Skip links
ඒ අරුම ළය මඬල | චින්තක සමන් හේරත්

ඒ අරුම ළය මඬල | චින්තක සමන් හේරත්

නිලා කූරක් මෙන්
මා තුළම දැල්වුන
සාදයෙහි නෙත ගැටුන
ඒ අරුම ළය මඬල
කාගේද , කවුරුද

අඳුරෙහි කුඩා අසුනක
නා නා පහන් එළි යට
පෙනී නොපෙනී ඉදහිට
එය බලා සිටියා මා දෙස

නික්ම යන විටදී
සාදය අතරතුරදී
රහස් ලෙනකට පිවිසෙන
ඇරයුමක් තියා දෑසේ
මා ද ඒ පසුපස
ඇදුනෙමි වෘකයෙකු සේ

නගර මායිමෙන් පිටිසර
නිහඬ ගම්මානයක කෙළවර
පැරණි නිවසක දොරකඩ
දුටුවෙමි ඇගේ සහපිරිවර

ඒ අරුම ළය මඩල
පහන් හැගුමක්ය දැන් මා තුළ
නැගුණු මොහොතේ සිට
එම පැරණි නිවසින්
කුඩා බිළිදෙකු ගේ කට හඬ

  • චින්තක සමන් හේරත්

Leave a comment

This website uses cookies to improve your web experience.
Home
Account
Cart
Search