ගාලු සාහිත්‍ය උළෙල - 2025 වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උළෙල 2025 පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා සිට 9 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. galleliteraryfestival.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත්‍ර දැන් මිලදී ගත හැකිය. නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ ආකර්ශණීය සංවාදයේ විචිත්‍රවත් සිව් දින සැමරුමකට සම්බන්ධ වීමට අමුත්තන්ට අවස්ථාව ලබා දී ඇත. පෙබරවාරි 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි ගාලු කො‍ටුව ඇතුළත කීර්තිමත් දේශීය, විදේශීය ලේඛක, ලේඛිකාවන් සහභාගී වන සැසි 100ට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇත. මේ වසරේ පැවැත්වෙන සාහිත්‍ය උළෙල විවිධාංග ‍රැසකින් සමන්විතය. ඒ අතර නොමිලේ පැවැත්වෙන වැඩසටහන්, ගැඹුරු සංවාද සැසි, සූපශාස්ත්‍ර රසවින්දන වැඩසටහන්, සාහිත්‍ය භෝජන සංග්‍රහ ඇතුළු සහභාගි වන ඕනෑම අයකුම ආකර්ශණය කර ගැනීමට සමත් විවිධ වැඩසටහන් ඇතුළත් වේ. 2025 ගාලු සාහිත්‍ය උළෙලේ වැඩසටහන් කාණ්ඩ අතර විවිධ ශානරීය සැසි, වැඩමුළු, සාහිත්‍ය භෝජන සංග්‍රහ, විනෝදාස්වාද වැඩසටහන්, ARTRA හවුල්කාරීත්වයෙන් පැවැත්වෙන සිතුවම් සහ කලා ප්‍රදර්ශන, ළමා සාහිත්‍ය උත්සව ආදිය අන්තර්ගතය. සාහිත්‍ය සැසි යටතේ ප්‍රකට සාහිත්‍යකරුවන් වන ශ්‍යාම් සෙල්වදුරෙයි, මයිකල් ඇටන්බරෝ, පිලිප් සෑන්ඩ්ස්, අෆුවා හර්ෂ්, සත්නම් සංගේරා, සාබා ඩග්ලස් හැමිල්ටන් ඇතුළු තවත් බොහෝ දෙනකු සහභාගි වනු ඇත. උදෑසන යෝගාවලින් දවස ඇ‍රැඹේ. නිර්මාණාත්මක රචනයේ සිට ඡායාරූපකරණය දක්වා ක්ෂේත්‍ර ගණනාවක කුසලතා ඔප්නංවා ගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයේ වැඩමුළු පැවැත්වේ. එසේම ගාලු කො‍ටුවේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඉතිහාසඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ගාලු කො‍ටුවේ පදිංචිකරුවන් සමඟ ඇවිදිමින් උගැනීමට ද අවස්ථාව සලසා දී ඇත. සාහිත්‍ය භෝජන සංග්‍රහ යටතේ ඔබේ ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ ගාල්ල අවට සොඳුරු ස්ථානවල දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා එකතු විය හැකිය. එසේම දිනපතා දහවල් පැවැත්වෙන කවි සැසිවලදී ඔවුන් හා තේ පැන් බොමින් කවි රස විඳීමට ද හැකිය. ඉර බැස යන විට ප්‍රියතම ලේඛක, ලේඛිකාවන් සමඟ කොක්ටේල් තොලගෑමට ද අවස්ථාව ලබා දී ඇත. විනෝදාස්වාදය වෙනුවෙන් ජෑස් සංගීතය, නර්ථන අංග සහ සම්භාව්‍ය සංගීතය රස විඳීමටත් හැකි අතර DJ සංගීතය සහිත රාත්‍රී සාද ආදියටත් සහභාගි විය හැකිය. හාස්‍ය ප්‍රිය කරන ඔබට ශෂී පෙරේරා සමඟ 'හාස්‍ය රාත්‍රියක්' ගත කළ හැකිය. සමකාලීන සිතුවම් සහ කලා ප්‍රදර්ශන ප්‍රිය කරන ඔබට ගාලු කො‍ටුව ඇතුළත පිහිටි කලා මඟ ඔස්සේ ඇවිද යමින් රස වින්දනය පුළුල් කරගත හැකිය. එසේම ළමුන් වෙනුවෙන් වෙන් කළ ළමා සාහිත්‍ය යටතේ මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයේ පැවැත්වෙන නිර්මාණාත්මක වැඩමුළු සහ කතන්දර කීමේ සැසිවලට සහභාගි විය හැකිය. මේ සියල්ල සහ තවත් බොහෝ දේ සමඟ ගාලු සාහිත්‍ය උළෙල ඔබ වෙනුවෙන් මඟ බලා සිටියි. උත්සව ප්‍රවේශපත්‍ර දැන් අවසන්ව ඇති අතර, එක් දින ප්‍රවේශපත් පමණක් ඔන්ලයින් ක්‍රමයෙන් දැන් ලබාගත හැකිය. පහත වෙබ් අඩවියෙන් ගාලු සාහිත්‍ය උළෙලේ සම්පූර්ණ වැඩසටහන් විස්තරය බාගත කරගත හැකිය. galleliteraryfestival.com

ගාලු සාහිත්‍ය උළෙල – 2025

වසරේ උත්කර්ෂවත්ම සාහිත්‍ය උත්සවය වන ගාලු සාහිත්‍ය උළෙල 2025 පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා සිට 9 වැනි ඉරිදා දක්වා මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. galleliteraryfestival.com වෙබ් අඩවිය හරහා ප්‍රවේශපත්‍ර දැන් මිලදී ගත හැකිය. නිර්මාණශීලීත්වය, සංස්කෘතිය සහ ආකර්ශණීය සංවාදයේ විචිත්‍රවත් සිව් දින සැමරුමකට සම්බන්ධ වීමට අමුත්තන්ට අවස්ථාව ලබා දී ඇත. පෙබරවාරි 6 සිට 9 දක්වා ශ්‍රී ලංකාවේ…

Read More

පවන් අංජනගේ තුන්වන කාව්‍ය සංග්‍රහය ජනවාරි අග නිකුත් වෙයි.

සම්මානනීය තරුණ කවියෙකු වන පවන් අංජනගේ තුන්ව​න කාව්‍ය සංග්‍රහය ‘සොඳුර එහෙමයි ප්‍රේමය’ නමින් මේ මස අවසානයට පෙර ‘රසකතා ප්‍රකාශනයක්’ ලෙස මුද්‍රණයෙන් නිකුත් වීමට නියමිතව තිබේ. පවන් මීට පෙර ‘සුළ​ඟ තුරු අගිස්සක (2020)’ හා ‘වලාකුළු නිම්නයට එන්න (2022)’ යන කාව්‍ය සංග්‍රහයන් ද්විත්වය ප්‍රකාශයකට පත් කර ඇත. ඔහු​ගේ ‘වලාකුළු නිම්නයට එන්න’ කෘතිය එම වසරේ ගොඩගේ අත්පිටපත් තරගයේ…

Read More
rajya sahithya sammana 2024

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 ‍| සම්මානිත සාහිත්‍ය කෘති

සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම සාහිත්‍යකරණයේ නියුක්ත ලේඛක ලේඛිකාවන්ට ගෞරව බහුමාන දක්වන අභිමානවත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල ඊයේ දි​න (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය මන්දිරයේදී පැවැත්වුණා. එහිදී සම්මානයට පාත්‍ර වූ සුවිශේෂී සාහිත්‍ය කෘති ලැයිස්තුව පහළින්. රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2024 හොඳම පිටකවර නිර්මාණය – එන්න එපා දියසෙන් – මාලක ලලනජීව හොඳම…

Read More
තරිදු රාමනායක tharindu ramanayake

Big Syn සිනමා උළෙලේදී This is not a Pearl චිත්‍රපටය​ට ලැබුණු ඇගයුම

This is not a Pearl, කෙටි සිනමා කෘතිය හොඳම අන්තර්ජාතික නිර්මාණය ලෙස Big Syn සිනමා උළෙලේදී පිදුම් ලබයි ! “This is not a Pearl” කෙටි චිත්‍රපයට “ජාත්‍යන්තර, පර්යේෂණාත්මක” අංශයේ හොඳම සිනමා කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර විය. කෙටි නර්තනමය චිත්‍රපටයක් වන මෙම නිර්මාණයට මෙම සම්මානය හිමි වූයේ නොවැම්බර් අට වැනිදා ලන්ඩන් නුවරදී පැවති Big Syn International…

Read More
වාලම්පුරි චිත්‍රපටයේ ‘බඹරු අඬන්නා’ ගීතය නිකුත් වෙයි.

වාලම්පුරි චිත්‍රපටයේ ‘බඹරු අඬන්නා’ ගීතය නිකුත් වෙයි.

ලාංකේය රසික ප්‍රජාව අතර ඉමහත් ජනප්‍රියත්වට පත් වූ කූඹියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්නගේ අධ්‍යක්ෂණයක් වන ‘වාලම්පුරි’ චිත්‍රපටයේ ‘බඹරු අඬන්නා’ ගීතය මේ වන විට යූටියුබ් වෙත නිකුත් කර තිබෙනවා. වාලම්පුරි චිත්‍රපටය 2025 ජනවාරි මාසයදී සිනමාශාලා ප්‍රදර්ශනයට නිකුත් කෙරෙනු ඇත. Walampoori – වාලම්පුරි – බඹරු අඬන්නා ගායනය – දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර සංගීතය – චින්තක ජයකොඩි විඩියෝ සංස්කරණය…

Read More

දෙරණ Cinema Of Tomorrow Film Festival අ​ද සහ හෙ​ට

09 වැනි වරටත් පවත්වනු ලබන දෙරණ Cinema Of Tomorrow Film Festival අ​ද සහ හෙ​ට (නොවැ 02 සහ 03 වැනිදා) මරදාන Cine City හිදී පැවැත්වේ. මෙහිදී ඉදිරියේදී තිරගත වීමට නියමිත නැවුම් සිනමා නිර්මාණ 04 ක් නොමිලේ නැරඹීමට ඔබට අවස්ථාව හිමිවනවා. 9th Cinema Of Tomorrow Film Festival 📅 November 02 | 03 2024 📍Cine City Theatre, Maradana…

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 සඳහා අත්පිටපත් භාර ගැනීම ඇරඹේ.

”විදර්ශන සාහිත්‍ය ත්‍යාගය’ දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) සිට 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ. * නවකතා * කෙටිකතා සංග්‍රහ * කාව්‍ය සංග්‍රහ * පරිවර්තන (ඉංග්‍රීසි) * පරිවර්තන (සිංහල) ශ්‍රී ලාංකේය පුරවැසි, ආධුනික, ප්‍රවීණ ඕනෑම ලේඛක ලේඛිකාවකට මේ සඳහා නිර්මාණ අත්පිටපත් ඉදිරිපත් කළ හැකිය. ඉදිරිපත් කරන සෑම නිර්මාණයක්ම…

Read More

“මැයි මාර ප්‍රසංගය” සිනමාවට

ලාංකේය පාඨකයන් අත​ර අතිශය ජනප්‍රියත්වයට පත් වුණු මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ “මැයි මාර ප්‍රසංගය” නවකතා​ව ඇසුරින් මේවනවිට සිනමා නිර්මාණයක කටයුතු සිදු කෙරෙන බව ආරංචි වෙනවා. මෙය මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ගේ ප්‍රථමා චිත්‍රපටි අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනයෙන් කුමාරි පණ්ඩිතරත්නත්, කැමරා අධ්‍යක්ෂණයෙන් පාලිත පෙරේරාත්, දායක වෙනවා. මෙහි “සමිධ” ලෙස රොෂාන් රවීන්ද්‍රත්, “සංචරණි” ලෙස උමාලි තිලකරත්නත් රංගන දායකත්වය…

Read More
Back To Top