“සමාජය වෙනස් කළ හැකිද?”

(සෘණාන්තයෙන් ධනාන්තයට) සාමාන්‍යයෙන් මිනිස් ආත්මයක උපතේ පටන් ගලා යන අවකාශයක අප අරමුණු දෙයාකාර වේ. ඉන් ප්‍රමුඛතම පළමුවැන්න වන්නේ පුද්ගලික (Personal) නැතහොත් යමෙකු තමා සංවිධානය කරගන්නට නැතිනම් තමා තෘප්තිමත් කරගන්නට දරන උත්සාහයන්ය.විශේෂයෙන් මානව වංශ කතාවේ ගෝත්‍රික අවධිය තුළත් මෑත කාලීනව දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට වර්ධනය වන ගෝලීය ලිබරල් දේශපාලන අර්ථ ක්‍රමය තුළද අප සියල්ලටම වඩා පුද්ගලික…

Read More

තමන්ට ආදරය කරන එක හුඟක් ලස්සන දෙයක්

තමන්ට ආදරය කරනවා කියන්නේ ඔයාගේ ණය ටික පිළිවෙලකට ලියලා, බලෙන්ම මෝනින් රූටින් එකක් පටන් ගන්න එකට. ඔයාට කන්න පෝෂ්‍යදායි ආහාර වේලක් උයා ගන්න එකට. තව දුරටත් ඔයාගේ ප්‍රශ්න වලින් පළා නොගිහින්, තාවකාලිකව හිත සනසන දේවල් විසඳුම් විදියට ගන්නේ නැතිව ඉන්න එකට. හුඟක් වෙලේට තමන්ටම ආදරය කරනවා කියන්නේ, මහන්සි වෙලා තවත් වර්කවුට් එකක් කරනවා වගේ, නැතිනම්…

Read More

සීමා මායිම් නොමැති කවියා හා කවීත්වය

අධිපති මතවාදී ධාරාවෙන් බැහැර කවියක හා කවියකුගේ පැවැත්ම කෙබදුද…මට මෙය විමසන්න සිතුණේ විජය නන්දන පෙරේරා ගේ ‘සහස්පත්’ හා සරත්චන්ද්‍ර වල්පොල ගේ’ ඇස් දොළහක් හය විදිහක්’ කාව්‍යමය ප්‍රකාශනයන් විදීමෙන් අනතුරුවය. මේ සහෝදර කවියන් දෙදෙනාම දශක ගණනාවක සිට සිය නිර්මාණාත්මක ප්‍රකාශනයන් විවිධ අයුරින් සමාජගත කරමින් සිටිති.එහෙත් ඔවුනගේ එම ප්‍රකාශනයන් අරඹයා සහෘද හා විචාර ප්‍රතිචාර බෙහෙවින් අවමය..ඒ කවිය…

Read More

ජෑස් නාදය සහ ගීතය ගැන සිතන්නට යමක්

“යම් ඕනෑම නිශ්චිත කලාකෘතියක්,සංජානනය කර ගැනීමෙහිලා පුද්ගලයකු හට ඒ වටා ඇති පසුබිම නිසැකවම බලපානවා” මෙය යම්තාක් ග්‍රාහකශීලී දෘෂ්ටිකෝණයකින් පමණක් නොව ඒ තුළ වඩා රසබර ප්‍රවේශයකින් විග්‍රහ කළ යුත්තක්.ගීත වනාහි මෙවැනි ජනප්‍රිය සංස්කෘතිය වේගවත් සහ සක්‍රීය සමාජ තලයක ඉතාම සුලභයි.එක් පැයකදී ලොව තරු මාදිලියේ ගීත ප්‍රචාරක වැඩසටහන් තුළින් නව්‍ය ගීත කීයක් ලොවට විවර වෙනවාද? එය ප්‍රමාණාත්මක…

Read More

“ලොතරැයිය ” කෙටි කතා සංග්‍රහය ගැන කෙටි විමසුමක්

    ෂර්ලි ජැක්සන් – ලොතරැයිය අත්තනෝමතික දේශපාලන අගතීන් නිසා ජීවිත අඳුර ම උරුම කර ගත් පීඩිතයන් පීඩකයන්ට එරෙහි වීම වළක්වාලිය හැකිද?එය ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් යථාර්ථයකි.ලොතරැයියක් දිනුම් ඇදීම වැනි අවස්ථාවක් කේන්ද්‍රීය අත්දැකීම ලෙස ගෙන මානව සබඳතාවන්හි වේදනාත්මක ස්වරූපය සමග ඒකාත්මික කොට නිර්මාණාවේශයක් වූ කල්හි එය කෙතරම් වටින්නේ ද ට්සිකා කෝටා -පොළව ලේ උරා බීහ…

Read More

අස්පර්ශනීයන් වෙත එළඹුණ ස්පර්ශ ඉසවු

17“භාෂාව නම් කෝවේ අපි දැවේ”එකොළොස් වැනි වතාවටත්“පසුව දැනුම් දෙන්නම්”කුරිරු ආචාරශීලීත්වයක් එයඉංග්‍රීසි උච්චාරණයේ රළු බවට සේවායෝජක සිත් පෑරිලා මගේ හිතේමගට බැස නවතිමිෂැන්ග්‍රිලා සිහිනය ලඟගාලුමුව සිඹිනවනචර වෙළඳ හාදුවක්අතරමං වෙලා වගේයි අදචීන ටවුමක බණ්ඩාරනායකත්ඉතිං හිතේ අමාරුව තදකරංනොතෙමී කොටුවට යන්නත්‍රීරෝද රථයකට ගොඩවෙන මගෙන්‘ මහත්තයා සිංහල දැ’යි අසයි රියදුරෙක්කුසල් කුරුවිට කවියගේ ‘අස්පර්ශනීයන් වෙත’ කවි පොත පිටවෙන්නේ 2020 අවුරුද්දේ සන්ථව ප්‍රකාශනයක්…

Read More

අප නොසන්සුන් කරන සංසුන් සාංසාරික නික්ම යාමක්.

සුමින්ද කිත්සිරි ගුණරත්න කවියාගේ වියෝව ගැන ඊයේ හවස මම වට්සැප් ස්ටේටසයක් පළ කරාට පසුව මගේ ලැයිස්තුවේ ඉන්න යොවුන්, තරුණ සහ ඇතැම් මැදි වියේ කවි ලියන, කියවන සහ සාහිත්‍ය ඇසුරු කරන අය හුඟ දෙනෙක් ඒ ස්ටේටසයට එවා තිබුණ ප්‍රතිචාර වුණේ “කවුද සුමින්ද කිත්සිරි ගුණරත්න? “අහලම නෑනෙ එයා ගැන මීට කළින්”, “එයාගෙ පොත් කොහෙන්ද ගන්න පුළුවන්”, “අදමයි…

Read More

වෙරළ කොනක දී ඇහිඳ ගත් දිනපොතක පිටුවක්

හිරු සඳුත් හමුවෙන්නැතේ එක ම අහසේ පායනා ඉතින් දුක් වෙන්නේ කිම ද අප දිනක් එයි අප හමුවනා   බැලූ බැල්මට කිසිදු මතභේදයක් නැත. එක ම අහසේ පායන හිරු සඳු පවා හමු නො වන සොබාදහම් නීති රාමුව තුළ අප හමු නො වීම අරුමයක් නොවේ. නමුදු ගේය පදකරු අප සාතිශය මුලාවක හෙළා ඇත්තේ අවසන් පදය තුළ ය….

Read More

කසුකුසුව – මංජුල වෙඩිවර්ධන සමඟ

සල්ලාපයේ අවසන් භාගය වූ ඒ වේලාවේ අප කතා කරමින් සිටි “කවිය” නමැති මාතෘකාවට අදාළ වෙන වැදගත් ම අය, දෙදෙනාට ම ගිඩිගිඩි ගා මතක් වෙමින් තිබිණි. කොහොමත් තමන් ආදරය කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණවල ඇති ලස්සන ම සහ හදවතේ බරට ම තැන්පත් වන දෑ ගැන කියන්න ඔහු කොහොමත් ඔහු සුර ය. මීවිතයි,ගීතයයි අතර පා වුණු අපේ කසුකුසුව අප…

Read More
Back To Top