
කතා නොකරන මිතුරෙකු දෙන්න මට | ආරියවංශ රණවීර
කතා නොකරන මිතුරෙකු දෙන්න මට හිමගිරක් සේ නිස්සද්ද විඩාපත් සිත රැගෙන ගොස් ළඟින් හිමිහිට ඉඳගන්ට ඇසෙන් කියවෙන සියලු දුක් හදේ පතුළෙහි නිවන්නට කතාවෙන් කුඩා නොකරන මහා ගැඹුරෙහි ගිලෙන්නට. – ආරියවංශ රණවීර
කතා නොකරන මිතුරෙකු දෙන්න මට හිමගිරක් සේ නිස්සද්ද විඩාපත් සිත රැගෙන ගොස් ළඟින් හිමිහිට ඉඳගන්ට ඇසෙන් කියවෙන සියලු දුක් හදේ පතුළෙහි නිවන්නට කතාවෙන් කුඩා නොකරන මහා ගැඹුරෙහි ගිලෙන්නට. – ආරියවංශ රණවීර
මම තවමත් ලියමි. මට නොලියා සිටිය හැකිද? එක වැකියක් හෝ නොලියූ දවසක් නැත. – වචන, ෂෝන් පෝල් සාත් ……………………………………………………………… ඇඟිලි සයක හස්තය වේ – පෑන සහිත අත් මෙවලම මේසය මත කඩදාසිය – අසෙකු දුවන තැනිතලාව කප්තුරකින් සෙවණ ලබන – ජයතුරඟා නවතින තැන ලියන අසරුවා වැතිරෙයි – ඒ ගස යට ලියනු පිණිස දෙකට බෙදී ගිය ගිරිකුළු…
මගෙ කවියෙන් මා නො සොයන්. අඳුරු අහස් ගැබ කෙළවර රන්වන් පෑයෙන් පායන පහන් තරුව දැක ගන්නට ඒ බව දැන හෝ නොම දැන ඔබත් මමත් අපි හැම දෙන යමින් සිටිමු එකම අතට ඒ ගමනේ මට හමු වන ගල් පර්වත හෙල් ප්‍රපාත මට වාගෙම ඔබ හැමටත් යම් දවසක හමු වනු ඇත. දෙපය බැඳෙන මළ පුඬුවෙන් ඔබ යන…
යසෝදරා සරි රූ සිරි රුව කැටියේ බිසෝ වෙන්න පෙරුමන් පුරමින් හිටියේ දරාගන්න බැරි අතවරවලට බියේ ලසෝ දුකක් දීලා මට යන්ට ගියේ මලේ බමරු මල අතහැර ගිය බැවිනී විලේ ජලය විල අමතක කොට සිඳුණී කළේ වැරදි කවුරුද කිසිවෙකු නො දනී කැලේ තිබුණු වස විස රස නැත ළඳුනී අව්වේ තියෙන රැස් මාලා ගින්දර ය කිව්වේ ගිනි සුළඟ…
නිලා කූරක් මෙන් මා තුළම දැල්වුන සාදයෙහි නෙත ගැටුන ඒ අරුම ළය මඬල කාගේද , කවුරුද අඳුරෙහි කුඩා අසුනක නා නා පහන් එළි යට පෙනී නොපෙනී ඉදහිට එය බලා සිටියා මා දෙස නික්ම යන විටදී සාදය අතරතුරදී රහස් ලෙනකට පිවිසෙන ඇරයුමක් තියා දෑසේ මා ද ඒ පසුපස ඇදුනෙමි වෘකයෙකු සේ නගර මායිමෙන් පිටිසර නිහඬ ගම්මානයක…
දොඹ සූරන වැසි නම් නොව සෙමෙන් හැලෙන වැසි පිනී නොබලා ඉන්නත් බැහැ මට බිඳු මැද ඔබේ කඳුළ කී නිබඳව හද තෙමන අහස ආදර පසුබිම වැනි ඔබ පවසන හැටියට මෙය සොබාදමෙහි වරදකී මම තනිව ම තෙමෙමි සොඳුර මගියන් නැති මාවතේ සැම තැන මට මැවි පෙනෙයි ලිසියැන්තස් මල මගේ බිම පිසගෙන උඩ ඉගිලෙන සන්සුන් නැති මාරුතේ සමහර…
පහසු නැත සීරුවෙන් තේරිය යුතුය යහපත් වචන තවරා ගත යුතුය මඳ ශෝකය හඳුන්වා දිය යුතුය මා යාළුවෙක්… යාළුවෙක් ? ඔව් යාළුවෙක්… හැඬීමට අවසර නැත මට ඔබේ සැමියා ගෙන එන නෙස්කැෆේ තිත්තය ඔබ දෙතො පෙර මෙන් මෘදු නැත කළුය වියළිය මල් වඩම් වගුරන සුවඳ අපුලය යා යුතුය මා ආපසු – ඉසුරු චාමර සෝමවීර
අහවරය සිතා සිටි කාරණා හගිස්සන නඩු වාරයක් වැනි නියඟය මා උයන්කරුවෙකු කළ අතින් ඇද වතුර වක්කරන පොඩිපුතු මා පසින් වතුරට අධිපති දේවතාවා ලෙසින උස් කොවුලකට නැගගත් මල් වැලකි නොමැරුණ එහි මලක් පිපුණේ කොහොමද “වතුරත් නැතුව ඊටත් වැඩිපුර ළංව අහසට” පුතෙක් තාත්තෙකුගෙන් අහන්නේ අම්මා ඇසිය යුතු ඒවද? මව්කිරි අල්ලසක් යැයි කීවොත් වැහි නැතිව හෙන ඒවිද ?…
ඉරිදා තේ බෑගයක් වගේ හැන්දෑව අහසෙ දිය වුනා අහගෙන හිටපු සින්දුව ඉවර වෙලා කියල මට තේරුනේ සෑහෙන වෙලාවකින්! මම දිග හුස්මක් අරගෙන රාත්‍රිය පිළිගන්න සූදානම් වුනා තාමත් ලපටි රාත්‍රිය තුවාල කරගෙන තනින් තැන විදුලි එලි දැල්වෙන්න පටන් ගත්තා “ඇත්තටම, ආලොකය ගැන මොකද්ද මේ මිනිස්සුන්ට තියන සලබ උමතුව?” මම නිහඬතාවයේ ඉඳල කල්පනා කළා මේ නිහඬතාවය කණනාඩි…
කෙස්ස උස්කරන් බැඳගෙන – රෙද්ද තදකරන් ඇඳගෙන රතු බුනීල මල් පෙති බිම අතුරපු දේවී සත්තුක නිදි ඇඳ වටේට – තුන් වටයක් පැදකුණු කර මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී මාල කඩනවා සත්තුක – කංසා බෙදනවා සත්තුක රාජ පුරුෂයන් නිතරම පැලට පනීවී බතක් මාළුවක් බැඳගෙන – පියාඹා ගිහින් වැලිකඩ කසෙන් තැලුම් කෑ සත්තුක සනසපු දේවී සූදු…