"සාහිත්‍ය සංවාද දිගහැරෙන වියත් සභා මැද කවි නම් තවත් කුමටද නුඹ ඇවිත් ඈඳි ගත් පසු යාබද අසුනේ මගේ ළඟ" අමන්දි ධර්මරත්නගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන " මගේ වලාකුළු යුවතිය" කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 26 වන සිකුරාදා සවස 3.30 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී ( NAT)

මගේ වලාකුළු යුවතිය සැප්තැම්බර් 26 දින ජනගත වේ.

“සාහිත්‍ය සංවාද දිගහැරෙන වියත් සභා මැද කවි නම් තවත් කුමටද නුඹ ඇවිත් ඈඳි ගත් පසු යාබද අසුනේ මගේ ළඟ” අමන්දි ධර්මරත්නගේ කුළුදුල් කාව්‍ය සංග්‍රහය වන ” මගේ වලාකුළු යුවතිය” කෘතිය දොරට වැඩුම සැප්තැම්බර් 26 වන සිකුරාදා සවස 3.30 ට කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී ( NAT)  

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2025 නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ මෙවර සම්මාන සඳහා නිර්දශිත කෘති ​මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, නවකතා, තීරුලිපි, කාව්‍ය, ගේය කාව්‍ය හා ශ්‍රාස්ත්‍රීය කෘති යන තරඟ අංශයන්​​ගේ නිර්දේශිත කෘති පහත පරිදි වේ. නවකතා අංශය ඇල්බට්වරුද මනුෂ්‍යයෝයතරිඳු ශ්‍රී ලොකුගමගේ(ග්‍රන්ථ ප්‍රකාශන)පියාසර සමයචන්ද්‍රරත්න බණ්ඩාර(සරසවි…

Read More

‘කෑන් 2025 සිනමා උළෙලෙහි සම්මාන ලැබූ චිත්‍රපට

ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ ‘කෑන්ස් සම්මාන උළෙල’ (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් ඊයේ දින ප්‍රංශයේ දී නිමාවට පත් වුණා. එහිදි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි. 1.Palme d’Or සම්මානය – It Was Just an Accident අධ්‍යක්ෂණය – Jafar Panahi 2.Grand Prize…

Read More
කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත "හර්ට් ලැම්ප්" (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා භස්ති ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තකවරිය ලෙස ද ඉතිහාසගත වේ. දකුණු ඉන්දියාවේ පීතෘමූලික සමාජ තුළ ජීවත්වන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ ගැඹුරු විමර්ශනයක් ලෙස "හර්ට් ලැම්ප්" රචනා කර ඇත. මෙම කෙටිකථා සංග්‍රහයේ ප්‍රධාන තේමා වන්නේ කුලවාදය, ස්ත්‍රී පුරුෂ භේදය, ආගම සහ බලය යන සංකල්ප මගින් නිර්මාණය වන සමාජ ව්‍යුහයන් තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ය. කතුවරිය බානු මුශ්තාක්ගේ සූක්‍ෂ්ම හා බලගතු ගද්‍ය ශෛලිය හරහා දකුණු ඉන්දියාවේ ගම්බද සමාජයේ මනුෂ්‍ය අත්දැකීම්වල සංකීර්ණතාවයන් ජීවන්ත ලෙස නිරූපණය වී ඇත. සාම්ප්‍රදායික විශ්වාසයන්, ජාති විභේදන් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාවන් අතර ගැටුම්කාරී සම්බන්ධතාවයන් මෙම කථාවල ප්‍රධාන අන්තර්ගතය වේ. පරිවර්තකවරිය දීපා භස්තිගේ දක්ෂ කර්මාන්තයේ ප්‍රතිඵලයක් ලෙස කන්නඩ භාෂාවේ සංස්කෘතික සහ භාෂික සූක්‍ෂ්මතාවයන් ඉංග්‍රීසි අනුවාදයේ ද සාර්ථක ලෙස ආරක්ෂා වී ඇත. මෙය ඉන්දියානු ප්‍රාදේශීය සාහිත්‍යයේ ගුණාත්මකභාවය ලෝක වේදිකාවට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කරයි. £50,000 ක් වන ත්‍යාග මුදල කතුවරිය සහ පරිවර්තකවරිය අතර සමානව බෙදී ගනු ලැබේ. මෙම සම්මානය හුදු ආර්ථික ප්‍රතිලාභයක් පමණක් නොව, දකුණු ආසියානු සාහිත්‍යයේ ගුණාත්මක මට්ටම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ සුවිශේෂ අවස්ථාවකි. බානු මුශ්තාක්ගේ ජයග්‍රහණය කන්නඩ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත ඉන්දියානු සාහිත්‍යයේ නව පරිච්ෙඡදයක් සනිටුහන් කරයි. ප්‍රාදේශීය භාෂාවන්හි ගුණාත්මක සාහිත්‍ය කෘති ජාත්‍යන්තර වේදිකාවන්හි සාර්ථක අනුවාදයන් හරහා ලබන පිළිගැනීම සාහිත්‍ය සම්ප්‍රදායේ බහුජාතිකත්වය සහ සමාජ විවේචනාත්මක වටිනාකම් අවධාරණය කරයි.

කන්නඩ කතුවරිය බානු මුෂ්තාක්ගේ Heart Lamp, 2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගනී

කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත “හර්ට් ලැම්ප්” (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා…

Read More
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.  චිත්‍රපටයට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ Film Heritage Foundation සහ Lester James Peries and Sumitra Peries Foundation යන ආයතන එක්ව සිදු කර ඇති අතර ඒ සඳහා French Embassy in India, French Institute in India ස​හ the Ambassade de France à Sri Lanka et aux Maldives යන ආයතන මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.  ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද යන මහත්වරුන් හා, ඉන්දියාවේ ප්‍රංශ ආයතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය, සිනමා සහ ඩිජිටල් අන්තර්ගතය සඳහා වූ ඇටෑච් මැතිව් බෙජොට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපතිනි ගයාත්‍රි මුස්ටාචි සහ ගාමිණී ෆොන්සේකා පදනමේ ප්‍රධානියා වන දමිත් ෆොන්සේකා ඇතුළු කීර්තිමත් දූත පිරිසක් සහභාගී වනු ඇත.  Source: Film Heritage Foundation

සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත…

Read More

ලියනගේ අමරකීර්ති මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය අප්‍රේල් මාසයේදී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ලියනගේ අමරකීර්ති මහතාගෙ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘මහා සිහිනයක මිහිරි කරදර’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප්‍රේල් මාසයේදී එළි දැක්වීමට නියමිතයි.

Read More

ගොඩගේ අත්පිටපත් තර්ගයට නිර්මාණ බාර ‍ගැනේ

ගොඩාගේ ආයතනයෙන් කරනු ලබන අත්පිටපත් තරගාවලිය සඳහා අත්පිටපත් 2025 අප්‍රේල් 30 දක්වා භාරගැනීම දීර්ඝ කර තිබේ. තරඟයේ ජය ලබන නිර්මාණ සඳහා ත්‍යාග, මුදල් හා සම්මාන පිරිනමනු ලබම අතර එම පොත් ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මුද්‍රණය කෙරේ.

Read More

ඉලංගෝ රාම්ගේ Perusu

ලාංකීය සිනමා අධ්‍යක්ෂක ඉලංගෝ රාම්ගේ ප්‍රථම සිනමා නිර්මාණයේ ඔහුගේම දමිල Remake එක Perusu හි Promo Teaser පටයක් ඊයේ නිකුත් වුණා. කාර්තික් සුබ්බරාජ්ගෙ නිශ්පාදනයක් යටතේ එන මෙම සිනමාපටයට දමිල සිනමාවෙ ප්‍රකට ප්‍රහසන නලුවන් කීපදෙනෙක්ගේම රංගන දායකත්වය ලැබී තිබෙනවා. නෙළුම් කුළුණ ශ්‍රීලංකාවේත් Perusu ඉංදියාවේත් එකම දින එනම් මාර්තු 14 නිකුත් වීමට නියමිතයි. මෙය ඉදිරියේදී තවත් රටවල් කිහිපයකම…

Read More

නෙළුම් කුළුණ ලඟදීම…

“තාත්තා ටිකක් උසයිනෙ, එයාගෙ හොකී පොල්ලත් ටිකක් දිග වැඩී” “තාත්තා මැරිලා, ඒත් සම්පූර්ණ ආත්මයම ගිහින් නෑ, ඒක එතන හිර වෙලා “ වසර 17 කට පසු ශ්‍රී ලාංකේය කුළුදුල් සිනමා නිර්මාණයක් ලෙස ලොව ‘A’ ශ්‍රේණියේ සිනමා උලෙළක් වූ Tallinn Black Nights Film Festival – Estonia” හිදී First Feature Competition තරඟය නියෝජනය කළ “නෙළුම් කුළුණ” චිත්‍රපටය විශේෂ…

Read More
ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ නම් මෙක්සිකානු සිනමාකරුවාගේ සුවිශේෂී බහු ආඛානමය සිනමා ශෛලිය පිළිබඳව විද්වත් සාකච්ඡා සහ චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් මේ මස 13 වන දින එනම් හෙට දිනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨ කලාගාරයේදී පැවැත්වීමට නියමිත ව තිබේ. 'සිනමාත්මක අන්තර් වියමන්' - බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙල නමින් ම​ම චිත්‍රපට උළ​ල සංවිධානය කරනු ලබන්නේ පේරාදණිය විශ්ව විද්‍යාල ලලිත කලා අධ්‍යනාංශයේ සිනමා හා රූපවාහිනී අධ්‍යයන තෙවන වසර විද්‍යාර්ථීන් විසිනි. මෙහිදී 21 Grams(2003), Amores Perros (2000) හා Babel (2006) යන චිත්‍රපට ත්‍රිත්වය ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර පිළිවෙලින් ආචාර්‍ය කලණ සේනාරත්න, ආචාර්‍ය කල්ප රාජපක්ෂ හා මහාචාර්‍ය ලියනගේ අමරකීර්ති යන විද්වතුන් විසින් චිත්‍රපට පිළිබඳ අදහස් දැක්වීම් සිදු කරනු ඇත. ඇකඩමි සම්මානලාභී ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ සිනමාවේදියාගේ සුවිශේෂී බහු ආඛ්‍යාන සිනමා ශෛලි​ය සමරනු ලබන මෙම අපූර්ව සිනමා උළෙල, ලාංකේය සිනමා රසිකයන් මඟහැර නොගතයුතු අපූර්ව අත්දැකීමක් වනු ඇති බව අපගේ විශ්වාසය යි. 

‘සිනමාත්මක අන්තර් වියමන්’ – බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙලක් පේරාදෙණි සරසවියේ දී

ඇලහන්ද්‍රෝ ගොන්සාලෙස් ඉන්‍යාරීතූ නම් මෙක්සිකානු සිනමාකරුවාගේ සුවිශේෂී බහු ආඛානමය සිනමා ශෛලිය පිළිබඳව විද්වත් සාකච්ඡා සහ චිත්‍රපට ප්‍රදර්ශන උළෙලක් මේ මස 13 වන දින එනම් හෙට දිනයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍ර පීඨ කලාගාරයේදී පැවැත්වීමට නියමිත ව තිබේ. ‘සිනමාත්මක අන්තර් වියමන්’ – බහු ආඛ්‍යාන චිත්‍රපට උළෙල නමින් ම​ම චිත්‍රපට උළ​ල සංවිධානය කරනු ලබන්නේ පේරාදණිය විශ්ව විද්‍යාල ලලිත කලා…

Read More
Back To Top