ළහිරුනි වික්‍රමරත්න

කොච්චරවත් අති උත්ක‍ර්ශයට නගලා නුවර ගැන ලියන හෑලි ගැන මට තියෙන්නේ මහා උදාසීන හැඟීමක්. ඇත්ත. නුවර ගැන නුවරමය හැඟීමක්, පේරා ගැන ඊටත් වඩා හැඟීමක් මටත් තියෙනවා. ඒත් ඒවා මේ ජීවිතය සහ මතකයන් එක්ක බැඳුනු හරි සංකීර්ණ හැඟීම්. නුවර කියන්නේ ආගමක්ය ජාතියේ එව්වා නෙවෙයි.
ඔය කොයික වෙතත් නුවර ගැන ලියන්න කළින් නුවර යන පාර ගැන ලියන්න මට හිතුනා. අපෙ ගේ තියෙන්නේ හැටන් නුවර මහ පාර ආසන්නයේම. පාර අයිනෙ ගෙදරක් කියන්නෙ පහසුවක් තරමටම වදයකුත් වෙන දෙයක්. පැටවු කාලෙ අපි හවසට ඔය මහපාරෙ ක්‍රිකට් ගැහුවා. ඒ ඉතින් පාර ලොකු කරන්න එහෙම ඉස්සර. දෙයියනේ කියලා දැන්නම් ඒ පාරෙ ටෙනිස් බෝලෙකට තියා මනුස්සයෙකුට වත් පාර මාරුවෙන්න බෑ. ඒක දැන් ගාලු පාර වගේ. ‘ගාලු පාර’. ඕක සුවහසක් පාර අයිනෙ වාසීන් පාවිච්චි කරන්න ආසම යෙදුමක්. අදහස තමයි ඉවරයක් නැතුව වේගෙන් වාහන යන, පාර මාරුවෙන්න ඉස්පාසුවක් නැති පාරක් ය කියනෙක.

ඒ නොවුනත් ඔය පාරෙ විනාඩි විස්සෙන් විස්සට යන හැටන්-නුවර බස්ම හොඳ හේතුවක් ආසාවට තියා වුවමනාවට වත් පාර මාරු නොවී ඉන්න. හැටන් බස් ධාවනය වෙන්නෙ දෙයියනේ කියලා බස් එක පිටින් අවසාන කැමත්තට එහෙම ලියලා තියලද කොහෙද. එච්චර පරෙස්සම් ඒ යෑම. නැගලා බහිනකන් විස්වාසයක් නෑ නුවර යයිද හොස්පිටල් යයිද කියලා. මගියෙක්ට නැත්තන් පදිකයෙක්ට බැරිනම් පාරෙ අයිනෙ තියෙන ගහකට හරි කෙළෙව්වේ නැත්තන් හැටන් බස් හැටන් බස් නොවන්නේය කියලා ඩිපෝ මහත්තුරු දියුරුම් දුන්නද කියලා වෙලාවක ටිකක් අහලා කියලා දැනගන්න ඕනෙ. නැත්තන් අපි උනත් නිකන් අනවශ්‍ය විදිහට කළබල වෙලා සක්තිය නාස්ති කරගන්නෙ අපරාදෙ නෙ. මොකද ඔව්වගේ රියදුරු, කොන්දොස්තර මහත්තරුන්ට හරි වැරදි කියන්න ගියාම දෙයියනේ කියලා අපේ වචන නාස්ති වෙලා අපි නිකන් නරක මිනිස්සු වෙනවා විතරයි. හැටන් බස් වල නිතර ගිහින් ආවොත් අතේ අමාරුවක් වත් හැදෙනවා මයි. මට වගේම මගෙ යාලුවන්ටත් එක වගේ අතේ කැක්කුම් තිබුනා ඉස්සර ඔව්වගෙ එල්ලිලා ඉස්කෝලේ යන කාලෙ. අනිත් එක තමා නහරයක් තද වෙලාය කියලා හිතෙන ගානට එන කකුලෙ කැක්කුම. බෝනස් එකට එක්කර ගත්තහැකි එක කකුලෙන් යෑමෙ කුසලතා වර්ධනය වීම සහ එනිසා ඇතිවෙන සාරීරික අපහසුතා. අදටත් අපේ නංගිටයි දුවටයි වඩා සැලකිය යුතු වෙලාවක් එක කකුලෙන් හිටන් ඉන්න පුළුවන් මට කිසි කරදරයක් නැතුව. ඉස්සර උදේ පාන්දර ඉස්කෝලෙ යන්ඩ බස් එක උඩහ වංගුවෙන් එද්දි ගෙදරින් එළියට පැන්නහම හොඳටම ඇති. ලේස් ගැටගැහිල්ල, කොන්ඩෙ ගෙතිල්ල, රිබන් බැඳිල්ල ඉතින් කොහොමත් කරන්නෙ බස් එකේ. ඉඳගෙන, හිටගෙන තියා තනි කකුලෙන් උනත් ඔව්වා කරගන්න තරම් අපි මේ වංගු තියෙන නුවර පාරට පදම් වෙලා හිටියේ. පොත් කියවීම, හෝම්වක් කිරීම, නියපොතු කැපීම, කියුටෙක්ස් යැවීම අපි ඔය බස්වල කරපු අනිත් දහසකුත් එකක් වැඩ අතර තිබ්බා. එහෙන් මෙහෙන් ලව් කරපු අයත් ඔව්වගෙ හිටියා.

ඒත් ඉතින් හැටන් බස් කියන්නෙ අපෙ සම්පූර්ණ ජීවිතෙන් ඉතා පොඩි ඉඩක් ගන්න දෙයක් නෙ. මේ මහපාර ගාව පහසුකම් සහිත ජීවිතේ ඊට වඩා වාසි සහගත දේවල් එමටයි. කෙනෙක්ට හිත යන්ඩ කලින් උනත් බලන්න කියනවනෙ ලයිට් වතුර තියෙනවද, ටවුමට ලඟද, පාරට ළඟද, අරකද මේකද කියලා. අන්න එව්වා ඉතින් නොඅඩුව මෙතන තියෙනවා. වතුර බටයක් කැඩුනාම ප්‍රාදේශීය සභාවෙ අයියට පාර මාරුවෙම්ඩ පොම්ඩක් වෙලා යම්නවා උනත් කියන්ඩ තරම් බරපතළ වැරදි නැතිම තරම් ඉතින්. අනික ඉතින් ලඟක ඉඳන් මේ පැත්තේ කුණු ලොරි වලින් කුණු එහෙමත් එකතු කරනවා. (ඔව් ඒක සාකැසම් තමා. කුණු එකතු කරන්න කුණු ලොරියක් එව්වේ මයින්දානන්ද මාත්තයා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාටත් පස්සෙ තමයි) හැබැයි ඉතින් දිරණ කුණු පොහොර කරගන්න ඉඩත්, ඒවා පාවිච්චි කරන්න පොඩි මල් පාත්ති එළවලු කොටුත්, නොදිරන එව්වා පුච්චගන්න ඉඩත් අඩුවක් නැති නිසා ඔව්වා ඉතින් ලොකු ලොකු ප්‍රස්න උනේ නෑ මෙච්චර කල්. පාර අයිනෙ උන්ට ඉඩ කොහෙන්ද කිව්වොත් ඔන්න ඊළඟට අපි එනවා මේ මහපාරට ඉතා කිට්ටු අපේ ජීවිතේ මන් දකින ඉතා ධනාත්මක කොටසට.

පාරට ළඟ, ටවුමට ළඟ අරකද මේකද කිව්වට අපි ඉන්නෙ ගමක. අපි තාමත් ඉන්නෙ ගමක. මහපාරට ඔන්න මෙන්න ගෙවල් වල හිටියට අපිට තියෙනවා ගේ වටේට (තුන් පැත්තකින් විතරක්) වත්ත, ඊළඟට ඇලක්, ඊළඟට කුඹුරු (නෑ එව්වා අපේ නෙවෙයි), ඊටත් පස්සේ තේ වතු (එව්වත් අපේ නොවෙයි), ඒ ඔක්කොටම පස්සෙ පොඩි කඳු, ලොකු කඳු, පොඩි දිය ඇළි, ලොකු දිය ඇළි, වෙනකක් තියා අපි ඉන්නෙ කඹරගල කන්දේ එක පැත්තක පාමුලේ. ‘ඕන්න ඔය ගෙවල් පිටිපස්සෙ ඇළ ගිහින් එක්වෙන්නෙත් ඊට විරුද්ද පැත්තෙන් ගම මැදින් ගලන මහවැලි ගඟට නොවැ කිරි පුතේ’. ඒ කාලෙ අත්තලා ඔහොම කියන්ඩැති. මන් දන්නෑ මොකද මට එහෙම කතා අහන්ඩ අත්තෙක් සෙට් උනේම නෑ.

ඔය කොයික වෙතත් ඔන්න දැන් මන් ඔබට අවසර දෙනවා මේ පිහිටීමේ සම්පූර්ණ චිත්‍රයක් ඇඳගන්න. ඉස්සෙල්ලාම මහපාර. ඊළඟට පරණ කාලෙ කලුගල් සහ මැටියෙන් හදලා පස්සෙ කාලෙ නවීකරණය කරලා ලොකු කරගත්ත පාර අයිනෙ ගෙවල් පේළි දෙක. ඊටපස්සෙ ඇල, කුඹුරු, තේ, කඳු, දිය ඇළි, .. චිත්‍රය මනරම් බව මට විශ්වාසයි. ඇයි? මන් ඒක දන්න නිසා. මන් ඒකෙ ඉන්න නිසා. හිමිදිරි පාන්දර මගෙ ඉතා කුඩා කාමරේ ජනේලෙ ඇරලා මීදුම් අස්සෙන් දකින කබරගලත්, රෑ බොවේගන එනකොට ලොකු අම්මලෑ ගෙවල් පැත්තෙ අහසට එන ලස්සන පාට ටිකත්, හඳයි තරුයි පෑව්වාම රෑට ආයෙ මීදුමයි සීතලයි ගේන සෞම්‍ය පරසනුවර පාර, වලපිටිය.

 

කොච්චරවත් අති උත්ක‍ර්ශයට නගලා නුවර ගැන ලියන හෑලි ගැන මට තියෙන්නේ මහා උදාසීන හැඟීමක්. ඇත්ත. නුවර ගැන නුවරමය හැඟීමක්, පේරා ගැන ඊටත් වඩා හැඟීමක් මටත් තියෙනවා. ඒත් ඒවා මේ ජීවිතය සහ මතකයන් එක්ක බැඳුනු හරි සංකීර්ණ හැඟීම්. නුවර කියන්නේ ආගමක්ය ජාතියේ එව්වා නෙවෙයි.

ඔය කොයික වෙතත් නුවර ගැන ලියන්න කළින් නුවර යන පාර ගැන ලියන්න මට හිතුනා. අපෙ ගේ තියෙන්නේ හැටන් නුවර මහ පාර ආසන්නයේම. පාර අයිනෙ ගෙදරක් කියන්නෙ පහසුවක් තරමටම වදයකුත් වෙන දෙයක්. පැටවු කාලෙ අපි හවසට ඔය මහපාරෙ ක්‍රිකට් ගැහුවා. ඒ ඉතින් පාර ලොකු කරන්න එහෙම ඉස්සර. දෙයියනේ කියලා දැන්නම් ඒ පාරෙ ටෙනිස් බෝලෙකට තියා මනුස්සයෙකුට වත් පාර මාරුවෙන්න බෑ. ඒක දැන් ගාලු පාර වගේ. ‘ගාලු පාර’. ඕක සුවහසක් පාර අයිනෙ වාසීන් පාවිච්චි කරන්න ආසම යෙදුමක්. අදහස තමයි ඉවරයක් නැතුව වේගෙන් වාහන යන, පාර මාරුවෙන්න ඉස්පාසුවක් නැති පාරක් ය කියනෙක.

 

ඒ නොවුනත් ඔය පාරෙ විනාඩි විස්සෙන් විස්සට යන හැටන්-නුවර බස්ම හොඳ හේතුවක් ආසාවට තියා වුවමනාවට වත් පාර මාරු නොවී ඉන්න. හැටන් බස් ධාවනය වෙන්නෙ දෙයියනේ කියලා බස් එක පිටින් අවසාන කැමත්තට එහෙම ලියලා තියලද කොහෙද. එච්චර පරෙස්සම් ඒ යෑම. නැගලා බහිනකන් විස්වාසයක් නෑ නුවර යයිද හොස්පිටල් යයිද කියලා. මගියෙක්ට නැත්තන් පදිකයෙක්ට බැරිනම් පාරෙ අයිනෙ තියෙන ගහකට හරි කෙළෙව්වේ නැත්තන් හැටන් බස් හැටන් බස් නොවන්නේය කියලා ඩිපෝ මහත්තුරු දියුරුම් දුන්නද කියලා වෙලාවක ටිකක් අහලා කියලා දැනගන්න ඕනෙ. නැත්තන් අපි උනත් නිකන් අනවශ්‍ය විදිහට කළබල වෙලා සක්තිය නාස්ති කරගන්නෙ අපරාදෙ නෙ. මොකද ඔව්වගේ රියදුරු, කොන්දොස්තර මහත්තරුන්ට හරි වැරදි කියන්න ගියාම දෙයියනේ කියලා අපේ වචන නාස්ති වෙලා අපි නිකන් නරක මිනිස්සු වෙනවා විතරයි. හැටන් බස් වල නිතර ගිහින් ආවොත් අතේ අමාරුවක් වත් හැදෙනවා මයි. මට වගේම මගෙ යාලුවන්ටත් එක වගේ අතේ කැක්කුම් තිබුනා ඉස්සර ඔව්වගෙ එල්ලිලා ඉස්කෝලේ යන කාලෙ. අනිත් එක තමා නහරයක් තද වෙලාය කියලා හිතෙන ගානට එන කකුලෙ කැක්කුම. බෝනස් එකට එක්කර ගත්තහැකි එක කකුලෙන් යෑමෙ කුසලතා වර්ධනය වීම සහ එනිසා ඇතිවෙන සාරීරික අපහසුතා. අදටත් අපේ නංගිටයි දුවටයි වඩා සැලකිය යුතු වෙලාවක් එක කකුලෙන් හිටන් ඉන්න පුළුවන් මට කිසි කරදරයක් නැතුව. ඉස්සර උදේ පාන්දර ඉස්කෝලෙ යන්ඩ බස් එක උඩහ වංගුවෙන් එද්දි ගෙදරින් එළියට පැන්නහම හොඳටම ඇති. ලේස් ගැටගැහිල්ල, කොන්ඩෙ ගෙතිල්ල, රිබන් බැඳිල්ල ඉතින් කොහොමත් කරන්නෙ බස් එකේ. ඉඳගෙන, හිටගෙන තියා තනි කකුලෙන් උනත් ඔව්වා කරගන්න තරම් අපි මේ වංගු තියෙන නුවර පාරට පදම් වෙලා හිටියේ. පොත් කියවීම, හෝම්වක් කිරීම, නියපොතු කැපීම, කියුටෙක්ස් යැවීම අපි ඔය බස්වල කරපු අනිත් දහසකුත් එකක් වැඩ අතර තිබ්බා. එහෙන් මෙහෙන් ලව් කරපු අයත් ඔව්වගෙ හිටියා.

 

ඒත් ඉතින් හැටන් බස් කියන්නෙ අපෙ සම්පූර්ණ ජීවිතෙන් ඉතා පොඩි ඉඩක් ගන්න දෙයක් නෙ. මේ මහපාර ගාව පහසුකම් සහිත ජීවිතේ ඊට වඩා වාසි සහගත දේවල් එමටයි. කෙනෙක්ට හිත යන්ඩ කලින් උනත් බලන්න කියනවනෙ ලයිට් වතුර තියෙනවද, ටවුමට ලඟද, පාරට ළඟද, අරකද මේකද කියලා. අන්න එව්වා ඉතින් නොඅඩුව මෙතන තියෙනවා. වතුර බටයක් කැඩුනාම ප්‍රාදේශීය සභාවෙ අයියට පාර මාරුවෙම්ඩ පොම්ඩක් වෙලා යම්නවා උනත් කියන්ඩ තරම් බරපතළ වැරදි නැතිම තරම් ඉතින්. අනික ඉතින් ලඟක ඉඳන් මේ පැත්තේ කුණු ලොරි වලින් කුණු එහෙමත් එකතු කරනවා. (ඔව් ඒක සාකැසම් තමා. කුණු එකතු කරන්න කුණු ලොරියක් එව්වේ මයින්දානන්ද මාත්තයා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාටත් පස්සෙ තමයි) හැබැයි ඉතින් දිරණ කුණු පොහොර කරගන්න ඉඩත්, ඒවා පාවිච්චි කරන්න පොඩි මල් පාත්ති එළවලු කොටුත්, නොදිරන එව්වා පුච්චගන්න ඉඩත් අඩුවක් නැති නිසා ඔව්වා ඉතින් ලොකු ලොකු ප්‍රස්න උනේ නෑ මෙච්චර කල්. පාර අයිනෙ උන්ට ඉඩ කොහෙන්ද කිව්වොත් ඔන්න ඊළඟට අපි එනවා මේ මහපාරට ඉතා කිට්ටු අපේ ජීවිතේ මන් දකින ඉතා ධනාත්මක කොටසට.

 

පාරට ළඟ, ටවුමට ළඟ අරකද මේකද කිව්වට අපි ඉන්නෙ ගමක. අපි තාමත් ඉන්නෙ ගමක. මහපාරට ඔන්න මෙන්න ගෙවල් වල හිටියට අපිට තියෙනවා ගේ වටේට (තුන් පැත්තකින් විතරක්) වත්ත, ඊළඟට ඇලක්, ඊළඟට කුඹුරු (නෑ එව්වා අපේ නෙවෙයි), ඊටත් පස්සේ තේ වතු (එව්වත් අපේ නොවෙයි), ඒ ඔක්කොටම පස්සෙ පොඩි කඳු, ලොකු කඳු, පොඩි දිය ඇළි, ලොකු දිය ඇළි, වෙනකක් තියා අපි ඉන්නෙ කඹරගල කන්දේ එක පැත්තක පාමුලේ. ‘ඕන්න ඔය ගෙවල් පිටිපස්සෙ ඇළ ගිහින් එක්වෙන්නෙත් ඊට විරුද්ද පැත්තෙන් ගම මැදින් ගලන මහවැලි ගඟට නොවැ කිරි පුතේ’. ඒ කාලෙ අත්තලා ඔහොම කියන්ඩැති. මන් දන්නෑ මොකද මට එහෙම කතා අහන්ඩ අත්තෙක් සෙට් උනේම නෑ.

 

ඔය කොයික වෙතත් ඔන්න දැන් මන් ඔබට අවසර දෙනවා මේ පිහිටීමේ සම්පූර්ණ චිත්‍රයක් ඇඳගන්න. ඉස්සෙල්ලාම මහපාර. ඊළඟට පරණ කාලෙ කලුගල් සහ මැටියෙන් හදලා පස්සෙ කාලෙ නවීකරණය කරලා ලොකු කරගත්ත පාර අයිනෙ ගෙවල් පේළි දෙක. ඊටපස්සෙ ඇල, කුඹුරු, තේ, කඳු, දිය ඇළි, .. චිත්‍රය මනරම් බව මට විශ්වාසයි. ඇයි? මන් ඒක දන්න නිසා. මන් ඒකෙ ඉන්න නිසා. හිමිදිරි පාන්දර මගෙ ඉතා කුඩා කාමරේ ජනේලෙ ඇරලා මීදුම් අස්සෙන් දකින කබරගලත්, රෑ බොවේගන එනකොට ලොකු අම්මලෑ ගෙවල් පැත්තෙ අහසට එන ලස්සන පාට ටිකත්, හඳයි තරුයි පෑව්වාම රෑට ආයෙ මීදුමයි සීතලයි ගේන සෞම්‍ය පරසරයත් මේ ගම්බද චිත්‍රයේ අත්‍යාවශ්‍ය වගේම සුන්දරම පැහැයන්. මේ පරිසරය අපිට කවදාවත් එපා උනේ නෑ. මේ පරිසරය හැමදාම අපේ විඩාවට වගේම කාන්සියටත් ඔසුවක් උනා. අදටත් හැන්දෑවට පාර අයිනෙන් පටන් අරන් ගම මැද්දට, ගඟ අයිනට පොඩි රවුමක් දාන්න හිතෙන්නෙ ඒකයි. උඩ පිහිල්ලෙන් අයිස් වතුර ටිකක් නාගන්නෙ ඒකයි. දැන් නාන්න වතුර නැතත් ඇළට චුට්ටක් කකුල වත් දාන් ඉන්න හිතෙන්නෙ ඒකයි. උඩ පැත්තෙ රවුමක් දාන්න, ගම අස්සෙ රස්තියාදුවක් යන්න, ඉවරයක් නැති ඇළ දිගේ කඳු බඩගාන්න තාමත් ඉස්සර තරමටම අපි කැමතියි. ඒත් ඔය පාරිසරික සුන්දරත්වයට පොඩි කොමාවක් දාන්න මන් කැමතියි..

 

පාර අයිනේ ජීවිතේ වදයක් වෙන හේතුවක් දූවිලි. මේ හරියේ ගස් වැඩි නිසා තරමක් අපහසුව අඩු වෙනවා උනත් ඉස්සර අපේ ගෙදර සීල් නොකරපු හුලං තවු නිසා නිතර දෙවේලේ කිලුටු වෙන ජනෙල් තිර දූවිල්ලේ ප්‍රමාණය ගැන අපිට හොඳ අදහසක් දුන්නා. ඔය වදයක් වීම කියන ගොඩට ආයෙ දාගන්න පුළුවන් ගේ අස්සේ යනවා වගේ දැනෙන වාහන සද්ද. කන ගාව ඇහෙන මිනිස් කටහඬවල්. ඒ වගේම දෙයියනේ කියලා එකිනෙකාට එකිනෙකා ගැන ඇති අතිශය පෞද්ගලික මට්ටමේ අවබෝධය. ඕක ඉතා පැහැදිළි වෙන්න මන් භාවිතා කරන්න ආසම යෙදුම තමයි ‘අහල පහළ ගෙදරකට පූසෙක් ආවත් ගමම දන්නවා’ය කියනෙක. ඕකත් මේ ඇත්තම සිද්ධියකින් මන් ම හදාගත්ත ඔරිජිනල් යෙදුමක්. ඒ තරමට මේ පාර දෙපැත්තේ ඉහිරුන ගමේ ජීවිතය එකිනෙකාට තවමත් ඉතා සමීපයි.

 

ඒ නිසාම මන් කැමතියි මෙතනින් එහාට මේ භූමියේ තියෙන මානුෂීය සුන්දරත්වය ගැන කතා කරන්න.

 

තාමත් සාද කතාවට එක්වෙන ගමේ කඩපිල්, උදව් නොඅඩුව නොකඩවා ලැබෙන මලගෙවල්, බණ ගෙවල්, මඟුල්, මේ මෑත කාලෙදි ළමයි ලොකු මහත් වෙලා එළියට පහලියට බහිනකන්ම තිබුනු නැටුම් පන්ති, ළමා සමිති, අවුරුදු උත්සව, වෙසක් සැරසිළි වගේ සාමූහික වැඩ, ඔය කොයිකටත් වඩා ගමේ හැමෝටම දෙවෙනි ගෙදරක් උනු එකිනෙකාගේ ගෙවල් සහ පවුල්, මේ තාමත් ග්‍රාමීය අපේ ජීවිතයේ හරි වටින කොටස්. තාමත් හැරිලා බලනකොට ඉතාම ලස්සන, කලාවට ලැදි, සෞන්දර්‍යාත්මක, වගේම ආරක්ෂාවෙන් පිරුණු ළමා කාලයකට උරුමකම් කියපු ගමේ අවසාන පුරුක විදිහට අපිව දකින්න පුළුවන්. නැටුම් කණ්ඩායම්, ළමා සමිති, සංගීත පංති විතරක් නෙවෙයි, එකිනෙකා අතර බෙදාගත් ඉතා සීමිත ඒත් වටිනා කියන පොත්ගුල් වල හිමිකරුවන් උන අපි පොත් ගුල්ලන් පිරිසකුත් උනා. කාලෙන් කාලෙට එක එක හේතු උඩ එක එක මට්ටම් වලින් අපි එක් උනා. චූටි කාලෙ සෙල්ලම් බත් උයන්න, ටිකක් ලොකු වෙද්දි ඇත්තටම එකතුවෙලා උයන් කන්න, පස්සේ පස්සේ පොඩි පොඩි තේ වට, සාද වලට එක් වෙන්න, මේ මොන මොන හේතු හරි එක්ක අපි අපේ බැඳීම රැකගත්තා. අදටත් අවුරුද්දට වතාවක් වත් අපි අහලපහල කීපදෙනා එක්වෙලා යන පොඩි ට්‍රිප් එකත්, අවුරුද්දට වතාවක් අවුරුදු දවස්වල වතාවතක් සේ එක්වෙන අවුරුදු පැදුරු පාටියත් මේ නොසැලෙන නොමැකෙන ලෙංගතුකමේ ජීවමාන කොටස්. එකිනෙකා වෙනුවෙන් තමාගේම කරගත් හැඟීමෙන් පෙනී ඉන්න අපි ගමක් හැටියට තවමත් සවිමත් බව මම කියනවා. බොහෝවිට ඉතා කාර්‍යබහුල උනත් අදටත් එකිනෙකා වෙනුවෙන් තමාගේ වටිනා කාලය එකසේ දෙන්න අපි බැඳී ඉන්නවා. ඉතාම සුන්දර අතීත කාල පරිඡ්චේදයක මිහිර අපි තුළ ජීවමානව පවතිනවා. අදටත් ඉඳහිටක අහම්බෙන් හෝ එක්වෙන මොහොතක ඒ මතක වල ඉමිහිරි සුවඳ අපි විඳිනවා. හවසට ආපහු හැටන් බස් එකක ගෙදර යනකොට හැමදේම අකුළලා විසිකරලා දාලා දමලාගහලා යන්න හිතෙන මේ විඩාබර ජීවිතය තාමත් ජීවත් කරවන්න මේ ග්‍රාමීය ජීවිතයේ දහසකුත් එකක් සුන්දර අහුමුළු තාමත් සමත් බව හිතපුරා ගලා යන උණුසුමක් එක්ක මම කියනවා.රයත් මේ ගම්බද චිත්‍රයේ අත්‍යාවශ්‍ය වගේම සුන්දරම පැහැයන්. මේ පරිසරය අපිට කවදාවත් එපා උනේ නෑ. මේ පරිසරය හැමදාම අපේ විඩාවට වගේම කාන්සියටත් ඔසුවක් උනා. අදටත් හැන්දෑවට පාර අයිනෙන් පටන් අරන් ගම මැද්දට, ගඟ අයිනට පොඩි රවුමක් දාන්න හිතෙන්නෙ ඒකයි. උඩ පිහිල්ලෙන් අයිස් වතුර ටිකක් නාගන්නෙ ඒකයි. දැන් නාන්න වතුර නැතත් ඇළට චුට්ටක් කකුල වත් දාන් ඉන්න හිතෙන්නෙ ඒකයි. උඩ පැත්තෙ රවුමක් දාන්න, ගම අස්සෙ රස්තියාදුවක් යන්න, ඉවරයක් නැති ඇළ දිගේ කඳු බඩගාන්න තාමත් ඉස්සර තරමටම අපි කැමතියි. ඒත් ඔය පාරිසරික සුන්දරත්වයට පොඩි කොමාවක් දාන්න මන් කැමතියි..

පාර අයිනේ ජීවිතේ වදයක් වෙන හේතුවක් දූවිලි. මේ හරියේ ගස් වැඩි නිසා තරමක් අපහසුව අඩු වෙනවා උනත් ඉස්සර අපේ ගෙදර සීල් නොකරපු හුලං තවු නිසා නිතර දෙවේලේ කිලුටු වෙන ජනෙල් තිර දූවිල්ලේ ප්‍රමාණය ගැන අපිට හොඳ අදහසක් දුන්නා. ඔය වදයක් වීම කියන ගොඩට ආයෙ දාගන්න පුළුවන් ගේ අස්සේ යනවා වගේ දැනෙන වාහන සද්ද. කන ගාව ඇහෙන මිනිස් කටහඬවල්. ඒ වගේම දෙයියනේ කියලා එකිනෙකාට එකිනෙකා ගැන ඇති අතිශය පෞද්ගලික මට්ටමේ අවබෝධය. ඕක ඉතා පැහැදිළි වෙන්න මන් භාවිතා කරන්න ආසම යෙදුම තමයි ‘අහල පහළ ගෙදරකට පූසෙක් ආවත් ගමම දන්නවා’ය කියනෙක. ඕකත් මේ ඇත්තම සිද්ධියකින් මන් ම හදාගත්ත ඔරිජිනල් යෙදුමක්. ඒ තරමට මේ පාර දෙපැත්තේ ඉහිරුන ගමේ ජීවිතය එකිනෙකාට තවමත් ඉතා සමීපයි.

ඒ නිසාම මන් කැමතියි මෙතනින් එහාට මේ භූමියේ තියෙන මානුෂීය සුන්දරත්වය ගැන කතා කරන්න.

තාමත් සාද කතාවට එක්වෙන ගමේ කඩපිල්, උදව් නොඅඩුව නොකඩවා ලැබෙන මලගෙවල්, බණ ගෙවල්, මඟුල්, මේ මෑත කාලෙදි ළමයි ලොකු මහත් වෙලා එළියට පහලියට බහිනකන්ම තිබුනු නැටුම් පන්ති, ළමා සමිති, අවුරුදු උත්සව, වෙසක් සැරසිළි වගේ සාමූහික වැඩ, ඔය කොයිකටත් වඩා ගමේ හැමෝටම දෙවෙනි ගෙදරක් උනු එකිනෙකාගේ ගෙවල් සහ පවුල්, මේ තාමත් ග්‍රාමීය අපේ ජීවිතයේ හරි වටින කොටස්. තාමත් හැරිලා බලනකොට ඉතාම ලස්සන, කලාවට ලැදි, සෞන්දර්‍යාත්මක, වගේම ආරක්ෂාවෙන් පිරුණු ළමා කාලයකට උරුමකම් කියපු ගමේ අවසාන පුරුක විදිහට අපිව දකින්න පුළුවන්. නැටුම් කණ්ඩායම්, ළමා සමිති, සංගීත පංති විතරක් නෙවෙයි, එකිනෙකා අතර බෙදාගත් ඉතා සීමිත ඒත් වටිනා කියන පොත්ගුල් වල හිමිකරුවන් උන අපි පොත් ගුල්ලන් පිරිසකුත් උනා. කාලෙන් කාලෙට එක එක හේතු උඩ එක එක මට්ටම් වලින් අපි එක් උනා. චූටි කාලෙ සෙල්ලම් බත් උයන්න, ටිකක් ලොකු වෙද්දි ඇත්තටම එකතුවෙලා උයන් කන්න, පස්සේ පස්සේ පොඩි පොඩි තේ වට, සාද වලට එක් වෙන්න, මේ මොන මොන හේතු හරි එක්ක අපි අපේ බැඳීම රැකගත්තා. අදටත් අවුරුද්දට වතාවක් වත් අපි අහලපහල කීපදෙනා එක්වෙලා යන පොඩි ට්‍රිප් එකත්, අවුරුද්දට වතාවක් අවුරුදු දවස්වල වතාවතක් සේ එක්වෙන අවුරුදු පැදුරු පාටියත් මේ නොසැලෙන නොමැකෙන ලෙංගතුකමේ ජීවමාන කොටස්. එකිනෙකා වෙනුවෙන් තමාගේම කරගත් හැඟීමෙන් පෙනී ඉන්න අපි ගමක් හැටියට තවමත් සවිමත් බව මම කියනවා. බොහෝවිට ඉතා කාර්‍යබහුල උනත් අදටත් එකිනෙකා වෙනුවෙන් තමාගේ වටිනා කාලය එකසේ දෙන්න අපි බැඳී ඉන්නවා. ඉතාම සුන්දර අතීත කාල පරිඡ්චේදයක මිහිර අපි තුළ ජීවමානව පවතිනවා. අදටත් ඉඳහිටක අහම්බෙන් හෝ එක්වෙන මොහොතක ඒ මතක වල ඉමිහිරි සුවඳ අපි විඳිනවා. හවසට ආපහු හැටන් බස් එකක ගෙදර යනකොට හැමදේම අකුළලා විසිකරලා දාලා දමලාගහලා යන්න හිතෙන මේ විඩාබර ජීවිතය තාමත් ජීවත් කරවන්න මේ ග්‍රාමීය ජීවිතයේ දහසකුත් එකක් සුන්දර අහුමුළු තාමත් සමත් බව හිතපුරා ගලා යන උණුසුමක් එක්ක මම කියනවා.

ළහිරුනි වික්‍රමරත්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top