දුඹුරු ජැකට් (කෙටි කතාව) – යශෝධා වීරසිංහ මාපලගම

ඒක ප්‍රධාන නගරයෙන් ඇතුළට වෙන්න පිහිටි දුශ්කරම නොවුණත් ගම්බද පාසලක්. උසස් පෙළ දක්වාම පන්ති පැවතුණ ඒ පාසල ඒ ප්‍රදේශයේ තිබුණ ප්‍රධානම පාසල. නගරයෙන් සැලකිය යුතු තරම් දුරක් ඈතින් පිහිටි නිසාවෙන්දෝ ඒ ප්‍රදේශයේ ගැමි සුන්දරත්වය නොනැසී පැවතුණා. ප්‍රදේශවාසීන් වුණත් බහුතරය ඉතාම අව්‍යාජ ගැමියන් වුණා. පාසල එක් පසකින් මායිම් වුණේ විශාල වෙල් යායකට. තවත් පසකින් ප්‍රධාන මාර්ගයට….

Read More

සිහින නිවහන – ඉසුරු චාමර සෝමවී​ර

සිහින නිවහන   එකල අපි එඬේරන් මෙන් වීමු හැදූ වැඩූ ගහකොළ සිප කඳුළින් තෙමා කුලී නිවසින් නිවසට මාරු වී ආවෙමු   දෑතින්ම දොර යතුරු බාර දී “ගිහින් එන්නම්” යැයි කියා අදත් නෙත් තෙත් කරන මතක පමණක් රැගෙන ආවෙමු   මා පසෙක නිදියන, දාස්පෙති ගාලේ සමනලුන් හඹා යන, සුදුම සුදු, නිදිමත බැළලියක් විය අපට   ඊළඟ…

Read More
2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට වැඩ් ප්‍රමාණයක් මිනිසුන් මිය ගියහ. ඊට ප්‍රතිචාර වශයෙන් එවකට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් "ඔසාමාට එරෙහි යුද්ධය" නමින් දැවැන්ත යුධ මෙහෙයුමක් ඇග්ෆනිස්ථානයේ දී දියත් කළ අතර, එයට 2001 වසරේ දී ඇෆ්ගනිස්ථානය සහ 2003 වසරේ දී ඉරාකය ආක්‍රමණය කිරීම ඇතුළත් විය. ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීම යනු 9/11 ප්‍රහාරයෙන් දහස් සංඛ්‍යාවකට වැඩි මියගිය ඇමරිකානු ජනතාව වෙනුවෙන් යුක්තිය, සාධාරණය ඉටු කිරීම සහ ඇමරිකාවේ ජාතික ආරක්ෂාව නියෝජනය කිරීම ඇමරිකානු දේශපාලනයේ සංකේතාත්මක ඉලක්කයක් බවට පත් විය. 'කැත්‍රින් බිගෙලෝ' නමි සම්මානනීය සිනමාකාරිනිය විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ මාර්ක් බෝල් විසින් රචිත "සීරෝ ඩාර්ක් තර්ටි" චිත්‍රපටය ගෙතෙන්නේ මෙම 9/11 ප්‍රහාරයට ප්‍රධාන වශයෙන් වගකිව යුතු අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩන් සොයා ඝාතනය කිරීමේ මෙහෙයුම වටයි. ප්‍රබල දේශපාලන - ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස දශකයක් පුරා අල්කයිඩා ත්‍රස්තවාදි සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන් දඩයම් කිරීමේ අසීරුමය ත්‍රාසජනක මෙහෙයුම 'සීරෝ ඩාර්ක් තර්ට්' තුළින් සිනමාත්මක ආඛ්‍යානයකින් කියැවේ. "Zero Dark Thirty" හි දේශපාලන සන්දර්භය සහ 9/11 ප්‍රහාරයෙන් පසු යුගය හා බැඳේ. වර්ෂ 2011 දී එක්සත් ජනපද නාවික හමුදා සීල් භටයින් අතින් ඔසාමා සැඟව සිටියදී ඝාතනය කළේය. 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය නිකුත් වන්නේ ඔහුගේ මරණයෙන් හරියටම වසරකට පසු එනම් 2012 වසරේදී ය. විශේෂත්වය වන්නේ 'සීරෝ ඩාර්ක් තර්ට්' සිනමාපටය ඇමරිකානු රජය වෙනුවෙන් කළ ප්‍රොපගැන්ඩා චිත්‍රපටයක් නොවෙි. එය ඇමරිකානු ආරක්ෂක අංශයේ අසමත්බව සහ දේශපාලනික වශයෙන් කළ අතපෙවීමි පිළිබඳ සියුම් කියැවීමකි. බුද්ධිමය තොරතුරු එක්රැස් කිරීම වෙනුවෙන් සිරකරුවන් වෙත වධහිංසා පැමිණවීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිරූපණය කිරීම පිළිබඳව 'සීරෝ ඩාර්ක් තර්ට්' චිත්‍රපටය තුළ නිරූපණය වීම ප්‍රේක්ෂකයනගේ විවාදය තුඩු දුන් හේතු කිහිපයකි. සිනමාපටය ආරමිභ වන්නේ කම්පනයේ සෙවණැලිවලිනි. 9/11 ප්‍රහාරයට ලක් වූ වින්දිතයින්ගේ කටහඬවල් සමඟ සිනමාපටයේ රූප පෙළ ආරම්භ වෙයි. ඉන් අනතුරුව CIA රහස් සංවිධානයට සේවය කරන දත්ත විශ්ලේෂකයෙකු වන මායා නම් කාන්තාව තම වෘත්තීය ජීවිතය උමතුවෙන් සහ සදාචාරාත්මකබව පසෙක දමා තම ශ්‍රමය, ජීවිතය, බුද්ධිය කැප කරමින් බින් ලාඩන් සොයා වෙහෙසෙයි. චිත්‍රපටය දශකයකට වැඩි කාලයක් පුරා විහිදෙන අතර, විවිධ CIA මෙහෙයුම්, ප්‍රශ්න කිරීම්, බුද්ධි අංශ ඉඟි සහ ත්‍රස්ත ප්‍රහාර හරහා ගමන් කරයි. සැබෑවටම සිදු වූ 2005 ලන්ඩන් බෝම්බ ප්‍රහාරය සහ 2008 පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සුප්‍රකට මැරියට් හෝටලයේ බෝම්බ ප්‍රහාරය මීට ඇතුළත් වෙයි. චිත්‍රපටය 2011 මැයි මාසයේදී බින් ලාඩන් සැඟව සිටි පාකිස්තානයේ පිහිටි ඇබොටාබාද් නිවාස සංකීර්ණය ඇමරිකානු නාවික හමුදා සීල් කණ්ඩායමගේ රහසිගත වැටලීමෙන් අනතුරුව නිමාවට පත් වේ. එය එසේ අවසන් වූවත් සිනමාපටය අවසන් කරන්නේ ඇමරිකානුවන් උත්කර්ෂයට නංවන ජයග්‍රාහී ලීලාවකින් නොවේ. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන මායාගේ චරිතය වඩාත් කැපී පෙනෙයි. සිනමාපටය තුළ මායා නිරූපණය කර ඇත්තේ සම්භාව්‍ය ක්‍රියාදාම වීරවරියක් ලෙස නොව, නොපසුබට උත්සාහයක් සහිත බුද්ධිමත් සහ හුදකලා වූ කාන්තාවක ලෙසිනි. සාර්ථක වැටලීමකින් පසු, අවසාන දර්ශනයේදී 'මායා' ප්‍රවාහන ගුවන් යානයක තනිවම වාඩි වී හඬයි. ඇගේ කඳුළු තුළින් හඟවන්නේ කුමක්ද? රාජ්‍ය නිළධාරින්ගේ නොයෙකුත් ගැටුම් මැද බින්ලාඩන් සොයා ඝාතනය කිරීමෙන් පසු ඇය විශාල තනිකමට මුහුණ දීම ඉන් පිළිබිඹු කරයි. දේශප්‍රේමය සහ දේශපාලනය චිත්‍රපට න්‍යායාචාර්ය ජීන් බෝඩ්‍රිලාර්ඩ් සඳහන් කරන්නේ අනුකරණයක් සැබෑ ලෙසම නිරූපණය කි⁣රීමට උත්සාහ දරන තරමට එහි ගොඩනඟන ලද ආඛ්‍යානයක් යන කාරණය වඩාත් බලවත් ලෙස වසන් කළ හැකි බවයි. චිත්‍රපටය ඇමරිකානු දේශප්‍රේමීත්වය පිළිබඳ තීව්‍ර කරනමුත් එය ජාතිකවාදී අර්ථයකින් ගෙනහැර දක්වන්නක් නොවේ. එය අන් අයව ආරක්ෂා කිරීම සඳහා තම ජීවිත පරදුවට තැබූ මිනිසුන්ගේ කාර්යය වෙනුවෙන් පෙනී සිටියි. ඔසාමා ඝාතනය වෙනුවෙන් සැබෑවටම ඇමරිකානු ජනතාව ජයග්‍රාහී පෙළපාළි පැවැත්වූහ. ලංකාවෙි යුද්ධය ජයග්‍රහණය කළ දවස මෙන් ඔවුන් ද ඇමරිකානු ධජය වනමින් සතුට සැමරුමි පැවැත්වූහ. මෙම නිරූපණය වීරත්වය සහ ජයග්‍රහණය පිළිබඳ සරල සංකල්පවලට අභියෝග කරන බවයි මගේ පෞද්ගලික අදහස නම්. එය ගැඹුරු ඇමරිකානු දේශපාලන සත්‍යයක් ප්‍රතිරාවය කරයි. දෘෂ්ටිවාදාත්මක ප්‍රතිවිපාකය පිළිබඳ සිනමාපටය කරුණු අනාවරණය කරයි. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය කිසි විටෙකත් සටන් ජයග්‍රහණය කිරීම ගැන පමණක් නොවේ. එය සංකීර්ණ, බොහෝ විට පරස්පර විරෝධී සදාචාරාත්මක භූ දර්ශනයක සැරිසැරීම ගැන සඳහනක් තබන්නකි. එය 21 වන සියවසේ මුල් භාගයේ ඇමරිකානු දේශපාලනය සඳහා කැඩපතක් බවට පත්වේ. ත්‍රස්තවාදී බිය, ආක්‍රමණශීලීත්වය පිළිබඳ සටහනකි. 'සීරෝ ඩාර්ක් තර්ටි' ඔසාමා බින් ලාඩන් ඝාතනය සමරන්නේ නැත. එය ඔහු ඝාතනය කිරීම වෙනුවෙන් මියගිය ඇමරිකානු ජනතාව සහ සීමාවකින් ⁣තොරව ශ්‍රමය වැගිරීම් කළ මිනිස්සුන්ගේ ශ්‍රමයේ මිල කොපමණද? යන්න පිළිබඳ ප්‍රශ්න කිරීමක් වැන්න. එය හුදෙක් ත්‍රාසජනක චිත්‍රපටයකින් ඔබ්බට ගිය කාලයේ අත්‍යවශ්‍ය දේශපාලන ලේඛනයකි. ජනප්‍රිය ඇමරිකානු ජාතික ආඛ්‍යානයක් යළි ප්‍රතිනිෂ්පාදනය කිරීමකි. -මලින්ත විතානගේ-

ඇමරිකානු දේශපාලනය සහ Zero Dark Thirty

2001 වසරේ සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරය ඇමරිකානු ඉතිහාසයේ දේශපාලනික වශයෙන් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් විය. ඇමරිකානු ඉතිහාසයට පමණක් නොවේ. ගෝලීය වශයෙන් ලෝකයේ සෑම මහද්ව්ප්යකම පිහිටි රටවල් බොහෝමයකට සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය බලපෑවෙිය. ඇමරිකාවේ ආර්ථිකයේ හදවත බඳු ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ මහා බළකොටුව බඳු පෙන්ටගනය වෙත අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදීයෝ පහර දුන්හ. ඉන් දහසකට…

Read More
"ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ'' - Sinners කළු - සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන 'Sinners (පව්කාරයෝ)' හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික ශරීරය 'වෙනස' සලකුණු කරන සමාජ - සංස්කෘතික හා වාර්ගික පිටපතක් ලෙස ක්‍රියා කරනවා. ඇමරිකාව කෙතරම් දියුණු රටක් වුවද ඔවුන්ගේ සමාජයේ අනාදිතමත් කාලයක සිට පවතින දැවැන්ත සමාජ ගැටුමක් තිබේ. ඒ ඔවුන්ගේ ජාතිවාදය පිළිබඳ ගැටළුවයි. ඇමරිකානු සුදු ජාතිකයන් සහ කළු ජාතිකයන් අතර ගැටුම පිළිබඳ දශක ගණනාවක සිට ඔවුන්ගේ සමාජයේ, ඉතිහාසයේ තිබෙන ප්‍රධානතම ජනප්‍රිය මාතෘකාවකි. මේ නිසාම හොලිවුඩි සිනමාවෙන් වසරකට ඇමරිකානු කළු ජාතිකයන්ගේ වර්ණ⁣භේදවාදය සම්බන්ධ කේමා ඇතුළත් බොහෝමයක් චිත්‍රපට නිෂ්පාදනය කරයි. 'Sinners' යනු එවැනි ගණයේ චිත්‍රපටයකි. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ 1930 දශකයේ පැවති කළු - සුදු වර්ණභේදවාදය ඉතාමත් දරුණුවට පැවති යුගයක සිදුවන අතිශය ප්‍රබන්ධ කතාවකි. කළු - සුදු වර්ණභේදවාදය මා වඩාත් අවධානය යොමු කරන කලාපයකි. එනයින් 'Sinners' යනු මා වඩාත් කැමතිම වර්ගයේ චිත්‍රපටයක් වන්නේ ඒ නිසා ය. සමේ වර්ණය නිසාම මනුෂ්‍යයන් අතර පවතින ගැටුම සිනමා ආඛ්‍යාන තුළ ස්ථානගත කරන්නේ කෙසේද? යන්න නිරික්ෂණය කළ යුතු අධ්‍යයන කලාපයකි. 'Sinners' සිනමාපටයේ බහුල ලෙස කළු ජාතිකයක්ගේ ආත්මය බඳු 'බ්ලුස්' සහ 'ජෑස්' සංගීතය භාව්තා වෙයි. අනෙක් පසින් කළු ජාතිකයන්ගේ ශ්‍රමය වගුරුවන ලද 'කපු වගාව' ද සිනමාපටයේ අවස්ථා ගණනාවකදි නිරූපණය වෙයි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටයේ ප්‍රධාන චරිත යුගලය තෙරක් නොපෙනෙන කපු වගා භූමිය මැදින් තම ගමන් මාර්ගය සිදු කිරීම. චිත්‍රපටය බැලු බැල්මට සුදු ජාතිකයන් විවෙිචනය කරන ජාතිවාදී චිත්‍රපටයකි. කළු ජාතික ප්‍රජාව ඉතා සතුටින් නැටුම්, වැයුම්, ගැයුම් සමඟ සිටින මොහොතක ඔවුන්ගේ සතුටුදායක මොහොත උදුරා ගන්නට සුදු ජාතිකයන් ලේ උරාබොන වැම්පයර් වේශයෙන් පැමිණෙයි. චිත්‍රපටයේ පැහැදිලවම ⁣සුදු ජාතිකයන් ඉතා දුෂ්ට මිලේචිජසහගත පිරිසක් බව ඉන් සංකේතවත් වෙයි. මෙය හුදෙක්ම වැමිපයර්වරු සම්බන්ධ චිත්‍රපටයක් නොවන්නේ මෙතැනදිය. එය දේශපාලනික චිත්‍රපටයකි. ජාතිවාදී ප්‍රකාශනයකි. කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන 'රයන් කුග්ලර්' විසින් අධ්‍යක්ෂණය කළ 'Sinners' වැනි ජාතිවාදී චිත්‍රපටයක් හුදෙක්ම Horror පන්නයේ චිත්‍රපටයක් ලෙස සිතා බැහැර කළ නොහැකිය. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ 'බිලැක් පැන්තර්' වැනි සුපිරිවීර චිත්‍රපටයක් හරහා තම ජාතිය වීරත්වය නැංවීය. හොලිවුඩයේ සිටින ජනප්‍රිය කළු ජාතික අධ්‍යක්ෂවරයකු වන ජෝර්දාන් පීලේ අධ්‍යක්ෂණය කළ 'Get Out' වැනි Horror ශානරයේ චිත්‍රපටයේ ද මෙවැනි දේශපාලනික අන්තරගතයක් තිබුණි. 'Sinners' අන්තර්ගත වැමිපයර් කතන්දරයට අමතරව අප වඩාත් සියුම්ව කියවිය යුතු කාරණා රැසක් චිත්‍රපටය තුළ තිබෙි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ඇමරිකානු කළු ජාතික නළු 'මයිකල් බී. ජෝර්දන්' සිදු කරන රංගනය ප්‍රේක්ෂකාගාරයේ වඩාත් අවධානය දිනා ගන්නට සමත්කම් දක්වයි. ඔහුගේ මුහුණේ අවස්ථානුකුලව වෙනස් වෙන භයංකාරත්වය සහ සතුට පිළිබඳ භාව ප්‍රකාශන නිරූපණය වඩාත් ප්‍රශස්ථ අන්දමින් සිදු කරයි. චිත්‍රපටයේ රතු සහ කළු වර්ණයේ ප්‍රභේද සංයෝජනය, කැමරාකරණය සහ ආලෝකකරණය චිත්‍රපටයේ කතාව තීව්‍ර කරන සිනමාත්මක සාධක වෙති. Low key Lightning (මඳ ආලෝකය) යටතේ රූපගත කර ඇති 'Sinners' Horror ශානරයට උචිත වර්ණ මාලාවක් භාවිතා කර තිබේ. ඒ අර්ථයෙන් 'Sinners' යනු සිනමාත්මක චිත්‍රපටයකි. නමුත් දේශපාලනික වශයෙන් චිත්‍රපටයේ ගෙනෙන ජාතිවාදී පණිවුඩය එතරම් හොඳ නැත. එය අධ්‍යක්ෂවරයාගේ අන්තගාමි ප්‍රකාශනයකි. චිත්‍රපටය ඇතුළේ ප්‍රමුඛ වශයෙන් මාතෘකාගත වන කාරණාව සුදු - කළු වර්ණභේදය බව අධ්‍යක්ෂවරයා විසින් දැනටමත් පවසා අවසන්. සුදු ජාතික ප්‍රජාව විසින් කළු ජාතිකයන් පාලනයට නතු කර ගැනීම සහ එය සිදු කරන්නේ කෙසේද? යන්න සහ කළු ජාතිකයන්ගේ වීරත්වය පිළිබඳ දෘෂ්ටිවාදී අදහස චිත්‍රපටය තුළ සංකේතානුසාරයෙන් නිරූපණය කරනවා. තම පැවැත්මට බාහිරින් තර්ජනයක් තිබෙිය යන මිථ්‍යාමය විශ්වාසය, ඇත්ත වශයෙන්ම මෙම බය ඒ ඒ ප්‍රජාවන් විසින් පරිකල්පනය කරනු ලබනවා මෙන්ම ඒක "පරිකල්පිත බියක්"(Imagined fear). එම පරිකල්පිත බිය වැම්පයර් වේශයෙන් දක්වයි. ස්මොක් සහ ස්ටැක් නිවුන් සොයුරන් දෙපළගේ දැඩි ආලකම විසින් ගිලගන්නා සුදු හම සහ කළු හම අතර ඇති ගැටුම අවසානයේ ලේ වැකුණු ප්‍රචණ්ඩත්වයෙන් ⁣කෙළවර වීම එක් පසෙකින් ජෝර්ජ් ෆ්‍රොලොයිඩ්ගේ මරණය දක්වා ඛෙිදවාචකය පිළිඹිබු කරන්නකි. අපි ප්‍රචණ්ඩත්වයේ සියවසක් පසුකරමින් සිටින බව යමි සංඥාවක් චිත්‍රපටය ඇතුළේ නිෂ්පාදනය කරනවා. ලෝක යුද්ධ, යටත් විජිත ජයග්‍රහණ, සිවිල් යුද්ධ, විප්ලව, ප්‍රතිවිප්ලව යනාදියෙන් මෙි සියවස පිරෙමින් පවතිනවා. ජාතිවාදී ගැටුමි නාමයෙන් මරණවලින් පාඩමි ඉගෙනගන්නට මනුෂ්‍යයා කිසිම මොහොතක සුදානමි නැති බව නැවත නැවතත් සිතන්නට බල කරන මෙවැනි ගණයේ චිත්‍රපටයක් අරපරෙස්සමෙන් යුතුව නැරඹිය යුතු ය. -මලින්ත විතානගේ-

ඇමරිකානු ජාතිවාදය, සුදු ජාතික වැමිපයර්වරු සහ පව්කාරයෝ – Sinners

කළු – සුදු වර්ණභේදවාදය පිළිබඳ ගැටලුව දැන් අනාදිමත් කාලයක ඉඳන් ඇමරිකානු සමාජය ඇතුළෙ පැසව පැසව තිබෙන තුවාලයක්. තුවාලය නිට්ටාවට සුවවෙන බවක් නම් පෙනෙන්නට නැහැ. ඇමරිකානු සමාජය ඇතුළේ තියෙන මෙි දැඩි අර්බුකාරී වාතාවරණය ඇමරිකානු හොලිවුඩ් සිනමාව ඇතුළේ බහුල මාතෘකාවක් බවට පත්වෙනවා. මේ වර්ණභේදවාදයේ දෘෂ්ටියේ පොහොර ලෙස නිෂ්පාදනය වන ‘Sinners (පව්කාරයෝ)’ හොලිවුඩි චිත්‍රපටය තුළ ඇමරිකානු කළු ජාතික…

Read More

‘කෑන් 2025 සිනමා උළෙලෙහි සම්මාන ලැබූ චිත්‍රපට

ලෝක සිනමාවේ ජනප්‍රියවූත් දැවැන්ත ආකර්ෂණයක් දිනාගත් සිනමා සන්නාමයක් බවට පත්ව ඇති ශ්‍රේෂ්ඨතම අන්තර්ජාතික සිනමා උත්සවය වන ප්‍රංශයේ ‘කෑන්ස් සම්මාන උළෙල’ (Cannes International Film Festival) 78වැනි වරටත් සාර්ථක අන්දමින් ඊයේ දින ප්‍රංශයේ දී නිමාවට පත් වුණා. එහිදි සම්මාන බෙදී ගියේ මෙයාකාරයෙනි. 1.Palme d’Or සම්මානය – It Was Just an Accident අධ්‍යක්ෂණය – Jafar Panahi 2.Grand Prize…

Read More
කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත "හර්ට් ලැම්ප්" (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා භස්ති ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු ඉන්දියානු පරිවර්තකවරිය ලෙස ද ඉතිහාසගත වේ. දකුණු ඉන්දියාවේ පීතෘමූලික සමාජ තුළ ජීවත්වන කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ ගැඹුරු විමර්ශනයක් ලෙස "හර්ට් ලැම්ප්" රචනා කර ඇත. මෙම කෙටිකථා සංග්‍රහයේ ප්‍රධාන තේමා වන්නේ කුලවාදය, ස්ත්‍රී පුරුෂ භේදය, ආගම සහ බලය යන සංකල්ප මගින් නිර්මාණය වන සමාජ ව්‍යුහයන් තුළ කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන අභියෝගයන්ය. කතුවරිය බානු මුශ්තාක්ගේ සූක්‍ෂ්ම හා බලගතු ගද්‍ය ශෛලිය හරහා දකුණු ඉන්දියාවේ ගම්බද සමාජයේ මනුෂ්‍ය අත්දැකීම්වල සංකීර්ණතාවයන් ජීවන්ත ලෙස නිරූපණය වී ඇත. සාම්ප්‍රදායික විශ්වාසයන්, ජාති විභේදන් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භූමිකාවන් අතර ගැටුම්කාරී සම්බන්ධතාවයන් මෙම කථාවල ප්‍රධාන අන්තර්ගතය වේ. පරිවර්තකවරිය දීපා භස්තිගේ දක්ෂ කර්මාන්තයේ ප්‍රතිඵලයක් ලෙස කන්නඩ භාෂාවේ සංස්කෘතික සහ භාෂික සූක්‍ෂ්මතාවයන් ඉංග්‍රීසි අනුවාදයේ ද සාර්ථක ලෙස ආරක්ෂා වී ඇත. මෙය ඉන්දියානු ප්‍රාදේශීය සාහිත්‍යයේ ගුණාත්මකභාවය ලෝක වේදිකාවට ගෙන ඒමේ වැදගත්කම අවධාරණය කරයි. £50,000 ක් වන ත්‍යාග මුදල කතුවරිය සහ පරිවර්තකවරිය අතර සමානව බෙදී ගනු ලැබේ. මෙම සම්මානය හුදු ආර්ථික ප්‍රතිලාභයක් පමණක් නොව, දකුණු ආසියානු සාහිත්‍යයේ ගුණාත්මක මට්ටම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමේ සුවිශේෂ අවස්ථාවකි. බානු මුශ්තාක්ගේ ජයග්‍රහණය කන්නඩ සාහිත්‍යයේ පමණක් නොව සමස්ත ඉන්දියානු සාහිත්‍යයේ නව පරිච්ෙඡදයක් සනිටුහන් කරයි. ප්‍රාදේශීය භාෂාවන්හි ගුණාත්මක සාහිත්‍ය කෘති ජාත්‍යන්තර වේදිකාවන්හි සාර්ථක අනුවාදයන් හරහා ලබන පිළිගැනීම සාහිත්‍ය සම්ප්‍රදායේ බහුජාතිකත්වය සහ සමාජ විවේචනාත්මක වටිනාකම් අවධාරණය කරයි.

කන්නඩ කතුවරිය බානු මුෂ්තාක්ගේ Heart Lamp, 2025 ජාත්‍යන්තර බුකර් සම්මානය දිනාගනී

කන්නඩ කතුවරිය බානු මුශ්තාක් විසින් රචිත “හර්ට් ලැම්ප්” (Heart Lamp) නම් කෙටිකථා සංග්‍රහය 2025 ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනා ගැනීමත් සමඟ ලෝක සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂ ඉතිහාසයක් ගත වී ඇත. දීපා භස්ති විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත් පළමු කන්නඩ භාෂා කෘතිය සහ පළමු කෙටිකථා සංග්‍රහය යන සුවිශේෂත්වය ලබා ගනී. එමෙන්ම දීපා…

Read More
ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ 'ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.  චිත්‍රපටයට නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඉන්දියාවේ Film Heritage Foundation සහ Lester James Peries and Sumitra Peries Foundation යන ආයතන එක්ව සිදු කර ඇති අතර ඒ සඳහා French Embassy in India, French Institute in India ස​හ the Ambassade de France à Sri Lanka et aux Maldives යන ආයතන මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.  ගැහැනු ළමයි චිත්‍රපටයේ ප්‍රදර්ශනය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්ද යන මහත්වරුන් හා, ඉන්දියාවේ ප්‍රංශ ආයතනයේ ශ්‍රව්‍ය දෘශ්‍ය, සිනමා සහ ඩිජිටල් අන්තර්ගතය සඳහා වූ ඇටෑච් මැතිව් බෙජොට්, ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ සභාපතිනි ගයාත්‍රි මුස්ටාචි සහ ගාමිණී ෆොන්සේකා පදනමේ ප්‍රධානියා වන දමිත් ෆොන්සේකා ඇතුළු කීර්තිමත් දූත පිරිසක් සහභාගී වනු ඇත.  Source: Film Heritage Foundation

සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි’ මෙවර කෑන්ස් අන්තර්ජාතික චිත්‍රපට උළෙලට

ශ්‍රී ලාංකේය සිනමාවේ සුවිශේෂී අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස්ගේ ‘ගැහැනු ළමයි (1978) චිත්‍රපටය, ​මෙවර ලොව කීර්තිමත්​ම අන්තර්ජාතික චිත්‍රපට උළෙලක් වන කෑන්ස් චිත්‍රපට උළෙලේ Cannes Classics අංශය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා නිල වශයෙන් තෝරාගෙන තිබේ. ​​1978 වසරේදී මුල්වරට තිරගත වූ මම චිත්‍රපටය, ඩිජිටල් මාධ්‍යයෙන් නැව​ත ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව මෙලෙස කෑන්ස් චිත්‍රපට උළෙ​ල  හරහා ලෝක සිනමා ප්‍රේක්ෂකාගාරය වෙත…

Read More
'වාලම්පුරි' නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර 'වාලම්පුරි' නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග විසිනි. එහි කතා පුවත වූයේ කෝවිලකින් සොරා ගත් වාලම්පුරියක් සහ වාලම්පුරිවලට දැඩිව ආශා ඇති හීං බණ්ඩා නම් තරුණයකු වාලම්පුරි සොයා දිය යට කිමිදෙන වික්‍රමාන්විත කතා පුවතකි. කෙසේ නමුත් 1981 දී නිර්මාණය වූ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ කතාව පසුවට තබා ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කළ 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' කතා කළ යුතුම ය. වාලම්පුරි සිඩිනිලාගේ කතාවයි. හුදෙක්ම වාලම්පුරියක් ගැන නොවෙි. නූගත්කමේත් දිළිඳුබවේත් සමාජ අසාධාරණයේ ප්‍රවාහයට හසු වූ සිඩිනිලාගේ කතාවයි. සිනමාපටයේ දෘශ්‍යමානය ඉක්මවන යටි අරුත් මඟින් ප්‍රකාශ වන්නේ තියුණු සමාජ දේශපාලිනික - ආර්ථික ප්‍රපංචයකි. කැකැරෙන සමාජ විරෝධයකි. සිනමාකරුවාගේ දේශපාලනික-සාමාජීය දෘෂ්ටිවාදය චිත්‍රපටය තුළ දැක්වෙන කතාවේ සියුම්ව ගෙනහැර දක්වති. වාලම්පුරි චිත්‍රපටයේ කතාව කෙසේවෙතත් එහි නළු නිළි කැලගේ රංගනය සහ⁣ දෙබස් පෞද්ගලිකයම වඩාත් සිත්ගත් කාරණා දෙකකි. මෙි දිනවල තිරගත වන නෙළුමි කුලුණ චිත්‍රපටයේ ද මෙම ලක්ෂණය දුටිමි. කුඹියෝ වැනි ගුණාත්මකවූත් නිෂ්පාදන වටිනාකමක් සහිත ටෙලිනාට්‍යයක් නිර්මාණය කළ ලක්මාල් ධර්මරත්න සිනමාකරුවකු ලෙස ලාංකේය සිනමාවට ප්‍රවිෂ්ඨ වීම අතිශය සතුටුදායක දෙයකි. ලක්මාල් ලියු තිර පිටපත තුළ අලංකාරයක් ඇත. සීගිරිය වැනි ඓතිහාසික භුමියක ජීවත්වන තුන්වේල සරිකරගන්නට වෙර දරන ජහුටා නාට්‍ය කණ්ඩායමකගේ ජීවිත අනපේක්ෂිත ලෙස උඩුයටිකුරු වන කතා පුවත නම් ක්ලැසික් ය. චමත්කාරජනක කතාවකි. කුඹියෝ තුළ දුටු ලක්මාල්ගේ කැරළිකාරී ස්වරූපය වාලම්පුරි තුළ ද දක්නට ලැබෙි. නිදර්ශනයක් ලෙස චිත්‍රපටය ආරම්භවන දේශපාලනික ඇමතුම් සමිබන්ධ සමෝධානිත (montage) රූප පෙළ ලක්මාල් ධර්මරත්න නමි සිනමාකරුගේ ලාංකේය කුණු දේශපාලනය පිළිබඳ ඇති දැඩි විරෝධය පිළිබිඹු කරන්නකි. සිනමාකරුගේ අරමුණ වනුයේ අවසන් තීරණාත්මක ගැටුම දක්වා ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනීම මෙන්ම ඔවුන්ට ලාංකේය දේශපාලනික-සාමාජීය සංස්ථාව පිළිබඳ යමක් සිතන්නට ඉඩ ලබා දීමයි. මුළු චිත්‍රපටය පුරා වඩාත් අවධානය නතු කරගන්නා චරිතය වන 'සිඩිනි' නමි චරිතය සඳහා පණ පොවන ප්‍රියන්ත සිරිකුමාරගේ රංගනය විසින් චිත්‍රපටයට ලබා දෙන වටිනාකම ඉතා ඉහළය. ප්‍රියන්ත ප්‍රකට කරන ප්‍රතිභාව අගය කළ යුතුම එකකි. අශාන් ඩයස්, සරත් කොතලාවල, තුමිඳු දොඩන්තැන්න, වසන්ත මොරගොඩ, දිල්හානි ඒකනායක, අංජන ප්‍රේමරත්න, උදයන්ති කුලතුංග, කින්ග් රත්නමි, නිරෝෂන් විජේසිංහ, දර්ශන් ධර්මරාජ් වැනි මෙරට සිනමාවේ අත්දැකීම් බහුල නලු නිළියන් පිරිස මඟින් අපුරු රංග වින්‍යාසයන් පෙළක් එක දිගට දැකබලා ගන්නට ලැබෙනවා. විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණ හාමුදුරුනමකගේ චරිතය නිරූපණය කරන සේවියර් කණිෂ්කගේ රංගනය තරමක් කෘත්‍රීම වෙි. වාලම්පුරි චිත්‍රපටයේ කතා තේමාව සාමාන්‍ය වූ එකකි. එය අපිට එදිනෙදා ජීවිතයේ නිතර දෙවෙිලේ පුවත්පත්වලින්, ටෙලිවිෂන්වලින් හමුවන තේමාවකි. එම කතා තේමාව යළිත් සිනමාවට ප්‍රබන්ධයක් ලෙස ගෙන ඒම කෙතරම් දුරට ප්‍රේක්ෂකයාට නවමුබවක් ඇති කරනවාද? යන්න ඉතාමත් පරෙස්සමෙන් යුතුව කල්පනා කළ යුතුය. සිනමාපටයේ කැමරාකරණය සහ සංස්කරණය යන ප්‍රධාන අංශ දෙක විසින් ගොඩ නඟන කතාවෙි රිද්මයානුකූලබව වැදගත් ය. කලා අධ්‍යක්ෂණය විසින් කතාවට ලැබිය යුතු අවකාශය මැනවින් ඉටු කර දී තිබෙි. ච්න්තක ජයගොඩිගේ පසුබිමි සංගීතය චරිත හා සිදුවීමිවල පසුබිම තීව්‍ර කරන්නකි. චිත්‍රපටයේ සිනාමාත්මකබව ඉහළ නංවන කැමරාකරණය සිදු කර ඇති කාලිංග දේශප්‍රියගේ මනරම් රූප නිමැවුම කදිමයි. රූප ජේදනය කිරීමට වඩා කතාවෙි මුල, මැද, අග කුතුහලය රැකෙන පරිදි ආඛ්‍යානය ගොඩනැඟීමත් එය කුතුහලය දනවන අයුරින් ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අතරංම කරවීමේ කාර්යය තුළ දී එය මැනවින් ඉටු කිරීමට සංස්කරණය සමත්ව තිබෙි. සිනමාපටය ජයගන්නේ එතැනදිය. පැය දෙකයි විනාඩි තිහක දිගු ධාවන කාලයකින් සමන්විත වුව ද ප්‍රේක්ෂකයා චිත්‍රපටයේ අවසාන විනාඩිය තෙක් රඳවා ගැනීමට ලක්මාල් ධර්මරත්නගේ තිර පිටපත සහ නළු නිළියන් තේරීමත්, මෙහෙයවීමත් ඔහු චිත්‍රපටය වෙනුවෙන් දක්වා ඇති අවංකභාවයත් අගය කළ යුතු ය. වාලම්පුරි ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නේ හරවත් සමාජ ප්‍රකාශනයකි. 'වාලම්පුරි හෙවත් හීන හතහමාරක්' යනු විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් නොවෙි. ලංකාවේ නුතන ප්‍රේක්ෂකාගාරය සිනමාත්මකව සහ දෘෂ්ටිවාදාත්මකව කුල්මත් කළ හැකි සමාජ දේශපාලනික පඨිතයක් ලෙස Thriller - Black - Comedy - Drama ශානරයේ හොඳ චිත්‍රපටයකි.

ලංකාවේ මහා ප්‍රේක්ෂකාගාරයේ නිල අල්ලන ‘වාලම්පුරි හෙවත් හීන හතහමාරක්

‘වාලම්පුරි’ නමින් ලාංකේය සිනමා ඉතිහාසය තුළ චිත්‍රපටයක් නිර්මාණය වන, මෙි දෙවැනි අවස්ථාව වේ. මීට පෙර ‘වාලම්පුරි’ නමින් 1981 දී මාර්තු 14 වැනිදා තවත් චිත්‍රපටයක් මෙරට තිරගත වී ඇත. ඒ වාලම්පුරි චිත්‍රපටය පිළිබඳ ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයේ බහුතරය දෙනා නොදනී. එය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන බර්ම්න් ලයිලි ප්‍රනාන්දු විසිනි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ විජය කුමාරතුංග…

Read More

ලියනගේ අමරකීර්ති මහතාගේ නවතම කාව්‍ය සංග්‍රහය අප්‍රේල් මාසයේදී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ලියනගේ අමරකීර්ති මහතාගෙ නවතම කාව්‍ය සංග්‍රහය වන ‘මහා සිහිනයක මිහිරි කරදර’ විදර්ශන ප්‍රකාශනයක් ලෙස අප්‍රේල් මාසයේදී එළි දැක්වීමට නියමිතයි.

Read More
ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක් වත් නොතබා ළග ඉවත ලන දේ ඇතිද මිහිමත කුසලානයක් නොවේ ජීවිතය දිනුම් කණු පසු කළ විට ලබන මේ දැන් මෙතැන ඇති මී විතකි ඔබට මට රස විගත හැකි හැර දමා ඇත දොර පියන් මිතුර ඒ එන්න බර අඩි තියන් කප්පාදු අඩු කතුරු,අඩි කෝදු සපුරා තහනම්ය,අහිතක් නොම සිතන්

ඉරක් ගසා හරි කෙළින් නූලට, ඇද යා යුතුද ඒ මතින් ජීවිතය | රෝහණ පොතුලියද්ද

ඉරක් ගසා හරි කෙළින් නූලට ඇද යා යුතුද ඒ මතින් ජීවිතය ඉදිරිය අපැහැදිලි කගකර මාවතක සුන්දර ම දේ හමුවණු බැරිද තරු ඇවිත් හැඩි කෙරුවෙ නැත්නම් රෑ අහස සුන්දර ද මේ තරම් ඒ රැය කළ දෙග් සුව මතකයන් අවුල් වූ සිරියහන් මත බලන් බත් පතෙහි වූ කෙස් ගසක් වුව පිරිමදින් නැති සෙනෙහසින් පෙර දාක සොදුරු සැමරුමක්…

Read More
Back To Top