"ප්‍රේමයට කවි ලියා කුමටද" සෙනෙහසේ දොර වැසේ නම්...! ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි. ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය සේම මතුවටත් අපූර්ව නිර්මාණ බිහි කිරීමට හේතු සාධක වනු ඇත. ඉතින්, එවන් වූ සෙනෙහසක් රැඳි ස්වර දැහැනකින් නිම වුණු, "ප්‍රේමයට කවි ලියා කුමටද?" ගීතය ජීවිතයට ප්‍රේමය නමින් එකතු වන අත්දැකීම් වලට ගැඹුරු සිරියාවක් එක් කරයි. මෙම ගීතය ප්‍රභාෂා නෙත්මිගේ සුමියුරු හඬින්, සමිද්ධ ආර්යසිංහගේ අර්ථාන්විත සහ සුගැඹුරු පද රචනයෙන් සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූවකි. ප්‍රේමයට කවි ලියා කුමටද සෙනෙහසේ දොර වැසේ නම් රෑට අහසේ තාරුකා ඇයි අපේ ඇස් මඟහැරේ නම් ප්‍රේමය උදෙසා සෙනෙහසින් ගෙත්තම් කළ කවි බොහෝමය. ජීවිතේ චාරිකාව අතරතුර හදවත විවර කළ ස්නේහයේ දොරටු වැසේ නම් තවත් ප්‍රේමය උදෙසා කවි ලිවීමේ ඵලය කුමක්ද? ප්‍රේමයේ ආලෝකයෙන් දිලිසුණු අපේ දෑස් එකිනෙකාට මඟ හැරී ඇත්නම් මේ මැදියම් රැය පුරා නිවෙන දැල්වෙන තාරුකා එළි කුමට ද? මේ වචන සියල්ලගේම ගැබ් ව ඇත්තේ වේදනාත්මක සෞන්දර්යයකි. හිත රිදී නොරිදී යන ආකාරයෙන් වචන ගළපා තිබීම අපූර්වය. දෙතොලෙ නාදළු පැහැය කුමටද වතට සිනහව නොදේ නම් ළමැද ගෝමර පිපෙන්නේ ඇයි ගතින් දෙතැනක සිටී නම් මුවට සිනහව නොදේ නම් ඒ දොතොල් රත් පැහැ දිස්නෙ තිබී කුමටද? හදවතට ළං වී හිඳිනු බැරි නම් ඇයි ද මෙතරම් සුන්දර දේවල් මැවූයේ. විඳින්නට නොහැකි නම් ඇයි ද මේ හැඟීම් මෙතරම් සුන්දර? ගතින් දෙතැනක සිටින්නට නම් නුඹේ ළමැදේ ගෝමර පිපෙන්නේ ඇයි ද? කිසිදිනෙක ඔවුනොවුනට විඳින්නට නොහැකි ඒ සුන්දරම මොහොතවල් එකිනෙකින් ගළපා හදවතින් ප්‍රශ්න කරන්නේ විරහව තුළ ඇති ශාන්ත සුන්දරත්වයත් ගැඹුරු වේදනාවත් එකට මුසු කරමිනි. වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුව එදා ඉන්නකම් සෙනෙහස සෙවූ අපි කවියන්ට හමු නොවේවා නුඹ එක්ක ගෙවුණු හෝරාවන් පුරා වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුවෙන් මෙන් එදා සෙනෙහස සෙවූ අපි, අමතකව ගිය සිහිනයක් වැනිය. අපේ ප්‍රේමයත්, අපිවත් කිසිදාක කවියන්ට නම් හමු නොවිය යුතුය. එසේ කියන්නේ, අප සියොලඟම ප්‍රේමය නමින් සඟවා ගත් සියලු සිතුවිලි සහ මොහොතවල් ගැඹුරු කවියක් වන බව නිසැකයෙන් දන්නා නිසාවෙනි. අයිතියක් නැති සෙනෙහසක සෞන්දර්යය සොයා යන්නට සහ ප්‍රේමය නමින් හදවතේ ගෙත්තම් වන සිතුවිලි අතරේ හද පාරනා කාරණාවන් ද ඇති නමුත් ජීවිතයට මුසුවන ඒ දුක් දොම්නස් දෙස උපේක්ෂාවෙන් බලන්නට මෙම ගීතය සහෘද සැමට ඉඩ හසර සදා දී ඇත. ගීතයේ හඬ, වචන සහ සංගීත රටාවන් සියල්ල හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආස්වාදයක් ලබා දෙන අතරම මෙවන් නිවුණු සෞම්‍ය ගණයේ ගීතයන් ඉදිරියටත් ප්‍රේමය නමින් ලියැවීම සහ නිමැවීම සිදු විය යුත්තක් බව කිව යුතුය. ඉතින්, මෙය අයිතියක් කියනු නොහැකි වූ නමුත් අසීමිත ප්‍රේමයක් සිතෙහි දරා ගෙන කවියක් වී ගිය ප්‍රේමයන්ට ගී මල් කළඹක් වේවා! -නවෝද්‍යා ධනංජනී-

“ප්‍රේමයට කවි ලියා කුමටද” සෙනෙහසේ දොර වැසේ නම්…! 

ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි.

 

ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය සේම මතුවටත් අපූර්ව නිර්මාණ බිහි කිරීමට හේතු සාධක වනු ඇත. ඉතින්, එවන් වූ සෙනෙහසක් රැඳි ස්වර දැහැනකින් නිම වුණු, “ප්‍රේමයට කවි ලියා කුමටද?” ගීතය ජීවිතයට ප්‍රේමය නමින් එකතු වන අත්දැකීම් වලට ගැඹුරු සිරියාවක් එක් කරයි. මෙම ගීතය ප්‍රභාෂා නෙත්මිගේ සුමියුරු හඬින්, සමිද්ධ ආර්යසිංහගේ අර්ථාන්විත සහ සුගැඹුරු පද රචනයෙන් සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූවකි.

 

ප්‍රේමයට කවි ලියා කුමටද

සෙනෙහසේ දොර වැසේ නම්

රෑට අහසේ තාරුකා ඇයි

අපේ ඇස් මඟහැරේ නම්

 

ප්‍රේමය උදෙසා සෙනෙහසින් ගෙත්තම් කළ කවි බොහෝමය. ජීවිතේ චාරිකාව අතරතුර හදවත විවර කළ ස්නේහයේ දොරටු වැසේ නම් තවත් ප්‍රේමය උදෙසා කවි ලිවීමේ ඵලය කුමක්ද? ප්‍රේමයේ ආලෝකයෙන් දිලිසුණු අපේ දෑස් එකිනෙකාට මඟ හැරී ඇත්නම් මේ මැදියම් රැය පුරා නිවෙන දැල්වෙන තාරුකා එළි කුමට ද? මේ වචන සියල්ලගේම ගැබ් ව ඇත්තේ වේදනාත්මක සෞන්දර්යයකි. හිත රිදී නොරිදී යන ආකාරයෙන් වචන ගළපා තිබීම අපූර්වය.

 

දෙතොලෙ නාදළු පැහැය කුමටද

වතට සිනහව නොදේ නම්

ළමැද ගෝමර පිපෙන්නේ ඇයි

ගතින් දෙතැනක සිටී නම්

 

මුවට සිනහව නොදේ නම් ඒ දොතොල් රත් පැහැ දිස්නෙ තිබී කුමටද? හදවතට ළං වී හිඳිනු බැරි නම් ඇයි ද මෙතරම් සුන්දර දේවල් මැවූයේ. විඳින්නට නොහැකි නම් ඇයි ද මේ හැඟීම් මෙතරම් සුන්දර? ගතින් දෙතැනක සිටින්නට නම් නුඹේ ළමැදේ ගෝමර පිපෙන්නේ ඇයි ද? කිසිදිනෙක ඔවුනොවුනට විඳින්නට නොහැකි ඒ සුන්දරම මොහොතවල් එකිනෙකින් ගළපා හදවතින් ප්‍රශ්න කරන්නේ විරහව තුළ ඇති ශාන්ත සුන්දරත්වයත් ගැඹුරු වේදනාවත් එකට මුසු කරමිනි.

 

වෙලේ නියරේ ඇලේ ඉවුරේ

කෙළිදෙලෙන් උමතුව එදා

ඉන්නකම් සෙනෙහස සෙවූ අපි

කවියන්ට හමු නොවේවා

 

නුඹ එක්ක ගෙවුණු හෝරාවන් පුරා වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුවෙන් මෙන් එදා සෙනෙහස සෙවූ අපි, අමතකව ගිය සිහිනයක් වැනිය. අපේ ප්‍රේමයත්, අපිවත් කිසිදාක කවියන්ට නම් හමු නොවිය යුතුය. එසේ කියන්නේ, අප සියොලඟම ප්‍රේමය නමින් සඟවා ගත් සියලු සිතුවිලි සහ මොහොතවල් ගැඹුරු කවියක් වන බව නිසැකයෙන් දන්නා නිසාවෙනි.

 

අයිතියක් නැති සෙනෙහසක සෞන්දර්යය සොයා යන්නට සහ ප්‍රේමය නමින් හදවතේ ගෙත්තම් වන සිතුවිලි අතරේ හද පාරනා කාරණාවන් ද ඇති නමුත් ජීවිතයට මුසුවන ඒ දුක් දොම්නස් දෙස උපේක්ෂාවෙන් බලන්නට මෙම ගීතය සහෘද සැමට ඉඩ හසර සදා දී ඇත. ගීතයේ හඬ, වචන සහ සංගීත රටාවන් සියල්ල හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආස්වාදයක් ලබා දෙන අතරම මෙවන් නිවුණු සෞම්‍ය ගණයේ ගීතයන් ඉදිරියටත් ප්‍රේමය නමින් ලියැවීම සහ නිමැවීම සිදු විය යුත්තක් බව කිව යුතුය. ඉතින්, මෙය අයිතියක් කියනු නොහැකි වූ නමුත් අසීමිත ප්‍රේමයක් සිතෙහි දරා ගෙන කවියක් වී ගිය ප්‍රේමයන්ට ගී මල් කළඹක් වේවා!

-නවෝද්‍යා ධනංජනී-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top