WachanaAdmin

හිතවත් පාඨ​ක ඔබට, වchaන අපගේ ස්තූතිය! අලුත් පරිච්ඡේදයකින් හමුවෙමු.

අපි මී​ට වසරකට පෙර  thewachana.com වෙබ් අඩවි​ය පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළෙමු – ඩිජිටල් සාහිත්‍ය හා සංස්කෘතික වෙබ් සඟරාවක් මෙහි ස්ථාපි​ත කිරීමේ උත්සාහයක්. එය ඩිජිටල් සාහිත්‍ය අවකාශ​ය, නිර්මාණශීලිත්වය සහ අපගේ පාඨක ප්‍රජාව පිළිබඳ අත්හදා බැලීමක් විය. මෙම වසර තුළ අපි බොහෝ සක්‍රී​ය පාඨකයින් වෙත ළඟා වූ අතර කවි, රචනා, කෙටිකතා සහ තීරු ලිපි ප්‍රකාශයට පත්…

Read More

ඒ රහස් කවුළුව

කිසිම ගැලපීමක්, අදාලත්වයක් නැති නමුත් කිසිම හෝ මොහොතක දැක තිබේයැයි හැඟෙන හීන ගොන්නක් මම දකිමින් සිටිමි. ජීවිතයේ කොයියම්ම හෝ දිනයක ජීවත් වුණු මොහොතවල් යයි හැඟෙන තරමට ඒ දසුන් හිතට ළඟ බවක් දැනුනද එය කිසිසේත්ම තාත්වික නොවන බවද දනිමි. මන්දයත්, ඒ සිහිනවල සිටින ඒ මා, මා නොවන බැවිනි. නොයෙක් පැහැයෙන් අනේක පසුබිම්වල හුරුපුරුදු ඒත් කිසිදා නොදුටු…

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන 2025 නිර්දේශිත කෘති ප්‍රකාශයට පත් කෙරේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ මෙවර සම්මාන සඳහා නිර්දශිත කෘති ​මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, නවකතා, තීරුලිපි, කාව්‍ය, ගේය කාව්‍ය හා ශ්‍රාස්ත්‍රීය කෘති යන තරඟ අංශයන්​​ගේ නිර්දේශිත කෘති පහත පරිදි වේ. නවකතා අංශය ඇල්බට්වරුද මනුෂ්‍යයෝයතරිඳු ශ්‍රී ලොකුගමගේ(ග්‍රන්ථ ප්‍රකාශන)පියාසර සමයචන්ද්‍රරත්න බණ්ඩාර(සරසවි…

Read More
එකම ප්‍රේමය - මරණීය සරසවි ප්‍රේමයක අමරණීය මතක

එකම ප්‍රේමය – මරණීය සරසවි ප්‍රේමයක අමරණීය මතක

ප්‍රේමය විෂමාකාරීය. එක් එක් ප්‍රේම සම්බන්ධතා තුළ අප එක් එක් මිනිසුන්ට වෙනස් අයුරින් බැඳෙන අතර ඒ සියල්ල ප්‍රේමයමදැ’යි සමහරක් දිනෙක හැරීබලන ඔබම විමසනු ඇත. සම්බන්ධතාවයක ඉන්නා තුරාවට දැනෙන හැඟීම කුමක් වූවත් ආපස්සට හැරී බලන විට ඒ විවිධාකාරී ප්‍රේමයන්ට වෙනස්ම නාමකරණයක් ඔබට හමුවෙනු ඇත. ප්‍රේමයමැ’යි සිතා ප්‍රේම කිරීමත් ප්‍රේමයමදැ’යි නොදැන බැඳීමත් සාමාන්‍යයය. එහෙත් ප්‍රේමයට ඉඩ නැති…

Read More
කුරුළු ඇට සැකිල්ලක් දැකල මං නැවතුනා අඹ ගහ පාමුල වෙනද වගේම උදෑසනක අඩ නිදිමතකින් ඉර එලිය මතු වේවි තිබ්බා ලෝකය කැරකුනා වෙනද වේගෙන්ම බළලෙක් කැගැහුව එකපාරටම උදවු ඉල්ලන දරුවෙක්ගේ හඬින් ඒ මතකයක්ද? පාපොච්චාරනයකද? කුරුළු ඇටසැකිල්ල: නිල් පැහැ ඇබින්දක් ඉතිරුවුණු දිරාගිය පිහාටු මේ කුරුළු අට සැකිල්ල ආවේ කොහොමද මෙතනට සිද්දවුනු දේ කවුරුහරි දැක්කද? (කැලේ ගහක් කඩන වැටෙද්දී එක අහන්න කෙනක් හිටියේ නැත්තම් එතන හඬක් නැගුනද?) ඇත්තටම මොකද වුනේ මේ කුරුල්ලට? මේ කුරුල්ලා ජිවත් වුනේ කොයි කාලේද? ඌ කෝච්චර දුර පියෑඹුවද? ඌ හිටියේ සතුටෙන්ද? [මිනිස්සු වචනවලට හැරෙවුවම අපි එකට කියන්නේ ඉතිහාසය] මනඃකල්පිත කුරුල්ලෙක් පියඹාගෙන ගියා මට ඉහලින් උගේ සැහැල්ලු සිරුර හුළං රැලි උඩ පාවුනා පුංචි ඔරුවක් වගේ [ඉතිහාසය අතුලෙ පණ තියන කෙනෙක් නෑ තියෙන්නේ සෙවනැලි රුප විතරයි] ළඟ තාප්පයක් උද හිටි තවත් බල්ලෙක් ඇනුමක් යැවුවා උගේ උල් දත් මොහොතකට මතුවෙලා දිලිසුනා [මිනිස්සුන්ව වචන වලට හරවන්නේ කවුද? ඒ තුවක්කු අතේ තියන අය] මේ කුරුල්ලා මැරෙන්නේ ඇත්තේ යුද්ධයකින් වෙන්න බැරිද? දත් උල් බළල්ලුයි, නිල් කුරුල්ලෝයි අතර සුදුයි කලුයි අතර හොඳයි නරකයි අතර ඈත අතීතේ සිද්ද වෙචච, (හරියට ට්‍රෝජන් යුද්ධෙ වගේ) යුද්ධෙන් නිල කුරුල්ලෝ මැරුණට පස්සේ ලෝකෙටම සාමය උද වුනා වෙන්න පුළුවන් [ඉතිහාසේ මිත්‍යාවට හරවන්නේ කවුද? අපි, ඉතිහාසේ කියවන අපි, ඉතිහාසේ කියවන අපි යුද්ධෙ ගැන ප්‍රවෘතිය බල දුක වෙලා ප්‍රවෘති ඉවර උනාම ටෙලි නාට්‍යය බලන අපි] මං මොනවාද නිල් කුරුල්ලෝ ගැන දන්නේ? තව ටිකකින් කවුරුහරි ඇවිත් මතුවෙච්ච ඇටසැකිල්ල වහල දාවි පස් ටිකකින් ඊට පස්සෙත් ලෝකේ අඩ නිදිමතේ කරකෙවී වෙනද වේගෙන්ම 2025-08-06  

2025-08-06 | තරින්ද්‍ර ගලහේන

කුරුළු ඇට සැකිල්ලක් දැකල මං නැවතුනාඅඹ ගහ පාමුලවෙනද වගේම උදෑසනකඅඩ නිදිමතකින්ඉර එලිය මතු වේවි තිබ්බාලෝකය කැරකුනා වෙනද වේගෙන්මබළලෙක් කැගැහුව එකපාරටමඋදවු ඉල්ලන දරුවෙක්ගේ හඬින්ඒ මතකයක්ද? පාපොච්චාරනයකද?කුරුළු ඇටසැකිල්ල:නිල් පැහැ ඇබින්දක් ඉතිරුවුණු දිරාගිය පිහාටුමේ කුරුළු අට සැකිල්ලආවේ කොහොමද මෙතනටසිද්දවුනු දේ කවුරුහරි දැක්කද?(කැලේ ගහක් කඩන වැටෙද්දීඑක අහන්න කෙනක් හිටියේ නැත්තම්එතන හඬක් නැගුනද?)ඇත්තටම මොකද වුනේ මේ කුරුල්ලට?මේ කුරුල්ලා ජිවත් වුනේ…

Read More
Nubata Innata Thibuna (නුඹට ඉන්නට තිබුනා)Chamara Fernando ft Dulee Gunawardane

මෙය ම​ට නුඹව මතක් වන බව කීමට ය…! – “නුඹට ඉන්නට තිබුණා මා ළඟ”

හමුවීම්, හිමිවීම් අතරේ වෙන්වීම්, සහ අහිමිවීම් එක්ක ගෙවෙන මොහොතවල් එක්කාසු වුණු මේ ජීවිතේ, නොයෙක් ආකාරයේ මං මාවත් වල ඇවිද යන්නට ඔබටත් මටත් සිදු වේ. මේ සියලු කාරණාවන් ඔස්සේ ප්‍රේමය කියන්නේ බලාපොරොත්තු ගොන්නක මැවුම්කාර හැඟීමකි. ඒ මැවුම්කාර සිතුවිලි වලට ජීවය දෙන්නේ කවුරුන් හෝ හදවතේ කොනක ඉතිරි කළ ගිය මතකයක් වන්නට පුළුවන. විඳින්නට නම් කොතෙක් දෑ තිබුණත්,…

Read More
ඇත්තටම මන් කැමති කෙල්ලොන්ටද?

හොඳ ළමයි සහ ඕ ලෙවල් අතර ලව් ලෙටර් ‍ | අලුපාට සිතුවිලි

ඕ ලෙවල් රිසාල්ට් උණුසුම එක්ක මගෙ ජීවිතේ එක්තරා පරිච්ඡේදයක් දිගාරින්න මට හිතුනා. නාවලපිටියේ කනිස්ටෙත්, මායාවෙ අවුරුදු ගානත්, ඒ අතරමැද මගෙ ජීවිතේ සිද්දවුනු බහුතරයක් පෙරළියත් මන් මෙහෙම දිගාරින්නම්. නාවලපිටිය කනිස්ටෙදි කරපු එකම එක ‘අසමජ්ජාති’ වැඩේ ඇරුණම මායාවෙ අට වසරෙ දෙවෙනි වාරෙ වෙනකම්ම මන් ඉතා කීකරු, ‘හොඳ ලමේක්’. කරපු ‘අසමජ්ජාති’ වැඩේ නම් අල්ලපු පන්තියක කලු ලෑල්ලෙ ඒ පන්තිය…

Read More
කිසි දෙයක් නොවන මේ දිනවල ඔබ සිහි වෙයි විදුලියක් විලස හෙට දින ද අද මෙනි හිරු උදා වී බැස යයි අසල්වැසියන් මිතුරන් නොයෙක් මුහුණින් හමුවෙයි ඒත් ඔබ උන් දිනවල ලියන්නට තැනුවෙමි අලුත් කවි සෙව්වෙමි එවන්නට ලොවේ මිහිරිම ගී මිණි අමතකව යයි ටික ටික අප ළඟින් උන් ඒ හරිත පැහැ දින කිහිපය ඇසිය යුතු ම ය ඔබ එවූ ගී කිහිපයක් එදිනවල මා එතරම් ඇසීමට ප්‍රිය නොකළ අන්න... එවිටම දැනෙයි කිසි විටෙක මා ඔබ අතනොහරින වග

ඔබ | අයන්ත යුනේෂ්

කිසි දෙයක් නොවන මේ දිනවල ඔබ සිහි වෙයි විදුලියක් විලස හෙට දින ද අද මෙනි හිරු උදා වී බැස යයි අසල්වැසියන් මිතුරන් නොයෙක් මුහුණින් හමුවෙයි ඒත් ඔබ උන් දිනවල ලියන්නට තැනුවෙමි අලුත් කවි සෙව්වෙමි එවන්නට ලොවේ මිහිරිම ගී මිණි අමතකව යයි ටික ටික අප ළඟින් උන් ඒ හරිත පැහැ දින කිහිපය ඇසිය යුතු ම ය…

Read More
රාත‍්‍රියේ නීතිය

රාත්‍රියේ නීතිය ‍| චන්ද්‍රකුමාර වික්‍රමරත්න

බොහෝ කලකට පසුවසිහිනයෙන් මා දුටුවකළුපාට ගාලු කොටු පවුර මතඅම්මා සිටියායවසංගතයෙන් පෙළෙනමුළු ගාලු නගරයමදෑසේ කඳුළකට කොටු කොට රැගෙන කලු පාට බොර කඳුළු රළ නඟනසඳුන් සුවඳැති කසළ මෝඩ ඇළසෙමින් නිහඬව පෙර පරිද්දෙන්පාසි පෙණ බුබුළු උතුරමින්පුරවරේ සංකේතය වෙමින්ගලයි හැව්ලොක් ටවුම අයිනෙන් නගරය විසින් බෝ කළහොරි දද කුෂ්ඨ සාපයමා මුවට රන් පාට කිරි පෙවූඇගේ සියොළඟ ගිලගෙන තිබුණිපාපතර දෙනගම සනුහරේකාසි…

Read More

දුඹුරු ජැකට් (කෙටි කතාව) – යශෝධා වීරසිංහ මාපලගම

ඒක ප්‍රධාන නගරයෙන් ඇතුළට වෙන්න පිහිටි දුශ්කරම නොවුණත් ගම්බද පාසලක්. උසස් පෙළ දක්වාම පන්ති පැවතුණ ඒ පාසල ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධානම පාසල. නගරයෙන් සැලකිය යුතු තරම් දුරක් ඈතින් පිහිටි නිසාවෙන්දෝ ඒ ප්‍රදේශයේ ගැමි සුන්දරත්වය නොනැසී පැවතුණා. ප්‍රදේශවාසීන් වුණත් බහුතරය ඉතාම අව්‍යාජ ගැමියන් වුණා. පාසල එක් පසකින් මායිම් වුණේ විශාල වෙල් යායකට. තවත් පසකින් ප්‍රධාන මාර්ගයට….

Read More
Back To Top