ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං ... අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට... ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ දිලිසෙන ගෑනියෙක් ඉන්නවා මට දෑවැද්දකුත් එක්ක ම අම්මා හොයා දුන්... හදන්නට ගෙය හත් අට පොළකින් ම ගත් ණය ගෙවන්නට ඇතත් මැරෙනකං මහ ලොකුවට නැතත් තියනවා මට මගෙ ම කැතක් නැති ගේ පොඩිත්තක් ඔහේ වැටිලා ඉන්නට රිදෙන්නේ නැතිව ඉදිකටු තුඩු මතින් ඇවිද යන හැටි දැන් දන්නවා හොඳහැටි මං ඉතින් මං සතුටින් පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං... තවත් වෙන මොනව ද මිනිහෙකුට මං හුඟක් සතුටින් ඉසුරු චාමර සෝමවීර තාණ්ඩව

ඔයා සතුටින් ද ? | ඉසුරු චාමර සෝමවීර

ඔයා සතුටින් ද ? ඔයා සතුටින් ද ? ඔව් මං හුඟක් සතුටින් මඟුලකදි මල ගෙදරකදි මිනිසුන් හුඟක් එකතු වෙන තැනකදි පොඩි පොඩි විහිළුවලටත් මහ හඬින් හිනා වෙනවා මං … අල ගෙඩි වගේ මහත තක්කලි වගේ පාට හුරුබුහුටි පොඩි උන් දෙන්නෙක් ම ඉන්නවා මට… ඔසරිය හැඩට අන්දා ඕනෙම මහ සබාවක ඉස්සර කරන් යා හැකි පිත්තල වගේ…

Read More
කිසි දෙයක් නොවන මේ දිනවල ඔබ සිහි වෙයි විදුලියක් විලස හෙට දින ද අද මෙනි හිරු උදා වී බැස යයි අසල්වැසියන් මිතුරන් නොයෙක් මුහුණින් හමුවෙයි ඒත් ඔබ උන් දිනවල ලියන්නට තැනුවෙමි අලුත් කවි සෙව්වෙමි එවන්නට ලොවේ මිහිරිම ගී මිණි අමතකව යයි ටික ටික අප ළඟින් උන් ඒ හරිත පැහැ දින කිහිපය ඇසිය යුතු ම ය ඔබ එවූ ගී කිහිපයක් එදිනවල මා එතරම් ඇසීමට ප්‍රිය නොකළ අන්න... එවිටම දැනෙයි කිසි විටෙක මා ඔබ අතනොහරින වග

ඔබ | අයන්ත යුනේෂ්

කිසි දෙයක් නොවන මේ දිනවල ඔබ සිහි වෙයි විදුලියක් විලස හෙට දින ද අද මෙනි හිරු උදා වී බැස යයි අසල්වැසියන් මිතුරන් නොයෙක් මුහුණින් හමුවෙයි ඒත් ඔබ උන් දිනවල ලියන්නට තැනුවෙමි අලුත් කවි සෙව්වෙමි එවන්නට ලොවේ මිහිරිම ගී මිණි අමතකව යයි ටික ටික අප ළඟින් උන් ඒ හරිත පැහැ දින කිහිපය ඇසිය යුතු ම ය…

Read More
රාත‍්‍රියේ නීතිය

රාත්‍රියේ නීතිය ‍| චන්ද්‍රකුමාර වික්‍රමරත්න

බොහෝ කලකට පසුවසිහිනයෙන් මා දුටුවකළුපාට ගාලු කොටු පවුර මතඅම්මා සිටියායවසංගතයෙන් පෙළෙනමුළු ගාලු නගරයමදෑසේ කඳුළකට කොටු කොට රැගෙන කලු පාට බොර කඳුළු රළ නඟනසඳුන් සුවඳැති කසළ මෝඩ ඇළසෙමින් නිහඬව පෙර පරිද්දෙන්පාසි පෙණ බුබුළු උතුරමින්පුරවරේ සංකේතය වෙමින්ගලයි හැව්ලොක් ටවුම අයිනෙන් නගරය විසින් බෝ කළහොරි දද කුෂ්ඨ සාපයමා මුවට රන් පාට කිරි පෙවූඇගේ සියොළඟ ගිලගෙන තිබුණිපාපතර දෙනගම සනුහරේකාසි…

Read More

සිහින නිවහන – ඉසුරු චාමර සෝමවී​ර

සිහින නිවහන   එකල අපි එඬේරන් මෙන් වීමු හැදූ වැඩූ ගහකොළ සිප කඳුළින් තෙමා කුලී නිවසින් නිවසට මාරු වී ආවෙමු   දෑතින්ම දොර යතුරු බාර දී “ගිහින් එන්නම්” යැයි කියා අදත් නෙත් තෙත් කරන මතක පමණක් රැගෙන ආවෙමු   මා පසෙක නිදියන, දාස්පෙති ගාලේ සමනලුන් හඹා යන, සුදුම සුදු, නිදිමත බැළලියක් විය අපට   ඊළඟ…

Read More
ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක් වත් නොතබා ළග ඉවත ලන දේ ඇතිද මිහිමත කුසලානයක් නොවේ ජීවිතය දිනුම් කණු පසු කළ විට ලබන මේ දැන් මෙතැන ඇති මී විතකි ඔබට මට රස විගත හැකි හැර දමා ඇත දොර පියන් මිතුර ඒ එන්න බර අඩි තියන් කප්පාදු අඩු කතුරු,අඩි කෝදු සපුරා තහනම්ය,අහිතක් නොම සිතන්

ඉරක් ගසා හරි කෙළින් නූලට, ඇද යා යුතුද ඒ මතින් ජීවිතය | රෝහණ පොතුලියද්ද

ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක්…

Read More
විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක්     බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ  ඇරුනුනු කටින්     බේරුනා     කෙල     බිංදු     බිංදු ඉස්සරහ හිටි ගෑනු ළමයෙක්ගෙ කරට ඉඳගෙන හිටිය වයසක ගෑණු කෙනෙක් කරේ තිබ්බ පරණ කැලලක් වහගත්ත අතින් අනිත් හැමෝටම ගොඩක් වැදගත් දේවල් සිද්ද වුනා       ජනෙල් වලින් එලියේ මෙහා ඉවුරට ගොඩ බැස්ස බස් එකෙන් මං බැස්සා මගේ බස් මතකෙත් මකාගෙන          බස් එක යන්න ගියා බස් නැවතුමේ මිනිහෙකව දඩයම් කරගෙන කකා හිටපු සිංහයෙක් මං දිහා බලල විරිත්තුවා      ලේ හැලෙන දත් වලින් මං ලාවට හිනා වෙලා එතනින් මාරු වුනා (සිංහයා වුනත් අස්‍රය කරන්න ඕනෙ අතේ දුරින්) තව මිනිස්සු රැස් වෙලා හිටියා ඉවුර දිගට ප්ලාස්ටික් පුටු තියාගෙන මගේ යාළුවොත් හිටියා ඒ අතර මං එකතු වුනා ඒ ගොල්ලන්ට ටිකකින් ආපු හෙලිකොප්ටරයකින් අල්ලපු ඉවුරෙ මුඩුක්කු වලට     බෝම්බ දාන හැටි අපි බලන් හිටියා             පොප් කෝන් කකා අපි අත් දික් කරල ඒක අපේ පොඩි වුන්ටත් පෙන්නුවා අහසෙ මතුවෙච්ච කළු වළාකුළු ඇතුලෙන් ඇහුනා     පොඩි ළමයි කෑගහන හඬ ගොරවනවා! අද රෑ වහියි වගේ කවුදෝ කිවුවා

2025.01.30 – තරින්ද්‍ර ගලහේන

විදුලි පහන උඩ වහලා හිටිය ගිජු ලිහිණියෙක්     බලාගෙන හිටියා කළු ගැහුනු කොල්ලො රොත්තක් සෙල්ලං කරන හැටි පල්ලෙහා රේල් පාරේ ඔව්, ඒක බොහොම සාමාන්‍ය සිකුරාදා හවසක් එක යායට සට සට ගාන මුඩුක්කු වහලවල් උඩින් පාලමේ අපි ගියා බස් එකේ තෙරපි තෙරපි තෙරපි තෙරපි වෘක ඔළුවක් තිබ්බ උස මිනිහෙක්ගෙ ඇරුනුනු කටින්     බේරුනා     කෙල     බිංදු     බිංදු ඉස්සරහ හිටි…

Read More

කැමතිනම් ඔබ එන්න ඇවිත් අහගෙන ඉන්න | පවන් අංජන

මතකයේ දුර ඈත හුදෙකලා නිම්නයක අමතක ව ගිය වචන වැටී ඇත තනිතනිව පෙර පුරුදු මාවතේ සැරිසරන හවසකට ළෙංගතුම කටහඩක් ඕනෙමයි නොතනියට නිල් පාට තරු තිතත් තියා අහසේ කොනක විශ්වයම නිහඩ වෙයි අත වනා කළුවරට ඇබින්දක් පෙරාගෙන මුදු සදේ රැස් කිරණ දල්වගමු අපි අපේ හිස්බවේ කළු කුහර මද නලේ ගිටාරය සුසර වෙන සීරුවට වලාකුළු හදවතක් පාත්වෙයි…

Read More

ගඟක්’සල කුඩා ඔරු බඳ!! | නදුන් යසිත දසනායක

අකුරු ගලන වදන් ගඟ හැමදාම කවි ටිකක් දී යන මහ ගැඹුරු ගඟ සිතේ විල් සියපත් තියාගෙන දිය රැළි කරකවා මතකයේ සුළි’තර ගඟබඩට මා කැඳවා මිටක් වන් දියක් දී යන්න යන මේ ගඟ… පපුතුරේ සඟවාන මීන කුඩාම පාසි කැටිත්තක හීන මගෙම සෙවනැලි අවුලේ රූ මතක පා කර වතුරතරේ වදන් නිමවන කල්පිතාන්දරයාණෙනී, සියුම් ගෝෂාවක සවන් සනහාලන මිහිරේ…

Read More
පරීක්ෂාව | නන්දන වීරසිංහ

පරීක්ෂාව | නන්දන වීරසිංහ

යාබද ගෙවතුවල ගහ වැල හෙළන පත් පැමිණ වැතිරෙන එක ගහක් වත් නැති අපෙ කුඩා ගෙමිදුල එළැඹෙන හැම උදයක ම පත් ඇතිරිය ය අබියස දිනට නියමිත කටයුතු අතර මුල් තැන ගෙන ඇත ඇමැදීමේ වතාවක ‘වස්සානයේ සිහින සුවය ද සැඩ තාප මාරුත වේග ද සම ලෙස විදුම අවසනැ විදුමෙන් ම වියපත් වූ පත් මත සෙමෙන් බැතියෙන් අවිදිමු’යි…

Read More

වැඩිමහල්ලන්ගේ කවියකි | දර්ශන මේදිස්

කෙලවර ඉඩෝරය වැසි පල ලැබෙන වාරය බිම් කොටා හමාරය දැන් බිජු ඉසින මාසය අපට දැඩි වෙහෙසය දඬු මැසි බැඳිය නොහැකිය නුඹේ දෑත් යදඬුය හේනට කෙතට පුරුදුය පොලොව සරුසාරය බිරියන් වැඩට සූරය පලදාව නිසැකය ගොවියනි, දිනුම සිකුරුය නිරි සතුන් බහුලය ඉනි වැට බිඳිනු ලෙහෙසිය වල් අලින් දරුනුය ගිනිමැල ගැසිය යුතුමය නොබලා මාන්සිය දරුවනි, උදව් දීපිය අපට…

Read More
Back To Top