කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ 'මහාප්‍රාණ' අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්‍රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය ගුණය කැටිකරගත්, ජීවිතයේ ක්ෂුද්‍ර හැඟුම්,තැවුල්, බිඳීම් අතරින් නිවීම සොයා යන කවි එකතුවකි. මේ කවි එකතුව නම් කෙරෙන්නේ යුනේෂ් නමින්ම බිඳගත් යුනේෂියාව නම් අපූර්ව කාව්‍යමය ලෝකයක නමිනි. එය කවියාගේ පරිකල්පිත ප්‍රබන්ධ ලෝකය බවත්, මේ කවි වල මිහිර මෙලොව නැති එවැනි වෙනත් ලෝකයකින් අප වෙත එන අපව එවැනි ලෝකයකට කැඳවාගෙන යන එකක් බවත් රසික ප්‍රතිචාරයක සඳහන් වූ නිසා කෘතියට මේ නම යෙදූ බව අයන්ත සිය පෙරවදනෙහි සඳහන් කරයි. අසහාය සිනමාකරුවෙකු වූ අන්ද්‍රේ තර්කෝව්ස්කි පවසන්නේ නිර්මාණකරුවෙකු යනු තමන්ගේම ලෝකයක් නිර්මාණය කරන්නෙකු බවයි. මොනයම්ම කලාමාධ්‍යක වුවත් සිය නිර්මාණ ඔස්සේ තමාටම අනන්‍ය වූ, තමාගේම වූ පරිකල්පිත කල්පනා ලෝකයකට රසිකයා කැඳවාගෙන යාමට කලාකරුවාට හැකිනම්, තර්කෝව්ස්කි පැවසූ පරිදි ඔහු සැබෑම නිර්මාණකරුවෙකු වන බව මමද විශ්වාස කරමි. ඉතින් එනයින් අයන්ත නිර්මාණකරුවෙකු ලෙස සහෘද රසිකයන් වෙතින් ලැබිය හැකි ඉහළම ප්‍රසාදයක් අත්පත් කරගෙන තිබේ. එය සැබවින්ම කොතරම් සාධාරණද යන්න අයන්තගේ යුනේෂියාවට පිවිස බැලුවොත් ඔබටම පසක් කරගත හැක. අයන්තගේ මේ යුනේෂියාව නම් භාවමය ලෝකය තුළ අපට හැමවිටම පාහේ හමුවන්නේ අපගේ සමකාලීන ජීවන කාල සීමාවේ, අපගේ සමාජ දේශපාලනික ආර්ථික සන්දර්භයේම වසන තරුණ හිතක සෙවණැල්ලකි. ඒ හැඟුම් පහසුවෙන් අපේ කරගන්නට හැකිවනේද කථකයා හා අප අතර ඒ සමීප බව නිසායි. ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරිය ඔබ හොඳින් යැයි පවසන මා කළු කුහරයක ගිලෙන (පිටුව 23) ප්‍රේමය, විප්‍රයෝගය, කාංසාව ආදී වූ නොයෙක්විද මනෝභාවයන් කෙටි වචන කිහිපයකට කැටිකොට මුදාහරින්නට අයන්තට ඇත්තේ අපූර්ව සමත්කමකි. මෙයද එවැන්නකි. කෘතියේ බොහොමයක් ඇත්තේ මෙවැනි කෙටි කවිය. ඒවා බොහොමයකට මාතෘකා පාඨ යොදා නැත. ඒවා ඉමිහිරි ක්ෂුද්‍ර හැඟුම් පමණි. ඒවා විටෙක අප වසන යුගය නියෝජනය කරන අතරම විටෙක කථකයාගෙ අභ්‍යන්තරික ගැටුම හෝ සාමය ප්‍රකාශ කර සිටියි. කිසි දෙයක් මෙතරම් හොඳින් ජීවිතය තුළ සිදුව නැත ඔබේ පැමිණීම මිස (පිටුව 13) නොකඩවා සල්ලාපයක මා සමඟ ගොළු මූද (පිටුව 20) මේ කවිය ඉගි කරනවා වාගේම අයන්තගේ සමස්ත කවි වියමනම තමා තුළටම නැමුණු හුදෙකලා සංවාදයකි. එය කවියාගේ භාවමය ලෝකය තුළට එබී අපගේ ජීවිතයද සුවපත් කරගැනීමට ඉඩ සලසන හැඟුම් භාවනාවකි. ස්ත්‍රී පුරුෂ ප්‍රේමය, ප්‍රේමයේ විප්‍රයෝගය මෙන්ම මව්පිය දූදරු සබඳතාවය වැනි සියුම් මානව සබඳතාද අයන්තගේ කවියට නිරන්තරයෙන් විෂය වෙයි. බීඩි සුවදක ඇඳී ඇත තාත්තාගේ මදහස (පිටුව 21) ඇතැම් කවි වල වචනයෙන් විග්‍රහ කළ නොහැකි තරමේ උපමා රූපක හමුවෙයි. අයන්තගේ කවි වල රූපක, උපමා තරමක් විරලයි කිව හැකි වුවත් සරළ ප්‍රකාශන තුළ ඇති සියුම් හැඟීම් කාව්‍යමය රූපක ලෙස ක්‍රියාකරමින් ඉසියුම් කවි මිහිරක් දනවන්නට සමත් වෙයි. ආරිවංශ රණවීර, නන්දන වීරසිංහ වැනි කවියන් ගෙන ආ ඒ සියුම් කවි බස, කවියටම ආවේණික වූ භාවනානුයෝගී සංයමය අත්පත් කරගන්නටද අයන්තගේ කවිය සමත් වෙයි. ඔහුගේ සිය ජීවිතය වෙතටම නැමුණු කාව්‍ය තේමා, හැඟීම්, වඩාත් සාර්ථකව ග්‍රහණය කරගන්නට එකී නිවුණු සරළ වදන් පෙළද හේතුකාරක වී ඇති බව මගේ විශ්වාසයයි. හැන්දෑව වලාකුළු පරුවත හැන්දෑවටත් කලින් අප කුඩා මිදුලට රැය ගෙනෙන ඔබ මා ගෙනා අලුත් කවි පොතේ "වැසිබර සැදෑව" කියවන මම හැන්දෑව නොකියව හැන්දෑවක ඔබ හැන්දෑව නොදැකම හැන්දෑවක (පිටුව 58) ඔබ කවිය තුළින් නිවීමක්, සුවපත් වීමක් අපේක්ෂා කරන්නේනම් අයන්ත යුනේෂ්ගේ 'යුනේෂියාව' මා ඔබට නිර්දේශ කරන කෘති අතර ඉහළම තැනක රදවන බව කිවයුතුය. - පවන් අංජන

තැවුල් සයුර මැද සැනසුම් දූපත ‘යුනේෂියාව’

කවිය යනු හදට සමීප කලාවයි. බරපතළ සමාජ දේශපාලනික කතාබහ, ජීවිතයේ සමාජයේ සංකීර්ණ ‘මහාප්‍රාණ’ අදහස්වලට වඩා කවියක රස, කවියක වින්දනය හැම විටම රැදෙන්නේ කවිය, සරළ සියුම් හැඟුම් ප්‍රකාශනයක් වූ විටය යන්න මගේ හැඟීමයි. ජීවිතයේ දහසකුත් තැවුල් දොම්නස් නිවාලන්නට කොයි කාටත් කවිය දිව්‍ය ඖෂධයක් කොට ගත හැකි වන්නේද එබැවිනි. අයන්ත යුනේෂ්ගේ යුනේෂියාව කාව්‍ය සංග්‍රහය මෙකී සියුම් දිව්‍යමය…

Read More

සුදු කැන්වසයකට යටින් රතු පාට අතක

ග්‍රන්ථය : රතු ඉරි අඳින අත කර්තෘ : ලියනගේ අමරකීර්ති අප දකින අපට පෙනෙන අප හොද යැයි අගය කරන දෙයට යටින් අමුතු කතාවක් තිබිය හැක. ඒ කතාව අප දන්නා කතාවට වඩා අසුන්දර විය හැක. රතු ඉරි අඳින අත එවැනි සුන්දර කතා යට සැඟවුණ අසුන්දරතාව පෙන්නුම් කරන නවකතාවකි. නවකතාවේ ප්‍රධාන චරිතය වන මහාචාර්ය චන්දන මිහිඳුකුලසූරිය එක්තරා…

Read More
leo tolstoy

“ආදරය නොමැතිව ජීවත් වීම පහසුය” …. නමුත් එය අරුත් සුන්ය….. – ලියෝ ටෝල්ස්ටෝයිගේ සුවිශේෂී මතක සටහන්.

ලියෝ ටෝල්ස්ටෝයි 1828- 1910 යුගයේ විසු විශිෂ්ඨ ලේඛකයකු සේම මතභේදාත්මක අදහස් වලින් යුතු පුද්ගලයෙකි. ඔහු අරාජිකවාදියෙකු ,අධ්‍යාත්මික විප්ලවවාදියකු සේම දාර්ශනිකයෙකි. ඔහු 1852 දී හමුවදවට බැඳුණු ටෝල්ස්ටෝයි ජෝවියාවේ පිහිටි මුරපොළවල් අතර ජිවත්ට වෙමින් රුසියානු පාලනයට එරෙහිව කැරලි ගසන ටටාර් ස්වාදෙශිකයින් වන චෙවියනුවන්ට එරෙහිව සිදුකල මෙහෙයුම් වලට සහබාගි විය.කොකෙස්හි පැවති සිසිල්, කඳුකර පරිසරයට ඔහු පෙම් කළේය.එම පරිසරය…

Read More
කුසල් ධනංජය කුරුවිට, කිරුළු කෝල​ය kusal kuruwita , kirulukoolaya,

කුසල්ගේ ʺකිරුළුකෝලයʺ අපට අපව කියවා ගැනීමේ විය සිදුරු ගොන්නක්.

රොබට් ෆ්‍රොස්ට් පවසන්නේ කවිය ඇති වන්නේ චිත්තවේගීය සිතුවිල්ලක් සොයාගත් විට හා ඒ සිතුවිල්ල වචන සොයා ගන්නා විට බව. කවියා සියුම් නිරීක්ෂයකු වන්නේ ඉහත කාරණයේ දි. මානව ජීවිතයේ චිත්තවේගීය හැඟීම දැනීම් ඉතාම සූක්ෂම ආකාරයෙන් සොයාගත් විට ඔහු හෝ ඇය අතින් ඒවා කවි බවට පෙරළෙනවා. එවැනි ප්‍රකාශන සන්දර්භයන් තුල ක්ෂුද්‍ර කවිය ඉතාම ප්‍රබල කාව්‍යමය සන්නිවේදන ස්වරූපයක්. අත්දැකීම…

Read More

අද්භූත වූ මරණයේ දේශය -ඔකිගහරා

නවීන විද්‍යාව කෙතෙක් දියුණු වුවද , නවීන විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් හෙළි නොවන රහස් ලෝකයේ අනන්තවත් පවතී.ජපානයේ ඔකිගහරා වනාන්තරයද තවත් එවැනි ස්ථානයකි. මෙහි ප්‍රධාන චරිත වන්නේ සෙලිනා, තිසල් රිශාරයි. මොවුන් ජපානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ජපානයට යන අතර සෙලිනා තරමක ගුප්ත ස්වභාවයකින් යුතු තරුණියකි.නිතරම කල්පනාබරව සිටින ඇය ඔකිගහරා වනය පිලිබඳ දක්වන්නේ අසීමිත කුතුහලයකි. එය අනික් මිතුරන්ට ගැටළුවක්…

Read More

අජිත් තිලකසේන යනු කුමක්ද ?

ලංකාවේ සංස්කෘතික බුද්ධිමය නවීකාරකත්වයේ ඇති සුවිශේෂී ලක්ෂණයක් වන්නේ විශ්ව විද්‍යාල සම්ප්‍රදාය තුළ පමණක් නොව ඊටත් වඩා ඉන් පරිබාහිරවත් සංස්කෘතික බුද්ධිමය ක්ෂේත්‍රයක් වර්ධනය වී තිබීමයි. ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික බුද්ධිමතාගේ සන්නාමය දරන මාර්ටින් වික්‍රමසිංහ මෙහි ආරම්භක සලකුණයි. ඔහුගේ බුද්ධිමය අභ්‍යාසය එවක ඔහු හා සමාන්තර සාහිත්‍ය-බුද්ධිමය කාර්‍යයේ යෙදුණු විශ්ව විද්‍යාල ඇදුරන් හා විද්‍යාර්ථීන්ට වඩා සෑහෙන ඉදිරියෙන් විය. ඊටත්…

Read More

බ්‍රිතාන්‍ය තේ කෝප්පයක ලංකික කහට පැල්ලම  කැමෙලියා විරාජිනී තෙන්නකෝන්

ජීවිතයේ සෑම විටම සුදු කළු දෙපාර්ශවය තරඟ වදියි. අලාභය ලාභය සමඟත්, රෝගීබව නිරෝගීබව සමඟත්, නරක හොඳ සමඟත් සදාකාලික අනවරත මාවතක ඉදිරියට ගමන් කරමින් ඇත. කැමෙලියා ඒ මාවතේ පිහිටි හරිතමය තේ වතු පිරුණු ජීවන දළ බෑවුමක සිට උණුසුම් තේ කෝප්පයක සරලබව පානය කරන අතරතුර යටත් විජීතවාදී  හා සංස්කෘතික සංකීර්ණබව  විඳීමට ඉඩ සලස්වන නවකතාවයි. තම පියා කවුරුන්ද…

Read More

සියුම් චිත්ත වේගයන් (Melancholy) සාහිත්‍යයේ දී අපට වැදගත් වන අයුරු.

මෙම ලිපියෙන් අපට අවශ්‍ය වන්නේ සෞන්දර්යාත්මක හැඟීමක් ලෙස ශෝකයේ අදාළත්වය සහ වැදගත්කම පෙන්වීමටයි. කලා කෘති සමඟ අප බැඳෙන විට ශෝකය විසල්  භූමිකාවක් ඉටු කරයි, එය ස්වභාවික පරිසරයට සම්බන්ධ වන  අපගේ සමහර සෞන්දර්යාත්මක ප්‍රතිචාරවල ද පවතී. Melancholy සෞන්දර්යාත්මක හැඟීම් සලකා  බැලීම් හොඳින් අර්ථ දක්වා ඇති සෞන්දර්යාත්මක සන්දර්භවල පමණක් නොව, ශෝකයට හේතු වන එදිනෙදා තත්වයන් තුළද ක්‍රියාත්මක…

Read More

වෙරළ කොනක දී ඇහිඳ ගත් දිනපොතක පිටුවක්

හිරු සඳුත් හමුවෙන්නැතේ එක ම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිම ද අප දිනක් එයි අප හමුවනා   බැලූ බැල්මට කිසිදු මතභේදයක් නැත. එක ම අහසේ පායන හිරු සඳු පවා හමු නො වන සොබාදහම් නීති රාමුව තුළ අප හමු නො වීම අරුමයක් නොවේ. නමුදු ගේය පදකරු අප සාතිශය මුලාවක හෙළා ඇත්තේ අවසන් පදය තුළ ය….

Read More
Back To Top