'සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.' - Eat, Pray, Love පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ "Eat, Pray, Love'' චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත් අරන් කාලයක් ගිහින් එයාට දික්කසාද වෙන්න සිද්ධ වෙනවා. ආදරය කරලා දික්සසාද වෙන්න වෙනවා කියන්නේ ඊට වැඩිය සංකීර්ණ දෙයක් නම් තවත් නෑ. ඇයි ආදරය කරලා විවාහ වෙලා දෙන්නා අන්තිමට දෙපැත්තට වෙනවා කියන්නෙම සරලව කියවගන්න පුඑවන් දෙයක් නෙමෙයි. එළිසබෙත් දික්කසාදයෙන් පස්සේ ලොකු පීඩාවකට පත් වෙනවා. මේ පීඩාව නැති කරගන්න එයා ඇවිදින්න පටන් ගන්නවා. ආධ්‍යාත්මයක් සොයා ගෙන යනවා. එළිසබෙත් ඉතාලියේ රෝම අගනුවර නටබුන් අස්සේ ඇවිදිමින් අලුත් යහළුවන් එක්ක සතුටින් ගත කරන්න වෙලාව වෙන් කර ගන්නවා. ඒ විතරක් නෙහෙයි එයා ඉන්දියාවට යනවා යෝගා කරන්න. ඉන්දියාවෙන් ඊළඟට යන්නේ ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට. එළිසබෙත්ට මෙන්න මෙතැනදි තමයි තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නේ. බාලි දුපත්වල ලස්සන විඳින්න ව⁣ගේම, ඉන්දුනීසියානු දූපත්වලට ආවේණික රඹුටන්, දූරියන් කියන පළතුරුවල රහ විඳින්නත් එයා අමතක කරන්නේ නෑ. එළිසබෙත්ගේ ජීව්තයේ මඟ හැරිලා තිබුනෙම මල්, පළතුරු, ගස්වැල්, ගංගා, ඇළදොළ, මුහුදු වෙරළ එක්ක තිබ්බ සම්බන්ධය. සොබාදහම එක්ක ජීවත් වෙන්න එළිසබෙත් තීරණය කරන්නේ තමන්ගේ මානසික ප්‍රශ්නවලට බෙහෙත් විදියට. එළිසබෙත්ගේ මේ සංචාරක ජීවිතය ඇතුළේ අපිට දකින්න පුඑවන් වෙන දේ තමයි අලුත් මිනිස්සු මුණ ගැහෙන එක. අලුත් මිනිස්සු මුණ ගැහෙනවා කියන්නේ අපේ ආත්මය ටික ටික යාවත්කාලීන කරන දෙයක්. අලුත් අත්දැකීමිවලට වගේම අලුත් රිදවීම්වලට සුදානම් වෙන්න කියලා මේ අලුත් මිනිස්සු හමුවීමත් එක්ක අපිට අණ කරනවා. එළිසබෙත් වගේම අපිටත් අපේ ජීවිත ඇතුළේ විටින් විට මිනිස්සු මුණ ගැහෙනවා. සමහර මිනිස්සු අපි ළග නතර වෙනවා. සමහර මිනිස්සු මඟින් හැරිලා යනවා ආයේ නැවත හමු නොවෙන්නම. සමහර අය කලාතුරකින් හමු වෙනවා මැරෙනතුරාවට අපි එක්ක ඉන්නම. චිත්‍රපටිය පුරා තියෙන්නේ පෙරදිගට ඇවිල්ල සුවපත් වෙන එළිසබෙත් කියන ස්ත්‍රිය ගැන. යුරෝපයේ ආහාර, සොබා සෞන්දර්ය, මිනිස් ඇසුර, භාවනාව එක්ක ජීවිතේ නැවත හොයාගන්න හැටි, පැවැත්මේ තුවාල සුවපත් කරගන්න හැටි ගැනත් තියෙනවා. අත බලලා කියන සාස්තර, දෙවියන්, අධියථාර්තය ඇතුලේ දිගහැරෙන පසුනූතන ජීවිතයක් සමඟ ආදරය නැවත හොයාගන්න හැටි ගැන චිත්‍රපටයේ ඇතුළේ කතා කරනවා. එළිසබෙත්ගේ ජීවිතයත් අපේ වගේම තමයි. ආදරය කරනවා, අලුත් කෑම කනවා, දෙවියන් යදිනවා, ඇවිදිනවා, අලුත් මිතුරන් ඇතිවෙනවා. මෙි දේවල් අපේ ජීවිතය එක්ක බද්ධ වෙච්ච දේවල්. හැබැයි මිනිස් සම්බන්ධතා කොච්චර තිබුණත් සොබාදහම විඳින්න විතරක් අමතක කරන්න එපා කියලා, එළිසබෙත් අපිට දැඩිව අවධාරණය කරලා කියනවා. සොබාදහම විඳිනවා කියන්නේ වත්තේ තියෙන රෝසමලක්, සපත්තු මලක් දිහා ආදරයෙන් බලන් ඉන්නවා වගේම හවසක ගෙදර ඉස්සරහා පොල් ගස් අස්සෙන් එහෙමත් නැත්නම් අඹ ගහ ගාවින් රන්වන් පාටින් ඉර බැහැගෙන යන එක බලන් ඉන්න එකත් එක්තරා විඳිමක්. -මලින්ත විතානගේ-

‘සැබෑ ආදරය ලැබෙන්නේ පමා වෙලයි.’ – Eat, Pray, Love

පෙම්වතුන් ප්‍රේම කරන්නේ ඔවුන් ස්ථිර සබඳතාවයකට පැමිණ නැති විටදී පමණයි. සබඳතාවය ස්ථිර වුණාට පස්සේ ආදරය අතුරුදහන් වෙනවා. ආදරය වෙනුවට සබඳතාව ස්ථිර වුණාට පස්සේ වෙනත් දෙයක් සිදුවෙන්න ගන්නවා. ඒ තමයි එකිනෙකාට අයිතිය කීම, අයිතිකාරකම. මේ කතාව කියන්නේ ඔිෂෝ. ඔිෂෝ කියපු විදියටම මෙි කතාව වලංගු වෙන්නේ “Eat, Pray, Love” චිත්‍රපටයේ එළිසබෙත්ට. එළිසබෙත් ආදරය කරලා ලොකු වෙඩින්ග් එකකුත්…

Read More
සේද මාවත පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ - සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව - මීළඟ මීවිත කෘතියෙනි නෞකා හා මාලිමාවල නිපදවීමත් සමග සාගරය හරා සේද මාවතෙහි ව්‍යාපෘතිය සිදුවෙද්දී එහි පෙරදිගත් අපරදිගත් අතර සන්ධිස්ථානයක් වූණේ ශ්‍රී ලංකාව. පෙරදිග සිට මධ්‍යධරණී ප්‍රදේශ, සහ යුරෝපය දක්වා අපරදිගට ප්‍රවාහනය වෙන දහසකුත් එකක් භාණ්ඩ අතර සේද රෙදි සුවිශේෂී ස්ථානයක රැඳී තිබුණා. වත්මන් චීනය ආශ්‍රිත ප්‍රදේශවල නිපදවූ මේ සේද රෙදිවලට අවශ්‍යය කෙඳි ලබාගත්තේ මල්බෙරි ගස්වල ජීවත්වුණු පටපණුවන්ගේ කෝෂවලින්. සේද රෙදි නිපදවන්න නම් මේ කෝෂ උණු ජලයේ තම්බා කෙඳි වෙන්කරගත යුතුයි. එහිදී මේ තුළ සිටින පටපණුවන්ට මියයන්න සිදුවෙනවා. මල්බෙරි ගස්වල ඉන්න කෝෂ නොහදපු පටපණු පැටවුන් වුණත් කල් ගිහින් වැඩෙද්දී අත්කරගන්නේ මේ ඉරණමමයි. රුවන් බන්දුජීව කවියා මේ සිදුවීම උපයෝගී කරගෙන වත්මන් ශ්‍රී ලංකාවේ එක් ඛේදාන්තයක් නිරූපණය කරනවා. පෙරදිගට වන්නට පිහිටි චීනය, ජපානය, කොරියාව වැනි රටවල් මෙන්ම අපරදිග යුරෝපය හා මැදපෙරදිග දක්වා බොහෝ රටවල්වල ලාංකිකයින් විවිධාකාර වූ රැකියාවල නිරතවෙනවා. කවියා ඔවුන්ව පටපණුවන්ට අනුරූප කරනවා. දිවා රෑ වෙහෙසක් නොතකා කම්හල් තුළ වගාබිම්වල ඔවුන් තම ශ්‍රමය දියකර හරිනවා. ඒ කම්හල් තුළ ඔවුන් නිපදවන යන්ත්‍රසූත්‍ර, ආහාර ද්‍රව්‍ය, සෙල්ලම්බඩු, ඇඟළුම් ආදී බොහෝ දේ එදාමෙන් සේද මාවත හරහා නෞකාවලින් මෙන් ම, ගුවනින් ද ලෝකය පුරා බෙදාහරිනවා. ඒ සුඛෝපභෝගී භාණ්ඩ බහුතරයක්, ඉහළ පැළැන්තියේ මිනිසුන් අතර සැරිසරනවා. ඉතින්, ඔබ කවදාහරි අහලා තියෙනවද සේද සළු ඇන්ද පටපණුවෙක් ගැන? එහෙමත් නැත්නම්, රෝස මල් යහනාවල නිදපු, මව්රට ඇවිත් මාලිගාවක් තනපු විදෙස් ශ්‍රමිකයෙක් ගැන? පියාපත් ලැබෙන්න නම්, කෝෂ අවධියක් ගෙවන්න ම ඕනෙ. කෝෂ අවධියේදි කෝෂය තුළ ම මැරෙන්න වුණත්, පියාඹන්න මිලියනයකින් එකෙකුට හරි අවස්තාවක් එන බව දැනෙනවනම් කෝෂ අවධියකට නොයා හිත හදාගන්න පටපණුවන්ට බැරිව ඇති. මොකද ඒක ඔවුන්ගේ උරුමය නිසා. ඒ වගේ ම පැහෙන දිය බඳුන්වල තියෙන තරුණ පටපණු මළසිරුරු කවදාවත් පොඩි පටපණු පැටව් නොදන්න නිසා. පිටතින් බලන්නන්ට පෙනෙන්නේ වේදනා විලාපවලින් පණ අරන් උපදින සේද සළු පමණක් ම නිසා. ඉතින් අදටත් හෙටටත් අපේ ලාංකිකයන් මේ රවල්වලට ශ්‍රමිකයන් විදියට යනවා ජීවිතේ පියාඹන්න හීන දරාගෙන. පවුලේ අයගෙන් වෙන්වුණ දුක, වේදනාව, කුසගින්න, මහන්සිය, පහරදීම්, කලකිරීම් ආදී දහසකුත් එකක් වේදනා එක්තැන් වුණ පැහෙන ලෝදිය බඳුනක ඉඳන් ඔවුන්, ඔවුන්ට කවදාවත් මිලට ගන්න බැරි හීන ලෝකෙකට උරුම දේවල් නිපදවනවා. සමහරු ආයෙමත් මව්බිමට එන්නෙ සදහටම නෙත් පියාගත්තට පසුව. තවත් සමහරු ජීවිත කාලය පුරාවටම ආබාධිත වෙලා. ඉතිරි බහුතරය ජීවිතේ සතුටින්ම ගෙවන්න තිබුණු කාලය දියකරලා හුස්ම වැටෙන සිරුරක් විතරක් දරාගෙන ආයෙමත් එනවා. ඔවුන් මැරෙන, මැරෙමින් ජීවත්වෙන අතරේ ඔවුන්ගේ උණුසුම ලබන්න පෙරුම් පුරන දරුවන් කඳුළින් දවස ගෙවනවා. හරියට, කවදාවත් ම ආයෙම නොඑන පටපණුවෙක්ගේ පැටියෙක් මල්බෙරි ගස් යට අඳුරේ හීතලේ ගැහෙමින් තමන්ගෙ දෙමව්පියන්ගෙ උණුහුම ගැන හීන දකිනවා වගේ. ඒ උණුහුම අහිමිවීම වගේම සේද සළු තමන්ට උරුම නොවීමත කටුක යතාර්ථයක්. ඒත් ඇත්තටම පටපණු පැටවු ගැහෙන්නෙ සීතල නිසාම ද? අනාගතයේ තමන්ටත් කෝෂයක් වෙලා පැහෙන වතුරක මැරෙන්න වීමේ බය නිසා වෙන්න බැරි ද? ස්වර්ණමාලි කීරගල.

සේද මාවත

පෙර අපරදිග යන දෙපැත්තේ කිමද කිසි සඳහනක් නැත්තේ සේද මාවත ඔස්සේ – සේද සළුවක් පොරවන් ඇවිද ආ පටපණුවකු පිළිබඳ? පැහෙන උණු දිය බඳුන් පත්ලේ තුරුණු පටපණු මිනී කුණුවෙයි පිළිස්සෙනවිට නැගුණු මර හඬ සේද සළු වී උඩට විසිවෙයි මැරුණු පටපණුවකුගෙ පැටියෙක් සේද පිළිබඳ හීන නොදැකම අඳුරු මල්බෙරි පඳුරු අස්සේ ගැහි ගැහී හීතලට ගුලිවෙයි රුවන් බන්දුජීව –…

Read More
කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ 'මහාප්‍රාණ' අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්‍රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය ගුණය කැටිකරගත්, ජීවිතයේ ක්ෂුද්‍ර හැඟුම්,තැවුල්, බිඳීම් අතරින් නිවීම සොයා යන කවි එකතුවකි. මේ කවි එකතුව නම් කෙරෙන්නේ යුනේෂ් නමින්ම බිඳගත් යුනේෂියාව නම් අපූර්ව කාව්‍යමය ලෝකයක නමිනි. එය කවියාගේ පරිකල්පිත ප්‍රබන්ධ ලෝකය බවත්, මේ කවි වල මිහිර මෙලොව නැති එවැනි වෙනත් ලෝකයකින් අප වෙත එන අපව එවැනි ලෝකයකට කැඳවාගෙන යන එකක් බවත් රසික ප්‍රතිචාරයක සඳහන් වූ නිසා කෘතියට මේ නම යෙදූ බව අයන්ත සිය පෙරවදනෙහි සඳහන් කරයි. අසහාය සිනමාකරුවෙකු වූ අන්ද්‍රේ තර්කෝව්ස්කි පවසන්නේ නිර්මාණකරුවෙකු යනු තමන්ගේම ලෝකයක් නිර්මාණය කරන්නෙකු බවයි. මොනයම්ම කලාමාධ්‍යක වුවත් සිය නිර්මාණ ඔස්සේ තමාටම අනන්‍ය වූ, තමාගේම වූ පරිකල්පිත කල්පනා ලෝකයකට රසිකයා කැඳවාගෙන යාමට කලාකරුවාට හැකිනම්, තර්කෝව්ස්කි පැවසූ පරිදි ඔහු සැබෑම නිර්මාණකරුවෙකු වන බව මමද විශ්වාස කරමි. ඉතින් එනයින් අයන්ත නිර්මාණකරුවෙකු ලෙස සහෘද රසිකයන් වෙතින් ලැබිය හැකි ඉහළම ප්‍රසාදයක් අත්පත් කරගෙන තිබේ. එය සැබවින්ම කොතරම් සාධාරණද යන්න අයන්තගේ යුනේෂියාවට පිවිස බැලුවොත් ඔබටම පසක් කරගත හැක. අයන්තගේ මේ යුනේෂියාව නම් භාවමය ලෝකය තුළ අපට හැමවිටම පාහේ හමුවන්නේ අපගේ සමකාලීන ජීවන කාල සීමාවේ, අපගේ සමාජ දේශපාලනික ආර්ථික සන්දර්භයේම වසන තරුණ හිතක සෙවණැල්ලකි. ඒ හැඟුම් පහසුවෙන් අපේ කරගන්නට හැකිවනේද කථකයා හා අප අතර ඒ සමීප බව නිසායි. ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිය ඔබ හොඳින් යැයි පවසන මා කළු කුහරයක ගිලෙන (පිටුව 23) ප්‍රේමය, විප්‍රයෝගය, කාංසාව ආදී වූ නොයෙක්විද මනෝභාවයන් කෙටි වචන කිහිපයකට කැටිකොට මුදාහරින්නට අයන්තට ඇත්තේ අපූර්ව සමත්කමකි. මෙයද එවැන්නකි. කෘතියේ බොහොමයක් ඇත්තේ මෙවැනි කෙටි කවිය. ඒවා බොහොමයකට මාතෘකා පාඨ යොදා නැත. ඒවා ඉමිහිරි ක්ෂුද්‍ර හැඟුම් පමණි. ඒවා විටෙක අප වසන යුගය නියෝජනය කරන අතරම විටෙක කථකයාගෙ අභ්‍යන්තරික ගැටුම හෝ සාමය ප්‍රකාශ කර සිටියි. කිසි දෙයක් මෙතරම් හොඳින් ජීවිතය තුළ සිදුව නැත ඔබේ පැමිණීම මිස (පිටුව 13) නොකඩවා සල්ලාපයක මා සමඟ ගොළු මූද (පිටුව 20) මේ කවිය ඉගි කරනවා වාගේම අයන්තගේ සමස්ත කවි වියමනම තමා තුළටම නැමුණු හුදෙකලා සංවාදයකි. එය කවියාගේ භාවමය ලෝකය තුළට එබී අපගේ ජීවිතයද සුවපත් කරගැනීමට ඉඩ සලසන හැඟුම් භාවනාවකි. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, ප්‍රේමයේ විප්‍රයෝගය මෙන්ම මව්පිය දූදරු සබඳතාවය වැනි සියුම් මානව සබඳතාද අයන්තගේ කවියට නිරන්තරයෙන් විෂය වෙයි. බීඩි සුවදක ඇඳී ඇත තාත්තාගේ මදහස (පිටුව 21) ඇතැම් කවි වල වචනයෙන් විග්‍රහ කළ නොහැකි තරමේ උපමා රූපක හමුවෙයි. අයන්තගේ කවි වල රූපක, උපමා තරමක් විරලයි කිව හැකි වුවත් සරළ ප්‍රකාශන තුළ ඇති සියුම් හැඟීම් කාව්‍යමය රූපක ලෙස ක්‍රියාකරමින් ඉසියුම් කවි මිහිරක් දනවන්නට සමත් වෙයි. ආරිවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවියන් ගෙන ආ ඒ සියුම් කවි බස, කවියටම ආවේණික වූ භාවනානුයෝගී සංයමය අත්පත් කරගන්නටද අයන්තගේ කවිය සමත් වෙයි. ඔහුගේ සිය ජීවිතය වෙතටම නැමුණු කාව්‍ය තේමා, හැඟීම්, වඩාත් සාර්ථකව ග්‍රහණය කරගන්නට එකී නිවුණු සරළ වදන් පෙළද හේතුකාරක වී ඇති බව මගේ විශ්වාසයයි. හැන්දෑව වලාකුළු පරුවත හැන්දෑවටත් කලින් අප කුඩා මිදුලට රැය ගෙනෙන ඔබ මා ගෙනා අලුත් කවි පොතේ "වැසිබර සැදෑව" කියවන මම හැන්දෑව නොකියව හැන්දෑවක ඔබ හැන්දෑව නොදැකම හැන්දෑවක (පිටුව 58) ඔබ කවිය තුළින් නිවීමක්, සුවපත් වීමක් අපේක්ෂා කරන්නේනම් අයන්ත යුනේෂ්ගේ 'යුනේෂියාව' මා ඔබට නිර්දේශ කරන කෘති අතර ඉහළම තැනක රදවන බව කිවයුතුය. - පවන් අංජන

තැවුල් සයුර මැද සැනසුම් දූපත ‘යුනේෂියාව’

කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ ‘මහාප්‍රාණ’ අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්‍රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය…

Read More

සුදු කැන්වසයකට යටින් රතු පාට අතක

ග්‍රන්ථය : රතු ඉරි අඳින අත කර්තෘ : ලියනගේ අමරකීර්ති අප දකින අපට පෙනෙන අප හොද යැයි අගය කරන දෙයට යටින් අමුතු කතාවක් තිබිය හැක. ඒ කතාව අප දන්නා කතාවට වඩා අසුන්දර විය හැක. රතු ඉරි අඳින අත එවැනි සුන්දර කතා යට සැඟවුණ අසුන්දරතාව පෙන්නුම් කරන නවකතාවකි. නවකතාවේ ප්‍රධාන චරිතය වන මහාචාර්ය චන්දන මිහිඳුකුලසූරිය එක්තරා…

Read More
පිරිමි දියකළ ශෘංගාරී - ස්වර්ණා සිංහල සිනමාව

පිරිමි දියකළ ශෘංගාරී – ස්වර්ණා

1966 සත් සමුදුරෙන් සිනමාවට පිවිසෙන ස්වර්ණා මල්ලවාඅරච්චි නම් අග්‍රගණ්‍ය රංගන ශිල්පිනි⁣ය ස්වකීය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයේ පරිසමාප්තියට ද පැමිණ සිටියදී නුදුරේදී එළි දකින අශෝක හඳගම අධ්‍යයක්ෂණය කළ රාණී චිත්‍රරපටයෙන් නැවත වතාවක් දැක බලා ගැනීමේ මහා උමතුවකින් පෙළෙමි. කිසිම නිළියකට සමකළ නොහැකි ඉතා තියුණු රංගන තීව්‍රතාවකින් වඩා සිත් බැඳ තැබූ ඇගේ කඩා හැළෙනා ශෘංගාරය (erotic beauty )…

Read More

කඳු නැවතී බලන් උන්නට – වලාකුළු එහෙම නෑ

රූපණවේදිනියක් වන ගයනි ගිසන්තිකාගේ දෙවන කාව්‍ය සංග්‍රහය “ගලන දියේ හංගා” නමින් රසිකයා අතට පත්වූයේ ඊයේ. ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය වන “අමුත්තා” කියවා තිබූ මට ඇගේ දෙවන කාව්‍ය සංග්‍රහය ද කියවීමේ උනන්දුවක් ඇතිවූයේ, “අමුත්තා” තුලින් ඇය රසිකයෙකු වූ මා තුල දැල්වූ බලාපොරොත්තුවේ ගිනි පුළිඟුව නිසා. ගයනි ගේ “ගලන දියේ හංගා” කාව්‍යාවලිය තනි වැකියකින් හඳුන්වන්න මම කැමතියි….

Read More
සිංහල කෙටිකතාව මාර්ටින් වික්‍රමසිංහයන් කුලතිලක කුමාරසිංහය

නූතන කෙටිකතාවට පැරණි සිංහල කතා කලාව බලපෑ ආකාරය.

සිංහල කෙටිකතාව ප්‍රධාන වශයෙන් මත දෙකක් ඔස්සේ විකාශනය වූ බව විද්වතුන් අදහස් පළ කර තිබේ. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ කෙටිකතාව විකාශනයට සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ බලපෑවේ කෙසේද යන්නයි. මෙහි එන බොහෝ කරුණු උපු⁣ටා ගන්නා ලද්දේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් ලියන ලද වහල්ලු කෙටිකතා සංග්‍රහයේ එන දීර්ඝ ලිපියත්, මහාචාර්ය කුලතිලක කුමාරසිංහයන්ගේ සිංහල කෙටිකතාවේ ප්‍රභවය හා විකාසනය යන කෘති⁣⁣යත්…

Read More
කුසල් ධනංජය කුරුවිට, කිරුළු කෝල​ය kusal kuruwita , kirulukoolaya,

කුසල්ගේ ʺකිරුළුකෝලයʺ අපට අපව කියවා ගැනීමේ විය සිදුරු ගොන්නක්.

රොබට් ෆ්‍රොස්ට් පවසන්නේ කවිය ඇති වන්නේ චිත්තවේගීය සිතුවිල්ලක් සොයාගත් විට හා ඒ සිතුවිල්ල වචන සොයා ගන්නා විට බව. කවියා සියුම් නිරීක්ෂයකු වන්නේ ඉහත කාරණයේ දි. මානව ජීවිතයේ චිත්තවේගීය හැඟීම දැනීම් ඉතාම සූක්ෂම ආකාරයෙන් සොයාගත් විට ඔහු හෝ ඇය අතින් ඒවා කවි බවට පෙරළෙනවා. එවැනි ප්‍රකාශන සන්දර්භයන් තුල ක්ෂුද්‍ර කවිය ඉතාම ප්‍රබල කාව්‍යමය සන්නිවේදන ස්වරූපයක්. අත්දැකීම…

Read More

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා

නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි. මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක්…

Read More
‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz blitz film review Sinhala

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz

මේ 1940 දශකයයි. දෙවැනි ලෝක සංග්‍රාමය නමැති දිගු අඬු ඇති කාල වර්ණ බුවල්ලා යුරෝපය පමණක් නොව මුළු ලොවම වෙළා ගෙන ඇති අවධියකි. අහස් කුස පුරාමහ ගිනිජාලාවන් මවන ලන්ඩන් නුවර පුරා තැන තැන ඇත්තේ කහ පැහැති ගිනි පුළිඟු පමණී. ගිනි නිවන භටයන් මහත් වෙහෙසක් දරමින් මෙි මහා ගිනිජලා නිවන්නට වෙර දරති. එකම කාල ගෝටිටියකි. මිලේච්ජසහගත හිටිලර්ගේ…

Read More
Back To Top