
අප’ඳුරු නවාතැන් පසුකළ යුතුය.. | නදුන් යසිත දසනායක
ආදරේ නිම්නයක සෝ හඬින් ගැයෙන මාත්‍රා මත වැතිර සුසුම්ලන සුළඟ හී සරක් සේ වැදී නගන වැලපුම වැදි රජෙකු සේ නැගී බිඳියි හද ගෙල… නිම්නාවාට පිරි උල්කාශ්මික ගනාන්දකාරයට හැරුණු පෙම් ස්වර ආනන්දනීය නොව ශෝකාන්තික ගිලිහීම ගැන කියන විසලාවාට අප ගැනම නොවේ මේ පවසන්නෙ අරුත විසල් ලෝකයක මහ ගිළිහුමක පවස මීවනින් වැසී ගිය විසල් සෙල් යට දියසෙවල…