Cart 0
පාඨකයො සමාව දෙන්නේ එක තැනකට එනකන් විතරයි කියලා වටහා ගන්න එක වැදගත් – නිකලස් ස්පාක්ස්
නිකලස් ස්පාක්ස් ඔහුගේ නවතම කෘතිය පසුගිය වසරේ සැප්තැම්බර් 24 වෙනිදා ප්‍රකාශයට පත් කළා. ඒ ඔහුගේ 23 වන නවකතාවයි. ඔහුගේ පොත් කියවා නැති කෙනෙක් වුවත් A walk to remember, Notebook වැනි චිත්‍රපට නරඹා ඇති. ආදර නවකතා රචකයෙකු ලෙස ලොව පුරා පාඨක ප්‍රජාවගේ ආදරය දිනාගත් ඔහු ලිවීම ගැන දැක්වූ අදහස් ටිකක් මේ.
ආදර කතාවක් කියන්නෙ හැමවෙලාවෙම අභ්‍යන්තර ගැටුමක්.
හොඳ කතන්දර පොදු ඒවා. හොඳ සහ මතක හිටන කතන්දර බොහෝ අඩුවෙන් පොදු ඒවා.
මම වැඩකරන්නෙ මගේ සංස්කාරක සමඟ, ඔහුට විරුද්ධව නෙමෙයි.
මගේ පොත්වල හැමවෙලාවෙම ආදර කතාවක් තියෙනවා සහ ඒවයේ කෝපය, පාවාදීම, ඉරිසියාව සහ අරගල කිරීම තියෙනවා. ඔබට මේ සියල්ලම වගේම අනිවාර්යයෙන්ම ශෝකය අවශ්‍යයි. මේවා එකක් හරි අඩුයි නම් කතාව අසම්පූර්ණයි වගේ දැනෙනවා – හරියට සුරංගනා කතා වගේ.
ආදර කතාවකදී, චරිතවලට එකට ජීවත් වෙන්න බැරි හේතුවක් ඔබට තියෙන්න ඕන. මේක තමයි අරගලය නිර්මාණය කරන්නෙ. මම ලියන්නේ ඛේදාන්ත – යාවත්කාලීන කරපු ග්‍රීක ඛේදාන්ත.
ඔව්, හැමවෙලාවෙම කවුරුහරි කෙනෙක් මැරෙනවා. විශිෂ්ට ආදර කතාවක්, අර්ථ දැක්වීමෙන්ම ඛේදාන්තයකින් අවසන් වෙන්න ඕන.
ආදරය වැඩිවෙන තරමට, ඒ අයගෙන් කෙනෙක් මිය යන තරමට ඛේදාන්තයත් වැඩිවෙනවා.
කටුක අවසනායකට ආව බව ඔබ දැනගන්නෙ ඒක ඔබටම හැඟුණහම . . .එතනට එන එක අභියෝගාත්මකයි.
පාඨකයො සමාව දෙන්නේ එක තැනකට එනකන් විතරයි කියලා වටහා ගන්න එක වැදගත්, ඔයා ඔයාගේ හොඳම පොත හැමවෙලාවෙම එළියට දාන්නෙ නැත්නම් ඔයාගේ පාඨකයො අහිමි වෙන්න පටන් ගන්නවා.
දුෂ්ටයො ඉන්නෙ කොමික් පොත්වල. ඛේදාන්තයක් තියෙන ආදරවන්තයන්ට බාධකයක් වෙන ඒක මානී, තනිකරම දුෂ්ට චරිතයක් සංකීර්ණ. විශ්වාස කළ හැකි ආදර කතාවක සන්දර්භය තුළ හොඳට වැඩකරන්නෙ නැහැ. වඩාත් සිත්ගන්නාසුළු හා ඵලදායී වන්නේ එම විරුද්ධවාදියා මානුෂීය වූ විට සහ ප්‍රධාන චරිත සමඟ ඔහුගේ සම්බන්ධතාවය සංකීර්ණ වූ විටයි.
මගේ චරිත දුප්පත් හෝ පෝසත් අය නෙමේ. ඒ වගේම ඒ අය මුහුණ දෙන තත්වයන් ඕනෑම කෙනෙකුට සිද්ද වෙන්න පුළුවන්.
පරිවර්තනය රශ්මික මණ්ඩාවල