යසෝදරා සරි රූ සිරි රුව කැටියේ
බිසෝ වෙන්න පෙරුමන් පුරමින් හිටියේ
දරාගන්න බැරි අතවරවලට බියේ
ලසෝ දුකක් දීලා මට යන්ට ගියේ
මලේ බමරු මල අතහැර ගිය බැවිනී
විලේ ජලය විල අමතක කොට සිඳුණී
කළේ වැරදි කවුරුද කිසිවෙකු නො දනී
කැලේ තිබුණු වස විස රස නැත ළඳුනී
අව්වේ තියෙන රැස් මාලා ගින්දර ය
කිව්වේ ගිනි සුළඟ නපුරු ම මන්තර ය
කන්දේ කොහොම හංගන්න ද මන්දිරය
නින්දේ දකින ඔබ තාමත් සුන්දර ය
හිතාගෙන ගියේ මගෙ වෙන්න ම සොඳුර
පතා ජාති ජාතිත් නුඹගෙ ම ඇසුර
ඉතා ම කළුවර පෝයකි මගෙ ගෙදර
කතා නො කර ඉන්නේ ඇයි දුර කතර
– රත්න ශ්‍රී විජේසිංහ
 
			 
			 
			 
			![කුරුළු ඇට සැකිල්ලක් දැකල මං නැවතුනා අඹ ගහ පාමුල වෙනද වගේම උදෑසනක අඩ නිදිමතකින් ඉර එලිය මතු වේවි තිබ්බා ලෝකය කැරකුනා වෙනද වේගෙන්ම බළලෙක් කැගැහුව එකපාරටම උදවු ඉල්ලන දරුවෙක්ගේ හඬින් ඒ මතකයක්ද? පාපොච්චාරනයකද? කුරුළු ඇටසැකිල්ල: නිල් පැහැ ඇබින්දක් ඉතිරුවුණු දිරාගිය පිහාටු මේ කුරුළු අට සැකිල්ල ආවේ කොහොමද මෙතනට සිද්දවුනු දේ කවුරුහරි දැක්කද? (කැලේ ගහක් කඩන වැටෙද්දී එක අහන්න කෙනක් හිටියේ නැත්තම් එතන හඬක් නැගුනද?) ඇත්තටම මොකද වුනේ මේ කුරුල්ලට? මේ කුරුල්ලා ජිවත් වුනේ කොයි කාලේද? ඌ කෝච්චර දුර පියෑඹුවද? ඌ හිටියේ සතුටෙන්ද? [මිනිස්සු වචනවලට හැරෙවුවම අපි එකට කියන්නේ ඉතිහාසය] මනඃකල්පිත කුරුල්ලෙක් පියඹාගෙන ගියා මට ඉහලින් උගේ සැහැල්ලු සිරුර හුළං රැලි උඩ පාවුනා පුංචි ඔරුවක් වගේ [ඉතිහාසය අතුලෙ පණ තියන කෙනෙක් නෑ තියෙන්නේ සෙවනැලි රුප විතරයි] ළඟ තාප්පයක් උද හිටි තවත් බල්ලෙක් ඇනුමක් යැවුවා උගේ උල් දත් මොහොතකට මතුවෙලා දිලිසුනා [මිනිස්සුන්ව වචන වලට හරවන්නේ කවුද? ඒ තුවක්කු අතේ තියන අය] මේ කුරුල්ලා මැරෙන්නේ ඇත්තේ යුද්ධයකින් වෙන්න බැරිද? දත් උල් බළල්ලුයි, නිල් කුරුල්ලෝයි අතර සුදුයි කලුයි අතර හොඳයි නරකයි අතර ඈත අතීතේ සිද්ද වෙචච, (හරියට ට්‍රෝජන් යුද්ධෙ වගේ) යුද්ධෙන් නිල කුරුල්ලෝ මැරුණට පස්සේ ලෝකෙටම සාමය උද වුනා වෙන්න පුළුවන් [ඉතිහාසේ මිත්‍යාවට හරවන්නේ කවුද? අපි, ඉතිහාසේ කියවන අපි, ඉතිහාසේ කියවන අපි යුද්ධෙ ගැන ප්‍රවෘතිය බල දුක වෙලා ප්‍රවෘති ඉවර උනාම ටෙලි නාට්‍යය බලන අපි] මං මොනවාද නිල් කුරුල්ලෝ ගැන දන්නේ? තව ටිකකින් කවුරුහරි ඇවිත් මතුවෙච්ච ඇටසැකිල්ල වහල දාවි පස් ටිකකින් ඊට පස්සෙත් ලෝකේ අඩ නිදිමතේ කරකෙවී වෙනද වේගෙන්ම 2025-08-06](https://thewachana.com/wp-content/uploads/2025/08/528070618_24599023173056342_3781532027058034036_n.jpg)