Skip links
‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz blitz film review Sinhala

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz

මේ 1940 දශකයයි. දෙවැනි ලෝක සංග්‍රාමය නමැති දිගු අඬු ඇති කාල වර්ණ බුවල්ලා යුරෝපය පමණක් නොව මුළු ලොවම වෙළා ගෙන ඇති අවධියකි. අහස් කුස පුරාමහ ගිනිජාලාවන් මවන ලන්ඩන් නුවර පුරා තැන තැන ඇත්තේ කහ පැහැති ගිනි පුළිඟු පමණී. ගිනි නිවන භටයන් මහත් වෙහෙසක් දරමින් මෙි මහා ගිනිජලා නිවන්නට වෙර දරති. එකම කාල ගෝටිටියකි. මිලේච්ජසහගත හිටිලර්ගේ ජර්මානු හමුදාව ලන්ඩන් නගරයට බෝමිබ හෙළා ඇත. මිනිසුන් හිස් ලූ ලූ අත දුවති. ‘රීටා හැන්වේ’ තම පුතු වූ ‘ජෝර්ජ්’ වහා දිවයන්නේ ජර්මානුවන් හිසට හෙළන බෝමිබවලින් බෙිරිය හැකි ස්ථානයක් සොයමින්. ඔවුන්ට බෝමිබවලින් සැඟවීමට ඉතිරිව ඇති එකම සෙවණ වන්නේ පොළව යට පිහිටි උමං දුමිරිය මාර්ග පමණී. මෙි ‘Blitz’ චිත්‍රපටයේ ආරමිභයයි. ‘බ්ලිට්ස්’ යනු වර්ෂ 1940 සැප්තැම්බර් 7 සිට 1941 මැයි 11 දක්වා දෙවන ලෝක සංග්‍රාමයේදී මාස 8ක් පුරා මහා බ්‍රිතාන්‍යයට ඉහළින් ජර්මානුවන් ගුවන් බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට කියන නමයි.

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz
blitz film review Sinhala

ජර්මානුවන් බ්‍රිතාන්‍ය නගරවලට ඉහළින් බෝමිබ හෙළීම නිසා මිලියන සංඛ්‍යාත බ්‍රිතාන්‍ය ජනතාව නගරවලින් ඈතට පළා ගියහ. ළමුන්ගේ ජීවිතවලට සිදුවන හානි පිළිබඳ දැඩි තීන්දුවක් ගත් බ්‍රිතාන්‍ය රජය ළමයින්ගේ ආරක්ෂාව පතා දුමිරියවලින් ඈත පළාත් වෙත පිටමං කළහ. රීටා විසින් තම පුතු වූ ජෝර්ජ්ව එසේ නගරයෙන් ඈතට පිටමං කරයි. ජෝර්ජ් මවගෙන් ඇත්ව විසිමට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැත. දුමිරියට නඟින මෙහොතේ පටන් තම මව සමඟ දැඩි තරහවකින් පසුවෙයි. නගරයෙන් බොහෝ දුර ගිය තැන ජෝර්ජ් කරන්නේ හොර රහසේම දුමිරියෙන් පිටතට පැන තම මව සොයා පළා යෑමයි. ‘ජෝර්ජ්ට’ තම මව සොයා යෑමට හැකි වෙිවිද? එක් පසෙකින් ජර්මානුවන් එක පිට හෙළන ගුවන් බෝමිබවලින් ද, කාගෙන් හෝ කිසිදු හවිහරණක් නොමැති ජෝර්ජ්ට තම මවගේ සෙනෙහස සොයා යන්නේ කෙසේද? මෙි ජෝර්ජ් සහ රීටාගේ කතාවයි. ‘Blitz’ චිත්‍රපටය සමිමාන පිට සමිමාන ලැබූ ප්‍රශස්ත‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz
blitz film review Sinhala චිත්‍රපටයකි.

චිත්‍රපටයේ ස්ථාන දෙකකදි සුදු පැහැති ​ඩේසි මල් සමුහය මඟින් අහිංසකත්වය සහ ළමා බව සංකේතවත් කරයි. එය වැදගත් සංකේතයකි. 1940 දශකය චිත්‍රපටය තුළ සජීවිව විස්තර කිරීමට පසුතල නිර්මාණය, ආලෝකකරණය, වස්ත්‍රාභරණ, රංග භාණ්ඩ, වර්ණ සංයෝජනය, කැමරාකරණය ඇතුළු සිනමා තාක්ෂණය මනා සහයක් ලබා දී ති​බේ.

‘Blitz’ චිත්‍රපටය අධ්‍යක්ෂවරයා වන්නේ ’12 years a slave'(2013) නමැති හොඳම චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සමිමාන දිනාගත් ස්ටිවී මැක්වීන් ය. ඔහු කළු ජාතික අධ්‍යක්ෂවරයෙකි. ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර උපත ලැබු බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඔහු උපත ලද ලන්ඩන් නගරයේ සැබෑවටම සිදු වූ ඛෙිදවාචකය මෙලෙස චිත්‍රපටයට නගන්නට බෙහෙවින් බලපා පෑ බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කරනවා. චිත්‍රපටයේ පසුබිමි සංගීතය නිර්මාණය කර තිබෙන්නේ ඔස්කාර් සමිමානලාභී ශ්‍රේෂ්ඨ සංගීත නිර්මාපකයකු වන හාන්ස් සිමර් විසිනි. ඔහු මීට පෙර ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඩන්කර්ක්’ සහ මයිකල් බෙි අධ්‍යක්ෂණය කළ ‘පර්ල් හාබර්’ වැනි දෙවැනි ලෝක සංග්‍රාමීය චිත්‍රපටවල පසුබිමි සංගීතඥයා විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රීටා ලෙස සමිමානනීය ඇමරිකානු නිළියක වන ‘Saoirse Ronan’ විසින් නිරූපණය කරයි. චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදු කර ඇත්තේ

‘මවකගේ ආදරය සොයා යන නිර්භීතයෙකුගේ කතාව’ – Blitz
blitz film review Sinhala

ඇපල් TV+ සමාගම විසිනි.

චිත්‍රපටයේ කතාවට පසුබිමින් අතුරු කතා ගණනාවක් ප්‍රේක්ෂකයාට දැකගන්නට ලැබෙි. ඒ එදවස බ්‍රිතාන්‍ය පුරා පැවති කළු – සුදු වර්ණභේදවාදය, ව්‍යසනයකදි වුවද සොරකම් කිරීම වැනි තුච්ජ ගණයේ ක්‍රියා පිළිබඳව ද අධ්‍යක්ෂවරයා අපට පෙන්වයි. නිදර්ශනයක් ලෙස ජර්මානුවන් විසින් හෙළන ලද බෝම්බවලින් සුන්බුන් බවට පත් වූ කඩවල්වල ස්වර්ණාභරණ ද සොරුන් කොල්ල කයි. එපමණක් නොවෙි. මියගිය අයගේ අත රැඳි මුදු, ගෙල පැළඳි මාල පවා සොරුන් සාක්කු තුළ රුවා ගන්නට තරමි මිලේච්ජසහගත සොරුන් එදවස සිටි බව අනාවරණය කරයි. චිත්‍රපටයේ පසුබිමින් කළු ජාතිකයන්ට සිදු වූ අසාධාරණත්වය ද පෙන්වයි. එදවස බ්‍රිතාන්‍ය යනු යටත්විජිතකරණයට ශූරයන් ය. මුළු අප්‍රිකාවම අණසකට නතු කරගත් බ්‍රිතාන්‍යයන් එහි සිටි කළු ජාතිකයන් තම රටට ගෙන ආහ. ‘Blitz’ යනු 2024 වසරට අදාළව නැරඹු ප්‍රශස්ත ගණයේ ඓතිහාසික – යුධමය ශානරීය චිත්‍රපටයකි. යුද්ධයේ බිහිසුණුබව සමඟ ඊට පරයා නැඟී සිටින මවි සෙනෙහස පිළිබඳ කදිම සිනමා ප්‍රකාශනයකි.

 

-මලින්ත විතානගේ-

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search