Cart 0
“අපි කළුයි, හැබැයි අපිත් මිනිස්සු” – 12 years a slave
යම් කෙනෙකුට ඔබව විකුණන්න පුලුවන්ද? එය කෙතරම් සාධාරණද? මේ පොළොවේ නිදහස්ව වාසය කරන්න සමාන අයිතියක් ඔබට නැද්ද? ඔබ වහලකු ලෙස හංවඩු ගසා වෙළඳාමේ යෙදෙනවා නම් ඒ අවනඩුව කාට කියන්නද? කලකට පෙර බටහිර රාජ්‍යයන්වල සේවය පිණිස, විශේෂයෙන්ම අප්‍රිකානු මහාද්වීපයෙන් කළු මිනිසුන් තොග වශයෙන් රැගෙන ඒම සිදු කළ අතර, සුදු මිනිසාගේ චින්තනයට අනුව කල්ලන් (අප්‍රිකානු කලාපයේ වාසය කළ කළු සම ඇති අය) යනු සතුන් හා සමාන පිරිසක් බවටයි ඔවුන් විශ්වාස කළේ. සුදු ජාතිකයන් මෙි කල්ලන් දුටුවෙි හුදෙක්ම ගෝත්‍රිකයන් ලෙසයි. මෙි කල්ලන්ගේ කාල වර්ණ සමට, ඔවුන් උචිචාරණය කරන අමුතු බසට, ඔවුන්ගේ අශ්ලීල ගති ස්වභාවයට සුදු ජාතිකයන් පිළිකුල් කළහ.
මිලියන සංඛ්‍යාත ඇමරිකානු වහලුන්ගේ ජීවිතවල සැඟවුණු වෙිදනාබර කොතරමි තිබෙිද? එවැනිම වූ නොදුටු සහ නොඇසු කතාවක් පිළිබඳ ’12 Years a slave’ චිත්‍රපටය අපට කියනවා. ‘සොලමන් නෝර්තප්’ නමි පුද්ගලයා විඳි වහල් දිවිය පාදකකොටගෙන ‘ස්ටීවි මැක්වින්’ 2013 දී නිෂ්පාදනය කරන “12 Years a Slave” නමින් හොලිවුඩි චිත්‍රපටයක් නිර්මාණය කරනවා. ඊට පාදක වනුයේ වර්ෂ 1841දී සිදු වූ ‘සොලමන්ගේ’ සත්‍ය සිද්ධිදාමයකි. සොලමන් නෝර්තප් සාමාන්‍ය මනුස්සයෙක්ට එහා ගිය ඉවසීම, ධෛර්යය තිබු අයෙක්. අවුරුදු 12ක් සුදු ජාතික ස්වාමින්ගේ යටතේ කසපහරවල් විඳිමින් වහල්කමි කිරීම කළේ කොහොමද? කියන එක හරිම ඛෙිදනීය විදියට චිත්‍රපටයේ නිරූපණය වෙනවා. සොලමන් අවුරුදු 12ක් වහල් හිමියෝ වෙනුවෙන් තමන්ගේ ආත්ම ගෞරවය දිය කරලා දාන්න සිද්ධ වුණා. සොලමන් කියන්නේ අති දක්ෂ වෘත්තීය වයලීන වාදකයෙක්, ගොවියෙක් සහ ඉඩම් හිමියෙක්. සොලමන් නෝර්තප් ඇමරිකාවෙි උපත ලැබුවට එයාගේ මුතුන් මිත්තෝ අප්රිකාවෙි. ඇමරිකාවට සුදු ජාතිකයෝ පය තියනකොට වාසය කළේ රතු ඉන්දියානුවෝ විතරයි. අප්‍රිකානු කළු ජාතිකයෝ ඇමරිකාවට විතැන් වෙන්නේ අප්රිකාවෙි ඉඳලා.
අප්‍රිකාවෙන් අල්ලාගෙන ආ වහලුන් යටත් විජිත වැඩ බිම් වල වැඩ කරන්න යොදා ගත්තා. විශේෂයෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි රටවල. ඇමෙරිකාවේ උක් වගාව සහ පුළුන් (cotton) ආශ්රිත වගා බිම්වල මේ කළු ජාතිකයන් තම ස්වාමියා(master) වූ සුදු ජාතිකයන්ගේ කස පහර මධ්‍යයේ අතොරක් නැතුව ශ්‍රමය වැගිරුවා. සුදු ජාතිකයන් සිදුකළ මිලේච්ජසහගත දෙයක් වනුයේ කළු ජාතිකයන්ට උපතින් ලැබිලා තියෙන නම ඉවත් කරලා අලුත් නමක් දෙන එක. ඒ කිය
න්නේ අනන්‍යතාව සහමුලින්ම නැති කරලා දාලා නව අනන්‍යතාවක් ලබා දීම. ඇත්තටම ඒක නව අනන්‍යතාවක්ම නෙවෙයි. අනන්‍යතාවය දිය කරලා අනන්‍යතාව නැති කරන එක (no identity). හරියට නිකං මෙි යුගයේ ගෙදර වැඩ කරන්න ආපු වැඩකාරිට නම කියන්නේ නැතිව ස්වාමියා දෙන ආයඅමිමා වගේ සුරතල් නමක් කියන එක. චිත්‍රපටයේ සොලමන් කියන නම අයින් කරලා ඔහුට සුදු ජාතිකයක් දෙන නම තමයි ප්ලැටි. අනන්‍යතාවය විතරක් නෙමෙයි. සියළු මානුෂ සමිබන්ධතා කඩලා දැමිමා. විවාහකයෙක් නමි. බිරිඳව අයින් කළා. දු දරුවෝ වෙන් කළා. සතුට, ලිංගික ප්‍රිතිය වගේ දේවල් විසන්ධි කළා. හැඟිමි නැති කළා. සුදු ජාතිකයෝ කළේ වහල්ලු බවට පත් කරන්න හැඟිමි, දැනීමි සහමුලින්ම අයින් කරලා නිකමිම නිකං ඇවිදින ශරීර කුඩු බවට පත් කරපු එක. හැඟිමි, දැනීමි දිය කරලා දාපු තරමට සුදු ස්වාමියාට අභියෝගයක් වෙන එක වළක්වන එක තමයි අරමුණ වුණේ.
වසර 12ක් අනන්‍යතාවක් රහිතව දිවි බේරාගත් ‘සොලමන්’ නමි කළු ජාතිකයාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමේ ජවනිකා ස්ටිව් මැක්වින්ගේ අධ්යක්ෂණ කුසලතාවන් වෙනුවෙන් ඔස්කාර් සමිමාන උළෙල ඇතුළුව ලොව පුරා සමිමාන උළෙලවල්
ගණනාවක සමිමාන රාශියකින් පිදුමි ලබනවා. 2014 වසරේ පැවති ඔස්කාර් සමිමාන උළෙලේදී හොඳම චිත්
රපටය වන්නෙත් ’12 years a slave’ චිත්‍රපටය. චිත්‍රපටය ලැබු මුළු සමිමාන ගණන 145ක්. එලෙසම සොලමන් නමි ධෛර්යමත් මිනිසා වෙනුවෙන් පණ පොවන ‘Chiwetel Egiofor’ගේ බරසාර කටහඬද ඔහුටම අනන්‍ය වූ සාඩම්බර රංග ශෛලියද සිනමා කෘතියේ තේජස වැඩිකරන්නට සමත් වෙනවා.
ච්ත්‍රපටයේ අධ්යක්ෂ ස්ටිවි මැක්වින් ද කළු ජාතිකයෙකි. ඔහු ඇමරිකානුවකු නොවෙි. ඔහු ලන්ඩන් නුවර උපත ලද බ්‍රිතාන්‍ය ජාතික අධ්යක්ෂවරයෙකි. “12 Years a Slave” චිත්‍රපටය අධ්‍යක්ෂණය
කිරීමෙන් ඇමරිකානු ජනයාගේ අශිෂ්ටබව නිරූපණය කිරිමක් ද මෙි හරහා සිදුවෙයි. චිත්‍රපටය කාලය සහ අවකාශය පෙන්වීමෙි දී එම යුගයට අදාළ ඇඳුමි පැළඳුම්, මෝස්තර, ගති ස්වභාවය සහ පරිසරය විශිෂ්ට අන්දමින් නිරූපණය වෙයි. චිත්‍රපටයහි තිර රචනයේ ඇති ශක්තිමත්බව නිසා ම සාර්ථක චිත්‍රපටයක් නිර්මාණය බවට පත් වෙනවා. මෙහි රචකයා ‘john ridley’ය. ඉතාමත් අව්‍යාජ ඉතා විශිෂ්ට කෘතියක් ප්‍රේක්ෂකයා ඉදිරියේ තබන “12 Years a Slave” සිනමාකෘතිය මිලියන සංඛ්‍යාත කළු ජාතික වහලුන් පිළිබඳ ඇඳි කැන්වස් සිතුවමකි.
මානව ඉතිහාසයේ මානව අයිතීන් කඩකිරීම් විෂයෙහි දහසක් ඇඟිලි ඇමෙරිකාව වෙත දිගුවිය හැකි වුව ද ඒ සියල්ල අමතක කළ හැකි එක් දැවැන්ත මානුෂීය මෙහෙවරක් චිත්‍රපටය තුළින් හුවා දක්වයි. ඊට නායකත්වය දෙනු ලබන්නේ ඒබ්‍රහම් ලින්කන් ය. ඒ නම් වහල් මෙහෙය අවලංගු කරවීමයි. ඇමෙරිකාවට සිය ජීවිත කාලයටම ඒ ගෞරවය ප්‍රමාණවත් වන්නේය. 1863 ජනවාරි පළමුවැනිදා මෙම ඓතිහාසික සිදුවීම සිදුවෙයි. Emanicipation Proclamation ප්‍රකාශයත් සමගම නිල සංඛ්‍යලේඛන අනුව මිලියන 3.5ක ජනයා වහල් බවින් මිදෙන්නේය.
-මලින්ත විතානගේ-