Skip links
'ඔබ දන්න දේ ගැන ලියන්න' කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්රකාශය - කසුවෝ ඉෂිගුරෝ කසුවෝ ඉෂිගුරො 2017 වසරේදී සාහිත්‍ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙක්.

‘ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්රකාශය – කසුවෝ ඉෂිගුරෝ

කසුවෝ ඉෂිගුරො 2017 වසරේදී සාහිත්ය සඳහා වන නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛකයෙක්. ඔහු ලියූ Never Let me go නම් පොතට විසි වසරක් සපිරෙන මේ අවුරුද්දේදී ඒ වෙනුවෙන් සංවත්සර කෘතියක් පිටවීමට නියමිතයි. මෙම කෘතිය අමාලි බොරළුගොඩ ගේ පරිවර්තනයක් විදියට විදර්ශන ප්රකාශන වෙතින් ‘නොගිලිහෙන්න‘ නමින් ප්රකාශයට පත් වුණා. ඔහුගේ විශිෂ්ටතම පොතක් ලෙස සැලකෙන Remains of the day කෘතිය 1989 දී බුකර් සම්මානය දිනාගත්තා. මේ ඔහු ලිවීම ගැන දැක්වූ අදහස් කිහිපයක්.
ඕනම ආකාරයක පරිකල්පන පොලීසියකට මම විරුද්ධයි, ඒවා අලෙවිකරණ හේතු නිසා හෝ පුහු පංතිය නිසා ආවත්.
ලේඛකයෙක් විදියට මම ඇත්තටම සිද්ධවෙච්ච දේට වඩා මිනිස්සු තම තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කියන දේවල් අහන්න මම කැමතියි.
‘ඔබ දන්න දේ ගැන ලියන්න’ කියන එක තමයි මම අහලා තියෙන මෝඩම ප්රකාශය. ඒකෙන් කරන්නේ වස කම්මැලි ස්වයං චරිතාපදානයක් ලියන්න මිනිස්සුන්ව පොළඹවන එක. ඒක ලේඛකයන්ගේ පරිකල්පනයයි, විභවයයි විනාශ කරන වැඩක්.
ඔබ දැනටමත් පරිපූර්ණයි කියන හැඟීම ඔබ තුළ තියෙනව නම් ඔබට යන්න පුළුවන් උපරිම උසට ඔබට කවදාවත් යන්න බැහැ.
නවකතාවකදි හැඟීම් මට ඉතා වැදගත් වෙනවා.
මම ඉස්සර හිතුවේ චරිතවල ස්වභාවය, ඒවායේ විකේන්ද්රිකතාව සහ විකාර විලාසය වැඩිදියුණු කරන්නේ කොහොමද කියලා. පස්සේ මම තේරුම් ගත්තා ඒ වෙනුවට චරිතවල සම්බන්ධය ගැන අවධානය යොමුකරන එක වඩා හොඳ බව. එතකොට චරිත ස්වභාවිකවම වර්ධනය වෙනවා.
මිනිස්සු පැතලි වරිත වලට එරෙහිව ත්රිමාණ චරිත ගැන කතාකරනවා, සම්බන්ධතා ගැනත් ඔබට එහෙම කතාකරන්න පුළුවන්.
බොහෝ ලේඛකයන් ඉතා දැනුවත්ව කරන සමහර කාරණා තියෙනවා. අනිත් කාරණා ඔවුන් තීරණය කරන්නේ නොදැනුවතත්වම.
නිර්මාණාත්මක ව්යාපෘතියක් සැහැල්ලුවට ගන්න එපා.

-රශ්මික මණ්ඩාවල-

 

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search