"ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන'' ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු ය. වර්තමානයේ රූපවාහිනියේ විකාශනය වන බහුතර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාගේ ඇඟේ හැප්පෙන තරමට විකෘති වී ඇත. අති සරල දෛනික ජීවිතයේ අප අසන, කියවන පුවත්පත් වාර්තා හෝ ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල සිදුවීමි මෙන් ටෙලිනාට්‍යවල අන්තර්ගත හරසුන් ටෙලිනාට්‍යය දක්නට ලැබෙි. ලාංකේය නූතන ටෙලිවිෂනයේ අටෝරාසියක හරසුන් ටෙලිනාට්‍යය මධ්‍යයේ ටෙලිනාට්‍යයක් යැයි කිවහැකි අපුරු නිර්මාණයක් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ඒ තරංගා දිසානායක රචනා කළ 'කඳුළු කුණාටුව' නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වූ 'ඉරගිනි මද්දහන' ටෙලි වෘතාන්තයයි. නවකතාවකින් ටෙලිනාට්‍යක් සාර්ථකව ටෙලි රූපයට නැඟීම දැඩ් අභියෝගයකි. නවකතාව තුළ අකුරු, වචන, වාක්‍ය සහ ජේදවලින් විස්තර කරන චරිත සහ සිදුවීමි ඇතුළත් සමස්ත ආඛ්‍යානය රූපයට නැඟීම වඩාත් විශ්වාසදායිව, නිර්මාණශීලිව කළ යුතු ක්‍රියාදාමයකි. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යයේ කතාව යථාර්ථවාදී වූ එකකි. කේන්ද්‍රිය චරිතය වන්නේ සමන්තා නම් ස්ත්‍රියකි. කුඩා කාලයේදීම සමන්තාගේ මව මරණයට පත් වෙයි. සමන්තාගේ ළමා කාලය එතරම් සුන්දර වූ එකක් බවට පත් නොවන්නේ මවගේ වියෝව නිසාමත් දැඩි අසරණබවත් නිසාමයි. සමන්තා පවුලේ වැඩිමලා වෙි. ඇයට සහෝදරයකු සහ සහෝදරියක් ද සිටියි. මළගිය මවගේ සොහොන අසලින් වැලපෙන සමන්තා තම මල්ලි ද ඉණෙහි ගසාගෙන, නැගණියගේ අතින් අල්ලාගෙන ගමන් ගන්නා සමන්තාට මෙතැන් සිට ජීවිතය ගෙවිය යුතුවන්නේ ස්ත්‍රීයකට සමාජයෙන් නිරායාසයෙන්ම ලැබෙන අපමණ අභියෝග මධ්‍යයේය. පුරුෂාධිපත්‍යය දරණ සමාජයක සමන්තාගේ ජීවිතය තුළ ද ඇයට කියන්නට කතාවක් තිබේ. පුරුෂයකුගේ සරණක් නොමැතිව සමන්තා අනෙකුත් ගැහැණුන් මෙන් ගමනක් ද නැත. පුරුෂයකුගේ පිහිට සමන්තා බලාපොරොත්තු වෙයි. බණ්ඩාර නම් කඩසම් තරුණයා කෙරෙහි සමන්තාට ප්‍රේමයක් හටගනී. නමුත් බණ්ඩාර වඩාත් ආසක්ත වූයේ සමන්තාගේ ශරීරයටයි. බණ්ඩාර වැනි අවස්ථාවාදී මිනිසෙකු ඉදිරියේ සමන්තාට ජීවිතයක් නොමැති බව අවබෝධ වන්නේ බොහෝ කල් ගොසිනි. බණ්ඩාර අත්හැර මහතුන් සමඟ තම ජීවිතය ගෙනයන්නට තීරණය කරන්නේ ආර්ථිකමය වශයෙන් දියුණු විමේ විශාල බලාපොරොත්තුක් සිතෙහි දරාගෙනයි. මහතුන්, බණ්ඩාර වැනි සාම්ප්‍රදායික අදහස් දරණ පිරිමින් ඉදිරියේ දිරිය ගැහැණියක ලෙස සමන්තාගේ ජීවිතය දෛවය විසින් සැලසුම් කර දෙන්නේ කෙසේද? සමන්තා ලෙස තියුණු රංග ප්‍රතිභාවක් ප්‍රකට කරන නිළි තරින්දි ප්‍රනාන්දු ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනී. ටෙලිනාට්‍යයේ ජීවගුණය රඳා පවතින්නේ තරින්දිගේ රංග පරාක්‍රමය තුළ ය. මහතුන්ගේ චරිතය නිරූපණය කරන නළු චමීර ලියනගේ සහ බණ්ඩාරගේ චරිතය සඳහා පණ පොවන නළු ධනංජය සිරිවර්ධනගේ අපුරු රංගනය විසින් ලාංකේය සාම්ප්‍රදායික පිරිමියාගේ නිරූපණයක තොරතුරු ගෙනහැර දක්වයි. විශේෂයෙන් මහතුන් වැනි කම්මැලිකම වැනි ඔිලාරික ගතිපැවතුම් ඇති පිරිමියෙකු සහ බණ්ඩාර වැනි සල්ලාල පිරිමියෙකු ගති ලක්ෂණ පිළිබඳ ප්‍රේක්ෂකාගාරය යළිත් වරක් සිතන්නට පොළඹවයි. නිදර්ශනයක් ලෙස බණ්ඩාර විසින් සමන්තාගේ ධෛර්යසම්පන්නබව හෑල්ලුවට ලක් කරමින් ඔහුගේ අසමත්බව ප්‍රකට කරන එක සංවාදයකි. "ඔය මේ ඉඳිආප්ප තම්බලා..මාලිගාවල් ගහන්න පුලුවනැයැ....ගිහින් මහතුවගේ ලාච්චුව කඩලා සල්ලි ටිකක් අරන් එනවා...නැත්නම් අර වාහනේ උස්සන් යයි....මමත් මාළිගා ගහන්න තමයි හිටියේ. මට ඒ හැමදේම නැති වුණා. ඒ ඔක්කොම වුණේ තමුසේ හින්දා..." නිදි ඇදේ සිටින බණ්ඩාර විසින් තම අසමත්බව වසාගන්නට බැණ වදින්නේ ඉඳි ආප්ප තම්බමින් ජීවිතය සරි කරගන්නට වෙර දරණ සමන්තා වෙතට ය. ටෙලිනාට්‍යයේ එක් සාධනීය ලක්ෂණයක් වන්නේ සෑම චරිත නිරූපණයක් ම සමබර තලයක පැවතීමයි. ටෙලිනාට්‍යයේ එන චරිත මෙරට සමාජය තුළ ජීවත් විය හැකි විශ්වසනීය ගුණයෙන් යුක්ත ඒවායි. මෙහි සුදන හෝ දුදන හෝ චරිත නොමැත. ඒ සියල්ලම මනුෂ්‍යත්වයේ දුර්වලතා ලෙස ගොඩ නැඟේ. 'ඉරගිනි මද්දහන' ටෙලි නාට්‍යය ලලිත් රෝහිත එදිරිසිංහයන් විසින් අධ්‍යක්ෂණය කරයි. ඔහු ටෙලි නාට්‍ය වෙනුවෙන් යොදා ඇති අපමණ වෙහෙස සහ ව්ශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නඟන රූප රිද්මය වැදගත් වේ. රූප නිර්මාණය සහ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි. චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි. සමන්තා, බණ්ඩාර සහ මහතුන් අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. ලාංකේය සමාජය තුළ නූතනයේ දෘෂ්ටිවාදයක් ලෙස ක්‍රියාත්මක වන ගැහැණිය විසින් පිරිමියාගෙන් යැපීම සම්බන්ධ දෘෂ්ටිවාදය වෙතට 'ඉරගිනි මද්දහන' අභියෝග කරයි. එහිදි එම සාම්ප්‍රදායික රාමුව 'සමන්තා' කඩා බිඳ දමයි. සමන්තා ස්ත්‍රීවාදය නියෝජනය කරන චරිතයක්ද නොවේ. නමුත් සමන්තාගේ දෘෂ්ටිය පවතින්නේ පිරිමි සමාජයටම වෛර කරන පුරුෂෝත්තමවාදයට එරෙහිව කැරලි ගසන තැනක නොවේ. සමන්තාගේ අවිය වන්නේ ධෛර්යසම්පන්නබවයි. ස්වාධීනව තම ජීවිතය ගෙනයන්නට ඇය වෙර දරයි. ඇය පිරිමින්ගේ තාඩන පීඩනවලට, නොයෙකුත් ගැරහුම්වලට ලක් වෙයි. පුරුෂයාගේ ලෝකය තුළ ඈ අතරමං වෙයි. නමුත් ඇය අසමත් වන්නේ නැත. අසමත් වූ තැනින් ඇය නැඟී සිටියි. ලාංකේය නූතන ටෙලිනාට්‍ය කලාව තුළ ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඇය දුර්වල, දෙවන පෙළ පුරවැසියෙකු ලෙසත්, මවක ලෙස, ගෘහණියක ලෙස, දියණියක, නැගණියක ලෙස පවුලේ යුතුකම් හා වගකීම් කරපින්නා ගත් කෙනෙකු ලෙස පමණක් නිරූපනය කිරීමත්, ඒ පිළිබඳ දෘෂ්ටිය ඉදිරියට ගෙන යාමත් දැකිය හැකි ය. මෙම සම්ප්‍රදායිකත්වයට අභියෝග කරන 'ඉරගිනි මද්දහන' වැනි යම් යම් කලා නිර්මාණ, රූපවාහිනි වැඩසටහන් කිහිපයක් පමණක් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ය. විධායක ශ්‍රේණිවල කටයුතු කරන, නව නිපැයුම් බිහිකරන, ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් අතර නම රඳවන පිරිස් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඊට එරෙහිවීම ආදිය ඊට නිදසුන් ලෙස සැලකිය හැකිය. එසේ වුවද ඒ ඉතාමත් කලාතුරකින් බැව් නැවත නැවතත් අවධාරණය කළ හැකි ය. 'ඉරගිනි මද්දහන' ලාංකේය නූතන ජීවිතය සහ සමාජය පිළිබඳ පරිණත දැක්මක් සහිත ටෙලි ප්‍රකාශනයකි. ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය වැනි තේමා අරභයා සිදු කළ කදිම නිර්මාණයකි. 'ඉරගිනි මද්දහන' ගුණාත්මක ටෙලි වෘතාන්තයක් වශයෙන් ප්‍රේක්ෂකාගාරය ප්‍රඥා සම්පන්න කරන අග්‍රකෘතියක් (masterpiece) වන්නේ එහෙයිනි. -මලින්ත විතානගේ- imalkamalintha@gmail.com

“ස්ත්‍රීවාදයේ රාමු බිඳින ඉරගිනි මද්දහන”

ජාතියේ කතන්දරකරුවා බවට පත්ව සිටින ටෙලිනාට්‍ය ආලින්දයේ සිටින ලාංකේය ප්‍රේක්ෂකාගාරයේ වින්දනය සපයන ප්‍රධානතම ප්‍රබන්ධ කලාව බවට පත්ව සිටී. ටෙලිනාට්‍ය කලාවක් වශයෙන් යථාර්ථය තේරුමි ගැනීමට ප්‍රධාන උපකාරී මෙවලමක් බව රූපවාහිනිය සම්බන්ධයෙන් සිටින විචාරකයන්ගේ මතයයි. නමුත් ලාංකේය නූතන ටෙලිනාට්‍ය තවදුරටත් කලාවක් වශයෙන් හැඳින්වීම කෙතරම් දුරට ප්‍රායෝගිකද? සහ ගැළපෙනවාද? යන්න පිළිබඳ ඉතාමත් අරපරෙස්සමෙන් යුතුව විමසා බැලිය යුතු ය. වර්තමානයේ රූපවාහිනියේ විකාශනය වන බහුතර ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයාගේ ඇඟේ හැප්පෙන තරමට විකෘති වී ඇත. අති සරල දෛනික ජීවිතයේ අප අසන, කියවන පුවත්පත් වාර්තා හෝ ටෙලිවිෂනයේ ප්‍රවෘත්තිවල සිදුවීමි මෙන් ටෙලිනාට්‍යවල අන්තර්ගත හරසුන් ටෙලිනාට්‍යය දක්නට ලැබෙි.

ලාංකේය නූතන ටෙලිවිෂනයේ අටෝරාසියක හරසුන් ටෙලිනාට්‍යය මධ්‍යයේ ටෙලිනාට්‍යයක් යැයි කිවහැකි අපුරු නිර්මාණයක් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වේ. ඒ තරංගා දිසානායක රචනා කළ ‘කඳුළු කුණාටුව’ නමැති නවකතාව ඇසුරින් නිර්මාණය වූ ‘ඉරගිනි මද්දහන’ ටෙලි වෘතාන්තයයි. නවකතාවකින් ටෙලිනාට්‍යක් සාර්ථකව ටෙලි රූපයට නැඟීම දැඩ් අභියෝගයකි. නවකතාව තුළ අකුරු, වචන, වාක්‍ය සහ ජේදවලින් විස්තර කරන චරිත සහ සිදුවීමි ඇතුළත් සමස්ත ආඛ්‍යානය රූපයට නැඟීම වඩාත් විශ්වාසදායිව, නිර්මාණශීලිව කළ යුතු ක්‍රියාදාමයකි.

‘ඉරගිනි මද්දහන’ ටෙලි නාට්‍යයේ කතාව යථාර්ථවාදී වූ එකකි. කේන්ද්‍රිය චරිතය වන්නේ සමන්තා නම් ස්ත්‍රියකි. කුඩා කාලයේදීම සමන්තාගේ මව මරණයට පත් වෙයි. සමන්තාගේ ළමා කාලය එතරම් සුන්දර වූ එකක් බවට පත් නොවන්නේ මවගේ වියෝව නිසාමත් දැඩි අසරණබවත් නිසාමයි. සමන්තා පවුලේ වැඩිමලා වෙි. ඇයට සහෝදරයකු සහ සහෝදරියක් ද සිටියි. මළගිය මවගේ සොහොන අසලින් වැලපෙන සමන්තා තම මල්ලි ද ඉණෙහි ගසාගෙන, නැගණියගේ අතින් අල්ලාගෙන ගමන් ගන්නා සමන්තාට මෙතැන් සිට ජීවිතය ගෙවිය යුතුවන්නේ ස්ත්‍රීයකට සමාජයෙන් නිරායාසයෙන්ම ලැබෙන අපමණ අභියෝග මධ්‍යයේය. පුරුෂාධිපත්‍යය දරණ සමාජයක සමන්තාගේ ජීවිතය තුළ ද ඇයට කියන්නට කතාවක් තිබේ. පුරුෂයකුගේ සරණක් නොමැතිව සමන්තා අනෙකුත් ගැහැණුන් මෙන් ගමනක් ද නැත. පුරුෂයකුගේ පිහිට සමන්තා බලාපොරොත්තු වෙයි. බණ්ඩාර නම් කඩසම් තරුණයා කෙරෙහි සමන්තාට ප්‍රේමයක් හටගනී. නමුත් බණ්ඩාර වඩාත් ආසක්ත වූයේ සමන්තාගේ ශරීරයටයි. බණ්ඩාර වැනි අවස්ථාවාදී මිනිසෙකු ඉදිරියේ සමන්තාට ජීවිතයක් නොමැති බව අවබෝධ වන්නේ බොහෝ කල් ගොසිනි. බණ්ඩාර අත්හැර මහතුන් සමඟ තම ජීවිතය ගෙනයන්නට තීරණය කරන්නේ ආර්ථිකමය වශයෙන් දියුණු විමේ විශාල බලාපොරොත්තුක් සිතෙහි දරාගෙනයි.

මහතුන්, බණ්ඩාර වැනි සාම්ප්‍රදායික අදහස් දරණ පිරිමින් ඉදිරියේ දිරිය ගැහැණියක ලෙස සමන්තාගේ ජීවිතය දෛවය විසින් සැලසුම් කර දෙන්නේ කෙසේද? සමන්තා ලෙස තියුණු රංග ප්‍රතිභාවක් ප්‍රකට කරන නිළි තරින්දි ප්‍රනාන්දු ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානයක් දිනා ගනී. ටෙලිනාට්‍යයේ ජීවගුණය රඳා පවතින්නේ තරින්දිගේ රංග පරාක්‍රමය තුළ ය. මහතුන්ගේ චරිතය නිරූපණය කරන නළු චමීර ලියනගේ සහ බණ්ඩාරගේ චරිතය සඳහා පණ පොවන නළු ධනංජය සිරිවර්ධනගේ අපුරු රංගනය විසින් ලාංකේය සාම්ප්‍රදායික පිරිමියාගේ නිරූපණයක තොරතුරු ගෙනහැර දක්වයි. විශේෂයෙන් මහතුන් වැනි කම්මැලිකම වැනි ඔිලාරික ගතිපැවතුම් ඇති පිරිමියෙකු සහ බණ්ඩාර වැනි සල්ලාල පිරිමියෙකු ගති ලක්ෂණ පිළිබඳ ප්‍රේක්ෂකාගාරය යළිත් වරක් සිතන්නට පොළඹවයි. නිදර්ශනයක් ලෙස බණ්ඩාර විසින් සමන්තාගේ ධෛර්යසම්පන්නබව හෑල්ලුවට ලක් කරමින් ඔහුගේ අසමත්බව ප්‍රකට කරන එක සංවාදයකි.

“ඔය මේ ඉඳිආප්ප තම්බලා..මාලිගාවල් ගහන්න පුලුවනැයැ….ගිහින් මහතුවගේ ලාච්චුව කඩලා සල්ලි ටිකක් අරන් එනවා…නැත්නම් අර වාහනේ උස්සන් යයි….මමත් මාළිගා ගහන්න තමයි හිටියේ. මට ඒ හැමදේම නැති වුණා. ඒ ඔක්කොම වුණේ තමුසේ හින්දා…” නිදි ඇදේ සිටින බණ්ඩාර විසින් තම අසමත්බව වසාගන්නට බැණ වදින්නේ ඉඳි ආප්ප තම්බමින් ජීවිතය සරි කරගන්නට වෙර දරණ සමන්තා වෙතට ය.

ටෙලිනාට්‍යයේ එක් සාධනීය ලක්ෂණයක් වන්නේ සෑම චරිත නිරූපණයක් ම සමබර තලයක පැවතීමයි. ටෙලිනාට්‍යයේ එන චරිත මෙරට සමාජය තුළ ජීවත් විය හැකි විශ්වසනීය ගුණයෙන් යුක්ත ඒවායි. මෙහි සුදන හෝ දුදන හෝ චරිත නොමැත. ඒ සියල්ලම මනුෂ්‍යත්වයේ දුර්වලතා ලෙස ගොඩ නැඟේ. ‘ඉරගිනි මද්දහන’ ටෙලි නාට්‍යය ලලිත් රෝහිත එදිරිසිංහයන් විසින් අධ්‍යක්ෂණය කරයි. ඔහු ටෙලි නාට්‍ය වෙනුවෙන් යොදා ඇති අපමණ වෙහෙස සහ ව්ශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නඟන රූප රිද්මය වැදගත් වේ. රූප නිර්මාණය සහ සංස්කරණය ද එකම ශෛලියක පිහිටයි. දෙබස් සහ සංවාද විසින් කතාව වඩාත් තීව්‍ර කරන ප්‍රධාන සාධකයකි.

චරිත විකාශනය, හේතුඵල සම්බන්ධතාවෙන් ද චරිතවල විශ්වසනීය බවත්, මනුෂ්‍ය ගතිලක්ෂණත් ඉස්මතු වෙි. සමන්තා, බණ්ඩාර සහ මහතුන් අතර සම්බන්ධතාව ගැඹුරු සංකීර්ණ මානුෂික අත්දැකීමක් බවට තිර රචනයේ සුසාධිත බව ප්‍රකට කරයි. ලාංකේය සමාජය තුළ නූතනයේ දෘෂ්ටිවාදයක් ලෙස ක්‍රියාත්මක වන ගැහැණිය විසින් පිරිමියාගෙන් යැපීම සම්බන්ධ දෘෂ්ටිවාදය වෙතට ‘ඉරගිනි මද්දහන’ අභියෝග කරයි. එහිදි එම සාම්ප්‍රදායික රාමුව ‘සමන්තා’ කඩා බිඳ දමයි. සමන්තා ස්ත්‍රීවාදය නියෝජනය කරන චරිතයක්ද නොවේ. නමුත් සමන්තාගේ දෘෂ්ටිය පවතින්නේ පිරිමි සමාජයටම වෛර කරන පුරුෂෝත්තමවාදයට එරෙහිව කැරලි ගසන තැනක නොවේ. සමන්තාගේ අවිය වන්නේ ධෛර්යසම්පන්නබවයි. ස්වාධීනව තම ජීවිතය ගෙනයන්නට ඇය වෙර දරයි. ඇය පිරිමින්ගේ තාඩන පීඩනවලට, නොයෙකුත් ගැරහුම්වලට ලක් වෙයි. පුරුෂයාගේ ලෝකය තුළ ඈ අතරමං වෙයි. නමුත් ඇය අසමත් වන්නේ නැත. අසමත් වූ තැනින් ඇය නැඟී සිටියි.

ලාංකේය නූතන ටෙලිනාට්‍ය කලාව තුළ ස්ත්‍රීන්ගේ භූමිකාව සැබෑ මනුෂ්‍ය ප්‍රාණියෙකු ලෙස ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවට ඇය දුර්වල, දෙවන පෙළ පුරවැසියෙකු ලෙසත්, මවක ලෙස, ගෘහණියක ලෙස, දියණියක, නැගණියක ලෙස පවුලේ යුතුකම් හා වගකීම් කරපින්නා ගත් කෙනෙකු ලෙස පමණක් නිරූපනය කිරීමත්, ඒ පිළිබඳ දෘෂ්ටිය ඉදිරියට ගෙන යාමත් දැකිය හැකි ය. මෙම සම්ප්‍රදායිකත්වයට අභියෝග කරන ‘ඉරගිනි මද්දහන’ වැනි යම් යම් කලා නිර්මාණ, රූපවාහිනි වැඩසටහන් කිහිපයක් පමණක් ඉතාමත් කලාතුරකින් දැකිය හැකි ය. විධායක ශ්‍රේණිවල කටයුතු කරන, නව නිපැයුම් බිහිකරන, ලෝකයේ ශ්‍රේෂ්ඨ ස්ත්‍රීන් අතර නම රඳවන පිරිස් හඳුන්වාදීම, ස්ත්‍රී දේශපාලන චරිත හඳුන්වා දීම, ස්ත්‍රියට එරෙහි ප්‍රචණ්ඩත්වයන් පිළිබඳ දැනුවත් කිරීම හා ඊට එරෙහිවීම ආදිය ඊට නිදසුන් ලෙස සැලකිය හැකිය. එසේ වුවද ඒ ඉතාමත් කලාතුරකින් බැව් නැවත නැවතත් අවධාරණය කළ හැකි ය. ‘ඉරගිනි මද්දහන’ ලාංකේය නූතන ජීවිතය සහ සමාජය පිළිබඳ පරිණත දැක්මක් සහිත ටෙලි ප්‍රකාශනයකි. ප්‍රේමය, ලිංගිකත්වය, විවාහය, ස්ත්‍රී – පුරුෂ සමාජභාවය වැනි තේමා අරභයා සිදු කළ කදිම නිර්මාණයකි. ‘ඉරගිනි මද්දහන’ ගුණාත්මක ටෙලි වෘතාන්තයක් වශයෙන් ප්‍රේක්ෂකාගාරය ප්‍රඥා සම්පන්න කරන අග්‍රකෘතියක් (masterpiece) වන්නේ එහෙයිනි.

-මලින්ත විතානගේ-
imalkamalintha@gmail.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top