"ප්‍රේමයට, ප්‍රේමය තුළම පරිසමාප්තියට පත් වීම මිස අන් අභිලාෂයක් නොපවතී. එනමුත්, ඔබගේ ප්‍රේමය තුළ ආශාවන් පවත්නේ නම්, මේවා ඔබේ ඒ ආශාවන් වන්නට ඉඩ හරින්න: රාත්‍රියේ ස්වකීය තනුව වයන ගලා බසින දිය දහරාවක සේ තමාව දිය කොට ගැනීමත්, අත්‍යන්ත සංවේදීතාවයේ වේදනාව විඳීමත්, ප්‍රේමය යනු කුමක්ද යන්න පිළිබඳ ඔබේම වටහාගැන්ම තුළ ආත්මය පළුඳු කොට ගනිමින් ස්වකැමැත්තෙන් මෙන්ම ආහලාදය මුසු හැඟීමෙන් ඉන් රුහිරු ගලා යෑමට ඉඩ හැරීමත්, ආදරණීයත්වයේ තවත් නවමු දිනක් උදෙසා තුති පුදමින්, පියාපත් ලද හදවතක් දරා ගත්තෙකු හා සදිසිව අරුණෝදාවෙහි අවදිවීමත්, ගිම් නිවන සන්ධ්‍යා හෝරාවෙහි ප්‍රේමයේ ප්‍රමෝදය තුළ දැහැන්ගත වීමත්, රැය උදාවත්ම කෘතඥතාවයේ හැඟීම පෙරදැරිව නිවහන වෙත එළැඹ, ඔබේ හදවත ගත් ප්‍රේමවන්තිය උදෙසා සිදු කරන සුබ ප්‍රාර්ථනාවක් සහ දෙතොලට නඟාගත් ප්‍රශස්ති ගීයත් හා සමඟින් යහන වෙත යෑමත්, ඔබේ ප්‍රේමයේ සකලවිධ ආශාවන් වන්නට ඉඩ හරින්න." ඛලීල් ජිබ්රාන් . Love has no other desire but to fulfil itself. But if you love and must needs have desires, let these be your desires: To melt and be like a running brook that sings its melody to the night. To know the pain of too much tenderness. To be wounded by your own understanding of love; And to bleed willingly and joyfully. To wake at dawn with a winged heart and give thanks for another day of loving; To rest at the noon hour and meditate love’s ecstasy; To return home at eventide with gratitude; And then to sleep with a prayer for the beloved in your heart and a song of praise upon your lips. The Prophet Kahlil Gibran

The Prophet | ඛලීල් ජිබ්රාන්

“ප්‍රේමයට, ප්‍රේමය තුළම පරිසමාප්තියට පත් වීම මිස අන් අභිලාෂයක් නොපවතී. එනමුත්, ඔබගේ ප්‍රේමය තුළ ආශාවන් පවත්නේ නම්, මේවා ඔබේ ඒ ආශාවන් වන්නට ඉඩ හරින්න: රාත්‍රියේ ස්වකීය තනුව වයන ගලා බසින දිය දහරාවක සේ තමාව දිය කොට ගැනීමත්, අත්‍යන්ත සංවේදීතාවයේ වේදනාව විඳීමත්, ප්‍රේමය යනු කුමක්ද යන්න පිළිබඳ ඔබේම වටහාගැන්ම තුළ ආත්මය පළුඳු කොට ගනිමින් ස්වකැමැත්තෙන් මෙන්ම…

Read More
අරුන්දතී රෝයි ප්‍රථම වතාවට තමන්ගෙ මතක සටහන් ඇතුළත් කෘතියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන්න නියමිතයි. ලිවීමේදී වගේම කතා කිරීමේදීත් නිර්භීත සහ මතභේදාත්මක චරිතයක් විදියට ඇය ප්‍රසිද්ධයි. ඇයගේ පොත් වලටත් වඩා ඇගේ දේශපාලනික ප්‍රකාශ ජනප්‍රියයි. ඇය තමන්ගේ ලිවීම ගැන කියපු දේවල් ටිකක් මේ. ප්‍රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ - අරුන්දතී රෝයි මම කරන්නේ මට ඕන දේ. ලියන්නෙ මට ඕන දේ, වටින නොවටින ලිවීම් කියලා තක්සේරු කරන්නේ නැතිව දිගටම ලියාගෙන යනවා. වාසනාවට මම බැංකුකරුවෙක් හරි, ගණාකාධිකාරිවරයෙක් හරි නෙමෙයි. දැන් දේශපාලන ප්‍රකාශයක් කරන්න වෙලාව කියලා මට දැනුණම මම ඒක කරනවා. තමන්ගේ ශරීරයේ කොටසකට ලියුමක් ලියනවා වගේ - ඔබට කරන්න බැරි දේවලුත් තියෙනවා. ඔයාගෙ කකුලට හරි කොණ්ඩෙට නැත්නම් හදවතට ලියන්න බැහැ. මිනිස්සු මට කියනවා, ඔහ්, ඔයා ඇත්ත දේවල් ලියන එක හොඳයි, ඒ වගේම ඒක දේශපාලනික දෙයක් වීමත් හොඳයි. මම කියනවා, මගේ තැන ඉඳන් බලන්න, කිසිවක් නොකියා ඉඳිමත් මාර දේශපාලනිකයි. ඔබ දේශපාලනිකව හිතන්න ඕන, එහෙම නැත්නම් ඔබත්, අරයා මෙහෙම කියනවා, මෙයා මෙහෙම කියනවා කියන ජාතියේ මනුස්සයෙක් වෙයි. මගේ දේශපාලනික ක්‍රියාකාරීත්වයට බුකර් ත්‍යාගය බොහෝ පැතිවලින් වගකියන්න ඕන. මම මේ සම්මානෙ දින්නම, අලුතෙන් මතුවෙන ඉන්දියාවේ මධ්‍යම පංතිය අතර සුන්දරිය බවට මම පත්වුණා. ඔවුන්ට කුමාරිකාවක් අවශ්‍ය වුණා. ඒත් එයාලට ලැබුණෙ වැරදි ගෑනි. ඒ වෙලාවේ මේ ආලෝකය මා තුළ දැල්වෙමින් තිබුණා, මගේ රටේ සිද්ධවෙන දේ ගැන යමක් කියන්නට වේදිකාවක් මට ඇති බව මම දැනගෙන හිටියා. එතන ඉඳලා මම කරපු දේවල්වල තියෙන සිත්ගන්නා කරුණ නම් ලිවීම ආයුධයක්, යම් ආකාරයක උණ්ඩ බවට පත්වීමයි. එක නවකතාවක් ලිව්ව නිසා දිගටම නවකතා ලියන්න ඕන කියලා හිතපු කෙනෙක් නෙමෙයි මම. ලියන්න තවත් නවකතාවක් තියෙනවා කියලා දැනුණම තමයි මම තව නවකතාවක් ලියන්නේ. එක විදියකින් ලිවීම කියන්නේ ඔබේ භාෂාව නිෂ්පාදනය කරන, පුද්ගලාර්ථවාදයේ ඇදහිය නොහැකි ක්‍රියාවක් වුණත් ඒක තනි පුද්ගල කාර්යයක් ලෙස නොව සමූහයක හදවත විදියට භාවිතා කිරීම පරස්පර විරෝධී දෙයක්. එහෙත් තවමත් එය තනි පුද්ගලවාදී වීම හෝ අභිලාෂකාමී වීමක් නෙමෙයි. මගේ ලිවීම් සෑම ඉන්දියානු භාෂාවකටම පරිවර්තනය කර පත්‍රිකාවලින්, කුඩා පුද්ගලික වීඩියෝ වලින්, බෙදා හරිනු ලබනවා. ඒවා හැම තැනකම තියෙනවා. ඒ නිසා මධ්‍යම පන්තියට තමන් මුළු ජාතියම යැයි සිතීම සුන්දර විනෝදාංශයක්. කෙනෙක් ජීවත්වන සමාජය සහ ඒ සමාජයේ වැදගත් ප්‍රශ්න ගැන ලියන ලේඛකයෙක් වීම හොඳ දෙයක්. එයා ලේඛකයෙක් නොවෙන්නේ කොහොමද, ඒක හැමදාම පැවතුණේ ඒ විදියට. බොහොම මෑත කාලෙදි තමයි ලේඛකයො මාකට් එකේ විකුණන සෙල්ලම්බඩු වගේ පොත් ලියන තත්වෙට පහත වැටුණෙ. ඉන්දියාවෙදි, ඔබ මොන භාෂාවෙන් ලියුවත්, උත්ප්‍රාසය තේරුම් නොගැනීම සහ පොතම තේරුම් නොගැනීමේ සම්භාවිතාවක් තියෙනවා. ලේඛකයෙක් විදියට මේක හරිම භයානකයි. (මේක නම් ලංකාවෙත් එහෙමමයි අරුන්දතී) මම ලියන දේ වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඒ වගේම මම ඒක අනුගමනය කරනවා.

ප්‍රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ – අරුන්දතී රෝයි

අරුන්දතී රෝයි ප්‍රථම වතාවට තමන්ගෙ මතක සටහන් ඇතුළත් කෘතියක් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත්කරන්න නියමිතයි. ලිවීමේදී වගේම කතා කිරීමේදීත් නිර්භීත සහ මතභේදාත්මක චරිතයක් විදියට ඇය ප්‍රසිද්ධයි. ඇයගේ පොත් වලටත් වඩා ඇගේ දේශපාලනික ප්‍රකාශ ජනප්‍රියයි. ඇය තමන්ගේ ලිවීම ගැන කියපු දේවල් ටිකක් මේ. ප්‍රබන්ධය තමයි මේ ලෝකයේ තියෙන ප්‍රීතිමත්ම, සුන්දරම, විදග්ධම, සහ පුදුමාකාරම දේ –…

Read More

ලේඛකයෙක් වෙන එකෙන් අදහස් කරන්නෙ නැහැ සත්‍යය දේශනා කරන්න ඕන බවක්, ඒකේ අර්ථය තමයි සත්‍යය සොයාගැනීම – මිලාන් කුන්දෙරා

මිලාන් කුන්දේරා 2023 අවුරුද්දෙදි ප්‍රංශයේදී සිය ජීවිතයෙන් සමුගත්තා. කුන්දේරා පාඨකයන්ට කුන්දෙරා කියන්නේ එක්තරා විදියක ආගමක්. ඔහුගේ ජීවිතය අන්තැනක (Life is elsewhere), දරන්න බැරි සැහැල්ලුව (Unbearable Lightness of being), කොළොප්පම (The Joke) වගේ නවකතා ලංකාව ඇතුළෙ බොහෝ දෙනෙක්ව ලියන්නො බවට පත් කරපු පොත්. කුන්දෙරාගේ පොත් තුළ මේ සැහැල්ලුව නැතිනම් Lightness සංකල්පයක් විදියට මතුවෙනවා. ඔබ තාමත් කුන්දෙරාගේ…

Read More
අවදානමක් නැතිනම් එතන කලාවක් නැහැ. ඔබ හැමතිස්සෙම ඉන්න ඕන ඕනම වෙලාවක පල්ලෙහාට වැටිලා බෙල්ල කැඩෙන්න පුළුවන් ප්‍රපාතයක් ළඟ - කාලෝස් ෆුවෙන්තෙස් කාලෝස් ෆුවෙන්තෙස් යනු විශිෂ්ට මෙක්සිකානු ලේඛකයෙකි. ඔහුගේ ද ඕල්ඩ් ග්‍රින්ගෝ නම් කෘතිය පසන් කොඩිකාර විසින් ග්‍රින්ගෝ මහල්ලා ලෙස පරිවර්තනය කර තිබේ. ඊට අමතරව ටෙරා නොස්ට්‍රා, ඕරා ආදී විශිෂ්ට කෘති ගණනාවක් ලෝක සාහිත්‍යයට දායාද කළ අපූර්ව ලේඛකයෙකි. ඔහු ලේඛනය ගැන දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

අවදානමක් නැතිනම් එතන කලාවක් නැහැ.  – කාලෝස් ෆුවෙන්තෙස්

අවදානමක් නැතිනම් එතන කලාවක් නැහැ. ඔබ හැමතිස්සෙම ඉන්න ඕන ඕනම වෙලාවක පල්ලෙහාට වැටිලා බෙල්ල කැඩෙන්න පුළුවන් ප්‍රපාතයක් ළඟ – කාලෝස් ෆුවෙන්තෙස් කාලෝස් ෆුවෙන්තෙස් යනු විශිෂ්ට මෙක්සිකානු ලේඛකයෙකි. ඔහුගේ ද ඕල්ඩ් ග්‍රින්ගෝ නම් කෘතිය පසන් කොඩිකාර විසින් ග්‍රින්ගෝ මහල්ලා ලෙස පරිවර්තනය කර තිබේ. ඊට අමතරව ටෙරා නොස්ට්‍රා, ඕරා ආදී විශිෂ්ට කෘති ගණනාවක් ලෝක සාහිත්‍යයට දායාද කළ…

Read More
ඇමරිකානු සාහිත්‍යෙය් විශිෂ්ට ලකුණක් වන විලියම් ෆෝක්නර් 1949 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානය දිනාගන්නවා. අවාසනාවට අපේ පරිවර්තකයන්ට ඔහුව මඟහැරීම නිසා මම දන්නා තරමින් තවමත් ඔහුගේ කෘතියක් සිංහලට පරිවර්තනය වී නැහැ. The Sound and the Fury (1929), As I Lay Dying (1930), Sanctuary (1931), and Absalom, Absalom! (1936). ඔහුගේ ප්‍රමුඛ නවකතා අතර වෙනවා.

ලේඛකයෙක් වෙන්න එපා. ඒ වෙනුවට ලියන්න. – විලියම් ෆෝක්නර්

ඇමරිකානු සාහිත්‍යෙය් විශිෂ්ට ලකුණක් වන විලියම් ෆෝක්නර් 1949 දී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානය දිනාගන්නවා. අවාසනාවට අපේ පරිවර්තකයන්ට ඔහුව මඟහැරීම නිසා මම දන්නා තරමින් තවමත් ඔහුගේ කෘතියක් සිංහලට පරිවර්තනය වී නැහැ. The Sound and the Fury (1929), As I Lay Dying (1930), Sanctuary (1931), and Absalom, Absalom! (1936). ඔහුගේ ප්‍රමුඛ නවකතා අතර වෙනවා. ලේඛකයෙක් වීම…

Read More
නිකලස් ස්පාක්ස් ඔහුගේ නවතම කෘතිය පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ප්‍රකාශයට පත් කළා. ඒ ඔහුගේ 23 වන නවකතාවයි. ඔහුගේ පොත් කියවා නැති කෙනෙක් වුවත් A walk to remember, Notebook වැනි චිත්‍රපට නරඹා ඇති. ආදර නවකතා රචකයෙකු ලෙස ලොව පුරා පාඨක ප්‍රජාවගේ ආදරය දිනාගත් ඔහු ලිවීම ගැන දැක්වූ අදහස් ටිකක් මේ. 

පාඨකයො සමාව දෙන්නේ එක තැනකට එනකන් විතරයි කියලා වටහා ගන්න එක වැදගත් – නිකලස් ස්පාක්ස්

නිකලස් ස්පාක්ස් ඔහුගේ නවතම කෘතිය පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ප්‍රකාශයට පත් කළා. ඒ ඔහුගේ 23 වන නවකතාවයි. ඔහුගේ පොත් කියවා නැති කෙනෙක් වුවත් A walk to remember, Notebook වැනි චිත්‍රපට නරඹා ඇති. ආදර නවකතා රචකයෙකු ලෙස ලොව පුරා පාඨක ප්‍රජාවගේ ආදරය දිනාගත් ඔහු ලිවීම ගැන දැක්වූ අදහස් ටිකක් මේ. ආදර කතාවක් කියන්නෙ හැමවෙලාවෙම අභ්‍යන්තර…

Read More
ජෝජෝ මෝයිස් මිලියන ගණනින් පිටපත් අලෙවිවන ලේඛිකාවක්. ඇයගේ කෘති සිංහල බසටද පරිවර්තනය වී ඇති නිසා ඇය සිංහල පාඨකයා අතරෙහිද ජනප්‍රියයි. ඇගේ Me before you නම් කෘතිය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ කෘතියක්. මේ ඇය ලිවීම ගැන දැක්වූ අදහස් කිහිපයක්. මේ සටහන් පෙළ තුල විවිධ ලේඛකයන් තමන්ගේ ලිවීම ගැන දැක්ළුූ අදහස් ඉදිරිපත් කරනවා. ඔබ ඒ අය අනුගමනය කළ යුතු නැහැ. ඔබට අවශ්‍ය දේ අරගෙන ඔබේම වූ ක්‍රමයක් සොයාගන්න. ඔබේ අනන්‍යතාවය රැකෙන්නේ එවිටයි. මේ සියල්ල ලිවීම ගැන ඔබට අවබෝධ කරගැනීම සඳහා පමණකි. ලියන්න හොඳම වෙලාව විදියට මම දකින්නෙ උදේ 6, දවසේ කුණු කන්දල් - ෆිෂ් ෆින්ගර්ස්, පාසල් නිළ ඇඳුම්, බල්ලො සහ බිල්පත් - වලට කලින් මගේ ඔළුව පිරෙන්න කලින් අවස්ථාව තියෙනවා. සාමාන්‍යෙයන් මට උදේ හතට කලින් වචන 500 ලියන්න පුළුවන්. ඒත් ඒක අමාරුයි. ඒ වගේම අන්තර්ජාලය, සමාජ මාධ්‍ය කියන්නේ දැඩි ලෙස කාලය කා දමන දේවල්.

දවසට වචන 500ක්වත් ලියන්න උත්සාහ කරන්න. සමහරවිට ඔබ එයින් 499ක්ම පහුවෙනිදාට ඉවත් කරයි.- ජෝජෝ මෝයිස්

ජෝජෝ මෝයිස් මිලියන ගණනින් පිටපත් අලෙවිවන ලේඛිකාවක්. ඇයගේ කෘති සිංහල බසටද පරිවර්තනය වී ඇති නිසා ඇය සිංහල පාඨකයා අතරෙහිද ජනප්‍රියයි. ඇගේ Me before you නම් කෘතිය ලෝකය පුරා අතිශයින් ජනප්‍රිය වූ කෘතියක්. මේ ඇය ලිවීම ගැන දැක්වූ අදහස් කිහිපයක්. මේ සටහන් පෙළ තුල විවිධ ලේඛකයන් තමන්ගේ ලිවීම ගැන දැක්ළුූ අදහස් ඉදිරිපත් කරනවා. ඔබ ඒ අය…

Read More
'ඔබ දන්න දේ ගැන ලියන්න' කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්රකාශය - කසුවෝ ඉෂිගුරෝ කසුවෝ ඉෂිගුරො 2017 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙක්.

‘ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්රකාශය – කසුවෝ ඉෂිගුරෝ

කසුවෝ ඉෂිගුරො 2017 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙක්. ඔහු ලියූ Never Let me go නම් පොතට විසි වසරක් සපිරෙන මේ අවුරුද්දේදී ඒ වෙනුවෙන් සංවත්සර කෘතියක් පිටවීමට නියමිතයි. මෙම කෘතිය අමාලි බොරළුගොඩ ගේ පරිවර්තනයක් විදියට විදර්ශන ප්‍රකාශන වෙතින් ‘නොගිලිහෙන්න‘ නමින් ප්‍රකාශයට පත් වුණා. ඔහුගේ විශිෂ්ටතම පොතක් ලෙස සැලකෙන Remains of the day…

Read More
The Handmaid’s Tale නවකතාවෙන් ලෝකය පුරා ජනප්‍රිය වුණ මාග්‍රට් ඇට්වුඩ් 1939 දි කැනඩාවේ තමයි ඉපදුණේ. බුකර් සම්මානය දෙවරක් දිනාගත් අතලොස්සක් වන ලේඛක පිරිස අතරට ඇයද එක්වෙනවා. ජීවිතේ 85 වෙනි අවුරුද්ද ගත කරන ඇය විකේන්ද්‍රික චරිතයක්. ඇයගේ එක පොතක්වත් අවාසනාවට සිංහලට පරිවර්තනය වෙලා නැති නිසා හුඟදෙනෙක් ඇට්වුඩ් ගැන දන්නෙ නැහැ. ඇය වතාවක් තමන්ගේ පොත්වල සිටින චරිතවල නම් වෙන්දේසියේ දාලා අලෙවි කරලා තිබුණා. ඒ වගේ අමුතු වැඩ කරන ඇට්වුඩ් ගේ පොතක් අන්තිමට ආවෙ 2020 අවුරුද්දේ. මේ ඇට්වුඩ් ලිවීම ගැන කියපු දේවල් ටිකක්.

ඔබ පරිපූර්ණ මොහොත එනකම් බලන් ඉන්නව නම්. ඔබට කවදාවත්ම ලියන්න ලැබනේනේ නැහැ, මොකද ඒක කවදාවත් එන්නේ නැහැ – මාග්‍රට් ඇට්වුඩ්

The Handmaid’s Tale නවකතාවෙන් ලෝකය පුරා ජනප්‍රිය වුණ මාග්‍රට් ඇට්වුඩ් 1939 දි කැනඩාවේ තමයි ඉපදුණේ. බුකර් සම්මානය දෙවරක් දිනාගත් අතලොස්සක් වන ලේඛක පිරිස අතරට ඇයද එක්වෙනවා. ජීවිතේ 85 වෙනි අවුරුද්ද ගත කරන ඇය විකේන්ද්‍රික චරිතයක්. ඇයගේ එක පොතක්වත් අවාසනාවට සිංහලට පරිවර්තනය වෙලා නැති නිසා හුඟදෙනෙක් ඇට්වුඩ් ගැන දන්නෙ නැහැ. ඇය වතාවක් තමන්ගේ පොත්වල සිටින චරිතවල…

Read More
පෞරුෂත්වය (personality)

පෞරුෂත්වය (personality)

සාමාන්‍ය ජීවිතයේදී පෞරුෂය යනුවෙන් අපි හඳුන්වන්නේ යම් පුද්ගලයකුගේ හැඩරුව , කතාබහ කරන විලාශය , හැසිරෙන අන්දම යනාදී වශයෙනි.එලෙසින්ම පුද්ගලයකුට ඇති තවත් පුද්ගලයකුට නොමැති ලක්ෂණ යනුවෙනුත් මෙය හැදින්වේ . යම් පුද්ගලයකුගේ සමාජශීලි බවත් පෞරුෂත්වයේ ලක්ෂණයක් බැවු නිර්වචන අතර විය. පළමුව අපි පෞරුෂත්වය යන වචනයේ මුලාරම්භය දෙස බලමු. ඉංග්‍රීසි භාෂාවේ personality පර්සනැලිටි යන වචනයෙන් බිඳී ආවකි. ලතින්…

Read More
Back To Top