“ආදරය නොමැතිව ජීවත් වීම පහසුය” …. නමුත් එය අරුත් සුන්ය….. – ලියෝ ටෝල්ස්ටෝයිගේ සුවිශේෂී මතක සටහන්.
ලියෝ ටෝල්ස්ටෝයි 1828- 1910 යුගයේ විසු විශිෂ්ඨ ලේඛකයකු සේම මතභේදාත්මක අදහස් වලින් යුතු පුද්ගලයෙකි. ඔහු අරාජිකවාදියෙකු ,අධ්‍යාත්මික විප්ලවවාදියකු සේම දාර්ශනිකයෙකි.
ඔහු 1852 දී හමුවදවට බැඳුණු ටෝල්ස්ටෝයි ජෝවියාවේ පිහිටි මුරපොළවල් අතර ජිවත්ට වෙමින් රුසියානු පාලනයට එරෙහිව කැරලි ගසන ටටාර් ස්වාදෙශිකයින් වන චෙවියනුවන්ට එරෙහිව සිදුකල මෙහෙයුම් වලට සහබාගි විය.කොකෙස්හි පැවති සිසිල්, කඳුකර පරිසරයට ඔහු පෙම් කළේය.එම පරිසරය ඔහුව මානසිකව, අධ්‍යාත්මිකව සේම කායිකවද සුවපත් කළේය.
පසුකාලීනව ඔහු යුද විරෝධී උද්ඝෝෂකයෙකු හා නිර්මාංශිකයෙකු බවට පත් විය. ඔහු සිදුකල සමාජ විවේචනය නිසා ඔහු පල්ලියෙන් නෙරපා හරින ලද අතර, ඔහු දාර්ශනික මහත්මා ගාන්ධිට බලපෑම් කළ ඔහුගේම ඉගැන්වීමක් නිර්මාණය කළේය. ඔහු පරම්පරාගත වංශාධිපතියෙකු වූ නමුත් සූදු ණය නිසා ඔහුගේ ධනයෙන් කොටසක් අහිමි විය. ටෝල්ස්ටෝයි වයස අවුරුදු 13 දී ලිවීමට පටන් ගත් අතර ඔහුගේ ජීවිත කාලය පුරාම ඔහු සාහිත්‍ය කෘති 170 කට වැඩි ප්‍රමාණයක් රචනා කරන ලදී.
ඔහු නොබෙල් ත්‍යාගය සඳහා කිහිප වතාවක් නම් වන ලදී.ඔහු භාෂා 13 ක් දැන සිටි අතර, ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර “ජනතාව” වෙනුවෙන් ඔහුගේ පොත්වල අයිතිය මුදාහරින ලදී.
ඔහුගේ නිර්මාණ ඔස්සේ ඔහු රුසියානු සමාජය යථාර්තවාදී ලෙස පාඨකයන්ට ලං කිරීමට වෑයම් කරන ලදී.
ඔහු සතුවූ මනෝවිද්‍යාත්මක දැනුම , තීක්ෂ්ණ බුද්ධිය සහ ඔහු සතුවූ ගැඹුරු දාර්ශනික බව සහ ඔහුගේ සදාචාරාත්මක ප්‍රශ්න ගවේෂණය කිරීම ලෝකයේ ගෞරවයට පාත්‍ර වූ කරුණක් විය. ඔහුගේ බොහෝ නිර්මාණ වලට ටෝල්ස්ටෝයිගේ පෞද්ගලික ජිවිතයේ ලද අත්දැකීම් බෙහෙවින්ම බලපෑ ඇත.එලෙසම ඔහු ජිවත් වූ සමාජ පංතියේ පැවති ජීවන රටාවන් සමග ඇතිවුන ඝට්ටනයන් සහ ඔහුගේ සිතේ අභ්‍යන්තරයේ ඇතිවුන සංකුලතාවයන් හේතුවෙන් හෙම්බත්ව සිටි ඔහු නිර්මාණයන් ට එම හැඟීම් සමුදායන් එකතු කරන ලදී.
ටෝල්ස්ටෝයිගේ බුද්ධිමය පරිණාමය ටෝල්ස්ටෝයිගේ වෘත්තීය ජීවිතය ප්රධාන අදියර තුනකට බෙදිය හැකිය.
ඔහුගේ මුල් කෘති යථාර්ථවාදයේ ප්‍රවීණත්වය සහ මිනිස් ජීවිතය පිළිබඳ තියුණු ලෙස සිදු කළ නිරීක්ෂණයන් පිළිබිඹු කරයි.
ළමා කාලය සහ යෞවන කාලය
මෙම නව කතා තරුණ කාලයේ තරුණයකු ගේ ජිවිතයේ සිදුවන චිත්තවේගීය විඥානයේ වර්ධනය පිළිබඳව ගවේෂණය කරයි. ටෝල්ස්ටෝයිගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ පසුකාලීන ගවේෂණ සඳහා මෙම නව කතා පදනම වේ.
කොසැක් (1863): රුසියානු වංශාධිපතියෙකු වටා ඇති ධනවාදී ජීවිතය සහ කොසැක් හි ජීවිතයේ සරල බව සංසන්සධනය කරමින් සමපාත කරයි. ප්‍රතිවිරුද්ධ සංස්කෘතීන් අතර ඇති විරෝධතාවයන් සහ කොසැක් හි ඇති සදාචාරාත්මක සරල බව කෙරෙහි ටෝල්ස්ටෝයිගේ තිබුණු උනන්දුව පෙන්නුම් කරයි.
ඔහුගේ පරිණත කාලපරිච්ඡේදය සහ එතුළ ලියැවුණු විශිෂ්ට කෘති.
මෙම අදියරේදී ටෝල්ස්ටෝයි ඔහුගේ විශිෂ්ට නිර්මාණ ඉදිරිපත් කළේය:
යුද්ධය සහ සාමය .
(1869)
නැපෝලියන්ගේ රුසියාව ආක්‍රමණය කිරීමේදී සිදුවූ ඓතිහාසික සිදුවීම් සමඟ පුද්ගලික ජීවිත බද්ධ කරන පරිදර්ශක නවකතාවකි. ටෝල්ස්ටෝයි ජිවිතයේ නිදහස, තම කැමැත්ත ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වූ අයෙකි.
මිනිසෙකුගේ ඉරණම සමඟ සටන් කරන තනි පුද්ගලයකුගේ ඇතුලාන්තයේ ගැබ්වුණ ශකතින් වැනි තේමාවන් විමර්ශනය කරයි. මූලික දෘෂ්ඨිය පදනම් වන්නේ ඔහුගේ දෘෂ්ඨී කෝණයෙනි .
එහි Pierre Bezukhov සහ Natasha Rostova වැනි චරිත ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක යථාර්ථවාදය නිරමණය කෙරේ.
ඇනා කැරනිනා (1877)
ලොව ශ්‍රේෂ්ඨතම යථාර්ථවාදී නවකතාව ලෙස සලකනු ලබන අතර, එය ඇනාගේ ඛේදනීය ප්‍රේමය හා ලෙවින්ගේ ජිවිතයේ අරමුණ, අර්ථය සෙවීම සමඟ සංසන්දනය කරයි.
ටෝල්ස්ටෝයි සමාජ කුහකත්වය විවේචනය කරන අතර ආදරය, විශ්වාසවන්තකම, පවුල සහ පැවැත්මේ අරමුණ පිළිබඳව ගවේෂණය කරයි.
අධ්‍යාත්මික සහ උපදේශාත්මක කාලපරිච්ඡේදය.
1870 ගණන්වල අගභාගයේ තම ජිවිතයේ සිදුවූ අධ්‍යාත්මික අර්බුදයකින් පසුව, ටෝල්ස්ටෝයිට ආවේණික වුන ප්‍රබන්ධයේ සිට සදාචාර දර්ශනය සහ ආගමෙන් එයට සිදුවන සැනසීම වෙත ඔහුගේ සිත යොමු කළේය.
ද ඩෙත් ඔෆ් අයිවන් ඉලිච් (1886)
මරණයට ඇති බිය, අව්‍යාජත්වය සහ ධනේශ්වර ජීවිතයේ හිස්බව පරීක්ෂා කරන දැඩි නවකතාවකි.
නැවත නැඟිටීම (1899)
ඔහුගේ අවසාන ප්‍රධාන නවකතාව වූ පල්ලියේ සහ අධිකරණ පද්ධතිවල ආයතනික දූෂණය විවේචනය කරයි, මිදීම සහ සමාජ ප්‍රතිසංස්කරණ අවධාරණය කරයි.
නිලක්ෂි බණ්ඩාර.