25.Phantom Thread(2017) 26.Anatomy of a Fall(2023) 27.Adaptation(2002) 28.The Dark Knight(2008) 29.Arrival(2016) 30.Lost in Translation(2003) 31.The Departed(2006) 32.Bridesmaids(2011) 33.A Separation(2011) 34.Wall-E(2008) 35.A Prophet(2010) 36.A Serious Man(2009) 37.Call Me by Your Name(2017) 38.Portrait of a Lady on Fire(2019) 39.Lady Bird(2007) 40.Yi Yi(2000) 41.Amélie(2001) 42.The Master(2012) 43.Oldboy(2005) 44.Once Upon a Time in Hollywood(2019) 45.Moneyball(2011) 46.Roma(2018) 47.Almost Famous(2000) 48.The Lives of Others(2007) 49.Before Sunset(2004) 50.Up(2009) 51.12 Years a Slave(2013) 52.The Favourite(2018) 53.Borat: Cultural Learnings of America for Make Benefit Glorious Nation of Kazakhstan(2006) 54.Pan’s Labyrinth(2006) 55.Inception(2010) 56.Punch-Drunk Love(2002) 57.Best in Show(2000) 58.Uncut Gems(2019) 59.Toni Erdmann(2016) 60.Whiplash(2014) 61.Kill Bill: Vol. 1(2003) 62.Memento(2001) 63.Little Miss Sunshine(2006) 64.Gone Girl(2014) 65.Oppenheimer(2023) 66.Spotlight(2015) 67.Tar(2022) 68.The Hurt Locker(2009) 69.Under the Skin(2014) 70.Let the Right One In(2008) 71.Ocean’s Eleven(2001) 72.Carol(2015) 73.Ratatouille(2007) 74.The Florida Project(2017) 75.Amour(2012) 76.O Brother, Where Art Thou?(2000) 77.Everything Everywhere All at Once(2022) 78.Aftersun(2022) 79.The Tree of Life(2011) 80.Volver(2006) 81.Black Swan(2013) 82.The Act of Killing(2013) 83.Inside Llewyn Davis(2013) 84.Melancholia(2011) 85.Anchorman: The Legend of Ron Burgundy(2004) 86.Past Lives(2023) 87.The Lord of the Rings: The Fellowship of the Ring(2001) 88.The Gleaners & I(2001) 89.Interstellar(2014) 90.Frances Ha(2013) 91.Fish Tank(2010) 92.Gladiator(2000) 93.Michael Clayton(2007) 94.Minority Report(2002) 95.The Worst Person in the World(2021) 96.Black Panther(2018) 97.Gravity(2013) 98.Grizzly Man(2005) 99.Memories of Murder(2005) 100.Superbad(2007) -මලින්ත විතානගේ- imalkamalintha@gmail.com

‘ද නිවියෝර්ක් ටයිම්ස් 21වැනි සියවසේ හොඳම චිත්‍රපට 100 තෝරයි’

ඇමරිකාවෙි සුප්‍රකට පුවත්පතක් වන ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත විසින් 21වැනි සියවසේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම චිත්‍රපට 100ය නමි කර ඇත. 2000 වසරේ ජනවාරි 1 වන දින සිට මේ දක්වා නිකුත් වූ හොඳම චිත්‍රපට අතුරින් හොඳම චිත්‍රපට සියය තේරීම සඳහා ලොව පුරා සිටින අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, විචාරකයන් 500කට අධික සංඛ්‍යාවක් විසින් ඡන්දයකින් තේරීම සිදු කර…

Read More
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි. සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි. චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි. දේශප්‍රේමය සහ දේශපාලනය චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි. -මලින්ත විතානගේ-

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට…

Read More
"ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ'' - Sinners කළු - සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන 'Sinners (පව්කාරයෝ)' හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික ශරීරය 'වෙනස' සලකුණු කරන සමාජ - සංස්කෘතික හා වාර්ගික පිටපතක් ලෙස ක්‍රියා කරනවා. ඇමරිකාව කෙතරම් දියුණු රටක් වුවද ඔවුන්ගේ සමාජයේ අනාදිතමත් කාලයක සිට පවතින දැවැන්ත සමාජ ගැටුමක් තිබේ. ඒ ඔවුන්ගේ ජාතිවාදය පිළිබඳ ගැටළුවයි. ඇමරිකානු සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර ගැටුම පිළිබඳ දශක ගණනාවක සිට ඔවුන්ගේ සමාජයේ, ඉතිහාසයේ තිබෙන ප්‍රධානතම ජනප්‍රිය මාතෘකාවකි. මේ නිසාම හොලිවුඩි සිනමාවෙන් වසරකට ඇමරිකානු කළු ජාතිකයන්ගේ වර්ණ⁣භේදවාදය සම්බන්ධ කේමා ඇතුළත් බොහෝමයක් චිත්‍රපට නිෂ්පාදනය කරයි. 'Sinners' යනු එවැනි ගණයේ චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1930 දශකයේ පැවති කළු - සුදු වර්ණභේදවාදය ඉතාමත් දරුණුවට පැවති යුගයක සිදුවන අතිශය ප්‍රබන්ධ කතාවකි. කළු - සුදු වර්ණභේදවාදය මා වඩාත් අවධානය යොමු කරන කලාපයකි. එනයින් 'Sinners' යනු මා වඩාත් කැමතිම වර්ගයේ චිත්‍රපටයක් වන්නේ ඒ නිසා ය. සමේ වර්ණය නිසාම මනුෂ්‍යයන් අතර පවතින ගැටුම සිනමා ආඛ්‍යාන තුළ ස්ථානගත කරන්නේ කෙසේද? යන්න නිරික්ෂණය කළ යුතු අධ්‍යයන කලාපයකි. 'Sinners' සිනමාපටයේ බහුල ලෙස කළු ජාතිකයක්ගේ ආත්මය බඳු 'බ්ලුස්' සහ 'ජෑස්' සංගීතය භාව්තා වෙයි. අනෙක් පසින් කළු ජාතිකයන්ගේ ශ්‍රමය වගුරුවන ලද 'කපු වගාව' ද සිනමාපටයේ අවස්ථා ගණනාවකදි නිරූපණය වෙයි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගලය තෙරක් නොපෙනෙන කපු වගා භූමිය මැදින් තම ගමන් මාර්ගය සිදු කිරීම. චිත්‍රපටය බැලු බැල්මට සුදු ජාතිකයන් විවෙිචනය කරන ජාතිවාදී චිත්‍රපටයකි. කළු ජාතික ප්‍රජාව ඉතා සතුටින් නැටුම්, වැයුම්, ගැයුම් සමඟ සිටින මොහොතක ඔවුන්ගේ සතුටුදායක මොහොත උදුරා ගන්නට සුදු ජාතිකයන් ලේ උරාබොන වැම්පයර් වේශයෙන් පැමිණෙයි. චිත්‍රපටයේ පැහැදිලවම ⁣සුදු ජාතිකයන් ඉතා දුෂ්ට මිලේචිජසහගත පිරිසක් බව ඉන් සංකේතවත් වෙයි. මෙය හුදෙක්ම වැමිපයර්වරු සම්බන්ධ චිත්‍රපටයක් නොවන්නේ මෙතැනදිය. එය දේශපාලනික චිත්‍රපටයකි. ජාතිවාදී ප්‍රකාශනයකි. කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන 'රයන් කුග්ලර්' විසින් අධ්‍යක්ෂණය කළ 'Sinners' වැනි ජාතිවාදී චිත්‍රපටයක් හුදෙක්ම Horror පන්නයේ චිත්‍රපටයක් ලෙස සිතා බැහැර කළ නොහැකිය. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'බිලැක් පැන්තර්' වැනි සුපිරිවීර චිත්‍රපටයක් හරහා තම ජාතිය වීරත්වය නැංවීය. හොලිවුඩයේ සිටින ජනප්‍රිය කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන ජෝර්දාන් පීලේ අධ්‍යක්ෂණය කළ 'Get Out' වැනි Horror ශානරයේ චිත්‍රපටයේ ද මෙවැනි දේශපාලනික අන්තරගතයක් තිබුණි. 'Sinners' අන්තර්ගත වැමිපයර් කතන්දරයට අමතරව අප වඩාත් සියුම්ව කියවිය යුතු කාරණා රැසක් චිත්‍රපටය තුළ තිබෙි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇමරිකානු කළු ජාතික නළු 'මයිකල් බී. ජෝර්දන්' සිදු කරන රංගනය ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනා ගන්නට සමත්කම් දක්වයි. ඔහුගේ මුහුණේ අවස්ථානුකුලව වෙනස් වෙන භයංකාරත්වය සහ සතුට පිළිබඳ භාව ප්‍රකාශන නිරූපණය වඩාත් ප්‍රශස්ථ අන්දමින් සිදු කරයි. චිත්‍රපටයේ රතු සහ කළු වර්ණයේ ප්‍රභේද සංයෝජනය, කැමරාකරණය සහ ආලෝකකරණය චිත්‍රපටයේ කතාව තීව්‍ර කරන සිනමාත්මක සාධක වෙති. Low key Lightning (මඳ ආලෝකය) යටතේ රූපගත කර ඇති 'Sinners' Horror ශානරයට උචිත වර්ණ මාලාවක් භාවිතා කර තිබේ. ඒ අර්ථයෙන් 'Sinners' යනු සිනමාත්මක චිත්‍රපටයකි. නමුත් දේශපාලනික වශයෙන් චිත්‍රපටයේ ගෙනෙන ජාතිවාදී පණිවුඩය එතරම් හොඳ නැත. එය අධ්‍යක්ෂවරයාගේ අන්තගාමි ප්‍රකාශනයකි. චිත්‍රපටය ඇතුළේ ප්‍රමුඛ වශයෙන් මාතෘකාගත වන කාරණාව සුදු - කළු වර්ණභේදය බව අධ්‍යක්ෂවරයා විසින් දැනටමත් පවසා අවසන්. සුදු ජාතික ප්‍රජාව විසින් කළු ජාතිකයන් පාලනයට නතු කර ගැනීම සහ එය සිදු කරන්නේ කෙසේද? යන්න සහ කළු ජාතිකයන්ගේ වීරත්වය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස චිත්‍රපටය තුළ සංකේතානුසාරයෙන් නිරූපණය කරනවා. තම පැවැත්මට බාහිරින් තර්ජනයක් තිබෙිය යන මිථ්‍යාමය විශ්වාසය, ඇත්ත වශයෙන්ම මෙම බය ඒ ඒ ප්‍රජාවන් විසින් පරිකල්පනය කරනු ලබනවා මෙන්ම ඒක "පරිකල්පිත බියක්"(Imagined fear). එම පරිකල්පිත බිය වැම්පයර් වේශයෙන් දක්වයි. ස්මොක් සහ ස්ටැක් නිවුන් සොයුරන් දෙපළගේ දැඩි ආලකම විසින් ගිලගන්නා සුදු හම සහ කළු හම අතර ඇති ගැටුම අවසානයේ ලේ වැකුණු ප්‍රචණ්ඩත්වයෙන් ⁣කෙළවර වීම එක් පසෙකින් ජෝර්ජ් ෆ්‍රොලොයිඩ්ගේ මරණය දක්වා ඛෙිදවාචකය පිළිඹිබු කරන්නකි. අපි ප්‍රචණ්ඩත්වයේ සියවසක් පසුකරමින් සිටින බව යමි සංඥාවක් චිත්‍රපටය ඇතුළේ නිෂ්පාදනය කරනවා. ලෝක යුද්ධ, යටත් විජිත ජයග්‍රහණ, සිවිල් යුද්ධ, විප්ලව, ප්‍රතිවිප්ලව යනාදියෙන් මෙි සියවස පිරෙමින් පවතිනවා. ජාතිවාදී ගැටුමි නාමයෙන් මරණවලින් පාඩමි ඉගෙනගන්නට මනුෂ්‍යයා කිසිම මොහොතක සුදානමි නැති බව නැවත නැවතත් සිතන්නට බල කරන මෙවැනි ගණයේ චිත්‍රපටයක් අරපරෙස්සමෙන් යුතුව නැරඹිය යුතු ය. -මලින්ත විතානගේ-

ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ – Sinners

කළු – සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන ‘Sinners (පව්කාරයෝ)’ හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික…

Read More
'වාලම්පුරි' නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර 'වාලම්පුරි' නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග විසිනි. එහි කතා පුවත වූයේ කෝවිලකින් සොරා ගත් වාලම්පුරියක් සහ වාලම්පුරිවලට දැඩිව ආශා ඇති හීං බණ්ඩා නම් තරුණයකු වාලම්පුරි සොයා දිය යට කිමිදෙන වික්‍රමාන්විත කතා පුවතකි. කෙසේ නමුත් 1981 දී නිර්මාණය වූ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ කතාව පසුවට තබා ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' කතා කළ යුතුම ය. වාලම්පුරි සිඩිනිලාගේ කතාවයි. හුදෙක්ම වාලම්පුරියක් ගැන නොවෙි. නූගත්කමේත් දිළිඳුබවේත් සමාජ අසාධාරණයේ ප්‍රවාහයට හසු වූ සිඩිනිලාගේ කතාවයි. සිනමාපටයේ දෘශ්‍යමානය ඉක්මවන යටි අරුත් මඟින් ප්‍රකාශ වන්නේ තියුණු සමාජ දේශපාලිනික - ආර්ථික ප්‍රපංචයකි. කැකැරෙන සමාජ විරෝධයකි. සිනමාකරුවාගේ දේශපාලනික-සාමාජීය දෘෂ්ටිවාදය චිත්‍රපටය තුළ දැක්වෙන කතාවේ සියුම්ව ගෙනහැර දක්වති. වාලම්පුරි චිත්‍රපටයේ කතාව කෙසේවෙතත් එහි නළු නිළි කැලගේ රංගනය සහ⁣ දෙබස් පෞද්ගලිකයම වඩාත් සිත්ගත් කාරණා දෙකකි. මෙි දිනවල තිරගත වන නෙළුමි කුලුණ චිත්‍රපටයේ ද මෙම ලක්ෂණය දුටිමි. කුඹියෝ වැනි ගුණාත්මකවූත් නිෂ්පාදන වටිනාකමක් සහිත ටෙලිනාට්‍යයක් නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න සිනමාකරුවකු ලෙස ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ඨ වීම අතිශය සතුටුදායක දෙයකි. ලක්මාල් ලියු තිර පිටපත තුළ අලංකාරයක් ඇත. සීගිරිය වැනි ඓතිහාසික භුමියක ජීවත්වන තුන්වේල සරිකරගන්නට වෙර දරන ජහුටා නාට්‍ය කණ්ඩායමකගේ ජීවිත අනපේක්ෂිත ලෙස උඩුයටිකුරු වන කතා පුවත නම් ක්ලැසික් ය. චමත්කාරජනක කතාවකි. කුඹියෝ තුළ දුටු ලක්මාල්ගේ කැරළිකාරී ස්වරූපය වාලම්පුරි තුළ ද දක්නට ලැබෙි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටය ආරම්භවන දේශපාලනික ඇමතුම් සමිබන්ධ සමෝධානිත (montage) රූප පෙළ ලක්මාල් ධර්මරත්න නමි සිනමාකරුගේ ලාංකේය කුණු දේශපාලනය පිළිබඳ ඇති දැඩි විරෝධය පිළිබිඹු කරන්නකි. සිනමාකරුගේ අරමුණ වනුයේ අවසන් තීරණාත්මක ගැටුම දක්වා ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම මෙන්ම ඔවුන්ට ලාංකේය දේශපාලනික-සාමාජීය සංස්ථාව පිළිබඳ යමක් සිතන්නට ඉඩ ලබා දීමයි. මුළු චිත්‍රපටය පුරා වඩාත් අවධානය නතු කරගන්නා චරිතය වන 'සිඩිනි' නමි චරිතය සඳහා පණ පොවන ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය විසින් චිත්‍රපටයට ලබා දෙන වටිනාකම ඉතා ඉහළය. ප්‍රියන්ත ප්‍රකට කරන ප්‍රතිභාව අගය කළ යුතුම එකකි. අශාන් ඩයස්, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, දිල්හානි ඒකනායක, අංජන ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, කින්ග් රත්නමි, නිරෝෂන් විජේසිංහ, දර්ශන් ධර්මරාජ් වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිස මඟින් අපුරු රංග වින්‍යාසයන් පෙළක් එක දිගට දැකබලා ගන්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණ හාමුදුරුනමකගේ චරිතය නිරූපණය කරන සේවියර් කණිෂ්කගේ රංගනය තරමක් කෘත්‍රීම වෙි. වාලම්පුරි චිත්‍රපටයේ කතා තේමාව සාමාන්‍ය වූ එකකි. එය අපිට එදිනෙදා ජීවිතයේ නිතර දෙවෙිලේ පුවත්පත්වලින්, ටෙලිවිෂන්වලින් හමුවන තේමාවකි. එම කතා තේමාව යළිත් සිනමාවට ප්‍රබන්ධයක් ලෙස ගෙන ඒම කෙතරම් දුරට ප්‍රේක්ෂකයාට නවමුබවක් ඇති කරනවාද? යන්න ඉතාමත් පරෙස්සමෙන් යුතුව කල්පනා කළ යුතුය. සිනමාපටයේ කැමරාකරණය සහ සංස්කරණය යන ප්‍රධාන අංශ දෙක විසින් ගොඩ නඟන කතාවෙි රිද්මයානුකූලබව වැදගත් ය. කලා අධ්‍යක්ෂණය විසින් කතාවට ලැබිය යුතු අවකාශය මැනවින් ඉටු කර දී තිබෙි. ච්න්තක ජයගොඩිගේ පසුබිමි සංගීතය චරිත හා සිදුවීමිවල පසුබිම තීව්‍ර කරන්නකි. චිත්‍රපටයේ සිනාමාත්මකබව ඉහළ නංවන කැමරාකරණය සිදු කර ඇති කාලිංග දේශප්‍රියගේ මනරම් රූප නිමැවුම කදිමයි. රූප ජේදනය කිරීමට වඩා කතාවෙි මුල, මැද, අග කුතුහලය රැකෙන පරිදි ආඛ්‍යානය ගොඩනැඟීමත් එය කුතුහලය දනවන අයුරින් ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අතරංම කරවීමේ කාර්යය තුළ දී එය මැනවින් ඉටු කිරීමට සංස්කරණය සමත්ව තිබෙි. සිනමාපටය ජයගන්නේ එතැනදිය. පැය දෙකයි විනාඩි තිහක දිගු ධාවන කාලයකින් සමන්විත වුව ද ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අවසාන විනාඩිය තෙක් රඳවා ගැනීමට ලක්මාල් ධර්මරත්නගේ තිර පිටපත සහ නළු නිළියන් තේරීමත්, මෙහෙයවීමත් ඔහු චිත්‍රපටය වෙනුවෙන් දක්වා ඇති අවංකභාවයත් අගය කළ යුතු ය. වාලම්පුරි ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හරවත් සමාජ ප්‍රකාශනයකි. 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' යනු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නොවෙි. ලංකාවේ නුතන ප්‍රේක්ෂකාගාරය සිනමාත්මකව සහ දෘෂ්ටිවාදාත්මකව කුල්මත් කළ හැකි සමාජ දේශපාලනික පඨිතයක් ලෙස Thriller - Black - Comedy - Drama ශානරයේ හොඳ චිත්‍රපටයකි.

ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්

‘වාලම්පුරි’ නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර ‘වාලම්පුරි’ නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග…

Read More
අර්ජුන් සෙන්ට අවුරුදු 32 පහුවෙනකොට එයා දැනගන්නවා එයාට ස්වරාලයේ පිළිකාවක් තියෙන බව. ස්වරාලයේ විතරක් නෙමෙයි ආමාශය දක්වාම පිළිකා සෛල වර්ධනය වෙලා. අර්ජුන් කියන්නේ වැඩියෙන් කතා කරන මනුස්සයෙක්. එයාගේ වෘත්තිය වෙන්නේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් විදියට. ඒ නිසා ම එයාට කතා කරන අත්‍යවශ්‍යයි. හැබැයි මෙි පිළිකාවත් පිහිටලා තියෙන්නේ එයා කථා කරන ස්වර තන්තු පිහිටලා තියෙන ගෙල ආශ්‍රිත කලාපයේ. අර්ජුන් මෙි නිසා හොඳටම අවුල් යනවා. සැත්කමක් කරලා පිළිකා සෛල ඉවත් කරනවා. මෙි අතරේ අර්ජුන් බිරිඳගෙන් දික්කසාද වෙන්න ලියකිවිලිත් අත්සන් කරනවා. අර්ජුන්ගේ ජීවිතයේ මෙතෙක් තිබුන සාමය දියවෙලා එහෙමිපිටින්ම ජීවිතයම අවුල්ජාලාවක් වෙන්න යන්නේ ඉතාම කෙටි කාලයයි. අර්ජුන්⁣ගේ දැන් ජීවිතය තියෙන්නේ එයාගේ පුංචි දුව වෙචිච ⁣'රෙයා' එක්ක විතරයි. 'I want to talk' බොලිවුඩි චිත්‍රපටය නැවත හිතන්න බල කරන්නේ අපේ සාමකාමී ජීවිතය නැත්තට නැති කරන මරණීය පිළිකාව ගැන. මරණය කියන එක අපිට නවත්තන්න බැරි දෙයක්. හැබැයි මරණය කියන එක පමා කරන්න පුලුවන් තාවකාලිකව. අර්ජුන්ට දවස් 100යි ජීවත් වෙන්න පුලුවන් කියලා වෛද්‍යවරු නිර්දේශ කරද්දි එයා දවස් 1000ක ජීවිතයක් ගැන සෑහෙන්න බලාපොරොත්තු තියාගන්නවා. ලෙඩෙක් විදියට එයා සෑහෙන අත්දැකීම් ටිකක් අලුතින් ලබාගන්නවා. අලුත් යාළුවෝ හමිබවෙනවා. එයාගේ ජීවිතයේ හොඳම අඩවිය වෙන්වෙන්නේ රෝහල්වල ඇඳන් මත වුනත් එයා මානසිකව වැටෙන්නේ නෑ. වැටී වැටී නැඟිටිනවා. මියෙමිවා රැකෙමිවා කියලා එයා තමන්ගේ ජීවිතය පවත්වා ගෙන යන්න කරන අරගලය ගැන 'I want to talk' චිත්‍රපටයේ අන්තර්ගත වෙනවා. 'I want to talk' චිත්‍රපටයේ එන කතාව සත්‍ය කතාවක්. චිත්‍රපටය වඩාත් වැදගත් වෙන්නේ ඒ නිසාමයි. අභිෂේක් බචිචන් තමා අර්ජුන් සෙන්ට රඟපාන්නේ. අභිෂේක්ගේ දශක ගණනාවකට පසු වෙනස්ම රංගනයක් දැකබලා ගන්න හැකි වෙනවා මෙතනදි. ඔහු මේ චිත්‍රපටයේ අර්ජුන් සෙන් කියන චරිතය වෙනුවෙන් සෑහෙන වෙහෙස මහන්සියක් දරලා තියෙනවා. විශේෂයෙන් අභිෂේක්ගේ ශරීරයේ බර වැඩි කර ගැනීම වෙනුවෙන් සෑහෙන විදියට විවිධාකාරයේ ආහාර පාන අනුභව කරමින් වෙහෙසලා තියෙනවා. අභිෂේක් රෝගීයෙක් විදියටත්, පියෙක් විදියටත් චිත්‍රපටයේ හරි අපුරු රංගනයක් දැකබලා ගන්නට හැකි වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 'ෂූජිත් සර්කාර්' විසින්. ඔහු මීට පෙර 'විකි ඩෝනර්', 'පීකු', 'මැඩ්‍රාස් කැෆේ' සහ 'ඔක්තෝම්බර්' කියන ජනප්‍රිය චිත්‍රපට කිහිපය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා. 'I want to talk' කියන්නේ 2024 වසරට අදාළව තිරගත වුණු හොඳම බොලිවුඩි චිත්‍රපටයක්. සත්‍ය කතාවක් විදියට යමෙකුට Motivation ride එකක් ගන්න පුලුවන් විශිෂ්ට චිත්‍රපටයක්.

‘මට කතා කරන්න ​ඕන….’ – I want to talk

අර්ජුන් සෙන්ට අවුරුදු 32 පහුවෙනකොට එයා දැනගන්නවා එයාට ස්වරාලයේ පිළිකාවක් තියෙන බව. ස්වරාලයේ විතරක් නෙමෙයි ආමාශය දක්වාම පිළිකා සෛල වර්ධනය වෙලා. අර්ජුන් කියන්නේ වැඩියෙන් කතා කරන මනුස්සයෙක්. එයාගේ වෘත්තිය වෙන්නේ අලෙවිකරණ ක්ෂේත්‍රයේ විධායක නිළධාරියෙක් විදියට. ඒ නිසා ම එයාට කතා කරන අත්‍යවශ්‍යයි. හැබැයි මෙි පිළිකාවත් පිහිටලා තියෙන්නේ එයා කථා කරන ස්වර තන්තු පිහිටලා තියෙන ගෙල…

Read More

‘ඔස්ට්‍රියානු සංස්කෘතික භීතිකාව නොහොත් ආගමික මිථ්‍යාවෙන් සියදිවි නසා ගැනීම’ – ‘The Devil’s Bath’

උදෑසනම රූස්ස ගස් පිරි මහා වනයේ නිහඬතාවය කපාගෙන යන පුංචි බිළින්දෙකුගේ නොනවත්වා හැඬිමක්. හඬන බිළින්දා ඇකයට ගන්නා මව විසින් වනයේ කඳුකරය අසබඩ පිහිටි දියඇල්ලක ඉහත්තාව අසල නතර වෙයි. ඇගේ ගෙලෙහි ඇති ඇට මාලය ගලවා බිළින්දා ගෙලෙහි පළඳවයි. බිළින්දා නොනවත්වා හඬයි. බිළින්දාගේ හඬත්, දියඇල්ලේ ජල පහරේ හඬත් අනුනාද වෙයි. ඊළඟට රූපය ජේදනය වන්නේ එකවරම මව විසින්…

Read More
'යකා බඳින මන්තරේ' - I Saw the tv glow රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා. ඒ ටෙලිනාට්‍යයේ චරිතයට ආස කරපු එක්තරා පාසල් යන වයසේ පොඩි දරුවන් කිහිප දෙනෙක් ගෙදරින් පැනලා ටෙලිනාට්‍යයේ චරිත හොයන්න ඉන්දියාවට යන්න උත්සාහ කරපු ඛෙිදනීය පුවතක් අසන්න ලැබෙනවා. ඒ එක උදාහරණයක් පමණයි. 2024 වසරේ තිරගත වුණු 'I saw the Tv Glow' කියන්නේ ටෙලිවිෂන් එක නිසා පිස්සු වැටුණ තරුණයකුගේ කතාවක්. ටෙලිවිෂනයේ විකාශනය වෙන එක්තරා ටෙලිනාට්‍යයක් නොවරදවා බලන පිරිමි ළමයෙක්. ඔහු මෙ ටෙලිනාට්‍ය බලන්න පුදුමාකාර විදියට ඇබිබැහි වෙනවා. ඇබිබැහි වීම කොචිචරද? කියනවා නමි ඒ ටෙලිනාට්‍යයේ විකාශනය වෙචිච පරණ එපිසෝඩ් පවා නැවත නැවත බලන්න පුරුදු වෙනවා. මෙි තරුණයගේ ටෙලිවිෂන් ඇබිබැහියට ගැලපෙන තවත් තරුණියක් ඔහුට මුණ ගැහෙනවා. ඇය පවසන්නේ හරිම අමුතු දේවල්.''මම මිනී පෙටිටියක් සල්ලිවලට ගත්තා....මම වළක් හැරුවා''''මම ඇතුළට ගිහින් මිනි පෙටිටියේ පියන වහගත්තා...මම මටම කියාගත්තා..ඔයා කරන දේ පිස්සුවක්..මෙික පිස්සුවක්...."'I saw the tv glow' සුපර්නැචුරල් කතන්දරයක් විදියට හැමෝටම ගැළපෙන චිත්‍රපටයක් නෙමෙයි. සමහර අයට චිත්‍රපටය නොතේරෙන්න පුලුවන්. විකාරයක් වෙන්නත් පුලුවන්. සිරුවෙන් චිත්‍රපටය බැලුවොත් කතාන්දරය සෑහෙන interest වෙනවා. විශේෂයෙන් ටෙලිවිෂන් ගැන වෙනම කියවීමක් විදියටයි මට නමි චිත්‍රපටය දැනුණේ. අනෙක් අතට තනිකරම ඇබිස්ට්‍රැක්ට් වැඩක්. යකාගේ පෙටිටිය නොහොත් ටෙලිවිෂන් එකට ඇබිබැහි වෙච්ච තරුණයකුගේ කතාවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ 'Jane Schoenbrun' විසින්. ජේන් පවසන්නේ තමන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාව වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කිරීම බවයි. ජේන් සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවෙි ස්ථානගත වන අයෙක් විදියට 'I saw the tv glow' චිත්‍රපටයේ ඔහු සංක්‍රාන්තික ලිංගිකත්වය පිළිබඳ වෙනස් අදහසකුත් මෙි හරහා ගෙන එනවා.'I saw the Tv glow' චිත්‍රපටයේ ප්‍රධාන තේමාව ටෙලිවිෂන් නිසා, ටෙලිවිෂන් ගැන Text එකක් විදියට කියවන්න පුලුවන් හොඳ ෆිල්මි එකක්. රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් එක්ක රූප සන්නිවේදන ක්‍රියාදාමය වඩාත් වෙිගයෙන් ලොව පුරා සංසරණය වන්නට ප්‍රධාන වශයෙන් ගාමක බලවෙිගයක් බවට පත් වූණේ තාක්ෂණය මොහොතින් මොහොත, යාවත්කාලීන වීම එක්ක. රැහැන් පටයේ (Wire) සිට රැහැන් රහිත (wireless) වූ ටෙලිවිෂනය වර්තමානය දක්වා චන්ද්‍රිකා තාක්ෂණය සහ බිලුටූත් (Bluetooth) තාක්ෂණයේ පෙරළිකාරී ආගමනය නිසාම මෙි මොහොත වනවිට අප ඩිජිටල් අධිරාජ්‍යයක (Digital Imperialism) වහලුන් බවට පත් වී සිටින බව චිත්‍රපටය විසින් මතු කරන එක ප්‍රධාන අදහස.-මලින්ත විතානගේ-

‘යකා බඳින මන්තරේ’ – I Saw the tv glow

රූපවාහිනිය එහෙමත් නැත්නමි ටෙලිවිෂන් කියන්නේ යුග ගණනාවක සිට පවතින යථාර්ථය වෙනස් කරන ප්‍රධාන සාධකයක්. මෙි නිසාම ටෙලිවිෂන් එකට අකැමැති ප්‍රජාව ටෙලිවිෂන් එකට යකාගේ පෙටිට්ය, මැජික් පෙටිටිය වගේ නමි කියන්න පුරුදු වෙලා තියෙනවා. ටෙලිවිෂන් එකේ දකින ඇහැ ගිනිකණ වැටෙන රූප නිසාම බලන ප්‍රේක්ෂකයා පිස්සු තත්ත්වයට වැටෙනවා. ඔබට මතක නමි එක්තරා ඉන්දියානු මෙගා ටෙලිනාට්‍යක් ලංකාවෙි විකාශනය වෙනවා….

Read More

‘සත්‍ය පිටපත සැඟවීම හෙවත් හැඳුනුම්පත අහිමි වීමේ අර්බුදය’ – Emilia Pérez

ප්‍රංශය යනු සිනමාවේ ප්‍රාරමිභයයි. සිනමාවේ උපතයි. ප්‍රංශ සිනමාව ලෝක සිනමාව තුළ ස්ථානගත වන්නේ ප්‍රවණතා රැසක් බිහි කළ නිශ්චිත වූත් ඓතිහාසිකවූත් සිනමා ව්‍යාපාරයක් වශයෙනි. 2024 තිරගත වූ ‘Emilia Pérez’ ප්‍රංශ චිත්‍රපටය සමිමාන පිට සමිමාන ලැබූ සංගීත – අපරාධ (Musical – Crime) ශානරයේ ප්‍රශස්ත චිත්‍රපටයකි. චිත්‍රපටය 77 වැනි ප්‍රංශයේ කෑන්ස් චිත්‍රපට සමිමාන උළෙලේදී ප්‍රධාන තරඟ අංශයේ ‘Palme…

Read More
Back To Top